සැමට විදු නැන නුවණ – Science Literacy for All

දුරනොපෙනීම වැඩිවෙන්නට පටන් ගෙන ඇතැයි විද්‍යාඥයෝ කියති

                        මානවයන් අතරේ අවිදුර දෘෂ්ටිකත්වය හෙවත් මයෝපියාව (myopia)ඉහළ යමින් තිබෙන බවට සාක්ෂි

කුමන හෝ ආබාධයක් හේතුවෙන් ඇස් කන්නාඩි හෙවත් උපැස් පළඳින අය සමාජයේ එතරම් නොමැති නිසා එසේ පළඳින අයට නොයෙක් නම් පටබැඳෙනවා. වීශේෂයෙන්ම කුඩා ළමුන් අතරේ. ‘ඇස් හතරකින් දකින්නන්‘යනුවෙන් සමහරු උපැස් පළඳින අයව හඳුන්වනවා. තවත් සමසරු ඔවුන්ව සමච්චලේට ලක් කරන්නේ ‘කත්තාඩි පොළගුන්‘ හැටියටයි. එහෙත් අනාගතයේ දී සමාජයේ බහුතරය ‘කත්තාඩි පොළගුන්‘ වීමේ අවදානමක් ගැනයි තතු මේ එාර්තාවෙන් කියැවෙන්නේ.

ඔිසටෙ‍්‍රීලියාවේ බ‍්‍රයන්හෝල්ඩන් දෘෂ්ටි ආයතනය(Brien Holden Vision Institute) ඉදිරිපත් කර ඇති නව වාර්තාවක් අනුව ක‍්‍රි. ව. 2050 වන විට ලොව ජනගහනයෙන් අඩක්ම දුර නොපෙනීමේ ආබාධයට ලක්වන අතර යම් ආකාරයක ප‍්‍රතිකාර්මික කාචයක්(corrective lens) භාවිත කිරීම අවශ්‍ය වෙනවා. සංඛ්‍යාලේඛනාත්මකව ගතහොත් මෙම තත්ත්වය 2000 දි බලපා ඇත්තේ ගෝලීය ජනගහනයෙන් හතරෙන් එකකට පමණය.

nearsighted-children-300x200

අවිදුර දෘෂ්ටිකත්වය හෙවත් මයෝපියාව මේ ආකාරයට ඉහළ යාමට හේතු වශයෙන් සාම්ප‍්‍රදායානුකූල ඥානය හේතු වශයෙන් දක්වන්නේ පොතපත කියැවීම සහ පරිගණක තිරය දෙස බලාසිටීම ඉහළ මට්ටමකට යාමයි. එහෙත් එම උපකල්පනය සනාථ කිරීමට සාධක සොයාගැනිම අසීරුයි. වර්තමානයේ මේ ගැන දැක්වෙන මතය තමයි ළමුන් එලිමහනේ ගතකරන කාලය මදවීම මේ තත්ත්වය මතුවීමට බලපා ඇත යන්න. වැඩි වේලාවක් නිවෙස් හෝ වෙනත් ගොඩනැගිලි තුළට වී සිටීමෙන් සූර්යාලෝකයට නිරාවරණය වීම වැළකී යාම මෙයට බලපාන සාධකයක් ලෙස මේ ගැන සිදුකර ඇති අතළොස්සක් වන අධ්‍යයන වලින් හෙළිවෙනවා.

pogudrn6og5geමේ මත දෙකෙන් කුමන එක වුවත් කලකට ඉහතදි වීශ්වාස කළ මතයට පටහැනිව ආර හෙවත් ප‍්‍රවේණිය මෙහිදී  එතරම් කාර්ය භාරයක් ඉටු නොකරන බව පැහැදිලිවෙනවා. ‘‘අවිදුර දෘෂ්ටිකත්වය සම්පූර්ණයෙන්ම ජාන හේතුකොට ගෙන ඇතිවන්නක් යයි කලක් විශ්වාස කළත් ඇත්තටම එය සමාජයීය වශයෙන් තීරණය වන ආබාධයක්‘‘ යයි පවසන්නේ ඔිස්ටේ‍්‍රලියානු ජාතික විශ්ව විද්‍යාලයේ  චක්ෂුවේද (ophthalmology)පර්යේෂක ඉයන් මොගන්ය. නව සොයාගැනිම ඉගි කරන්නේ යම් මැදිහත් වීමක අවශ්‍යතාවයි: මෑතක සිදුකළ පර්යේෂණයකදි හෙළිවී ඇත්තේ අවුරුදු තුනක් තිස්සේ සෑම දිනකම අතිරේකව විනාඩි 40ක් එළිමහනේ ගතකරන ළමයින්ට එසේ ගත නොකරන ළමුන්ට වඩා මයෝපියාව ඇතිවීමේ හැකියාව අඩු බවයි.

 

Scientific American  හී පළවූ  Half the World Could Be Nearsighted by 2050 ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: