විදු නැන නුවණ – Science Literacy for All

පාර පරිසරයට පහරක් වන්නේද?

ඇමරිකාවේ බටහිර ජෝර්ජියාවේ මහමාර්ගfෙය් සැතැපුම් 16ක නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොටසක

මංමාවත්(පාරවල්) මෙන්ම ගමන්බිමන් යාම කොහොමටත් පරිසරයට හිතකාමි ලෙස කවදත් සැලකුනේ නැහැ. මංමාවත් සෑදිම සහ අළුත්වැඩියාව ඇතුළුව මාර්ග නඩත්තුව සඳහා හෑම වසරක් පාසාම වැය කෙරෙන මුදල අති විශාලය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස දැරිය යුතු වන පාරිසරික සහ ආර්ථික පිරිවැය සුළුපටු නොවේ. ඇමරිකා එක්සත් ජනපදය පමණක් ගතහොත් 2013 වසරේදී මුලු කාබන් ඩයොක්සයිඩ් විමෝචන වලින් සියයට 31 ට වගකිව යුතුවූයේ ප‍්‍රවාහන කටයුතුයි. එහෙයින් මංමාවත් ධරණීය වශයෙන් පවත්වාගෙන යාම යනු  වර්තමානයේ සකල ලෝක වාසීන්ට බලගතු ප‍්‍රශ්නයක් බවට පත්ව ඇති ගෝලීය උණුසුම් වීම පිටුදැකීම සම්බන්ධයෙන් ගන්නා දැවැන්ත පියවරක් වනු නොඅනුමානය.

1

මෙහි වටිනාකම තහවුරු කෙරෙන ව්‍යාපෘතියක් ඇමරිකාවේ බටහිර ජෝර්ජියාවේ මහමාර්ගයක සැතැපුම් 16ක කොටසක ක‍්‍රියාත්මකවෙනවා. මෙය  හඳුන්වන්නේ ශුන්‍යය කොරිඩෝ ව්‍යාපෘති මෙහෙයුම(Mission Zero Corridor Project)  යනුවෙනි. නියමු ව්‍යාපෘතියක් ලෙස මෙහි අරමුණවූයේ සම්පූර්ණයෙන්ම කාබන් උදාසීන සහ ධරණීය ‘චාරිකා කොරිඩෝරවක්‘ (totally carbon-neutral and sustainable ‘travel corridor’)පවත්වාගෙන යාමයි. එය ක‍්‍රියාත්මක කරන්නේ  Innovia Technology යන නමින් යුත් නවෝත් උපාදන  උපදේශක සමාගම මගිනි. සමාගමේ ඇන්ඩි මිල්ටන් මේ ගැන අදහස් දක්වමින් ධරණීයත්වය විග‍්‍රහ කරන්නේ ‘‘ ජනතාව, වනජීවීන් සහ අපේ ග‍්‍රහ ලෝකය මත ශූන්‍ය බලපෑම‘‘ ලෙසටයි. ව්‍යාපෘතියේ දිකාලීන අරමුණ ‘‘ශූන්‍යය’’ බවයි ඔහු පෙන්වාදෙන්නේ. එනම් ‘ශූන්‍ය වාහන විමෝචන, මාර්ග තනන ද‍්‍රව්‍ය අවෘත ලූප  ප‍්‍රතිචක‍්‍රීකරණය, ශූන්‍ය අනතුරු, ශූන්‍ය පරිසර දූෂණය, ශූන්‍ය ජල අධිධාවිතය, ශූන්‍ය ධූලක …. සියල්ල ශූන්‍ය‘ තත්ත්වයක්. මෙම දිගුකාලීන අරමුණු ළගා කරගනිමින්් සමස්ත ව්‍යාපෘතිය සම්පූර්ණවීමට වසර 20-40ක් දක්වා ගතවෙතැයි අපේක්ෂා කෙරෙනවා.

කෙසේවෙතත් ව්‍යාපෘතියේ කෙටිකාලින ඉලක්ක අපගේ වැඩි අවධානය යොමුවෙනවා. වඩාත් පැහැදිලිව පෙනෙන්නක් තමයි විදුලි රථ භාවිතය. මෙම මහමාර්ග තීරුව තුළ දැනටමත් සූර්ය බල බැටරි ආරෝපන මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. ටයර් සුළං අඩුවෙන් දිවීම පිටුදැකීම තවත් කෙටිකාලීන ඉලක්කයක්. විමෝචන වැඩිකිරීමෙන් මෙය පරිසර ප‍්‍රශ්නවලට බලපාන්නක්. රියැදුරන්ට ටයරවල සුළං තත්ත්වය ගැන දැනගැනීමව සැලැස්විම සඳහා සමාගම මාර්ගයෙහි පීඩන පෑඩ යොදාගැනීමට අදහස් කරනවා. ටයර්වලට නොමිලේ සුළං ලබාදෙන ස්ථාන ද මාර්ගයේ තැන තැන ස්ථාපිත කෙරෙනු ඇති. මාරග තීරුව දෙපස හිස් ඉඩම් සුර්ය පැනල සවිකිරීම, ජීව ඉන්ධන ශාක වගාව වැනි පරිසර හිතකාමී ඉන්ධන ජනනය සඳහා යොදා ගැනීමටද අදහස් කෙරෙනවා. ප‍්‍රතිචක‍්‍රීකරණයට ඉඩ ඇති මාර්ග තැනීමෙ ද‍්‍රව්‍ය බාවිතය සහ අනතුරු අවම කිරීමේ පියවර ද මිට ඇතුළත්.

images

‘අත්හදා බැලීමේ මට්ටමක පැවතුනත් මෙයින් උගත ගත හැකි පාඩම් අපමනයි’ යනුවෙන් මිල්ටන් කියා සිටිනවා.

The Naked Scientists, Science News හි පළකර ඇති  Can a road be good for the environment? නම් ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: