විදු නැන නුවණ – Science Literacy for All

ගැමා කිරණ ස්ඵෝටන(පිපුරුම්)

අභ්‍යාවකාශයෙන් මෙයට වසර 40 වැඩි කාලයකට පෙර සිදු වූ සුළු ගැමා කිරණ ජ්වලන අතළොස්ස දෛවෝපගත සොයා ගැනී මෙන් අනතුරුව සිදුවූ ගැමා කිරණ පිපිරුම් සියල්ල සොයා ගැනීම ගැන සිතීම පවා ආස්වාදජනකය. මෙකී මුල් ඉඟි අභ්‍යාවකාශයෙන් දැක ගැනීමකින් තොරව විශ්වයේ වඩාත් බලගතු පිපිරීම් සහ අන්තරීක්ෂ අතීතය පිළිබඳ ඇතැම් ගැඹුරු දර්ශනයන් ගැන හිතන්නටවත් බැරිය. ගැමා කිරණ පිපිරීම්වල සරු ඉතිහාසය හා ඒවායේ විද්‍යාව අපට මතක් කර දෙන්නේ, අලූත් අන්තරීක්ෂණ සංසිද්ධි විශේෂනේ අනිත්‍ය ආකාශයට(transient sky) අදාළ සංසිද්ධි සඳහා සම්පූර්ණ විද්‍යුත් චුම්භක වර්ණාවලිය ගවේෂණය කිරීමේ වැදගත්කමයි.

Untitled-01aaaa

පැය ගණන්වල සිට වසර ගණනක් වන පරාසයක් තුළ කාල පරිමාණයන් මත බොහෝ  තාරකාවල ප‍්‍රභාව වෙනස් වේ(විචල්‍ය වේ).  පියවි ඇසින් පහසුවෙන් වටහාගත නොහැකි තරමට මෙම විචල්‍යයන් බොහොමයක් එක්කෝ මන්දාගමී වැඩිය. නැතිනම් කුඩා වැඩිය. ඉතාමත් දුර්ලභ ඒවා ඉතා කෙටි කාල පරිමාණයක් මත ප‍්‍රභාවෙහි විශාල වැඩිවීමකට සම්බන්ධය. එවිට ඒවා දිස්වන්නේ හදිසියේම නව තාරකාවන් දර්ශනයට පැමිණියා සේය එවැනි ප‍්‍රකාශ අනිත්‍ය අසමතුලිත, සාමාන්‍යයෙන් සම්බන්ධවන්ෙන් සුපර්තෝවා හෙවත් අධිනවතාරාව ස්ඵෝටන වැනි ස්ඵෝටන සිද්ධිවලටය.

වඩාත්ම ව්‍යාකූල අනිත්‍ය අසමතුලිතතා සොයා ගනු ලැබුවේ 1960 ගණන්වල අග ගැමා කිරණ අහස ගැන අභ්‍යාවකාශ නිරීක්ෂණ මගිනි. මෙකී ගැමා කිරණ පිපිරීම් පැවතුනේ තත්පර කිහිපයක් තුළ පමණක් වූ අතර වෙනත් තරංග ආයාම තුළින් සොයා ගැනීමට හැකි තරම් සේයාවක් ඉතිරි නොකලේය. එමෙන්ම සිදුවූ ස්ථානය අහසේ ස්ථානගත කිරීමද අසීරු විය. එහි ප‍්‍රතිඵලය වුනේ ඒවායේ ප‍්‍රභවය ගැන කිසිම දැනුමත් නැතුව යාමයි.

නක්ෂත‍්‍ර ගැමා කිරණ පිපිරීම් (astronomical gamma-ray bursts) සොයා ගැනීම සම්පූර්ණයෙන්ම දෛවෝපගත සිද්ධියකි. පුදුමය දනවන කරුණ වන්නේ එය, සෝවියට් දේශය, මහා බි‍්‍රතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර 1963  වසරේදී අත්සන් තැබුනු පොළොවේ මතුපිට හැර අභ්‍යවකාශය සහ ජලය යට ඇතුළුව වෙනත් කිසිම තැනක න්‍යෂ්ටික අවි පරික්ෂා අත්හදා බැලීම තහනම් කිරීමේ ගිවිසුමක ප‍්‍රතිඵලය ලෙස කරළියට පැමිණීමයි. ගිවිසුමට අනුකූලතාව දැක්වීමට පිණිස එක්සත් ජනපදය 1960 ගණන්වල වෙලා (Vela) චන්ද්‍රිකා පෙළ දියත් කළේය. එසේ කළේ කිසියම් න්‍යෂ්ටික පිපිරීමක ගැමා කිරණ සලකුණක් පෘථිවියෙන් හෝ එහි පරිසරයෙන් දැක ගත හැකිදැයි නිරීක්ෂණය පිණිසය. වෙලා චන්ද්‍රිකා මගින් කිසිම න්‍යෂ්ටික සලකුණක් නම්  කිසිදාකවත් සොයා ගනු නොලැබු අතර වෙලා චන්ද්‍රිකා කිහිපයක්ම මගින් කෙටි ගැමා කිරණ පිපිරීම් සොයා ගනු ලැබීය.

කෙසේ වෙතත් (මෙම ගැමා කිරණ) ප‍්‍රභවයන් සොයාගැනීම ඉතාම අසීරු කාර්යයක් විය. ජවසම්පන්න ගැමා කිරණ නාභිගත කිරීම ඉතා අපහසුය. වෙලා චන්ද්‍රිකා පෙළට හැකි වුණේ ස්පන්දනය පැමිණිවෙලාව අනුව දළ ති‍්‍රකෝණකරනයක් (triangulation) සැපයීම පමණකි. එමෙන්ම එකී ති‍්‍රකෝණවලින් පෙන්නුම් කළේ ප‍්‍රභවය සෞරග‍්‍රහමණ්ඩල වස්තුවකින් නොවන බවයි. අනතුරුව ගත වූ වසර තුන ඇතුළත වෙලා චන්ද්‍රිකා මගින් එවැනි ස්ඵෝටන 16ක් සොයා ගනු ලැබීය. මෙම සොයා ගැනීමේ පිළිබඳ 1973 දී පර්යේෂණ වාර්තාවක් පළවුනේ මෙම නැවුම් අන්තරික්ෂ සංසිද්ධිය කරළියට ගෙන එමිනි. ගැමාකිරණ ස්ඵෝටන වටහා ගැනීමේ ප‍්‍රධාන මාර්ගය වනුයේ අහසෙහි ප‍්‍රභවයන් අනෙකුත් තරංග ආයාමවලදී හඳුනාගෙන ඒවායේ දුරවල් මැන බලා අනතුරුව ඒවායේ සැබෑ ශක්තීන් නිගමනය කිරීමයි. 1970 දශකය ගෙවී 1980 දශකය උදාවෙද්දී මෙම නිරීක්ෂණ ව්‍යායාමයන් නාභිගතවූයේ ගැමා කිරණ ජ්වලන අහසෙහි වඩා හොඳින් ස්ථානගත කෙරීම කෙරෙහිය

වඩා හොඳ ති‍්‍රකෝණකරනයක් සහ මෙකී ගැමාකිරණ ස්ඵෝටන අහසෙහි කොයිබ  සිදුවන්නේ දැයි වඩා හොඳින් නාභිගත කිරීම පිණිස ගැමා කිරණ අනාවරණක(gamma-ray detectors) සහිත වෙනත් අභ්‍යවකාශ යානා පෘථිවියෙන් ඈත යොදා ගනු ලැබීය. මෙම ඉසිඹුවේදී සොයා ගනු ලැබූ නව ගැමා කිරණ ස්ඵෝටන සිය ගණන අතර දුසිම් ගණනක්ම ඇත්ත වශයෙන්ම අදාළවුනේ චාප විනාඩි කිහිපයකට පමණයි. එසේ වුවද, චාප විනාඩි කිහිපයක් යනු වුවද ආකාශයෙන් විශාල කොටසෙහි එවැනි කුඩා අවකාශයෙන් තුළ ද තරංග සහ මන්දාකිණි බොහෝ දහස් ගණනක් තිබේ. 1980 ගණන්වල අග පුරාවටම වෙනත් කිසිම තරංග ආයාමයකින් ගැමා කිරණ ස්ඵෝටනවලට අනු පිටපත් කිසිවක් සොයා ගැනීමට නොහැකි විය.

STS-37 ONBOARD PHOTO: GAMMA RAY OBSERVATORY (GRO) DEPLOYMENT.

1991 දී නාසා ආයතනය කොම්ප්ටන් ගැමා කිරණ නිරීක්ෂණාගාරය අභ්‍යාවකාශ ගත කරන අවස්ථා වන විට ගැමා කිරණ පිපුරුම් සොයා ගෙන වසර විස්සක් ගතවී තිබුණි. එහෙත් ඒවන විට ඒවායේ ප‍්‍රභවය පිළිබඳ ඒත්තු ගැන්වෙන සාක්ෂි තිබුණේ නැත. කොම්ප්ටන් නිරීක්ෂණාගාරය තුළ ඇති පිපිරුම් සහ අනිත්‍ය ප‍්‍රභව පරීක්ෂණය (Burst and Transient Source Experiment = BATSE) සැලසුම් කර ඇත්තේ මීට පෙර මෙහෙයුම්වලට වඩා ගැමා කිරණවලට සංවේදී ආකාරයටය.  (මේ පිළිබඳ වැඩිදුර විස්තර මී ළග තතු ලිපියකින්)

Visual Guide to the Universe (by Professor David M. Meyer) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: