හැබැයි ඉතින් අපේ ජිවිත කාලයේ දී මෙය සිදු වේ යයි අද ජීවත් වන ලොකු කුඩා කවුරුවත්ම හිතන්න හොඳ නැහැ. මන්ද අගහරු ලෝකයේ චන්ද‍්‍රයා වන පෝබෝස් විනාශ වෙන්න නියමිත තව අවුරුදු මිලියන 30 සිට 50 දක්වා කාලයකින් නිසයි. මේ ඉතින් කතාවේ අග නේ? කතාව හරිහැටි තේරුම් ගන්න නම් මුලත් මැද ත් දැන ගන්න එපා යැ.
අගහරු වටා චන්ද‍්‍රයන් දෙදෙනෙකු කක්ෂ ගතව ගමන් කරන බව අපි දන්නවා. ඉන් එකක් පෝබෝස්(Phobos). අනික ඩෙයිමොස්(Deimos) . වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් විශ්වාස කළේ පෝබෝස් චන්ද‍්‍රයා ගේ තව් හෙවත් කට්ට ග‍්‍රහක ඝට්ටන වල ප‍්‍රතිඵලයක් ලෙසයි. මෙම කට්ට මුලින්ම දැක ගත හැකි වුණේ වයිකිං අභ්‍යවකාශ යානයෙන් ලැබුණු අනුරූප මගිනි. කෙසේවෙතත්, ඇමරිකාවේ තාරකා වීද්‍යා සංගමයේ ග‍්‍රාහීය විද්‍යා අංශයේ රැස්වීමක දී ඉදිරිපත්කෙරුණ ු මෑතක ආකෘතියක් පෙන්නුම් කරන්නේ ඒවා ග‍්‍රහක ඝට්ටන වල ප‍්‍රතිඵල නොව අගහරු ග‍්‍රහයාගේ අනවතර ගුරුත්වාකර්ෂණ ඇදිල්ලේ ප‍්‍රතිඵලයක් ලෙස ‘දිගැදෙන ලකුණු‘ බවයි. එමෙන්ම ආනුෂංගිකව සිදුවන විනාශයේ ලක්ෂණ බවයි.
ඇයි මෙහෙම ගුරුත්වාකර්ෂණ ඇදිල්ලක් ඇතිවෙන්නේ? අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ වෙනත් ග‍්‍රහයෙකු සහ උප ග‍්‍රහයෙකු (චන්ද‍්‍රයෙකු) නැති තරම් ආසන්නයේ අගහරු සහ පොබෝස් කක්ෂ ගතව ගමන් කරයි. දැනට වස්තු දෙක අතර දුර සැතපුම් 3,700 ක් වන අතර සෑම ශත වර්ෂයකට වරක්ම අඩි 7කින් ඒ දෙක ළංවෙනවා.
අනික පොබෝස් ඝන වස්තුවක් නොවන්නත් පුළුවනි. ඒ වෙනුවට, පොබෝස් වනාහි එහි ම ගුරුත්වය මගින් ලිහිල්ව බැදුණු අඩි සිය ගණනක් පමණක් ඝන පිටිවන් ද‍්‍රව්‍යයකින් වටවූ සක්ක ගල් ගොඩක් ලෙසයි සලකන්න වෙන්නේ. ඉතින් අගහරු පෝබොස් උපග‍්‍රහයාගේ අතුනු බහන්(අභ්‍යන්තර කොටස්) ඇදලා ගන්න හදද්දී පිටත ස්තර යෝග්‍ය සේ සකස් වෙන්නේ සුනම්‍යව එහෙත් ප‍්‍රත්‍යාබලය ගොඩ නංවමනි(building stress). පෙනෙන්ට ඇති කට්ට මතුපිට බිඳුමෙහි මුල් ලක්ෂණයි. එම බිදුම් මගින් අනාගතයේදී කෑලි කෑලි වලට කැඩි අතිශය කුඩා චන්ද‍්‍රයන් බොහෝ ගණනක් සෑදීමට හෝ සෙනසුරු වටා ඇති මාදිලියේ වළල්ලක් බවට පත්වීමට පුළුවනි. ඔව්, හැබැයි තව අවුරුදු මිලියන ගණනකින්.
ASTRONOMY March, 2016 සගරාවේ PHOBOS IS CRACKING UP යන ලිපිය ඇසුරෙනි