විදු නැන නුවණ – Science Literacy for All

කටුස්සන්ගේ ඇස් කි‍්‍රයා කරන්නේ එක්වද? ස්වාධීනවද?

කටුස්සන් හෙවත් බොහොඩන් සිය පරිසරයට අනුකූල වන පරිද්දෙන් වේශාන්තරණයේ (වෙස් මාරු කිරීමේ) යෙදෙන බව අප බොහෝ දෙනා දන්නා කරුණකි. හිටි අඩියේ පිල් මාරුකරන මිනිසුන්ට ද කටුස්සන් වැනි යයි නම් පටබැදෙන්නේ මේ සතුන්ගේ ඇති හැකියාව නැතැනම් මෙම ‘ගතිය‘ සැලකිල්ලට ගනිමිනි. එහෙත් කටුස්සන්ට මෙවැනිම තවත් විකාර රූපී හැකියාවක් ඇති බව ඇතැමුන් නොදන්නා විය හැකියි. එක ඇසක් අනෙක් ඇහෙන් ස්වාධීනව, ඒ කියන්නේ එකවර ඇස් දෙකෙන් දෙපැත්තක් බැලීමේ  යොමු කිරීමේ හැකියාව මිනිස් අපට නැත. එහෙත් කටුස්සන්ගේ ඇස් දෙක වෙන වෙනම කරකවමින් බලනු ඔබත් සමහරවිට දැක තිබෙන්නට පුළුවනි. මෙම හැකියාව පුළුල් දෘෂ්ටි ක්ෂේත‍්‍රයක් කටුස්සන්ට ලබාදීමට සමත් වෙයි. ශරීරය චලනය අවම කරමින් සිය වටපිටාවෙන් වැඩි ප‍්‍රමාණයක් නිරීක්ෂණය කිරීමට මෙයින් ඔවුනට අවස්ථාව සැලසේ. සිය ගොදුරෙන් මෙන්ම සිය විලෝපියන්ගෙන් ද වසන් වී සිටීමට මෙම හැකියාව කටුස්සන්ට උපකාරී වෙයි.

F1.large

කෙසේ වෙතත් කටුස්සන්ට ඇස් දෙකින් ඇත්තටම දර්ශන පථ දෙකක් සැපයන්නේද යන්න ගැන විද්‍යාඥයන්ට දිගටම පැවතියේ විමතියකි. මෙය පරීක්ෂා කර බැලීමට ඊශ‍්‍රායල පර්යේෂකයන් පිරිසක් තීරණය කළේ එහෙයිනි. කෘමියෙකු විරුද්ධ දිශාවට ගමන් කරන ද්විත්ව අනුරූපයක් පර්යේෂකයන් පරිගණක තිර බෙදා ගනිමින් සිය බොහොඩයන්ට පෙනෙන්නට සැලැස්වූහ. කටුස්සා එක් ඇසක් කෘමියා වෙත නාභි ගත කරමින් යොමු කරද්දී අනෙක් ඇස වටපිටාව විපරම් කිරීමට යෙදවීය. අනතුරුව, අස් දෙකම සුළු මොහොතක එක් කෘමියෙකු වෙත නාභිගත වූ අතර ඒ හා සමගම එම කෘමියා අල්වා ගැනීමට කටුස්සා දිව එළියට විද්දේය.

මෙම පරීක්ෂණයෙන් අනතුරුව පර්යේෂකයන් තීරණය කළේ කටුස්සන්ගේ ඇස් සම්පූර්ණයෙන්ම එකිනෙකට ස්වාධීනව කි‍්‍රයා නොකරන බවයි. ගොදුරු ඩැහැ ගැනීම සාර්ථකවීමට නම් කටුස්සාට ගැඹුර (දුර) පිළිබඳ මනා සංජානනයක් තිබිය යුතුය. එවැනි සංජානනයක් ඇති කර ගනු වස්, ප‍්‍රහාරය එල්ල කිරීමට තීරණයක් ගැනීමෙන් පසුව කටුස්සාට ඇස් දෙකම එම ඉලක්කය මත අභිසාරීවීමේ (converge) අවශ්‍යතාවක් ඇති බව පර්යේෂකයන්ට පෙනී ගොස්ය. එමෙන්ම, දෙවැනි ඇස, ප‍්‍රථම ඇස යොමු වී තිබුනේ කොයිබට ද යන්න ගැන දැන සිටිබවත් පෙනිණ. පර්යේෂකයන් එය හැඳින්වුනේ සංඥා හුවමාරුවක් හෙවත් එක්තරා අන්දමකට ඇස් දෙක අතර එකිනෙක කතා කිරීමක් (a kind of “cross talk” between the eyes) වශයෙනි.

තාක්ෂණය පිළිබඳ ටෙක්නියන් – ඊශ‍්‍රායල් ආයතනයේ නියුතු මහාචාර්ය එහුඞ් රිවිලින් පළකරන අන්දමට කටුස්සන්ගේ ඒ ඒ දෑස තමන්ගේ ඉසව්ව ගැන අවබෝධයක් තිබෙන්නා සේම අනෙක් ඇසෙහි දිශානතිය ගැනද දැනුමක් තිබෙනවා. මෙය මිනිසුන්ගේ දෙනෙත් දසුන (binocular vision) තුළ සිදුවන්නා වූ වෙනත් ආකාරයක සහයෝගිතාවයකි.

All about Vision වෙබ් අඩවියේ පළවු  Do Chameleon Eyes Work Together or Separately? ලිපිය අසුරෙනි

2A604D5300000578-0-image-a-53_1436447081133

සංස්කාරක සටහන  

1 කෙසේ වෙතත්, දෙ ඇස් ස්වාධීනව කි‍්‍රයාකිරීමේ සංසිද්ධිය අප හිතනවාට සුලබ එකකැයි ඊශ‍්‍රායලයේ හයිෆා විශ්වවිද්‍යාලයේ හඩාස් කෙටර් කාට්ස් සහ ගැඞී කට්ශීර් පෙන්වා දෙති. මත්ස්‍යයන් සහ පක්ෂීන් බොහොමයකටත් දෙඇස් එකිනෙකින් ස්වාධීනව කි‍්‍රයාකරවීමේ හැකියාව ඇත. එක් එක් ඇස සම්බන්ධවන්නේ මොළයේ ප‍්‍රතිවිරුද්ධ කොටසටය. එනම්, මොළයේ වම් කොටස දන්නේ සතාගේ දකුණු ඇසින් පෙනෙන දෙය පමණක් සහ දකුණු පස වම් ඇසට පෙනෙන දෙය පමණක්ය යන්නය.

  1. තම සංවේදන පද්ධතිය පාලනය කිරීම පිණිස සතුන්ට ඇති හැකියාව සමහර අවස්ථාවල අප සිතනවාට වඩා වැඩිය’යි කට්ශීර් පෙන්වා දෙයි. ‘මම නම් හිතන්නේ සතුන් දෘෂ්ටිමය වශයෙන් ලබා ගන්නේ කුමන තොරතුරුද යන්න ගැන මීට වඩා අවධානයක් යොමු විය යුතුයි. එමෙන්ම එම තොරතුරු හැසිරීම කරන ආකාරය ගැන ඔවුන්ගේ දෘෂ්ටිමය ලෝකය අපේ දෘෂ්ටිමය ලෝකයට වඩා වෙනස් විය හැකි අතර අප ඔවුන් යොදා ගන්නා පිළියම් ගැන සොයා බැලිය යුතුය’ යි කට්ශීර් වැඩිදුරටත් පෙන්වා දෙයි.

සංස්කාරක සටහන: Journal of Experimental Biology හී පළවු Chameleons’ eyes are not so independent ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: