විදු නැන නුවණ – Science Literacy for All

අලි මිනිස් ගැටුම II

තතු මාණ්ඩලිකයෙකු විසින් සකසනු ලබන මෙම ලිපියෙහි මුල් කොටස ඊයේ පළ කෙරිණ

අලි මිනිස් වර්ධනයවීමේ ප‍්‍රතිඵලයක් ලෙස සිදුවන හානිය ගොවීන්ට සහ පවුලේ අයවළුන්ට ආර්ථික වශයෙන් විනාශකාරි විය හැකි බව අප ඊයේ පළකළ ලිපියේ සඳහන් කළෙමු. විශේෂයෙන්ම අස්වනු නෙලන කාලය ආසන්නවෙත්ම තම වගාබිම් රැක ගැනීම පිණිස බාගදා මුළු ප‍්‍රජාවගේම පූර්ණ සහයා ලබා ගත යුතුව ඇති බව එහි දී වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.

elephants

කෙත් වතු රැක ගැනීම සඳහා මොවුහු ක‍්‍රම ගණනාවක් අනුගමනය කරති. එම ප‍්‍රයත්නයන් මුළු ප‍්‍රජාවම ඊට දායක වීමට ද මගපාදයි. ගිනිදැල්වීම, බෙර ගැසීම හා වෙනත් ඝෝෂා කිරීම සිදු කිරීම, තුවක්කු වෙඩි සහ රතිඤ්ඤා පත්තු කිරීම මෙන්ම අගල් කැපීම, විදුලිවැට සවි කිරීම මෙම ප‍්‍රයත්න අතර වේ. අවාසනාවකට මෙන් මෙම ශිල්ප ක‍්‍රම බොහොමයක් ඵලදායි නොවේ. කුසගින්නෙන් පෙළෙන අලිඇතුන් භය කර පළවා හැරීම පහසු නොවේ. අලින් පි‍්‍රය කරන බෝග වර්ග ගොවීන් විසින් වගා කරනු ලැබීමද බෝග කොල්ලෑකෑමට  අලින්ගේ පැමිණීම දිරිමත් කරයි. ඇරත් ගොවීන් අනුගමය කරන ක‍්‍රම වේදවලට දැන් අලි ඇතුන් ‘හුරු වී’ ඇත.

අලි ඇතුන් ගම් වදින එකම හේතුව ආහාර පමණක් නොවේ. සුරාව ද ආකර්ෂණයකි. අලි ඇතුන් සුරාවට ලොල් අතර තදින් ඊට ආකර්ෂණ්‍ය වේ. කුඩා ගම්මානවල ආසවනයන (stills = මත්පැන් පෙරීමට ගන්නා කුඩා උපකරණයක්) යොදාගෙන මත්පැන් පෙරන විට එහි සුවඳට ආශක්තව අවුත් පහර දී මුළු ගම්මානයම වනසන අවස්ථා වාර්තා වී ඇත. අලි ඇතුන් රැළකට විනාඩි  ගණනාවක් ඇතුළත මුළු ගමක්ම විනාශ කර දැමීමට හැකි අතර මෙම කාරණාවට මිනිස් ජීවිතවලට තර්ජනයකි. ස්වාභාවික වාසස්ථාන අහිමිවීම අලි මිනිස් අරගලය උත්සන්න කිරීමට මග පාදා ඇත.

අලි ඇතුන්ගෙන් සිදුවන මිනිස් ජීවිත විනාශය

අලි ඇතුන් ගැටුම හරහා සෑම වසරක් පාසාම මිනිස් ජීවිත සිය ගණනක් අනතුරට පත්වේ. මෙය මිනී මෝරුන්ගෙන් සිදුවන මිනිස් ජීවිත හානිය හා සසඳා බැලූවිට අලින්ගෙන් මිනිස් ජීවිත විනාශවන පරිමාණය පිළිබඳ යම් හැඟීමක් ඇති කර ගත හැකිය. සාමාන්‍යයෙන් ගත් කල මෙලෙස මෝරුන් අතින්  වසරකට මිනිස් ජිවිත වැනසෙන්නේ 12න් පමණය. අලි ඇතුන් අතින් ඉන්දියාවේ පමණක් වසරකට වාර්තාවන මිනිස් ජීවිත හානිය 150-280ක් අතර වේ. (මේ මරණ සියල්ලම බව භෝග හෝ යම් කිසි විනාශයම නිසා සිදු වූ ඒවා නොවේ. ඉන් අඩක්ම පාහේ සිදු වූ ඇත්තේ වනාන්තරය තුළ අහම්බෙන් අලි ඇතුන් මිනිසුන් අභිමුඛවීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. මෙම මිනිස් ජීවිත විනාශය අලි සිටින බවක් නොදැන වනයේ සරද්දී හිටි අඩියේ මුණ ගැසී පහර දීමෙන් දිමෙන් සිදුවෙයි)

hqdefault (1)

කෙසේ වුවත්, ගම්වලට කඩා වැදි නිවෙස් හා බවභෝග වැනසීමේදී සිදුවන මිනිස් ජීවිත හානිය වැඩිවෙමින් පවතී. අධික ලෙස ජනගහනය ඉහළ යාමෙන් ඇතිවෙන පීඩනය සහ වාසස්ථාන අඩුවීම හේතුවෙන් සමහර ප‍්‍රදේශවල අලි ඇතුන් මිනිසුන් සම්බන්ධයෙන් අනුගමනය කරන ආක‍්‍රමණකාරී චර්යාවන් පැහැදිලිවම ඉහළ ගොස් ඇති බව වාර්තා වී ඇත. බවභෝග පතා සිදු කෙරෙන කඩාවැදීමේදී සතිපතා මිනිස් ජීවිත විනාශ වේ.

මිනිසුන් අතින් අහිමි වන අලිඇතුන්ගේ ජීවිත.

අලි මිනිස් අරගලය හේතුවෙන් අලින්ගේ මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතී. කෝපත් ගොවීන්, බියට පත් ගම්වාසීන් පමණක් නොව  හමුදා හා පොලීසියේ සාමාජිකයෝද බව භෝග විනාශය දේපළ හා මිනිස් ජීවිත හානියට ප‍්‍රතිචාර දක්වමින් ප‍්‍රතිප‍්‍රහාර දෙමින් අලි මරති. ආසියාවම පුරා රටවල් අලි ඇතුන් නීතිමය වශයෙන් ආරක්ෂිත වුවත් කෝපයට පත්වීම හේතුවෙන් හෝ ආත්ම ආරක්ෂාව පතා හෝ එන්ට එන්ටම වැඩිවෙමින් අලි ඇතුන් මරා දමනු ලැබේ. ඉන්දියාවේ පරිසර විද්‍යාත්මක කේන්ද‍්‍රයේ මහචාර්ය රාමන් සුකුමාර් ස්ථාන දෙකක සිදුකළ අධ්‍යයනයකට අනුව පෙනී  යන්නේ අලි ඇතුන් මරණ අතුරෙන් 20%ක් ඍජුවම සිදුවන්නේ බවභෝග ආරක්ෂා කර ගෙන යාමට දරන උත්සාහයේදීය. මේ අධ්‍යයනය 1982 දී සිදුකර ඇති අතර දැන් තවත් නරක අතට හැරී ඇත. ශී‍්‍ර ලංකාවේ සෑම වසරක්ම පාසා අලි ඇතුන් 150 දක්වා ප‍්‍රමාණයක් ගොවීන් අතින් මිය යයි.

150908120319_lanka_dead_elephant_624x351_rahulsamanthahettiarachchi

අලි මිනිස් ගැටුමේ දෙපාර්ශ්වයටම බලවත් හානි සිදුවන අතර සිදුවන මරණ හා දේපළ විනාශය අඩුකිරීම ගැන ආසියාවේ අලි ඇතුන් ජීවත්වන රටවල ආණ්ඩු සහ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීව සොයා බලමින් සිටියි.

ප‍්‍රතිකර්ම

අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ලෝක ස්වභාවධර්මය සඳහා වූ අරමුදල (කලින් ලෝක වනජීවි අරමුදල WWF) හා හවුල්කාර සංවිධාන ක‍්‍රමවේද ගණනාවක් යෝජනා කරයි. මේවා අතර මිරිස් හා දුම්කොළ පාදක කරගත් නිවර්තක (වැළැක්වීමේ සාධක)  අලින් ෙකත් බිම් අලින් ඈත් කර තැබීම,  ගොවි බිම ආරක්ෂා කර ගැනීම පහසු වන පරිදි ගොවිතැන් චර්යාවන් වෙනස් කිරීම, මෙම සතුන් අකමැති භෝග වගා කිරීම, අධ්‍යාපනය(දැනුවත් කිරීම) දැක්විය හැකිවේ. තවත්  නිදසුනකින් දැක්වෙන්නේ අලි ඇතුන් සහ අනෙක් සතුන්ගේ වාරික ගමන් බිමන් වලට (seasonal movement of elephants and other wildlife) පහසුවන සලසන පරිදි අවක‍්‍රමණයට පත්වූ ජෛවී කොරිඩෝවල් යළි ප‍්‍රකෘතිමත් කිරීමයි. නේපාලයේ සංරක්ෂිත කලාපවල සිදුකර ඇති මෙම ක‍්‍රමය නිසා සතුන්ට මිනිස් වාසස්ථාන හරහා ගමන් කිරීමේ අවශ්‍යතාව අඩුවී ඇත.

අලි මිනිස් ගැටුම අඩු කිරීම වස් දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ගත හැකි කි‍්‍රයාමාර්ග නිසි සැලසුමකට අනුව ගලපා කි‍්‍රයාවට නැංවීම මිස ආන්තික ජන කොටසක සහ අවදානමට ලක්වූ සත්ව කොටසක ජිවිත හා වාසභූමි රැකදීම පහසු නැත.

තතු මාණ්ඩලිකයෙකු විසින් සකසනු ලබන ලිපිෙය සැකසීමේ දි  http://wwf.panda.org/  http://www.eleaid.com/යන වෙබ් අඩවි වල පළවු ලිපි ද ඇසුරු කර ගැනිණ.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: