විදු නැන නුවණ – Science Literacy for All

මිනිස් අලි ගැටුම

අපේ රටේ ජන කොට්ඨාශ අතර පැවති ගැටුමෙන් කලක් යටපත්ව කෙසේ තිබුණත් අලි මිනිස් ගැටුම් දැන් නැවත වරක් කරළියට පැමිණ තිබේ. ගැටුම්කාරී සිද්ධි ඉහළ යාමෙන් හෝ ඒවා ගැන වාර්තා කිරීම වැඩිවීමෙන් හෝ මේ හේතු දෙකම එකතුවීමේ ප‍්‍රතිඵලයක් නිසා හෝ මෑතක අපට මේ ගැටුම් ගැන නිතර නිතර අසන්නට, කියවන්නට ලැබේ. මේ වාර්තාකරණයේදී අවසනාවකට මෙන් වෙනත් ප‍්‍රවෘත්ති වාර්තාකරණයේදී ද බොහෝ විට දැකිය හැකි දුර්වලතාවක් නිසා අපට ලැබෙන තොරතුරු බොහෝ විට එක් පාර්ශ්වයකට නැඹුරුය. මේ ගැටුමෙන් ජනතාවට, විශේෂයෙන්ම අලි ගැවසෙන පළාත්වල ජනතාවට වන හානිය ගැන අපට සැලකිය යුතු ආකාරයකට කරුණු ඉදිරිපත් වේ. එහෙත් අලි ඇතුන් වෙනුවෙන් කතාකිරීමට සිටින වනජීවී සංරක්ෂකයින්, මොවුන් ගැන කි‍්‍රයාකිරීමට සිටින නිලධාරීන්, සත්ව හිංසා විරෝධීන් පරිසර හිතකාමීන් පර්යේෂකයන් ආදී වෙනත් පාර්ශ්වල හඬ ඇසෙන්නේ දුබලවය. නැතහොත් නොඇසෙන තරම්ය. තතු මෙම ලිපියේ අරමුණ මේ තත්ත්වය පිළිබඳ ගුණ දොස් විවේචනයක් සිදු කිරීම නොව අලි-මිනිස් ගැටුම පුළුල් සන්දර්භයක් තුළ තබා විග‍්‍රහ කිරීමෙන් ගැටුමට බලපාන හේතු සාධක, එහි ස්වභාවය හඳුනාගැනිමයි.

FF-Herd-involved-in-conflict.568

තමන් වෙනුවෙන් හඬක් නැගීමට හෝ ගැටුම නිරාකරණය පිණිස ගත යුතු කි‍්‍රයාමාර්ග ගැන තීරණයක් ගැනීමට ඇත් ප‍්‍රජාවට නොහැකිය. අවාසනාවකට මෙන් ගැටුමට මැදි වී සිටින අනෙක් පාර්ශ්වය මුහුණ පා සිටින්නේ ඊට නොදෙවෙනි ඉරණමකටය.  අලි ඇතුන් ගම් වදින්නේ රැකියාවක් සොයා ගැනීමට හෝ තම පැටියා පාසලකට ඇතුල්කර ගැනීමට නොවේ. අඩුතරමින් වෙඩි වැදීමෙන් හෝ මන්දකට හසුවීමෙන් සිදුවූ තුවාලවලට බෙහෙත් ගැනීමට හා නියං සමයේ ජල හිඟය ගැන ප‍්‍රාදේශීය ලේකම්ට පැමිණිලිකිරීමටවත් නොවේ. හුදෙක් සත්වයෙකු වශයෙන් තමන්ගේ සහ තම රැළෙහි ජීවිත පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික කාරණා සපුරා ගැනීමටය. මෙම ප‍්‍රයත්නයේදී යම් බාධාවක් ඇති වූ විට ඔවුනට ඇත්තේ විකල්ප දෙකකි. එකක් මිනිස් සතා හමුවේ පරාජය පිළිගෙන පසු බැසීමය.  නැතහොත්, ගැටුම් නිරාකරණය, ගැටුම් කළමනාකරණය ආදී අද ලෝකයේ ජනපි‍්‍රය මාර්තෘකා ගැන අවබෝධයක් නොමැති හෙයින් ප‍්‍රචණ්ඩව හැසිරීමය. බාධා එල්ල නොවුනහොත් ඔවුහු අවශ්‍යතා සපුරා ගෙන හෙට දිනයේත් ඒ සඳහා පැමිණෙන අපේක්ෂාවෙන් කැලෑ වදිති. අලි ගැටුමෙන් පීඩා විඳින සියලූ දෙනා ම හෝ අධික බහුතරය ආර්ථික ශක්තියෙන් හීන, දේපොළනිසා හෝ වෙන යම් මාර්ගයක ශක්තියක් නොමැති අලින් හා ගැටුමට අමතරව එදිනෙදා වේලා පිරිමසා ගැනීමට ගැට ගසා ගැනීමට බලවත් අරගලයක යෙදී සිටින ආන්තික ජන කොටස් ය. වනාන්තර ආශි‍්‍රතව හෝ ආසන්නව මොවුන් පදිංචිව සිටින්නේ තම පාරම්පරික භූමිය තුළය. නැතහොත් ජීවනෝපාය සරි කර ගැනීමට රජයෙන් ලද ඉඩම්වල හෝ වෙනත් අන්දමකින් ඒ කියන්නේ මිලට ගෙන, කුලියට ගෙන හෝ නිත්‍යානුකූල නොවන ලෙස අත්පත් කර ගත් භූමි තුළය. මීට අමතරව වැඩිවන ජනගහනය වෙනුවෙන් සහ ජනගහනයේ පොදු අවශ්‍යතා සපුරාලීම වස් ඉඩම් උපයෝජනය ඉහළ යයි. මෙම පිරිසෙන් බහුතරයකට තම වගාබිම් හා පදිංචි නිවෙස් අත්හැර දමා යාමට තැනක් හෝ මගක් නැත. ඔවුනට සිදුව ඇත්තේ වැඩිකොටම රජයේ ආයතන සහ රාජ්‍ය නොවන ආයතනවල ද, වෙනත් සංවිධානවලද පිහිට පැතීමයි. පිහිට නිසි ප‍්‍රමාණයන්, නිසි කලට හෝ අපේක්ෂිත අන්දමට නොලැබෙන විට ඔවුනටද ඇති එකම පිළියම අලි ඇතුන් හා ඍජුව හෝ වක‍්‍රව ගැටීමය. බොහෝ ගැටුම්වලදී මෙන්ම මෙහිදී ද දෙපාර්ශ්වයේම ජීවිත විනාශ වෙයි. කාරණය පැහැදිලිකර ගැනීමට සංඛ්‍යාලේඛනාත්මක ඉදිරිපත් කිරීමක් අවශ්‍ය වන්නේ නැත.

අලි මිනිස් අරගලය ගැන කතා කිරීමේදී එහි ඉතිහාසය හෝ ඊට වගකිව යුතු පාර්ශ්ව ගැන පමණක් කතා කිරීම ප‍්‍රමාණවත් නොමැති දේශපාලනඥයන්ට, නිලධාරින්ට (හා ඇතැම් විට ගම් වාසීන්ට හා අලි ඇතුන්ටද) ඇඟිල්ල දිගු කිරීමෙන් ඵලක් නැත. වගකිව යුත්තන් නම් සුළුතරයක් විය හැකිය. එහෙත් අරගලය නිමා කර ස්ථිරසාර විසඳුමක් සොයාගැනීමෙහිලා සහය සැපයිය යුතු, ඉදිරිපත්විය යුතු පිරිස විශාලය. එහිදී මේ සම්බන්ධයෙන් මෙතෙක් ජනනය වී ඇති දැනුම මෙන් අන් අත්දැකීමද බෙහෙවින් අදාළ වේ. තතු මෙම ලිපියේ වෑයම එවැනි අත්දැකීම් බෙදා හදා ගැනීමයි. පහත දැක්වෙන්නේ Human Elephant Conflict යන මැයෙන් පළවූ එවැනි එක් අත්දැකීමකි.

wild_eles_in_tea_356002

අලි මිනිස් අරගලය ක‍්‍රමයෙන් කරළියට පැමිණෙමින් ඇති අතර ආසියාවේ ආපදාසන්න (endangered) අලිඇතුන් සංරක්ෂණය කිරීමේ අරගලයෙහි ප‍්‍රධාන ගැටලූ බවට පත්ව ඇත. අලි ඇතුන් වසන ආසියාවේ රටවල් හරහා බැලූවහොත් එය කලක් බලවත් ප‍්‍රශ්නයකට පැවති හොරෙන් අලින් මැරිම(poaching) වෙනුවට අද මිනිසුන් අතින් අලින්ට මරු කැඳවන ප‍්‍රධානතම මාර්ගය බවට අලි මිනිස් ගැටුම පත්ව ඇත.

මෙම ගැටුම වර්ධනයවීම, ආසියාව තුළ මානව ජනගහනය අනවරතව ඉහළයාමේ ප‍්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. මෙහි විපාක වශයෙන් අලි වාසස්ථාන අහිමිව යාම හෝ කුඩා කැබැලිවලට කැඞීම සිදුවී ඇත.  අධික ජනගහන ඝනත්වය සහ අහර හිඟවීමේ පීඩනයෙන් පෙළෙන අලිගහනයන් සිය පැවැත්ම සඳහා එන්ට එන්ටම වැඩි වැඩියෙන් බව භෝග කොල්ලකෑමට පෙළඹෙති. ගොවියෙකුගේ ජීවන වෘත්තියම එමෙන්ම වසරක් පුරා දුක් මහන්සියෙන් ඇතිකරගත් දෑ නැතිභංගස්ථාන කිරීම සඳහා අලින්ට ගතවන්නේ පැය – සමහරවිට – විනාි කිහිපයක් පමණකි. මෙකී ගොවීන් සාමාන්‍යයෙන් කුඩා ඉඩම් හිමියන් වන අතර අලින් ගෙන් සිදුවන හානිය ඔවුන්ට සහ පවුලේ අයවළුන්ට ආර්ථික වශයෙන් විනාශකාරි විය හැකියි. විශේෂයෙන්ම අස්වනු නෙලන කාලය ආසන්නවෙත්ම තම වගාබිම් රැක ගැනීම පිණිස බාගදා මුළු ප‍්‍රජාවගේම පූර්ණ සහයා ලබා ගත යුතු වේ.

තතු මාණ්ඩලිකයෙකු විසින් සකසනු ලබන ලිපියක මුල් කොටසයි මේ. ෙහට තව ෙකාටසක්.  මෙය සැකසීමේ දි  http://wwf.panda.org/  http://www.eleaid.com/යන වෙබ් අඩවි වල පළවු ලිපි ද ඇසුරු කර ගැනිණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: