විදු නැන නුවණ – Science Literacy for All

නයිට‍්‍රජන් දූෂණය අඩුකිරීමේ ප‍්‍රධාන මගකි, අපවිත‍්‍ර ජලය

නයිට‍්‍රජන් භෝග සඳහා අත්‍යවශ්‍ය පෝෂකයකි. එහෙත් පසුගිය 50ස් වසර තුළ දෙගුණයකටත් වඩා වැඩි වී ඇති ලෝක ජනගහනය මගින් ආහාර සැපයීමේ වස් සිදුකරනු ලබන නොනවතින අනවරත ඉල්ලීම, ගොවිතැන් කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන නයිට‍්‍රජන් ප‍්‍රමාණවත් අයුරින්  පසට නිපදවිය නොහැක. දැනට ශත වර්ෂයකට ආසන්න කාලයක් තුළ භෝග අස්වැන්න ඉහළ දමමින් මෙකී හිඟය මඟහරවා ගැනීම පිණිස යොදා ගනු ලැබුවේ කෘතිම පොහොරය. එහෙත්, මේ අතර වාරයේ සීමාවකින් තොරව අපේ අවශ්‍යතාවන් සපුරා ගැනීම වස් අප තුළ ඇති ඇලීම් ගැලීම් තුළින් අති දැවැන්ත ප‍්‍රමාණයක කැළි කසල, අපද්‍රව්‍ය නිපදවා ඇත. ගෝලීය වශයෙන් ගත් කළ මස් සහ ගෝරස නිෂ්පාදන (meat and dairy products) නිපදවීමට යොදාගත් නයිට‍්‍රජන්වලින් 90%ක් ද, ශාක පදනම් කරගත් ආහාර නිපදවීමේදී යොදා ගත් නයිට‍්‍රජන් 80%ක් ද එක්වී ඇත්තේ පරිසරයට යි. ඒවා ගංගා, ඇල දොළ හා සාගර මෙන්ම පාණීය ජලයද අපවිත‍්‍රකරණය (contaminates) ට ලක් කරයි. එමෙන්ම, මත්ස්‍යයන් ශ්වසරෝධනය (suffocate) කළ හැකි, ශාක වනසා දැමිය හැකි ඇල්ගී හා අනෙකුත් ජීවීන්ගේ වර්ධනය දිරිමත් කිරීමට පරිසරයට එක්වූ නයිට‍්‍රජන් හේතුවෙයි. තවද, භෝග වර්ග මෙන්ම පාංශු පාලනයේදී අවශෝෂණය කරන ගන්නා එහෙයින් අපි පරිභෝජනයට ගන්නා නයිට‍්‍රජන්වලින් බොහොමයක් අපේ ශරීරයෙන් පිටවන්නේ කසල ලෙසය. නිසි ලෙස පිරියම් නොකළ විට ඒවා නයිට‍්‍රජන් දූෂණයට වගකියන, සම්මාදම් වන වැදගත් ප‍්‍රභවයක් බවට පත්වෙයි.Williamson__26nitrogen2_hs_001

අද ලෝකයේ අප මුහුණ පාන විශාලතම පරිසරයමය අභියෝගය වන්නේ නයිට‍්‍රජන් දූෂණය යයි වර්ජීනියා විශ්වවිද්‍යාලයේ ජීවභූරසායනඥ (biogeochemist) ජේම්ස් ගැලොවේ කියා සිටියි. මේ ප‍්‍රස්තුතය ගැන ඔහු වසර 40 ක් තිස්සේ අධ්‍යයනයෙහි යෙදෙන්නෙකි.’ආහාර සුරක්ෂිතභාවය සඳහා නයිට‍්‍රජන් තීරණාත්මක වන සාධකයක් තමයි. එහෙත්, එය පැහැදිලිවම මානව සහ පාරිසරික සෞඛ්‍යයට හානි පුමුණුවනවා’ ගැලොවේ කියයි. මේ හානියේ විපාක හෙවත් අපරාංග අපමණය: කිසිම මත්ස්‍යයෙකුට ජීවත් විය නොහැකි ‘මළ කලාප’(dead zones) බිහිකිරීම  ඉන් එකකි(මැක්සිකෝ බොක්ක නිදසුන්ය). නයිට‍්‍රජන් පොහොර දේශගුණික විපර්යාසනයන්ට ද දායක වෙයි; පොහොර යොදන බිම්වල අතුරු නිෂ්පාදනයක් වන නයිට‍්‍රික් ඔක්සයිඩ්(nitric oxide) දිගුකල් පවතින ප‍්‍රබල හරිතාගාර වායුවකි. එපමණක් නොව, පොහොරවලින් නිකුත් වන දුමාරය (fumes) වාතයේදී කාර්මික විමෝචන හා එකතුවීමෙන් බිහිවන ඉතා කුඩා ඝන අංශු අපේ පෙනහළුවලට ඇතුළු වී අපට හෘදය හෝ පුප්ඵුසීය රෝගාබාධ (පෙනහළු = pulmonary disease) ගෙන ඒමට හේතුවෙයි. පාණීය ජලයෙහි ඇති නයිටේ‍්‍රට් (නයිට‍්‍රජන්වල ද්‍රාව්‍ය ස්වරූපය) මරණීය රෝගයක් වන ‘නීල බිළිදු’ සින්ඩ්‍රෝමය (blue baby syndrome) ඇති කළ හැකිය.

මැක්සිකෝ බොක්ක

මැක්සිකෝ බොක්ක

පුද්ගලයන්, සංවිධාන හෝ නගර සහ රටවල් (ජාතීන්) ගත්තත් නයිට‍්‍රජන්, කාබන් ඩයොක්සයිඞ් තරම් අවධානය යොමු නොවූවකි. එහෙත් දැන් මෙය වෙනස් වන්නට පටන් ගෙන තිබේ. එම වෙනසට අලූතෙන් ඇතිවෙමින් පවතින රෙගුලාසිද එමෙන්ම ගැටලූව ගැන දැනුවත් බව වර්ධනය කරන එලෙසම ජනතාවට එම ගැටලූව විසඳා ගැනීමට ආධාර වන විද්‍යාත්මක මෙවලම්ද එම වෙනසට දායකවෙයි.  නයිට‍්‍රජන් ගතහොත් වැඩිම දායකත්වය ලැබෙන්නේ ආහාර නිෂ්පාදනය හා පරිභෝජනයද ඇතුළත් කෘෂිකර්මාන්තයෙ නි. ඇ. එක්සත් ජනපදයේ නයිට‍්‍රජන් දූෂණයෙන් 65%කට වග කිව යුත්තේ කෘෂිකර්මාන්තයයි. කෘෂිකාර්මාන්තයට පසුව, වාහන හා බලාගාරවල විමෝචන (20%) සහ කර්මාන්තවලින්ද (15%)ක් දායකවන බව ඇ.එ.ජ. පරිසර සංරක්ෂණ නියෝජිතායතනය පවසයි.

ගැලොවේ සහ අනෙකුත් පර්යේෂකයෝ විවිධාකාරයෙන් මේ ප‍්‍රශ්නය විසඳීමෙහිලා සහාය වීමට ඉදිරිපත්ව සිටිති. තම ආහාර හා බලශක්ති පරිභෝජනයෙන් විමෝචනය වන නයිට‍්‍රජන් දූෂණය මැන බැලීමේ උපකරණයන් වන N-Print නම් මාර්ගගත(online) මෙවලමක් ගැලොවේ සහ ඔහුගේ සගයා ඇලිසන් ලීච් විසින් නිපදවා ඇත. මෙයින් ලබාගන්නා දත්ත අනුව තමන්ගෙන් ඇතිවන දූෂණ ප‍්‍රමාණය අඩුකර ගැනීමට පුද්ගලයන්ට මෙන්ම ආයතනවලටද මෙම මෙවලම උපකාරී වේ.

DIGITAL IMAGE- JUNE 1/2000-WATER TREATMENT 3- A worker at the Wastewater Treatment Plant in Walkertoගොවිතැන් කටයුතුවලදී ඇති කෙරුණු විපර්යාසයන්ට අමතරව  නාගරික බලධාරිහු අපජලය හෝ අපද්‍රව්‍ය පිරියම් කරන ආකාරය වැඩි දියුණු කිරීමෙහිලා අවධානය වැඩියෙන් යොමු කරති. අපජලය පිරියම් කිරීමේ මධ්‍යස්ථාන උත්ශ්‍රේණි කිරීම හා ගෘහාශි‍්‍රත අපද්‍රව්‍ය පද්ධති වියදම් අධික වුවද ඉන් සෞඛ්‍යය රැකීමට ඇතිකෙරෙන දායකත්වය ඉහළය. ‘අප ජලය පිරියම් කිරීම, පැහැදිලිවම ප‍්‍රශ්නය විසඳීමේ කොටසක්’ යයි පවසන්නේ  නෙදර්ලන්තයේ ලූවී බෝල්ක් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ජෑන් විලෙම් එරිස්මාන්ය. තමන් ආහාරයට ගන්නා දෑ බහිස්ස‍්‍රාවීය කරද්දී අඩක්ම නයිට‍්‍රජන් ලෙස පරිසරයට එක්වන බව ඔහු පෙන්වා දෙයි.

මෙයට අමතරව ඇ.එ.ජනපද කලාප හා නාගරික ප‍්‍රදේශ ගණනාවකදී මේ සම්බන්ධ ප‍්‍රගතියක් අත්පත් කර ගෙන තිබේ. පුද්ගලියින්, ආයතන, නගර සහ රටවල් සිදුවන නයිට‍්‍රජන් දූෂණය මැන බලා ප‍්‍රශ්නය මනාව වටහා ගැනීෙමන්,  ඉන් ඇතිවන පාරිසරික බලපෑම අඩුකිරීමට දායක වෙතැයි ගැලොවේ අපේක්ෂා කරයි.

Scientific American හි   Wastewater Is Key to Reducing Nitrogen Pollution ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: