සැමට විදු නැන නුවණ – Science Literacy for All

වනහරණය සීකාව පැතිරයාමට දායකවීද?

සත්ව වාහකයන්ගේ චර්යා රටා වෙනස් කිරීම තුළින් වනහරණය රෝග පැතිරයාමට ඉවහල්වන බවට සාක්ෂි එන්ට එන්ටම වර්ධනය වෙයි.

දශක ගණනාවක් මුළුල්ලේ විද්‍යාඥයන්ගේ සහ පර්යේෂකයන්ගේ අවධානය මහා වසංගත (pandemics) වෙත යොමුව පැවති අවස්ථාවේ ඔවුන් සොයා බැලූවේ එන්නත් සහ ඖෂධ ගැනය. සත්ව වාහක (zoonotic pathogens) ව්‍යාධිජනකයන්, සතුන්ගෙන් මිනිසුන් වෙත සංක‍්‍රමණයවීමට (බෝවීමට) හේතුවන අභිරහස ගැන අවධානය යොමුවූයේ මද වශයෙනි.  ‘මූලික වශයෙන් යම්කිසි දෙයක් හේතුවෙන් වසංගත ඇති වන්නේය යන මෙකී මිථ්‍යාව මේ අවධියේ අදහස වී තිබුණේ නමුත් කිසිවෙකු සියල්ල එකතුකර පූර්ණ චිත‍්‍රයක් සැකසීමට උනන්දු වක් දැක්වූයේ නැහැ’ යයි පීටර් ඩැසැක් කියයි. වන ජීවීන් සහ මිනිසුන්ගේ රෝග ගැන ඩැසැක් දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ අධ්‍යයනයේ යෙදෙන්නෙකි.

එහෙත්, දැන් පසුගිය දශක දෙක තුළ සිදු කළ පර්යේෂණ පදනම් කරගනිමින් සිදු කෙරුණු අධ්‍යයන මාලාවකින් එන්ට එන්ටම වැඩිවැඩියෙන් සාක්ෂි සැපයෙන්නේ පුළුල් පරාසයක මාරක රෝග සතුන්ගෙන් මිනිසුන්ට බෝවීමට අවශ්‍ය තත්ත්වයන් වන විනාශය මගින් නිර්මාණය වන බවයි. ‘මූලික වෙනස තමයි අප අපේ ග‍්‍රහයාට සිදු කරන දෙය’ ඩැසැක් කියයි. ‘ගෝලීය දූෂණය, කාලගුණික විපර්යාස සහ අනෙකුත් දේවල් අපේ ග‍්‍රහයාට සිදුකිරීමයි. එහෙත් එතකින් නොනැවතී මේ නව ව්‍යාධිජනක සියල්ල ඉස්මතුවීමට හා පැතිරවීමට මග පාදා තිබෙනවා.’ පසුගිය දශක හතර තුළ රෝග බෝවීම ගැන ඔහු සහ තවත් අය විසින් සිදු කරන ලද රෝග පැතිරයාමේ 500කට වැඩි සංඛ්‍යාවක සංඛ්‍යාවක් පිළිබඳ නැවත විශ්ලේෂණයක්  සිදු කළහ. මේ මුල් අධ්‍යයනයෙන් වාර්තාව 2008 වසරේදී සඟරාවේ පළ විය. (නව විශ්ලේෂණය එම සඟරාවෙහිම අනාගත කලාපයක පළකිරීම සඳහා බාර දී ඇත.)

images (12)

රෝග බෝවීමේ සිද්ධීන් වර්ධනය කිරීමේ වැදගත් ධාවන කාරකයක් ලෙස ඉඩම් පරිහරණය වෙනස් වීම ඉස්මත්තට පැමිණෙමින් පවතී. විශේෂයෙන්ම වන ජීවීන්ගෙන් මහා වසංගත මෙහෙයවන ප‍්‍රධාන සාධකයක් වන්නේ වන හරණය සහ කෘෂිකර්මාන්තය සඳහා ඉඩම් යොදා ගැනීමයයි ඩැසැක් කියා සිටී. මිනිසුන්ට රෝග සංක‍්‍රමණය කරන සතුන් ජීවත්වන තැන් හා ආකාරය වනහරණය නිසා වෙනස්වන හෙයින් මහා වසංගත රෝග ව්‍යාප්තිය වර්ධනය කරයි. මේ රෝග අතර මැලේරියාව, ඩෙංගු උණ, සාර්ස් (SARS) ඉබෝලා, ෂිස්ටොමයිසස් (schistosomiasis බිල්හාර්ෂියා රෝගය), මෙනින්ජිප‍්‍රදාහය හෙවත් ආවෘතිදාහය සහ අක්මාව අක‍්‍රීයවීමට මගපාදන ලෙප්ටස් පයිරෝසියාව(leptospirosis),   චර්ම රිෂ්ටය ඇතිකරවන ලෙෂ්මනයිසිස් (leishmaniasis) ඇතුළත්ය. ‘මේවා සියල්ල වනජීවීන් රෝග බෝවෙන ඒවා එහෙත් ඉන් බොහොමයක් හට ගන්නේ ඉඩම් පරිහරණය වෙනස්වීමෙන්’ යනුවෙන් පවසන ඩැසැක් මෙයින් කියැවෙන්නේ මානවයන් සහ පි‍්‍රමාෙට්ස්,  වවුලන් කෘන්තකයන් අතර අධික අවදානමක් සහිත අතර සම්බන්ධයකි.’

ඉතිහාසය පුරාවට ගතහොත් වනාන්තරයේ සිට සත්ව වාහකයන් හරහා මානවයන් වෙත රෝග පැමිණියේය. එහෙත් මෑතක වන විනාශ කළ ප‍්‍රදේශ වෙත මිනිසුන්ගේ සමීපතාව වර්ධනය වීම අවදානම් වැඩි කර තිබේ. ගොවිතැන, සඳහා වනාන්තර සුද්ධ කිරීමෙන් හිරු එළියට නිරාවරණය වීම වැඩිවන අතර බොහෝ විට කුඩා ජලධාරා අවහිර කිරීමෙන් මදුරුවන් බෝවීමට බෙහෙවින් යෝග්‍ය උණුසුම් ජල කඩිති නිර්මාණය වේ. අවසානයේදී  ධරණීයතාව නැතිව ගිය විට ඉඩම් නිසරුවී ජනතාව ඉඩම් අත් හැර යන්නේ පඳුරු වැවුණු ප‍්‍රදේශ සහිත පහත් බිම් ඉතිරි කරවමිනි. මෙවැනි බිම් ද මදුරුවන් බෝවීමට බොහෝ සේ හිතකරය.

ෆ්ලොරීඩා සරසවියේ සහකාර වෛද්‍ය මහාචාර්යවරයෙකු වන ඇමී විටෝර් සහ සගයන් සිදුකල පර්යේෂකයන් පෙන්නුම් කළේ පේරු රාජ්‍යයෙහි වනහරණයට ලක්වූ ප‍්‍රදේශයක මැලේරියා වාහක මදුරු විශේෂයක් හා සංසන්දනයේදී හානියක් නොපැමිනි වනයක සිටි එම මදුරු විශේෂයම මිනිසුන්ට දෂ්ටකරනවාට හෙවත් විදිනවාට වඩා 278 වාරයක් වඩාත් බහුලව විද ඇති බවයි.  එක්තරා ප‍්‍රදේශයක වනහරණයක් තුළට මාර්ගයක් කැපීමෙන් පසුව ජනතාව ගොවිතැන සඳහා වනය සුද්ධ කිරීමට පටන් ගත් විට මැලේරියා රෝගීන් වසරකට 600 සිට 120,000 දක්වා වැඩිවිය.

 

zika4වන ආවරණය සුළු ප‍්‍රමාණයකින් අඩුවීම පවා හානිකරය. 2010 දී සිදුකළ අධ්‍යයනයකට අනුව බ‍්‍රසීලයේ සියයට හතරක වනය එළිකිරීම මැලේරියා රෝගීන් සංඛ්‍යාව සියයට 50කින් පමණ ඉහළ දැමීම හා  සම්බන්ධව හෙළි විය. දරු උපත් ආබාධවලට මගපාදන බ‍්‍රසීලයේ සීකා උවදුර තවත් උදාහරණයකි. එරට රිසයිෆ් (Recife) වැනි ප‍්‍රදේශ සීකාව බෙහෙවින්  පැතිර ගිය පළාත්ය. එම නගරයේ වාර්තා ගත වැඩිම උෂ්ණත්වය පැවතියේ පසුගිය වසරේ අවසානයෙහිය. වනහරණය බ‍්‍රසීලයේ වාර්තාගත නියඟයකට බලපා ඇත. නියගය නිසා වැඩිපුර ජනතාවක් විවෘත භාජනවල ජලය රැස් කිරීමට පෙළඹෙති. එය මදුරු ගහනය ඉහළ යාමට මග පාදයි. උෂ්ණත්වය ඉහළ යන විට මදුරුවන්ට වැඩියෙන් ලේ අවශ්‍ය වේ. එහෙයින් ඔවුන් වැඩියෙන් ලේ උරා බොන අතර වැඩි සීස‍්‍රතාවයකින් ප‍්‍රජනනය කරති.

වනහරණය හේතුවෙන් සිය අඩවි සහ චර්යා කෙරෙහි බලපැම් ඇතිවන රෝග සම්පේ‍්‍රෂණය කරන වාහකයන් අතර මදුරුවා එකෙකු පමණකි. මීට අමතරව පි‍්‍රමා ටේ ස්, ගොළුබෙල්ලෝ, වවුලෝ, වැලිමැස්සෝ (sandflies) සහ කෘන්තකයෝ ද මිනිසුන්ට මරණය රැගෙන එති. වනහරණය ඔවුන් සහ මානවයන් අතර  සබැදියාව, එකිනෙකා අභිමුඛවීම, එකිනෙකාට මුනගැසීම තව තවත් වර්ධනය කරයි. ඉඩම් පරිහරණය රටා වෙනස් වීම මාරක රෝග ව්‍යාප්තිය  මෙහෙයවන බවට ඇති සාක්ෂි අලූත් අධ්‍යයන සෑම එකකින්ම තව තවත් වැඩි වෙයි.

SMITHSONIAN  Science හී පළවූ Did Deforestation Contribute to Zika’s Spread?  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: