සැමට විදු නැන නුවණ – Science Literacy for All

පුන්සඳ පායන රැයක සිදුවන ගුප්ත දේවල්

මානව සංස්කෘතික ඉතිහාසය තුළ චන්ද්‍රයා හෙවත් සඳ හිමි කරගන්නේ ගුප්තමය ස්ථානයක්. චන්ද්‍රයා කේන්ද්‍රකර ගනිමින් ලෝකයේ සෑම සංස්කෘතියකම වාගේ නොයෙකුත් ප‍්‍රවාද ගොඩ නැංවී තිබෙන බව අප දන්නවා. විශේෂයෙන්ම ආගමික කටයුතුවලදී කිසියම් ආකාරයකින් චන්ද්‍රයා හා බැඳීමක් ඇති බව සොයා ගැනීම අපහසු නැහැ. ශී‍්‍ර ලංකාවාසී බෞද්ධ ජනතාව පොහොය කිරීම සඳ ආශි‍්‍රතව යොදා ගෙන තිබෙනවා. සතර පෝයට අමතරව සෑම පසළොස්වක දිනයක්ම පුන් පොහෝ දාවක්. එයිනුත්, වෙසක් පුන් පොහෝ දිනය සුවිශේෂයි. බුදු රඳුන්ගේ තෙමඟුල සැමරෙනනේ සෑම වසරකම වෙසක් පොහොය යෙදෙන පුරපසළොස්වක දිනයටයි. බෞද්ධ සැදැහැවතුන්ගේ වදනින් කීවොත් හෙටත් එවැනි ‘පින්බර වෙසක් පොහෝ දිනයක්’. වෙසක් පුන් පොහෝ දින මෙන්ම පුන් සඳ කෙරෙහි ඉමහත් අවධානයක් යොමු වී ඇති දිනක තතු මෙම ලිපියෙන් සළකා බැෙලන්නේ මිනිස් ජීවිත කෙරෙහි චන්ද්‍රයාගේ  ඇතිවෙතැයි කියන බලපෑම් කිහිපයක් විග‍්‍රහ කිරීමටය.

33333

 

සඳත් පිස්සු ගතියත් අතර ඇත්තේ ද ආදි කාලයේ සිට කිට්ටු සම්බන්ධයක්. සඳ මෝරද්දී නොයෙකුත්  ආකාරයේ අද්භූත පිස්සු විකාර වර්ධනය වන බව ඈත අතීතයේ සිටම විශ්වාස කෙරෙන්නක්. මෙය අප වැනි සාමාන්‍ය ජනයා අතර පමණක් නොව රාතී‍්‍ර සේවයේ යෙදී සිටින පොලිස් නිලධාරින්ද රෝහල්වල විශේෂයෙන්ම මනෝ චිකිත්සක වාට්ටුවල සේවයේ යෙදී සිටින නිලධාරීන්ද අතර පොදුවේ ප‍්‍රචලිත අදහසක්. මේ නිසාදෝ චන්ද්‍රයා – විශේෂයෙන්ම පූර්ණ චන්ද්‍රයා සහ මානව ජීව විදයාව හා චර්යාව අතර කිසියම් සංඛ්‍යාලේඛණාත්මක සම්බන්ධයක් තිබේදැයි සොයා බැලීම පිණිස විශාල සංඛ්‍යාවක පර්යේෂන හා අධ්‍යයන සිදුකර තිබෙනවා. ඒවා අතුරෙන් විධි සම්පන්න ක‍්‍රමානුකූලව සිදුකළ අධ්‍යයන බහුතරයකින් හෙළි වී ඇත්තේ එවැනි සබඳතාවක් සොයාගැනීමට  නොහැකි බවයි. සමහරක් අධ්‍යයන ඒත්තු නොගැන්වෙන අතීරණාත්මකයි. අනෙක, සම්බන්ධයක් ඇතැයි කියා පෑ අධ්‍යයන බොහොමයක් අවසානයේ පෙනී ගියේ ඒවායේ   ක‍්‍රමවේදය සාවද්‍ය බව හෝ නැවත කිසි දිනෙක පරීක්ෂාවට ලක් වී නොමති බවයි.

චන්ද්‍ර කලා (phases of the moon) සහ උපත් සිදුවීම හෘදයාබාධ, මරණ, සියදිවි නසාගැනීම්, ප‍්‍රචණ්ඩ කි‍්‍රයා, මනෝවෛද්‍ය රෝහල්වලට ඇතුලත්කිරීම, අපස්මාරය ඉස්මතුවීම ආදිය අතර සම්බන්ධතාව ගැන සොයා බැලූ පිළිගත හැකි අධ්‍යයන මගින් නැවත නැවතත් සනාථ වුණේ එවැනි සම්බන්ධතාවක් නැති බවයි. මෙම ලිපියෙන් ඉන් කිහිපයක් ගැන සලකා බැලේ.

චන්ද්‍රයා, උදම් සහ අප : මිනිස් සිරුරෙන් 75%ක් පමණ ජලයයි. චන්ද්‍රයා සාගර උදම් කෙරෙහි බලපාන බව අප කවුරුත් දන්නා දෙයක්. එසේ නම් 70%ක් පමණම ජලයෙන් සමන්විත වන හෙයින් චන්ද්‍රයා සිරුර කෙරෙහි බලපෑමක් ඇති කළ යුතුයයි තර්කයක් ගොඩ නැගේ. මෙය සලකා බලමු. චන්ද්‍රයා, සූර්යයා හා එක්ව පෘථිවියේ සාගර මත උදම් නිර්මාණය කරනවා. ඇත්තටම ගුරුත්වාකර්ෂණ බලපෑම කොතරම්  දැඩි ද කිවහොත් අපේ ග‍්‍රහලෝකයේ පෘෂ්ඨය දිනපතා මෙකී උදම් බලපෑමෙන් ඇදී යනවා. කෙසේ වෙතත් උදම් යනු මහා පරිමාණ සිද්ධීන්ය. ඒවා සිදුවන්නේ (පෘථිවිය වැනි) වස්තුවක එක පැත්තක් මත අනෙක් පැත්තට සාපේක්ෂව ඇතිවන ගුරුත්වාකර්ෂණ ඇදිල්ල අතර වෙනස නිසයි. ( දා තතු ලිපිය බලන්න.) කෙසේ වෙතත් මේ බලපෑම කුඩා වස්තු කෙරෙහි  ඇති කරන බලපෑම ඉතාමත් සුළුය. හොඳ උදාහරණයක් තමයි ඇමරිකාවේ මහා විල්(Great Lakes). ඒවායේ උදම් කිසිවිටකත් අඟල් 2 ක් ඉක්මවන්නේ නැති බව ඇමරිකාවේ ජාතික සාගරික හා වායුගෝලමය පරිපාලනය (National Oceanic and Atmospheric Administration) පෙන්වා දෙන අතර එම බලපෑම සුළං සහ වායුපීඩන වෙනස්කම්වලින් වසන්ව  යන බව පවසයි. ඉන් කියැවෙන්නේ කුඩා පරිමාණයෙන් උදම් ඇති නොවන බව නොවේ. ගුරුත්වයේ බලපෑම දුරත් සමග අඩුවුවත් සම්පූර්ණයෙන් නැතිවන්නේ නැහැ. Straightdope.com වෙබ් අඩවිය දක්වන පරිදි දරුවෙකු වඩාගෙන සිටින මවක එම දරුවා මත ඇති කරන බලපෑම උදම් ඇති කරවන චන්ද්‍රයා මගින් සිදුවන බලපෑම මෙන් මිලියන 12ස් ගුණයකි. අනික පෘථිවියෙහි සාගරවල දිනපතා දෙවරක් උදම් ඇති වේ. එලෙස බලන විට  චන්ද්‍රයාගේ ඇදිල්ල මිනිස් සිරුරටත් දැනේ නම් දවසකට දෙපාරක්ම සමබරතාව නැතිවිය යුතුය.

අපස්මාරය යන චර්යාව (Epilepsy & Behavior) යන සඟරාවෙහි 2004 වසරේ පළවූ අධ්‍යයනයන් අනුව අපස්මාර පරිග‍්‍රහය සහ පූර්ණ චන්ද්‍රයා අතර සම්බන්ධයක් නැත. අපස්මාර  හදිසි රෝග තත්ත්වය තමන්ට ඇතිවන්නේ පූර්ණ චන්ද්‍රයාගේ  මුල පිරීම හේතු කොට ගෙන යයි ඇතැම් අපස්මාර රෝගීන් විශ්වාස කළත් පූර්ණ චන්ද්‍රයා පායා ඇති දවසට මනෝවිද්‍යාව වාට්ටුවට ඇතුල්වන්නන් සංඛ්‍යාව ඉහළ යන්නේ දැයි සොයා බැලීම පිණිස සිදු කළ අධ්‍යයනයන් ගැන මනෝවිද්‍යාත්මක සේවා (Psychiatric Services) නම් සඟරාවේ වාර්තා වී තිබූ අන්දමට මනෝ චිකිත්සාගාර පර්යේෂකයන් 2005 දී සිදු කල අධ්‍යයනයකදී එහි  මනෝවෛද්‍ය හදිසි වාට්ටුවට සවස 6 සිට උදය 6 දක්වා ඇතුළත් කළ ලෙඩුන් ගැන වසර ගණනාවක් තිස්සේ අධ්‍යයන කර අැත. පුන් සඳ දින පෙර දින හා පසුදින යන දින තුනත් සෙසු දිනත් අතරේ රෝගීන් ඇතුල් කළ සංඛ්‍යාවෙහි වෙනසක් දැක ගත නොහැකි වූ බව අධයයනය පෙන්නුම් කරනවා.

gallery202_134260Texas02

පර්යේෂකයෝ නගරාසන්න රෝහලක හදිසි අනතුරු වාට්ටුවකට ඇතුල් කිරීම පිළිබඳ වාර්තා 150, 999 ක් සෝදිසි කර බැලූහ. එහි වාර්තාව 1996 හදිසි වෛද්‍ය සේවා පිළිබඳ ඇමරිකා සඟරාවේ (American Journal of Emergency Medicine) 1996 දී පළ විය. එහිදී ද අනාවරණය වී ඇත්තේ පුන් සඳ පෑයූ රාතී‍්‍රන් සහ ඇනෙකුත් රාතී‍්‍රන් අතර වෙනසක් නොමැති බවයි. ශල්‍ය වෛද්‍යවරුන් හා හෙදියන් අතින් පුන්පොහෝදාට අමුතුවෙන්, ඒ කියන්නේ වෙනත් දිනවලට වඩා වැරදි සිදුවනවාද? 2009 දී Anesthesiology සඟරාවේ පළවු අධ්‍යයන වාර්තාවකින් කියැවුනේද සැත්කම් අවදානම කොයි දිනයේදීත් එක සමාන බවයි.

චන්ද්‍රයාගේ බලපෑම සෑම අධ්‍යයනයක් මගින්ම සම්පූර්ණයෙන්ම ඉවත දමන්නේ නැත. කොලරාඩෝ රාජ්‍ය සරසවියේ පශු වෛද්‍ය සෞඛ්‍ය මධ්‍යස්ථානය සුරතල් සතුන් හදිසි රෝග වාට්ටුවට ඇතුළත් කිරීමේ අවස්ථා 1940ක් ගැන අධ්‍යයනයක් කළේය. පුන් සඳ දා හෝ ඊට පෙර හා පසුදින බළලූන් ඇතුල් කිරීම 23%කින්ද බල්ලන් ඇතුල් කිරීම 28%කින්ද ඉහළ යන බව පෙනී ගොස් ඇත. එහෙත් මෙසේ වීමට හේතු අධ්‍ය්‍යනය මගින් අනාවරණය කරගෙන නැත.

222222

1980 ඇමරිකානු ප‍්‍රසවවේද හා නාරිවේද සඟරාවේ පළවූ වාර්තාවක ස්තී‍්‍රන්ගේ ඔසප් චක‍්‍රය හා පුන්සඳ අතර සබඳතාවක් පෙන්වා තිබුණි. කාන්තාවන් 312 ක පමණක් යොදා ගෙන සිදු කළ එම සීමිත අධ්‍යනයේදී 40% කගේ ඔසප්වීම පූර්ණ චන්ද්‍රයා පෑවීමට සති දෙකක් ඇතුළත සිදුවන බව පර්යේෂක විනිප‍්‍රඞ් බී. කට්ලර් සොයා ගෙන ඇත. එහෙත් මෙයින්ද ඔප්පු වන කාරණාවක් නැත. මන්ද බහුතරය (60%)ක් එසේ නොවන බැවිනි. අනෙක, කාන්තා ඔසප් චක‍්‍රය පටන් ගන්නා දිනය හා පවතින කාලය අතින් ගතහොත් විශාල පරාසයක් දැක්විය හැකි වීමයි.

emergency and critical care unit2001 වර්ෂයේදී බි‍්‍රතාන්‍ය වෛද්‍ය සඟරාවේ පළවු අධ්‍යයනයන් අනුව සතුන් සපාකෑම නිසා පුන් සඳ දා රෝහල කරා පැමිණි සංඛ්‍යාව වෙනත් දවස්වලට වඩා දෙගුණයකි. එහෙත්  ඕස්ටේ‍්‍රලියාවේ සිදු කළ පර්යේෂණයකදී කියැවුණේ බල්ලන් මිනිසුන්ව සපා කෑම ඔිනෑම රාත‍්‍රියක දී එක සාමාන බවයි.

 

අධ්‍යයනවලින් කියන කාරණාවලට පටහැනිව චන්ද්‍රයා ආශි‍්‍රත මිථ්‍යා මත මෙපමණ කාලයක් නොනැසී පවතින්නේ ඇයි? විචාරකයන් බොහෝ දෙනෙකු දක්වන අදහස මෙයයි. පුන් සඳ දා අපූර්ව යමක් වූ විට අහසේ කැපී පෙනෙන පුන්සඳ අමතක කළ නොහැකිය. එලෙස කැපී පෙනෙන යමක් නැති රාති‍්‍රයක සිදුවූ දෙයක් ඇතත් මතක තබා ගැනීමට කැපී පෙනෙන වස්තුවක් නැත. අවසානයේ මතකය ඉතිරිව රැඳෙන්නේ පුන් සඳ දා අපූර්ව දේ සිදුවන බව පමණකි.

Live Science හී පළවු  Moon Myths: The Truth About Lunar Effects on You ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: