විදු නැන නුවණ – Science Literacy for All

සදා පවතින බැටරියක් අහම්බෙන් සොයා ගැනේ?

දශක ගණනාවක් තිස්සේ පුනරාරෝපණය කරමින් නැවත නැවත භාවිතයට ගත හැකි බැටරියක් ඇත්නම් කොපමණ හොඳ දැයි අප සැමට සිතෙන අවස්ථා එමටය. එවැන්නක් ඇත්නම් අපේ සමහර උපකරණ දැනට වඩා සැලකිය යුතු කාලයක් භාවිතයට යොදා ගන්න පුළුවන්. ඒ වගේම කුණු ගොඩවල කාණුවල ලිතියම් අයන බැටරි එක්රොක් වන්නෙත් නැහැ. එහෙත් බොහෝ කලක් පුනරාරෝපණය කිරීමෙන් භාවිත කළ හැකි බැටරිය තවම සිහිනයක්, බලාපොරොත්තුවක් පමණයි. මේ සිහිනයට ළංවීම පිණිස වැදගත් පියවරක් ගැනීමට අර්වින් හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකගේ වෑයම නිසා හැකි වී තිබේ.

අතිශය දීර්ඝ කාලීන බැටරි නිපදවීමට මග පෑදිය හැකි නව සොයා ගැනීම සිදුවී ඇත්තේ අනපේක්ෂිතව අහම්බෙනි. එම සරසවියේ රසායන විද්‍යා අංශාධිපති රෙජිනෝල්ඞ් පෙනර් ප‍්‍රමුඛව පර්යේෂකයන් පිරිසක් දැන් කලක සිට නැනෝ රැහැන් පිළිබඳව කරුණු හදාරමින් සිටිති. සන්නායක ගුණය ඇති මෙකී ක්ෂුද්‍ර රැහැන් බැටරිවලට යොදා ගැනීමෙහි   ලා ඉහළ විභවයක් ඇති බව පෙනී ගොස් ඇති කාරණාවකි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ නැනෝ රැහැන් සියුමැලිවීම (කැඩෙන බිඳෙන සුළුවීම) මෙන්ම එක්තරා ආරෝපණ වක‍්‍ර ගණනාවකට පසු සාමාන්‍යයෙන් ඇදී කැඞී යාමයි. දිනක් පෙනර්ගේ පර්යේෂණාගාරයේ සේවය කරන ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන ම්යා ලේ තායි හදිසියේ සිතට ආ අදහසක් අනුව නැනෝ රැහැන් එකලස වටකොට ඇති ද්‍රව විද්‍යුත් විච්ෙඡ්ද වෙනුවට ජෙල් ආදේශනයක් මාරු කර බැලීය. ඇය මෙම ජෙල් ධාරිත‍්‍රක ආරෝපන චක‍්‍රවලට ලක් කළාය. zzඑතකොට තමයි අප පුදුමයට පත්වන දේ සිද්ධවුණේzz යනුවෙන් පෙනර් කියයි. ප‍්‍රථමයෙන් ආරෝපණ චක‍්‍ර (10,000ක්* දක්වා අත්හදා බැලීමෙන් පසුව දින කිහිපයක් ඇවෑමෙන් ඇය පෙනර්ට වාර්තා කර ඇත්තේ චක‍්‍ර 30,000ක් සම්පූර්ණ කළ බවයි. මෙලෙස මාසයක්ම ගත විය.

rows-of-multi-coloured-aa-batteries

යම් වැදගත් සොයා ගැනීමක් තමන් අභිමුඛයට පැමිණ ඇති බව පෙනර් ඇතුළු පර්යේෂක කණ්ඩායමට වැටහී ගියේය. ආරෝපණ චක‍්‍රවලට බදුන් කිරීමෙන් අනතුරුවත්  ජෙල් ධාරිත‍්‍රක යොදා .;a රැහැන් කැඞී ගියේ නැත්තේ මන්ද යන්න ගැන ඔවුනට ඒ වන විටත් පැහැදිලි අවබෝධයක් නොතිබුණත් ඔවුන්ට නව උපන්‍යාසයක් සතුව තිබෙන බව පෙනී ගියේය. කණ්ඩායම මෙම උපන්‍යාසය පරික්ෂාවට ලක් කරමින් සිටිති. වඩාත් හොඳින්  කි‍්‍රයාත්මක වන්නේ කුමක්දැයි සෙවීම පිණිස ඔවුහු විවිධ ද්‍රව්‍ය හා ජෙල් යොදා ගනිමින් අත්හදා බලති. යොදාගත් ජෙල් ඝනකමින් රටකජු බටර් තරම් විය. අපේ කෙස් ගස්වලටත් වඩා සිය වාර ගණනක් තුනීය. ඒවා සාදා ඇත්තේ මැන්ගනීස් ඔක්සයිඞ්වලිනි. ඒවා 80% ක් සවිවරය. කාලයත් සමග ජෙල්, නැනෝ රැහැනේ විවර තුළට වැදීමෙන් එය මුදු බවට පත්වේ. මෙම මෘදු බව නැනෝ රැහැන් කැඞී බිඳීයාම අඩුකරයි.

සාමාන්‍ය ද්‍රව සමග චක‍්‍ර 5,000ක් යන විට නැනෝ රැහැන් කැඞී යාමට පටන් ගන්නවා. එහෙත් ජෙල් යෙ¥ විට එවැන්නක් සිදු වන්නේ නැහැ යයි පෙනර්  පෙන්වා දෙයි.

අත්හදා බැලීම් වලදී නැනෝ බැටරිය ආරෝපණ චක‍්‍ර 200,000ක් (විදුලිය මැනීමේ සම්මත ජාත්‍යන්තර ඒකකයවන) කූලෝම් 94-96% කාර්යක්ෂමතාවයකින්  දරා ගැනීමට හැකිවූ අතර පරීක්ෂණය අවසානයේ ත් එය නැවුම් බැටරියක් ලෙසට සැලකිණ.

නව බැටරිය මනා පර්යාලෝකයකින් බලනවිට සාමාන්‍ය ලැප්ටොප් බැටරිය ආරෝපණ චක‍්‍ර 300 සිට 500 දක්වා වන අතර  සෑම වසර දෙකකට වරක් අරෝපණ චක‍්‍ර 1,000 බැගින් ගතහොත් නව බැටරිය යොදා ගන්නා ලැප්ටොප් පරිගණක චසර 400ක් පමණ භාවිත කළ හැකිවේ

IMG_0015

උපන්‍යාසය පරීක්ෂාවට ලක් කරමින් සිටින මෙම කණ්ඩායම ඒවායේදී උපන්‍යාසය නිවැරදි බව ඔප්පු වුවහොත් අධික කාලයක් පැවතිය හැකි බැටරිවල වැදගත් උපාංගයක් බවට ජෙල්වල එතූ රැහැන් පත්වනු ඇතැයි බලාපොරොත්තු වෙති. පෙනර්ගේ සොයා ගැනීම ගැන දැනටමත් සමාගම් කිහිපයක් උනන්දුව දක්වා ඇතත් මෙය යථාර්ථයක් බවට පත්වීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇතැයි ඔහු පවසයි.zzඅප අධ්‍යයනය කළ වර්ගයේ නැනෝ රැහැන් ස්ථායි කිරීමට සරල ක‍්‍රමයක් තිබිය හැකිය යන්න තමයි මෙයින් මැවෙන පුළුල් චිත‍්‍රය. මෙය පොදුවේ සැබෑවක් බවට පත්වුවහොත් සමාජයට එය ඉදිරි පිම්මවක් වනු ඇති’zz යයි ජෙනර් වැඩිදුරටත් කියා සිටියි.

නිවසේ උපකරණ බොහොමයක ආයුකාලය තීරණය වන සාධකය හුදෙක් බැටරිම පමණක් නොවේ. එසේ නම් දශකයක් හෝ ඊට වැඩි කාලයක් ගත වන බැටරියක් වෙතොත් (යොදා ගන්නා) උපකරණයේ ආයු කාලයට වැඩියෙන් බැටරිය පැවතිය හැකියි (ආරෝපණ) චක‍්‍ර 100,000ක් යනු බොහෝ උපකරණ සඳහා දෙවැනි වතාවට බැටරියක් ගැනීම අවශ්‍ය නොවනු ඇත. zzඒ කියන්නේ අවුරුදු 20ක පමණ ආයුකාලයක්!zz ජෙනර් කියයි.

smithsonian.com හි පළවූ Did Scientists Stumble on a Battery that Lasts Forever? ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: