විදු නැන නුවණ – Science Literacy for All

සර්පයන් ගඳ සුවඳ දැන ගන්ෙන් නාසෙයන් ද?

සර්පයන් බොහෝ දෙනෙකුට ගඳ සුවඳ හොඳින් දැනේ. ඔවුන්ගේ දුර්වල ඇස් පෙනිම සහ සිමිත ශ‍්‍රවන හැකියාව හේතුවෙන් ඇතිවන අඩුපාඩු මගහරවාලිමට මෙම ආඝ‍්‍රාණ හැකියාව තරමක් දුරකට හෝ උපකාරී වෙයි.  කෙසේවෙතත් සර්පයන් සිය ආඝ‍්‍රාණ හැකියාව වඩාත් හොඳින ප‍්‍රයෝජනයට ගන්නේ ඔවුන්ගේ සාම්ප‍්‍රදායානුකූල නාසය මාර්ගයෙන් නොවේ. සර්පයන්ගේ්  ආඝ‍්‍රාණ හැකියාව ඩැඩිකරන මෙම අවයවය පිහිටා ඇත්තේ මුඛයෙහි උඩුතල්ලෙහිය. එය හැඳින්වෙන්නේ ජේකබ්සන්ගේ අවයවය හෙවත් වර්මොනේසල් අවයවය (Jacobson’s or vomeronasal organ) ලෙසයි.(හැබැයි, සර්පයන්ට සිය නාසය මගිනුත් ආඝ‍්‍රාණය කිරීමේ හැකියාව ඔවුනට තිබේ )

download (1)සර්පයෝ මුඛය හරහා ආඝ‍්‍රාණය කිරීම පිණිස  සිය දිව දික්කරමින් එළියට දැමීම වැනි ක්ෂණික චලනයන් යොදා ගනිති. ‘‘ඔවුන්ටත් විධිමත් නාසයක් තිබෙනවා‘‘.  කනෙක්ටිකට් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා සහ පරිණාමීය ජීව විද්‍යා මහචාර්ය කර්ට් ෂ්වෙන්ක් කියා සිටියි, ‘‘ සර්පයන් කිසියම් දෙයක් ඔවුන්ගේ නාසයෙන් ආඝ‍්‍රණය කර ඉන් පසුව එය තවදුරටත් උනන්දුවක් ඇතිකරවන දෙයක් බව දැනි යන්නේ නම් එවිට දිව එලියට දික්කිරීමේ චර්යාවට මගපාදනවා‘‘. එසේ ‘උන්නදුව‘ ඇතිකරවන ගන්ධය ( ‘interesting” odor) ඔස්සේම අවධානය යොමුව තබා ගැනිමට හැකි ආකාරයෙන් සර්පයන්ගේ දිව විශේෂයෙන් උපයෝජනය හෙවත් අනුගතවී ඇත.

සර්පයන්ට සහ කටුස්සන්ට ඇත්තේ දෙකට බෙදුණු දිවවල්ය. සමහර සර්පයන්ගේ මෙය වඩාත් ප‍්‍රකටව දැකිය හැකිය. මෙලෙස බෙදුණු දිව එළියට දික්කරන විට බෙදුණු දිවෙහි දැත්ත යුගලයෙන් එක එක දැත්ත,  වාතයෙහි හෝ පොලවෙහි ඇති රසායනික ගන්ධ සොයගන්නේ යයි ෂ්වෙන්ක් පවසයි. ඔහු දශක ගණනාවක් තිස්සේ සර්පයන් ගැන විවිධ පර්යේෂණ සිදු කරන්නෙකි. ඔහු පෙන්වා දෙන අන්දමට සර්පයන්ගේ දිව ආපසු මුඛය තුළට ඇතුල් වූ පසු ගන්ධ අණු කොයියම් ආකාරයට හෝ වර්මොනේසල්   අවයවය වෙත ගමන් කරයි. මෙම අවයවය ‘නාසය ඇතුළත නාසයක්‘ ලෙස හඳුන්වා දිය හැකිය. බල්බයක හැඩය ඇති වර්මොනේසල් අවයවය පිහිටා ඇත්තේ උඩුතල්ලව ඉහළිනි. ඒවා මුඛය තුළට විවෘත වන්නේ තල්ලෙහි ඇති කුඩා සිදුරු යුගලයකිනි.

සර්පයන්ගේ  සහ කටුස්සන්ටගේ මෙම අවයවය විවෘතවන්නේ මුඛය තුළව පමණකි.එවා පිහිටා ඇත්තේ සම්පූර්ණයෙන්ම නාස්කුහරයෙන් වෙන්වය. ඉන් පෙනී යන්නේ ගන්ධ අණුවලට ඒවා වෙත ළගාවිය හැක්කේ මුඛය හරහාම පමණක් බවය‘ යි ෂ්වෙන්ක් පෙන්වාදෙයි.

1920 දි විද්‍යාඥයන් කියා සිටියේ බෙදුණු දිවෙහි  දැත්ත වෙන වෙනම උඩුතල්ලේ ඇති  ඒ ඒ කුඩා සිදුර තුළට දමන බවයි. ‘‘එහෙත් එය එසේ නොවන බව අද සිටිනා විද්‍යාඥයන් දන්නවා‘‘ යයි ඔහු කියා සිටී. එසේ වුවද, ගන්ධ අණු කොයියම් ආකාරයකට එකී සිදුරු වෙත මාරුවෙයි.

why-snakes-use-their-tongue

‘‘මෙකී දැත්ත දෙක මාරු නොවි වෙන වෙනම සිදුරුවලට සහ වෙන වෙනම    අවයවය වෙත ගන්ධය සැපයෙන්නේ නම් ගන්ධය වැඩියෙන් එන්නේ කොයි පැත්තෙන් ද ගන්ධය අඩුවෙන් එන්නේ කොයි පැත්තෙන් ද යන්න සර්පයන්ට දැනගන්නට ලැබෙනවා. මේක හරියට ස්ටීරියෝ ක‍්‍රමයේ ගන්ධයක් වගේ නාලිකා දෙකකින් සිදුවන්නක්. මෙම ස්වරූපය නිසා විලෝපියාට ගොදුර වෙතම (ගන්ධය ඔස්සේ) නිවැරදිව අවධානය යොමු කරගෙන සිටීමට  අවස්ථාව ලැබෙනවා.‘‘ ෂවෙන්ක් පෙන්වාදෙයි.  කෙසේවෙතත් ගොදුර පිටුපස දිගවම රැුඳී සසිටීමට නම් ගන්ධය ඔස්සේ ලැබෙන දත්ත සර්පයන්ගේ මොළය මගින් ක්ෂණිකව පැසිරීම(process) සුදු කළ යුතුවේ

Live Science හී Can Snakes Smell Anything? නම් ලිපිය අැසුෙරනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: