ක්වොසාර්වල ස්වභාවය තාරකා විද්‍යාඥයන්ට අභිරහසක්ව පැවති 1960 ගණන්වල කැල්ටෙක් ආයතනයේ මාටන් ප්මිඩ්ට් (Marten Schmidt) නම් තරුණ තාරකා විද්‍යා මහාචාර්යවරයෙක් එවකට ලෝකයේ තිබූ විශාලතම ටෙලස්කෝපය වන අගල් 200- පැලොමාර් ටෙලස්කෝපය යොදාගෙන ෂ්මිඞ්ට් 3C273හි වර්ණාවලියක් ලබා ගත් බව පසුගිය බදාදා තතු ලිපියෙහි සඳහන් වූවා ඔබට මතක ඇති.
මෙම වස්තුව, එනම් 3C273 ක්ෂිර පථයෙන් ඈතට යමින් සිටින්නේ ආලෝකයේ වේගයෙන් හයෙන් එකක වේගයකිනි. හබල්ගේ නියමය අනුව සළකන විට මෙයින් හැඟවෙන්නේ 3C273 ආළෝක වර්ෂ බිලියන දෙකක් ඈතින් ඇති බවයි 1963 දී ෂ්මිඞ්ට් ක්වොසාර් යනු බැහැරි මන්දාකිණි (extragalatic) වස්තූන් විය හැකි බවට පර්යේෂණ පති‍්‍රකාවක් පළ කළේය. එය පැහැදිලිවම ඉදිරි පිම්මක් විය.
3C273 හි ප‍්‍රභවය බැහැරී මන්දාකිණිය. ඒ කියන්නේ මන්දාකිණියෙන් පිටත සිදු වූනේ යන්න තවත් පුදුම එලවන සුළු ගම්‍යාර්ථවලට මග පැදීය. අළෝක වර්ෂ බිලියන දෙකක රක්ත විස්ථාපනයක් සහිතව ක්වොසාරයේ ප‍්‍රභාවය ඇතිවීමට ක්ෂීර පථය මන්දාකිණි 100 කට සමාන වන නිසග ප‍්‍රකාශ දීප්තියක් අවශ්‍යවේ. තාරකාවක් වැනි වස්තුවක් එපමණ දීප්තතාවයක් ඇතිවෙන්නේ කෙසේද? මීට පිළිතුරු දීම වස් අප ප‍්‍රථමයෙන්ම එහි භෞතික ප‍්‍රමාණය තක්සේරු කළ යුතුව ඇත. එහි ප‍්‍රභාව(brightness) නිරීක්ෂණය කිරීමෙන් මෙය සිදු කළ හැක. 0.6ක දීප්ත විශාලත්වයකින් ( තරුවක ප‍්‍රභාව පෙන්නුම් කරන ප‍්‍රමාණය) හෝ මාසයක් මුළුල්ලේ දෙගුණයකින් 3C273 විචල්‍ය විය හැකිය. විචල්‍යත්වයේ කාලපරිමාණය, විචල්‍යවෙමින් පවතින වස්තුවෙහි ආලෝකය විමෝචනය කරන කලාව කෙතරම් විශාලද යන්න ගැන අපට ඉඟියක් සපයයි. නිදසුනක් මගින් මෙය තව පැහැදිලි කර ගනිමු.
ආලෝක මාසයක අරයක් සහිත වස්තුවක් පරිකල්පනයට නගාගන්න(සිතේ මවාගන්න). වස්තුව පුරා මොහොතකින් එය ප‍්‍රභාවත් වේ යයි පරිකල්පනයට නගා ගන්න. දුර සිට නිරීක්ෂණයක යෙදෙන්නෙකුට මාසයක් මුළුල්ලේ එහි විචල්‍යය (වෙනස්වීම) දැක ගත හැකිය. මෙයින් ගම්‍යමාන වන්නේ ආලෝක මාසයක ප‍්‍රමාණ වූ 3C273ක් ක්ෂීර පථ 100ක ගැබ්වූ ආලෝකය විමෝචනය කළ හැකි බවයි. එහෙත් එය ක්ෂීර පථ 100ක් බලගැන්වීමට නොහැකි තරමට ඉතා කුඩාය. එවැනි බලගැන්වීමක් සඳහා කුඩා බවින් මෙන්ම ප‍්‍රබල බවින් ප‍්‍රමාණවත් වන්නේ අති සුපිරි යෝධ කළු කුහරයක්ම පමණකි.
එවැනි කළු කුහරයකට, සූර්ය ස්කන්ධය බිලියනක පමණ ප‍්‍රමාණයක් ඇති කළු කුහරයක ඇතුළට වසරක් පාසා සූර්ය ස්කන්ධ කිහිපයක වැටීමක් අවශ්‍ය වේ. එවැනි සුපිරි යෝධ කළු කුහරයක නක්ෂත‍්‍ර එකක 20ක (නිරීක්ෂකයාගේ පිහිටීම එක් අන්ත ලක්ෂ්‍යයක් වශයෙන් පෘථිවි විෂ්කම්භයට ඍජු කෝණ වූ තලයක) අරයක් තිබිය යුතුය. මෙවන් කළු කුහරයකට වැටෙන ද්‍රව්‍යය මගින් කළු කුහරය වටා විශාල සමාහරණ තැටියක් (accretion disk) සෑදෙයි. එම තැටියම පවා ඇතැම් විට ආළෝක දින සිට ආළෝක සති දක්වා වූ අරයකින් යුක්ත වනු ඇත.
ද්‍රව්‍ය තැටිය තුළට පදාර්ථ වැටෙද්දී ඇතුළට වැටෙන පදාර්ථයෙහි ගුරුත්වාකර්ෂණ බලය තැටිය රත් කරයි. මෙම ගුරුත්වාකර්ෂණ බලය මාර්ගයෙන් කළු කුහරය ඇද වැටෙනු ස්කන්ධයෙන් සියයට 10ක් පමණ මුදාලමින් එය බලය බවට හරවයි. මෙම තැටියේ බලයෙහි විකිරණය ක්වොසාර් දීප්තතාව හා ගැලපෙයි. තැටියේ විකිරණය අහළ පහළ වටකරගෙන ඇති වායු දිලිසීමට ලක්කරණ අතර එහි තමයි 3C273 හි ප‍්‍රකාශ වර්ණාවලින් හි දකින්නට තිබෙන විමෝචන රේඛාව නිපදවන්නේ.
3C273 මගින් නිපදවනු ලබන රේඩියෝ විමෝචන නිපදවනු ඇත්තේ මෙම පද්ධතිය හා සාමාන්‍යයෙන් සම්බ්නධ උණු වායුවල වේගවත් ඉලෙක්ට්‍රෝන මගිනි. මෙකී සමාහරණ තැටියට සම්බන්ධිත චුම්භක ක්ෂේත‍්‍ර හේතුවෙන් අධිවේග අංශු ධාරා මෙම වස්තුවෙන් විමෝචනය විය හැකිය. ඇතුළට වැටෙන ස්කන්ධ උච්චාවනයන් ක්වොසාර විචල්‍යයන්ට මග පෑදිය හැකිය.
3C273 සොයා ගැනීම පිළිබඳව මාටන් ප්මිඩ්ට්ගේ පර්යේෂණ පති‍්‍රකාව පළවීමෙන් පසුව එක්තරා අදහසකට පෘථිවි-පාදක(earth-based) හා අභ්‍යවාකාශ පාදක (space-based) විවිධ නිරීක්ෂයන් ගණනාවකින් පුළුල් සහයෝගයක් පළ වී තිබේ. දුර ඈත මන්දාකිණිවල හරයෙහි ඇති සුපිරි යෝධ කළු කුහර මගින් ක්වොසාර් බලගැන්වී ඇත යන්න එම අදහසයි. විශේෂයෙන්ම, හබල් අභ්‍යවකාශ ගත දුරේක්ෂයෙහි ඇති වෙනස් කැමරා දෙකකින් ගනු ලැබූ 3C273 අධි විභේධන ප‍්‍රකාශ අනුරූප රූප ව්‍යුහය එහි සම්බන්ධිත ධාරාව සහ ක්වොසාරයේ අඳුරු සත්කාරක මන්දාකිණිය සමග හෙළිකර පෙන්වයි.
Visual Guide to the Universe (by Professor David M. Meyer) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්