විවිධ හේතූන් නිසා ප්‍රතිජීවක (Antibiotics) ඖෂධ මෑතක තරමක පසුබෑමකට ලක්වී තිබෙනවා. බැක්ටීරියා වර්ග ප්රතිජීවකවලට එරෙහි ප්‍රතිරෝධයක් ගොඩ නංවාගෙන තිබීම එක් කාරණයක්. මෙය අද විද්‍යාඥයන්ගේ සහ ලෝක සෞඛ්‍ය බලධාරීන් හමුවේ ඇති ඉමහත් අභියෝගයක් බවට පත්ව තිබෙනවා. මෙයට අමතරව ඖෂධ සමාගම් ප්‍රතිජීවක සම්බන්ධයෙන් සිදු කරන පර්යේෂණ වැඩසටහන් නතර කරමින් තිබෙනවා. මන්ද ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය අසීරු එමෙන්ම වියදම් අධික කාර්යයක් බවට පත්වීමයි. කෙසේ වෙතත් සුබආරංචිය තමයි, මේ තත්ත්වයෙන් ගොඩ ඒම ගැන බලාපොරොත්තු තැබිය හැකි ප්රවෘත්ති වාර්තා වීම. වඩාත් බහුලව භාවිත කෙරෙන ප්‍රතිජීවක පන්තියක් වන මැක්රොලයිඞ්(macrolides) පන්තියේ නව සාමාජික ප්‍රතිජීවකයක් තැනීමේ මගක් සොයා ගෙන ඇතැයි පර්යේෂකයයෝ මැයි 8 දා වාර්තා කළහ. මෙය ප්‍රතිජීවක ප්‍රතිරෝධක ආසාදනවලට(antibiotic-resistant infections) එරෙහි බලගතු අවියක් වීමට මග පෑදිය හැකි යයි විශ්වාස කෙරෙනවා. බොහෝ වට එය මිලියන ගණනකගේ ජීවිත බේරා ගැනීමට උපකාරී වේවි. සුබ ආරංචිය එයයි.
බොහෝ දෙනෙකු අසා ඇති එරිත්‍රොමයිසින් සහ ඇසිත්ත්රොමයිසින් යන ඖෂධ ද ඇතුළත් මැක්රොලයිඞ් පංතියේ ප්‍රතිජීවක මුලින් වැඩිදියුණු කරනු ලැබුවේ 1950 ගණන්වලයි. එතැන් පටන් ඒවා බැක්ටීරියා සහ දිලීර ආසාදනවලට(bacterial and fungal infections) එරෙහි මහා පවුරක් බවට පත්ව තිබෙනවා. රසායන විද්‍යාත්මකව සළකතොත්, මැක්රොලයිඞ් යනු කාබන් පරමාණු 14 සිට 16 දක්වා අඩංගු පැත්තකින් එකක් හෝ ඊට වැඩි සීනි ඈඳුමක් (appendages) සහිත යෝධ වළලූය. තම අසල්වැසියන් හා සටන්කර පළවා හැරීමට බැක්ටීරියා ඒවා උපයෝගී කර ගනියි. එහෙත් මිනිසුන්ට හොඳ ඖෂධයක් වන අන්දමට මැක්රොලයිඞ් පත්කිරීමට හැකිවන අයුරින් පරිණාමය වන්නට බැක්ටීරියාවලට හැකිවුණේ නැහැ.
ඉතින් ඖෂධ රසායනඥයන්, ඒ කියන්නේ නව ඖෂධ තැනීමට ඇත්තටම මුල්වන පර්යේෂකයන්, ඒවායේ ස්වාභාවික ස්වරූපයෙන් පටන් ගෙන වරකට එක බැගින් ඒවායේ බන්ධන සියුම්ව සකස් කිරීම සිදු කරන්නේ මැක්රොලොයිඞ් වඩාත් ආරක්ෂාකාරී සහ කාර්යක්ෂම කිරීමේ ප්රයත්නයක යෙදෙමිනුයි. කෙසේ වෙතත් විශාල අණුවක (large molecule) එක බන්ධනයකට පමණක් වෙනස්කම් සීමා කිරීම පහසු නැත. බොහෝ අවස්ථාවල කොහෙත්ම බැහැ. බහු බන්ධන ප්‍රතිචාර දැක්වීමේදී සිදුවන්නේ, ප්‍රතිඵල ලෙස අවසාන නිෂ්පාදනයෙහි අනවශ්‍ය පුළුල් මිශ්‍රනයක් ඇතිවීමයි. වඩා හොඳ ඖෂධයක් නිපදවීමට යෝග්‍ය එක් තනි වෙනස්කමක් ඉන් එක නිෂ්පාදනවත් අඩංගු නොවේ.
මේ ගැටලූව විසඳීම වස් හාවඞ් සරසවියේ රසායනඥ ඇන්ඩෲ ඔයර්ස් සහ සගයන් බෙදා ජයගැනීමේ ක්රමෝපායක්(strategy) අනුගමනය කළා. මෙය ඔවුන් 2005 දී ටෙට්රසයික්ලීන් ප්‍රතිජීවක සඳහා යොදා ගත් ක්රමෝපායක්. ඔවුන් මූලික මැකෛ්රාලයිඞ් වලලූ තුනක ව්‍යුහයකින් ආරම්භ කර ඒ සෑම එකක්ම අණුක අටක මොඩලයක් බවට බිඳ දැම්මා. අනතුරුව ඔවුන් බිඳ දැමූ කෑලි යළි එකලස් කිරීමට අවශ්‍ය ප්‍රතිචාර ඉතා සැලකිල්ලෙන් සැලසුම් කර ගත්තා. එවැනි පුරුක් දෙකකට ඔවුන් බන්ධන වර්ධනය කිරීම පිණිස අලූතෙන් රසායනික ප්‍රතිචාරයක් පවා නිර්මාණය කළා. මෙලෙස, මෙකී ක්‍රමෝපාය නැවත නැවතත් කිරීමෙන් තනිකරම අලූත් මක්රොලයිඞ් 300කට වැඩි සංඛ්‍යාවක් වර්ධනය කිරීමට ඔවුන් සමත් වුණා.
මේවා පරීක්ෂණාගාර බැක්ටිරියා රෝපණ පාලනයකට යොමු කල විට මෙම සංයෝග කිහිපයක්ම ප්‍රතිජීවක ප්‍රතිරෝධ ක්ෂුද්රජීවීන්ට (antibiotic-resistant microbes) එරෙහිව ප්‍රතිජීවක විභවයක් පෙන්නුම් කළේය. මෙතිසිලින් ප්‍රතිරෝධී(methicillin-resistant) Staphylococcus aureus සහ වැන්කොමයිසින් ප්‍රතිරෝධී(vancomycin-resistant) Enterococcus මෙම ක්ෂ්ද්රජීවීන් අතර වූ බව Nature සඟරාවට මැයි 1 දා මාර්ග ගතව වාර්තා කළා. මේ සමානවම වැදගත් යයි මයර්ස් සඳහන් කරන්නේ ප්‍රතිචාර සියල්ල ඉහළ ඵලදාෙවන් යුතු අවසන් නිෂ්පාදනයක් නිපද වූ බවයි. බැක්ටීරියා නව සංයෝග සඳහා ආරම්භක ද්‍රව්‍ය නිපදවන්නේ නැති හෙයින් මෙය අත්‍යවශ්‍ය බව මයර්ස් පෙන්වා දෙනවා. ඉතින් මෙයින් ඕනෑම එකක් වටිනා ඖෂධයක් බවට සනාථ වුවහොත් ඒවායේ විශාල ප්‍රමාණයක් සංස්ලේෂණය කිරීමට වැඩි වියදමින් තොරව රසායනඥයන් හැකියාව ලැබේ.
සමාජයීය වශයෙන් වාසිදායක ප්‍රතිඵල අත්පත් කරදීම සඥහා රසායන විද්‍යාව මනාව යොදා ගැනීම පිළිබඳ කදිම නිදසුනක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන් යයි සැන් දියගෝ හි කැලිෆෝනියාවේ ස්කි්රප්ස් පර්යේෂණ ආයතනයේ කෘතිම ඓන්ද්‍රීය රසායනඥ පිල් බැරන් පවසනවා.
American Association for the Advancement of Science(AAAS) SCIENCE හී පළවූ A new way to make powerful antibiotics ලිපිය ඇසුරෙනි