විදු නැන නුවණ – Science Literacy for All

එයා දැන් ලොකු ළමයෙක් 2 කොටස

යෞවනෝදය පිළිබඳ කරුණු කාරනා කිහිපයක්ම අප 2016 මැයි 09 තතු ලිපියෙන් සාකච්ඡා කළා මතකද? අද පළවන්නේ එහි තවත් පැතිකඩ කිහිපයකි.

Untitled-01

යෞවනෝදය(වැඩිවියට පත්වීම) හෙවත් ලිංගික පරිපාකයත් සමග ඇතිවන වෙනස්කම් කිහිපයක් අපි කලින් සාකච්ඡා කළෙමු. ඒවා බොහොමයක් ශරීරාභ්‍යන්තරයේ සිදුවන ඒවාය. එහෙත් වැඩිවියට පත්වන පිරිමි ළමයකු හෝ ගැහැනු ළමයකු තුළ බාහිර වශයෙන් පහළ වන ඇතැම් වෙනස්කම් සෙසු අයටද පැහැදිලිව දැක ගත හැකිය.

4431969558f035b8d45577380cda876966d7ff145

යෞවනෝදයත් සමගම මුල් ලක්ෂණයක් ලෙස සිරුරේ ඇතැම් තැන්වල, ඒ කියන්නේ පෙර නොතිබූ ස්ථානවල කේශ පහළවීම දක්වන්න පුළුවන්. ගැහැනු පිරිමි දෙපාර්ශවයේම කිහිළිවල හා යුනික ප‍්‍රදේශයේ (pubic = ලිංගේන්ද්‍රිය හා අවට ප‍්‍රදේශ) රෝම වැඞීමට පටන් ගැනේ. එය ආරම්භ වන්නේ යාන්තමට තුනීයට විසිරුණු අන්දමටය. අනතුරුව, ක‍්‍රමයෙන්  වැඩි වියට පත්වෙද්දී රෝම වඩාත් දික්ව, ඝනව මෙන්ම වර්ණයෙන් තදව වර්ධනය වෙයි. අවසානයේ පිරිමි ළමුන්ගේ නම් මුහුණෙහිද රෝම හටගැනීම සිදුවේ.

 

වැඩිවියට පත්වීමත් සමගම බොහෝ දෙනෙකු තුළ දැකිය හැකි දෙයකි ඇක්නිය(acne) හෙවත් කුරුළුෑ.  කුරුළුෑවලට මුල් පුරන්නේ යෞවනෝද හෝමෝනයි. වැඩිවියට පත්වීම ආරම්භයේදී ඇතිවන කුරුළුෑ ගැටවර විය පසුවන තුරුම පැවැතීමට ඉඩ ඇත. මුහුණේ පමණක් නොව පිටේ ඉහළ කොටසෙහි සහ පපුවෙහි ඉහළ කොටසෙහිද ඒවා දැක ගත හැකිය. මෙහිදී සම පිරිසිදුව තබා ගැනීම මෙම තත්වයට සහනයක් වන අතර කුරුළුෑ පිරිසිදු කිරීම ගැන වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගත හැකිය. ඇක්නිය ගැන ඇති සුබාරංචිය තමයි එය ක‍්‍රමයෙන් හොඳ අතට හැරීම හෝ ගැටවර විය  අවසානයේ සම්පූර්ණයෙන්ම පහව යාම.

වැඩිවියට පත්වීමත් සමග තම කිහිළියට මෙන්ම සිරුරේ  වෙනත් නැත්වලද අලූත් සුවඳක් (ගන්ධයක්) වහනය වන බව ගැටවරයෝ බොහෝ දෙනාට දැනී යන්නකි. එය එතරම් පි‍්‍රය ජනක එකක් නොවේ. මෙය ශරීර ගන්ධයයි. එය සැවොම අත්විඳින්නකි. කෙනෙකු ලිංගිකව පරිපාකයට පත් වෙද්දී යෞවනෝද හෝමෝන සිරුරේ සමෙහි ග‍්‍රන්ථීන් කෙරෙහි බලපෑමක් ඇති කරන අතර ග‍්‍රන්ථීන් නිෂ්පාදනය කරන රසායන දුගන්ධයන් ඇතිකරයි. ගැටවර වියේ ස‍්‍රාවණ ඇති කරන්නේ මෙකී රසායන මගිනි. ඉතින් ගඳ අඩුකර ගැනීම සඳහා කළ හැක්කේ කුමක්ද? දුගඳ අඩුකරගැනීමට හොඳ මඟක් වන්නේ ශරීරය පිරිසිදුව තබා ගැනීමයි. දිනපතා නෑම පිළියමකි. දිනපතා විගන්ධකයක් (deodorant) හෝ ප‍්‍රතිස්වේදන සහිත විගන්ධයක් (deodorant with antiperspirant) භාවිත කිරීමෙන්ද දුර්ගන්ධය පාලනය කළ හැකිය.puberty

වැඩිවියට පත්වෙද්දී පිරිමි ළමුන්ගේ මෙන්ම ගැහැනු ළමුන්ගේ ද සිරුරේ වෙනත් වෙනස්කම්ද ඇතිවන අතර ඒවා සියල්ල ස්වාභාවික වෙනස්කම්ය. ගැහැනු දරුවන්ගේ යෝනියෙන් සුදුපැහැ ශ්ලේස්මල වැනි(mucous-like) පහවීමක් දැකගැනීමට අත්විඳීමට පුළුවන. එහෙත් සිරුරේ යම් ආබාධ තත්ත්වයක් මෙයින් දැක්වෙන්නේ නැත. සිරුරේ සහ හෝමෝන වෙනස්වීම් තවත් එක් ලක්ෂණයක් පමණකි. පිරිමි ළමුන්ගේ ලිඟුව (ලේවලින් පිරී ඝනව සවිමත්වී) ප‍්‍රාණවත්වන බවක් දැනෙනු ඇත. ළිඟුව ප‍්‍රාණවත්වීම  සිතින් මවාගැනීම(fantasize)  හෝ ලිංගික දේවල් ගැන කල්පනා කිරීම නිසා හෝ සමහරවිට කිසි හේතුවක් නොමැතිවත් සිදුවිය හැකිය. පිරිමි ළමයකු නිදියන අවස්ථාවේ ලිඟුව ප‍්‍රාණවත් වූ විට ශුක‍්‍රානු මෝචනයද සිදුවෙයි. මෙය ස්වප්න මෝචනය ලෙස හැඳින්වේ. ශුක‍්‍ර ධා තු (semen) යනු   ශුක‍්‍රානු  අඩංගු තරලයකි. යෞවනෝදය ක‍්‍රමයෙන් ඉදිරියට යද්දී ස්වප්න මෝචන සිදුවන අවස්ථා   අඩුවෙන්නට පටන් ගෙන ක‍්‍රමයෙන් නතර වෙයි.

පිරිමි ළමුන් තුළ මේ අවධියේ දැන ගත හැකි තවත් වෙනසකි කට හඬ් වෙනස්වීම. කටහඬ වෙනස්වී අවසානයේ ගැඹුරුවෙයි. මෙලෙස යෞවනෝද යේදී හෝමෝන සිරුර අභ්‍යන්තරයෙහි මෙන්ම පිටතද වෙනස්කම් ඇති කරයි. ඒවා මනසටද බලපායි. යෞවනෝදයේදී කෙනෙකු ව්‍යාකූල තත්ත්වයකට පත්විය හැකියි. නැතහොත් වෙන කිසිදිනක අත්නොදුටු පරිදි දැඩි ආවේග  ඇතිවේ.  වෙනසකට භාජනය වෙමින් පවතින සිය ශරීරය කෙරෙහි දැඩි සැලකිල්ලක් යොමුවේ. වුවමනාවට වඩා සංවේදී වන අතර පහසුවෙන් කැලඹීමට පත්වෙයි. සමහර ගැටවරයින් සාමාන්‍යයට වඩා කේන්ති යන අතර තම මිතුරන් හෝ පවුලේ අය සමග අමනාප වෙති. අලූතෙන් එන මේ සියල්ල හරි හැටි පාලනය කර ගැනීම අසීරු විය හැකිය. ලිංගික පරිපාකයට පත් නව මොළය අවස්ථාවන්ට ගැලපීමට යාමේදී මෙවැනි උද්වේගකාරීත්වයකට මඟ පෑදෙනවා විය හැකිය. හැඩගැස්සීමේ මුලදී අසීරු බවක් දැනුනත් ක‍්‍රමයෙන් එය පහසු වෙයි. මේ සියලූ අවස්ථා පසුකර ගෙන ගොස් සිටින දෙමාපියන්, වැඩිමහල් සහෝදර සහෝදරියන් ඥාති මිත‍්‍රාදීන් සහ වෙනත් වැඩිහිටියන් සමග කතා බහ කිරීමෙන් මේ බර සැහැල්ලූ කර ගත හැකිය.

ලිංගික කාරණා ගැනද ඇත්තේ අවුල් සහගත නව හැඟීම්ය. එමෙන්ම ඒ ගැන ප‍්‍රශ්නවැලක්ම ඇත. වැඩිහිටි එස්ට්‍රොජන් සහ ටෙස්ටොස්කෙරොන් හෝමෝන සංඥා කරන්නේ, සිරුර අලූත් වගකීම් පවරා දෙන බවයි. දරුවෙකු බිහිකිරීමේ හැකියාව නිදසුනකි.  ලිංගික කාරණා ගැන කතා කිරීමේදී ලැජ්ජා සහගතවීම හා හැකිළෙන ගතියක් ඇතිවීම සිදුවන නිසා දෙමාපියන්ගෙන් හෝ එසේත් නැතිනම් ගුරුවරු, වෛද්‍යවරයා, වෙනත් සුදුසු වැඩිහිටියන් සමග සාකච්ඡුා කිරීම වැදගත්ය. මන්ද මේ පිළිබඳ නිවැරදි හා අවශ්‍ය සියලූ කරුණු කාරණා දැන ගැනීම වැදගත් වන හෙයිනි.

tnismhe_04_img0001

සර්වසම අයවළුන් නොමැති අතර මිනිසුන්වන අප මද වශයෙන් හෝ එකිනෙකාගෙන් වෙනස් වේ. එක හා සමාන දෙදෙනෙකු නැත. ඒ නිසා අප වර්ධනය වන්නේද එක හා සමානව නොවේ යන්න වටහා ගත යුතුවේ. ඉතින් ලිංගිකව පරිපාකවීමේදී කොයි යම් දෙදෙනෙකු වුවත් යෞවනෝදය එකම අවස්ථාවේ නොවන්නට පුළුවන. ඔබ පංතියේම සිටින ඔබගේ මිතුරියගේ ඇඟ පසඟ වක‍්‍ර රවුම් හැඩයෙන්, ලාලිතයයෙන් යුතු වුවත් ඔබේ සිරුර තවම එලෙස වෙනස් වී නොතිබෙන්නට හැකිය. ඔබ හා සම වයසේ පසුවන මිතුරා තවමත් ළමා කටහඬින් කතා කළත් ඔබේ කටහඬට හොඳ ගැඹුරු හඬක් එක්වී ඇතිවෙන්නට පුළුවන. එහෙත්, කල්යත්ම මේවා වෙනස් වී සියලූ දෙනාම පාහේ එක හා සමාන තත්ත්වයකට පත්වේ. මතක තබා ගත යුතු අනික් කාරණය තමයි, පෙනෙන ආකාරය ගතහොත් සිරුරේ හොඳ හෝ නරක කියා දෙයක් නොමැති බව. ඒ නිසා තමයි අප මානවයන් බවට පත්වන්නේ. අප සැවොම සුවිශේෂී තත්ත්වයට පත් කරන ගුණාංග, අභ්‍යන්තරවත් බාහිරවත් අප සතුව ඇත.

The Nemours Foundation, Nemours Web හි පළවූ  Everything You Wanted to Know About Puberty ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: