හිපපොටේමස්ගේ සිරුරෙන් රෝස හෝ රතු පැහැයෙන් දහඩිය දමන බව ද ඇතැම් අය දිවුරා කියන්න පුළුවනි. තම දෑස් වලික් ඒ බව දැක ඇතැයි ඔවුන් කියා සිටීවි. ඇත්තටම එහෙම වෙනවාද? මේ ගැන පැහැදිලි කරගන්න කියවා බලන්න.
සිය සමෙහි පිහිටි විශේෂ ග්රන්ථිවලින් තෙල් ගතිය සහිත දියරයක් හිපපොටේමස් සතුන් ඇතැම්විට වහනය කරනවා. මෙය සමහරු විසින් හඳුන්වනු ලබන්නේ ‘‘ලේ දාඩිය‘‘ (blood sweat)ලෙසටයි. හිපපොටේමස්ගේ දහඩිය රෝස හෝ රතු පාටයි යනුවෙන් ඇතැමුන් දිවුරා කියන්නෙත් මෙන්න මේ නිසයි. ඒත් ඒ විශේෂ ග්රන්ථිවලින් වහනය කරන දියරය දහඩිය නොවෙයි.
මිනිසුන් ද ඇතුළුව ඇතැම් ක්ෂීරපායියන් තම සමට දහඩිය නිකුත් කරන බවත් එහිදි ඒවා වාෂ්පවී ඔවුන්ගේ සිරුරු සිසිල් වන බවත් අප දන්නවා. එහෙත් හිපපොටේමස්ගේ සිරුරෙන් වහනය දියරය එවැනි දහඩිය නොවෙයි. එය සමේ වියළි බව අඩුකරන්නක්(skin moisturizer), ජලය විකර්ෂණය කරන්නක්(a water repellent) සහ ප්‍රතිජීවකයක්(antibiotic) ලෙසද ක්‍රියා කරයි. පූර්ණ සූර්යාලෝකයට අනාවරණය වූ කල එය රතු පැහැයෙන් දිස්වෙනවා. අප්‍රිකාවේ, ආසියාවේ දේශාටනයේ යෙදුනු මුල්ම යුරෝපියයන් රතු ලේ වශයෙන් දැක්වූයේ එයයි.
දිවා කාලය ජලයේ ගත කිරීමෙන් හිපපොටේමස් කෙළින්ම සිය සිරුරට හිරු රැස් වැටීම වැළැක්වීමට උත්සාහ කරන අතර ආහාර ගැනිම රාත්‍රි කාලයට සිදුකිරිමටත් ක්‍රියා කරයි. මන්ද ඔවුන්ගේ සම වියළියාම සහ අවුපිලිස්සුමට (sun burn) ඒ කියන්නේ හිරු රැසින් සම පිලිස්සී යාමට බොහෝ සේ සංවේදි වන නිසයි. ඒ නිසා අර දියරය සම් විලේපනයක්(skin ointment) ලෙස ක්‍රියා කරයි. ඒ එක්කම ජලයේ රැඳී සිටින විට හිපෝට සිය සිරුර ජලයෙන් පිරී යාම වළක්වා ලීමට ද එය උදව්වෙයි. කෙසේ වෙතත් හිපපොටේමස් ට සුවිශේෂී මෙම දියරයේ විස්තරාත්මක රසායනික සංයුතිය තවමත් විද්‍යාඥයන්ට අභිරහසක්ව පවතිනවා.
Scientific American’s Ask the Experts හී පළවූ Do hippopotamuses actually have pink sweat? ලිපිය ඇසුරෙනි