විදු නැන නුවණ – Science Literacy for All

මිනිසුන්ගේ මුහුණු හඳුනා ගැනීමට හැකි මත්ස්‍යයන්

          මිනිසුන් හදුනාගෙන ඔවුන්ගේ මුහුණට කෙළ ගැසීමට මත්ස්‍යයන් පුරුදු කළ හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වෙයි.

කාන්තාවන්ට ඇත්තේ හැඳි මිටේ දිග මොළයක් යයි අප අතරේ කතාවක් ඇත්තේ ඇත්තටම (නොමනා හා අයුතු ලෙස) කාන්තාවන් සරදමට ලක් කිරීමට යි. කෙටි මතකයන් ඇතැයි සරදමට ලක්වන තවත් සත්ව විශේෂයකි, මත්ස්‍යයන්. එහෙත්  අප පුදුමයට පත් කළ හැකි දෑ මත්ස්‍යයන්ට ඉගෙන ගත හැකි බව දැන් ඔප්පු වී තිබේ. කුඩා, නිවර්තන මසුන් විශේෂයක් වන Archerfish(ධනුර්ධර මත්ස්‍යයන්) නිවැරදිව මිනිස් මුහුණ හඳුනා ගැනීම සඳහා පුහුණු කළ හැකි බව ඔක්ස්ෆර්ඞ් සහ කුවින්ස්ලන්ත සරසවිවල පර්යේෂකයන් පිරිසක්් විසින් මෑතක සොයා ගනු ලැබ ඇත.

2016 ජුනි මස මුල journal Scientific Reports නම් සඟරාවේ පළවූ වාර්තාවක සඳහන්ව ඇති පරිදි පර්යේෂකයන් මෙම කාර්ය සඳහා මසුන් පුහුණකළ ආකාරය විස්තර කෙරේ. තමන් දුටු දෙයක් වෙනත් අයෙකුට සංනිවේදනය කිරීම බොහෝ මසුන්ට අසීරු කාරණයකි. එහෙත් Archerfish සතුව සුවිශේෂි දක්ෂකමක් ඇත. එනම් ඔවුන්ගේ මුවින් සුළු ජල ධාරවන් විදීමේ හැකියාවයි.

vlcsnap-7858-03-29-08h07m39s179

පර්යේෂකයෝ මේ අධ්‍යයනයේ දී Archerfish බහා ඇති ජල ටැංකියට උඩින් එකිනෙකට යාබදව එල් වූ මුහුණු දෙකක අනුරූප දෙකක් ප‍්‍රදර්ශනය කළහ. එක ඡායාරූපයක මුහුණ මත්ස්‍යයන්ට හුරු එකක් වූ අතර අනෙක ආගන්තුක වූවකි. කුමක් හෝ ප‍්‍රතිලාභයක් (සංග‍්‍රහයක්) බලාපොරොත්තුවෙන් මෙම කුඩා  Archerfish මසුන් නිවැරදි (තමන් දන්නා මුහුෙණහි රුව) අනුරූපය දෙසට ජලය විදිතැයි අපේක්ෂා කෙරිණ. පර්යේෂණයේ දී පෙනී ගියේ සියයට 81 වාරයක් (81%)  නිවැරදිව වර්ණ ඡායාරූපය හඳුනා ගැනීමට මත්ස්‍යයන් සමත් වූ අතර කළු සුදු ඡායාරූපයක් පෙන් වූ විට සාර්ථකත්වය ඊටත් වැඩිවිය.

‘සරල මොළයක් සහිත මේ සතුන්ට මෙවැන්නක් කිරීමට හැකිවීම ඇත්තටම විශ්මයජනකයි ‘ අධ්‍යයනයේ කතුවරිය කේට් නිව්පෝට් කියයි ’ඒ සරල මොළය සංකීර්ණ කාර්යයන් සඳහා යොදා ගත්තත් අප ඔවුනට නිසි ගෞරවය ලබා දෙනවා අඩුයි’.  මේ කුඩා මත්ස්‍යයා මෙකී සංකීර්ණ ස්නසාවේදීය (neurological) කුසලතාව දක්වන ආකාරය හරහා මානවයන් එය ඉටු කරන ආකාරය සොයා ගැනීමට උපකාරී වනු ඇතැයි පර්යේෂකයෝ අදහස් කරති.

වක්ත‍්‍ර හඳුනාගනීම ඇතැම් ක්ෂීරපායියන්ට පමණක් විශෙෂයෙන්ම ප‍්‍රිමාටේස් හෙවත් අගේ‍්‍රශයන්ට පමණක් තිබෙන හැකියාවක් ලෙසයි කලින් විශ්වාස කෙරුණේ. ඊට හේතුව වශයෙන් දක්වන්නේ ක්ෂීරපායියන් සතුව විශාල මොළයක් තිබීමයි. මානවයන්ගේ වක්ත‍්‍ර හඳුනාගනීමට උපකාරී වන   නෙයෝබාහික(the neocortex)  වැනි ව්‍යුහයන් ඇතැම් පක්ෂී විශෙෂයන්ට ද ඇති බව සොයාගෙන තිබේ.

මිනිසුන් මුහුණ මතක තබාගෙන හඳුනා ගන්නා ආකාරය සම්බන්ධයෙන් වර්තමානයේ ප‍්‍රධාන මත ධාරා දෙකක් ඇත. සමහරු විශ්වාස කරන්නේ කාලයාගේ ඇවෑමෙන් මොළය තුළ පරිණාමය වී ඇති (සංකීර්ණ හා) විශේෂිත විද්්‍යුත් පරිපථ පද්ධතිය (specialized circuitry) මෙයට දායක වන බවයි. එහෙත් අනෙක් මතය දරන්නන් අදහස් කරන්නේ මිනිසුන් හුදෙක් මෙම කුසලතාව ඉගෙන ගැනීමෙන් එය ඉටුවන බවයි. ‘අපට  ඕනෑ වුනේ මේ අදහස් දෙක එකිනෙකින් වෙන් කර බලා අපට විශේෂ ෙසෙල  ඕනෑ කරන්නේ ද නැතහොත් එවැනි විශේෂ ෙසෙල නොමැතිව මෙම කාරිය ඉගෙන ගත හැකිද යන්න සොයා බැලීමය’ යි නිව්පෝට් කියා සිටියි. ‘ඒකයි අපි මේ සඳහා මත්ස්‍යයන් තෝරා ගත්තේ. මන්ද මිනිස් මුහුණු හඳුනා ගැනීමේ පරිණාමීය වශයෙන් අවශ්‍යතාවක් ඔවුනට නොමැති නිසාත් එමෙන්ම මොළයේ මෙම නෙයෝබාහිකය(the neocortex) නම් සම්පූර්ණම  කොටස මත්ස්‍යයන්ට නොමැතිවීම නිසාත් ය.’

Untitled-01

මුහුණ හඳුනා ගැනීම සඳහා කේට් සහ ඇගේ කණ්ඩායම මත්ස්‍යයන් පුහුණු කළ ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. ඇය සහ ඇගේ කණ්ඩායම පසුගිය වසරේ ඔක්තෝබරයේ දී මේ හා සමාන අධ්‍යයන වාර්තාවක් පළ කළහ. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ කොරල්පර මත්ස්‍යයකු වන ඇම්බොන් ඩෑම්සෙල්ෆිෂ් (Ambon damselfish) මසුන්ට,  සිය විශේෂයේ මසුන් එකිනෙකාගෙන් වෙන්කොට හඳුනා ගැනීමට හැකි බවයි. පාරජම්බුල කිරණ දැකීමට එම මත්ස්‍යයන්ට ඇති හැකියාව මේ කාර්ය කිරිමෙහිලා උපකාරී විය. ඩෑම්සෙල්ෆිෂ් මසුන් මිනිස් ඇසට කහ පාටට පෙනුන ද ඔවුන්ගේ මුහුණ පාරජම්බුල ආලෝකය යටතේ දැකිය හැකි සුවිශේෂී රටාවලින් යුක්තය.

‘‘නිරුපාධික සංජානනය(Categorical perception), අනුරූපයක් හෝ උත්තේජකයක් සම්බන්ධයෙන් ක්ෂණික තීරණ ගැනීමේ දී ඉඩ සලසන්නේ යැයි විශ්වාස කෙරෙනවා’’ අධ්‍යයනයේ තවත් කතුවරයෙකු වන උල්රයික් සීබෙක් පෙන්වා දෙයි. ‘‘ඉදිරියට පැමිණෙන සතා විලෝපියෙක් ද නැතිනම් හානියක් නොමැත්තෙක් ද යනුවෙන් කලින්ම නිර්ණයකිරීම ස්වභාව ධර්මය තුළ දී ඉතා වැදගත් තීරණයක් විය හැකියි’’

Smithsonian, Smart News හී පළවූ This Tropical Fish Can Be Taught to Recognize Human Faces ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: