බුලට් මන්දාකිණි පොකුර සහ අඥාත ද්‍රව්‍යය

Posted by

Bullet Cluster (1E 0657-558බුලට් මන්දාකිණි පොකුර  වශයෙන් හැඳින්වෙන මන්දාකිණි පොකුර ඇත්තවශයෙන්ම ඝට්ටනය වන මන්දාකිණි පොකුරු දෙකකි. ඉතා නිශ්චිතව දක්වන්නේ නම් බුලට් මන්දාකිණි පොකුර ලෙස දැක්වෙන්නේ විශාල පොකුරෙන් ඈත්වෙමින් පවතින කුඩා මන්දාකිණි පොකුරටයි.

අඥාත ද්‍රව්‍ය (dark matter) පැවතීම විශ්වයේ විශාල පරිමාණ ව්‍යුහයන්ගේ සිට මන්දාකිණි පොකුරු ඝට්ටන දක්වා පුළුල් පාරාසයක සංසිද්ධි තේරුම් ගැනීමේ දී ප‍්‍රමුඛ වන්නක් බව ‘විශ්වයේ ගුප්ත වස්තු : අඥාත ද්‍රව්‍ය’ යන මැයෙන් තතු පළ කළ ලිපියේ සඳහන් කළා ඔබට මතක ඇති. හබල් සහ චන්ද්‍ර උපයෝගී කර ගනිමින් සිදු කෙරෙන ගුරුත්වාකර්ෂණමය කිරණ නැමීම  සහ රත් වායු අභ්‍යවකාශයේ නිරීක්ෂණ මතු කරන බුලට් පොකුරෙහි අනුරූපය අඥාත ද්‍රව්‍ය පිළිබඳ අප සතු වඩාත්ම කදිම දෘෂ්ටිමය මවා පාන බව ද එහි දැක්විණ.

මෙකී පිහිටීම හා අඥාත ද්‍රව්‍යය පිළිබඳ අපගේ අවබෝධය පරීක්ෂා කර බැලීම පිණිස මන්දාකිණි පොකුරු දෙකක ගැටීමෙන් පසුව ඇතිවන තත්ත්වය නිරීක්ෂණයෙන් අපට අවස්ථාවක් සැලසේ. එවැනි ඝට්ටනයක දී ඝට්ටනය වන රත් වායු වළා රැමිය පීඩනය (ram pressure) හේතු කොටගෙන මන්දගාමී විය යුතු අතර ප‍්‍රමුඛ අඥාත ද්‍රව්‍යය අන්තර් ක‍්‍රියා කරන්නේ එය සමග සහ වායු සමග පමණක් නම් ගුරුත්වය මගින් එම ප‍්‍රමුඛ අඥාත ද්‍රව්‍යය මන්දගාමී නොවිය යුතුය.

450px-Bullet_cluster

මන්දාකිණි පොකුරක ඝට්ටනයක් ආලෝක වර්ෂ බිලියන 3.4 ක ඈතින් ස්ථානගතව ඇත. ප‍්‍රකාශ තරංග ආයාමයන් ඔස්සේ බුලට් මන්දාකිනි පොකුර දර්ශනය වන්නේ මන්දාකිණි කුඩා කණ්ඩායමකින් ආලෝක වර්ෂ මිලියන 2 ක් පමණ වෙන් වූ මන්දාකිණි විශාල සමූහයක් ලෙසිනි. හබල් ප‍්‍රකාශ අනුරූපය පමණක් ම ඝට්ටනයක් හඟවන්නේ නැත. මෙහි වැදගත් ම වන්නේ චන්ද්‍ර X  කිරණ අනුරූපයයි.

මන්දාකිණි සහ රත් වායු වෙත කරන ලද්දේ ඝට්ටනයක් මගින් බව ප‍්‍රකාශ X කිරණ අනුරූපයක් පෙන්නුම් කරයි. එහෙත් එතකොට අඥාත ද්‍රව්‍යය ගැන තත්ත්වය කුමක් ද? හබල් අනුරූපවල පුදුම එළවන සුළු විස්තර සමග ගත් කල අපට කාචගත බලපෑම් අධ්‍යයනය කළ හැකි අතර මෙම පොකුර හා සම්බන්ධ ස්කන්ධ මුළු ප‍්‍රමාණය තේරුම් ගත හැකිය. අඥාත ද්‍රව්‍යය ප‍්‍රමුඛව ඇති ව්‍යුත්පන්න කාචගත ස්කන්ධය පැහැදිලිවම රත් වායුවෙන් වෙන් වී ඇත. මෙකී මන්දාකිණි පොකුර අඥාත ද්‍රව්‍යය මගින් ඉස්මතුව පෙනෙන්නේය  යන අදහස සමග ඉහත නිරීක්ෂණය සම්පූර්ණයෙන් ම ගැලපේ.

බුලට් මන්දාකිණිි පොකුර මුලින් ම අධ්‍යයනය කිරීමෙන් පසුව ඝට්ටනය වන තවත් මන්දාකිණි පොකුරු ගණනාවක් ම චන්ද්‍ර සහ හබල් උපයෝගී කර ගනිමින් විස්තරාත්මකව නිරීක්ෂණය කරනු ලැබ ඇත. නිදසුනක් ලෙස දක්වතොත් තුවක්කු බෝල පොකුර පිහිටා ඇත්තේ අලෝක වර්ෂ බිලියන 5.2 ක් ඈතින් පිහිටියේ ය. එමෙන් ම C1 0024+17 සරු පොකුර පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ බිලියන 5 ක් ඈතිනි.

සරු පොකුරක් වන අබෙල් 520 ආලෝක වර්ෂ බිලියන 2.4 ක දුරකින් පිහිටා ඇත. හබල් අනුරූපය සමග චන්ද්‍ර X කිරණ අනුරූපය සංසන්දනය කිරීමෙන් ද කාචගත කිරීමේ අධ්‍යයන මගින් ලබා ගන්නා පූර්ණ ස්කන්ධ පිළිබඳ තොරතුරු ද සංසන්දනය කිරීමෙන් රත් වායු ඇත්තේ පොකුර මධ්‍යයෙහි බව අපට පෙනී යන අතර පොකුරු දෙකක් අතර ඝට්ටනයක් සමග සමානුයෝග වේ. ප‍්‍රකාශ දීප්තතාව යනු මෙකී පොකුරුවල ඇති මන්දාකිණි හා සම්බන්ධ ආලෝකයයි. එමෙන්ම එය පොකුරු වෙන් කිරීම හා සමානුයෝගී වෙයි. එහෙත් අඥාත ද්‍රව්‍යය මගින් ප‍්‍රමුඛවන කාචගත ස්කන්ධය වැඩි කොටම ඇත්තේ මධ්‍යයෙහිය.

අඥාත ද්‍රව්‍යය මන්දාකිණි සමග වෙන් නොවුනේ ඇයි? මෙය ප‍්‍රහේලිකාවකි. එහෙත් විනාශයට පත් දුම්රියක් මෙන් පෙනී යන සංකීර්ණ සංයුතිය පැහැදිලි කරනුවස් හැකියාවන් කිහිපයක් ම ඇත. සමහර අඥාත ද්‍රව්‍යය මදක් ඇළෙන සුළු බව යන්න මින් වඩාත්ම රැඩිකල්වාදී හැකියාව යි. පොකුරු ඝට්ටනය වන විට ඒවායේ අඥාත ද්‍රව්‍යය රත් වායුව මෙන් අන්තර් ක‍්‍රියා කරයි. කෙසේ වෙතත්, අනෙකුත් පොකුරු ඝට්ටන අවස්ථා නොඇළෙන අඥාත ද්‍රව්‍යය චර්යාවන් පෙන්නුම් කරයි.

විකල්ප වශයෙන් ගත්විට බාගදා අබෙල් 520 පොකුරු තුනක ඝට්ටනයකි. නැතහොත් සමහර විට අබෙල් 520 න් බොහෝ ඈත ද්‍රව්‍ය හර අඥාත ද්‍රව්‍යය කැටිය() සම්බන්ධ වේ. පරම නිර්ණායක වනුයේ අබෙල් 520 පිළිතුර සැපයීම පිණිස තව දුරටත් නිරීක්ෂණය කළ යුතු ප‍්‍රහේලිකාවකි යන්නය. මන්දාකිණි පොකුරුවල පරිමානයට බොහෝ සෙයින් විශාල පරිමානවලින් අඥාත ද්‍රව්‍යය ව්‍යාප්තිය සිතියම් ගත කිරීම පිණිස දුර්වල ගුරුත්වාකර්ෂණීය කාචගත කිරීම් යොදාගත හැකිවේ. දුර ඈත මන්දාකිණිවල හැඩය නිවැරදිව මැනීමටත් එමෙන්ම ඉදිරි දසුනේ සාන්ද්‍රණය වී ඇති ස්කන්ධය මගින් සැපයෙන අභ්‍යවකාශ වක‍්‍රවීම හේතුවෙන් සූක්ෂම ලෙස සිදු වී ඇති විකෘතීන් සංඛ්‍යලේඛනාත්මකව සොයා බැලීමටත් එවැනි අධ්‍යයන අධි-විභේදන ප‍්‍රකාශ අනුරූප යොදා ගනියි.

Dark Matter Clumped galaxy

COSMOS  යනුවෙන් හැඳින්වෙන සමීක්ෂණය නිර්මානය කිරීම පිණිස පෘථිවිය සහ අභ්‍යවකාශයේ යන දෙකෙහිම නිරීක්ෂණාගාර එක්ව ක‍්‍රියා කර ඇත. හබල් අභ්‍යවකාශ ටෙලස්කෝපය මගින් අහසේ වර්ග අංශක 2 ක් ආවරණය කෙරුණු අතර එය එම ටෙලස්කෝපයට ආවරණය කළ හැකි ප‍්‍රමාණය හා සසඳන විට විශාල ප‍්‍රදේශයකි. ඇත්ත වශයෙන් ම  COSMOS   හබල් අනුරූපය,  හබල් මගින් ගන්නා ලද තනි දර්ශක 575 ක සහ පැය 1,000 ක හබල් නිරීක්ෂණවල (මෙය හබල් නිරීක්ෂණයක් සඳහා යෙදවූ සැලකිය යුතු කාල පරාසයකි) මොසයිකයකි. මෙකී හබල් සිතියම පෙන්නුම් කරන්නේ අඥාත ද්‍රව්‍යය ඝනත්වය වැඩිම තැන්වල දෘශ්‍යමාන ද්‍රව්‍යය ද ඒකරාශීවීමක් පෙනී යන බවයි.

දුර සමග මෙන්ම ආකාශයේ කිසියම් නිශ්චිත තැනකින් විශ්වයේ ගැඹුරට යන කාලය සමග අඥාත ද්‍රව්‍යය වෙනස්වන ආකාරය පිළිබඳ ත‍්‍රිමාණ පර්යාලෝකයක් මනින ලද මන්දාකිණි දුරවලින් සැපයේ. අඥාත ද්‍රව්‍යය සූති‍්‍රකා ජාලයක් ත‍්‍රිමාණ සිතියමකින් පෙන්නුම් කරයි. විශ්වය වයස්ගත වෙත්ම, ගුරුත්වය නිසා අඥාත ද්‍රව්‍යය සූත‍්‍රිකා තවත් කැටි ගැසෙයි. මෙහිදී අදහස් වන්නේ ප‍්‍රමුඛ අඥාත ද්‍රව්‍යය සූත‍්‍රිකා සෑදුනේ විශ්වයේ ඉතිහාසයෙහි මුල් කාලයේදී යන්නය. අනතුරුව, අඥාත ද්‍රව්‍යයෙහි ගුරුත්වය මගින් මෙකී සූත‍්‍රිකාවලට දෘශ්‍ය (ඥාත) ද්‍රව්‍යය ආකර්ෂණය කර ගන්නා අතර ඒවා අතරේ දෘශ්‍ය මන්දාකිණි සහ පොකුරු පරිණාමය වන බවයි.

ආඥාත ද්‍රව්‍යය සූත‍්‍රිකාවල අන්තරීක්ෂ ජාලයක් වර්තමානයේ, අකෘති මගින් පුරෝකථනය වෙයි. හරහට අලෝක වර්ෂ බිලියන 1 ට මදක් වැඩි මෙම ජාලයේ විඩම්බනයක් මගින් පුරෝකථනය කරන්නේ ආකාශ සහ රික්තයන් හරහා ආලෝක වර්ෂ කෝටි ගණන් පුළුල් මන්දාකිණි පොකුරු සූත‍්‍රිකා තිබිය යුතු බවයි. ඇත්ත වශයෙන් අභ්‍යවකාශයේ ජාලයේ ව්‍යුහය පිළිබඳ මෙම පුරෝකථනය, මන්දාකිණි මහ පරිමාණයෙන් පැතිරීම නිරීක්ෂණ සමග මනාව ගැලපේ.

Visual Guide to the Universe (by Professor David M. Meyer) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.