දුම්පානයෙන් මිනිස් අපට සිදුවන හානිය ගැන අද සමාජයේ නොදන්නා කෙනෙකු නැති තරම්ය. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් ගතහොත් එක් තනි වළක්වා ගත හැකි එහෙත් අකාළයේ මිය යාමට වැඩිම බලපාන එක් තනි හේතු සාධකය වන්නේ දුම්පානයයි. දුම්පානය අපේ සිරුරේ සෑම අවයවකටම හානි පමුණවයි. ඔව්, අපේ අවධානය එතරම් යොමු නොවුණට අපේ ඇස්වලට පවා හානි පමුණුවයි. මිනිසාට දුම්බීමෙන් ඇතිවන අනෙකුත් හානි ගැන අපමණ ලිපි ලේඛන පළවී ඇති විටෙක තතු මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ අපේ ඇස් කෙරෙහි දුම්බීමෙන් ඇතිවන හානි ගැන සැලකිල්ල යොමු කරන්නයි.
දුම්පානය සහ අක්ෂි
ඇහේ සුද මතුවීම ලෙස පොදු ව්‍යවහාරයේදී හඳුන්වනු ලබන තිමිරය හෙවත් නේත‍්‍ර පටලය (cataract = අක්ෂිකාචය ක‍්‍රමයෙන් පාරාන්ධවීම) ලෝකයේ අන්ධභාවය ඇති කිරීමට බලපාන ප‍්‍රධානතම හේතුවයි. වයස අවුරුදු 80 වන විට ඇමරිකානුවන්ගන් සියයට 50 කට වැඩි පිරිසකට ඇහේ සුද මතු වී හෝ ඇසේ සුද ඉවත්කිරීමේ ශල්‍යකර්මයකට ලක්වී තිබේ. දුම්පානය කරන්නන්ට ඇසේ සුද මතුවීමේ හැකියාව සෙසු අයට වඩා දෙගුණයකි. වැඩි වැඩියෙන් දුම් පානය කරද්දී මේ අවදානම තවත් ඉහළ යයි.
දුම්පානය හා මකුලය හානියට පත්වීම
මකුලය යනු දෘෂ්ටි විතානයේ තීව‍්‍ර දෘෂ්ටිය ඇති තැන හෙවත් රෙටිනාවේ මැද කූපය වට කර ඇති කහ පැහැ කොටසයි.) වයස්ගතව ඇති වන මකුල පරිහානිය රෙටිනාවේ කේන්ද‍්‍රයට බලපායි. කියැවීම, රිය පැදවීම වැනි එදිනෙදා කාර්යයන් සඳහා අවශ්‍ය වන තියුණු, මධ්‍යම දෘෂ්ටිය සඳහා වග කියන්නේ මෙම කොටසයි. මකුල පරිහානිය අන්ධලප වලට හේතුවන අතර මධ්‍යම දෘෂ්ටිය දරුණු ලෙස දුබල කළ හැකිය. ජීවිත කාලය තුළම දුම් පානය නොකළ අය සමග සංසන්දනයේදී දුම් බොන්නාට වයස්ගතව ඇතිවන මකුල හානිය තුන් ගුණයකින් වැඩිවේ. වයස්ගත කාන්තාවකට මේ අගය තවත් ඉහළය.
දුම්පානය සහ කෘෂ්ණච්ඡද ප‍්‍රදාහය (Uveitis)
කෘෂ්ණච්ඡුදප‍්‍රදායහය හෙවත් ඇසෙහි මධ්‍යම පටලයේ වන කෘෂ්ණච්දයේ ඇතිවන ප‍්‍රදාහය යනු පෙනීම සම්පූර්ණයෙන්ම නැති කිරීමට පවා සමත් දරුණ අක්ෂි රෝගයකි. එය තාරා මණ්ඩලය(iris) සහ රෙටිනාව ඇතුළු ඇසෙහි වැදගත්කම ව්‍යුහයන්ට හානි පමුණුවන අතර ඇසේ සුද ග්ලූකෝමාව සහ දෘෂ්ටිවිතාන වෙන්විම (retinal detachment) වැනි සංකූලතාවන්ට මග පෑදිය හැකිවේ. දුම් නොබොන්නන්ට වඩා දුම් බොන්නන්ට කෘෂ්ණච්ඡුදප‍්‍රදායහය වැළඳීමේ හැකියාව වැඩිය. දුම්පානය සහ රෙටිනෝපති (දෘෂ්ටි විතානයේ ඇතිවන ආබාධයක්)
දියවැඩියාමය රෙටිනෝපති ආබාධය
දියවැඩියාමය රෙටිනෝපති ආබාධය රෙටිනාවේ රුධිර නාල හානි පමුණුවයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇස්පෙනීම අහිමි වී යාමට පුළුවන. 1 වර්ගයේ හෝ 2 වර්ගයේ දියවැඩියාව නිසා වයස අවුරුදු 40 ට වැඩි ඇමරිකානුවන් මිලියන පහකට වැඩි පිරිසක් දියවැඩියා රෙටිනෝපති ආබාධයෙන් පෙලෙති. මෙය 2050 වන විට මිලියන 16 දක්වා ඉහළ යනු ඇත. එපමණක් නොව දුම්පනය දියවැඩියාව වේ වර්ධනය වීමේ අවදානම දෙගුණ කරයි. දියවැඩියා, රෙටිනෝපති ආබාධය වර්ධනයවීම හා ප‍්‍රගමනයත් (ඉදිරියට යාම) සහ දුම්පානයත් අතර සරල සම්බන්ධතාවක්ද පවතී.
දුම්පානය සහ ඇස් වියළීම
ඇස් ස්නේහය කිරීමට (lubricate) හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට අවශ්‍යවන කඳුළු ප‍්‍රමාණවත්ව නොතිබීමෙන් වියලි ඇස් ඇතිවෙ. ඉන් පෙලෙන අය ඇස් කැසීම, රතුවීම හා ඇස් කැවෙන ගතිය දැනීයාම මෙන්ම කඳුළු පිරීයාමට පවා භාජනයවෙති.
දුම්කොලවලින් නැගෙන දුම් අක්ෂි උත්කෝපනයක් (irritant) ලෙස සැලකෙන අතර අකි‍්‍රය දුම් පානය කරන්නන්ගේ පවා ඇස් වියළීමට උදව්වේ.
දුම්පානය හා බිළිඳු ඇස් රෝග
ගර්භණී අවස්ථාවේ දුම්පානය කරන කාන්තාවෝ වැදෑමහට හෙවත් කලල බන්ධනයට නොයෙකුක් අනතුරුදායක ධූලක (toxins) සම්පේ‍්‍රෂණය කරති. මෙය නූපන් දරුවාට හානි ඇතිකිරීමට බලපෑ හැක්කකි. තවද ගර්භනී අවස්ථාවේ දුම්පානය භ‍්‍රෑණියට අදාළව සහ බිළිදන්ගේද නොයෙකුත් අක්ෂි රෝග ඇතිවීමේ අවස්ථා ඉහළ දමයි. කේකය(strabismus) හෙවත් වපරය ඇතිවීම, ළමුන්ගේ අන්ධභාවයට බලපාන ප‍්‍රධාන හේතුවක් වන දෘෂ්ටිය ස්නායුවේ හීන වර්ධනය ද මේ අක්ෂ ආබාධය අතර වේ. තවද ගර්භනී අවස්ථාවේ දුම්පානය අපරිණත දරු උපත් ඇතිවීමේ හැකියාව වැඩි කරයි. සියලූම අපරිණත බිළින්දන් අපරිණතබාවයේ රෙටිනොපතිඅබාධය වැළඳීමේ අවදානමට ලක්වෙති. මෙය අන්ධභාවය ඇතිකිරීමේ විභවයක් ඇත්තකි.
දුම්පානය කිරීමේ පුරුද්ද අත්හැරීමට ඔබ සූදානම්ද?
දුම්පානය අත්හැරීමට ප‍්‍රමාද නැත. කොයි යම් වයසකදී වුවත් දුම්පානය නතර කිරීම දෘෂ්ටියට හානි පමුණුවන තත්ත්වයන් ගණනාවක අවදානම අඩු කිරීමට බලපායි.
All About Vision.com වෙබ් අඩවියේ පළවු HOW SMOKING HARMS YOUR VISION ලිපිය ඇසුරෙනි