විදු නැන නුවණ – Science Literacy for All

මුහුදු සර්පයෝ දිය බීමට යන්නේ කොයිබද?

අනෙකුත් බොහෝ සත්වයන් මෙන්ම මුහුදු සර්පයන්ද වරින් වර ජල සංයුතික විය යුතුයි. ඒ කියන්නේ වතුර බොන්න  ඕනෑය යන්නයි. එහෙත් ඔවුන් ජිවත්වෙන්නේ බීමට  බෙහෙවින්ම අසීරු මුහුදු වතුර තිබෙන ලෝකයකයි. එහෙම නම් පිපාසයෙන් පෙළෙන මුහුදු සර්පයන් පිපාසය සංසිදුවා ගන්නේ කෙලෙසද? ගේන්ස්විල් හි ෆොලිරිඩා සරසවියේ පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට නම් මුහුදු සර්පයන් සිදුකරන්නේ අධිකව වර්ෂාව පතනය වන තැනක් සොයා ගොස් දිය මතුපිට දිය කඩිති (water pools) සෑදෙන තුරු බලා සිට එහි එකතුවන  මිරිදිය පානය කිරීමයි. අධික වර්ෂාව පවතින විට මුහුදේ මතුපිට සෑදෙන මේ දිය කඩිති විද්‍යාඥයන් පිරිස විසින් හඳුන්වනු ලබන්නේ “lenses” යනුවෙනි. මෙයට අමතරව, මුහුදු  සර්පයන් සතුව වාසිදායක චර්යාවකුත් තිබේ.  එනම්, නිතර ජලය පානය කිරීමට අවශ්‍ය නොවීමයි. මෙලෙස මිරිදිය නොලැබුණත් ඇතැම් විට මාස හය, හතක කාලයක් පවා දිය බීමෙන් තොරව ගත කළ හැකියි.

ෆ්ලොරිඩා සරසවියේ හාවි ලිලීවයිට් සහ අනෙකුත් පර්යේෂකයන් අධ්‍යයනය කරමින් සිටින්නේ යටිබඩ කහපැහැ මුහුදු සර්පයන්(the yellow-bellied sea snake) සම්බන්ධයෙනි. මේ විසකුරු සතුන් තමයි ලොව වැඩියෙන්ම ප‍්‍රදේශ ගණනාවක පැතිරී සිටින උරගයන් වන්නේ. එමෙන්ම විවෘත මුහුදේ ජීවත් වන (pelagic snake) එකම සර්ප වර්ගයයි. එයද බොහෝ විට ගොඩබිමින් බොහෝ ඈතය. මෙම වර්ගයේ සර්පයන් බහුතරයක් බොහෝ විට සාගරයෙන් බැහැරව නොයති.

seasnake-top

යටිබඩ කහපැහැ සර්පයන් පැතිර ඇති ප‍්‍රදේශ සලකතොත්, ගිනිකොණ අපි‍්‍රකාවේ වෙරළ බඩ සිට ඉන්දු ශාන්තිකර සාගර හරහා මධ්‍යම ඇමරිකාවේ වෙරළ බඩ දක්වා ප‍්‍රදේශයන්ය. ෆ්ලෝරිඩා සරසවියේ විද්‍යාඥයන් සිය අධ්‍යයනය සඳහා සර්පයන් අල්වාගෙන ඇත්තේ කොස්ටරිකා වෙරළට ඔබ්බෙන් දැල් යොදා ගනිමිනි. මේ සර්ප විශේෂය යාරයකටත් වඩා දිගට වැඩෙයි. එහෙත් ලිලිවයිට් ඇතුළු සගයන්ට හමු වූ අය පොදුවේ ගත් කල ඊට වඩා කුඩාය.  මේ විශේෂයේ වලිගය පැතැලි ස්වභාවයක් ගන්නා අතර පිහිනීම සඳහා එය හබල්මෙන් යොදා ගනු ලැබේ. මුළු ජීවිත කාලයම මොවුන් මුහුදේ ගත කළ ද අනෙකුත් සර්පයන් සියල්ල සහ සමුද්‍රාසන්න ක්ෂීරපායින් වගේම ජීවත්වීම පිණිස වාතය ආශ්වාස ප‍්‍රශ්වාස කළ යුතුවෙයි. යටිබඩ කහ පැහැ සර්ප විශේෂය සැබෑ මුහුදු සර්පයන් යයි විරුදාවලී ලබන්නේ, ඔවුන් කිසිදිනක සිය කැමැත්තෙන්ම ගොඩබිමට නොඑන නිසාවෙනි.  එමෙන්ම හදිසියෙන්වත් වෙරළට පැමිණියත් ඔවුන්ගේ ගමන් බිමන් අසීරුවෙන් සිදු කරන බව බැල්ටිමෝර්හි ජාතික ජලාල යේ (Aquarium = මාළුන් හෝ වෙනත් ජලජ සතුන් හා ශාක රැඳවිය හැකි විනිවිද පෙනෙන කෘති‍්‍රම ජල තටාකයක්) පොදු සංරක්ෂක ජැක් කවර් පවසයි. ඔහු පැනමා වෙරළට ඔබ්බෙන් මේ සර්පයන් අල්වාගෙන ඇත.

ජල සංයුක්ත කිරීමට එනම් ජලය පානය කිරීමට අනෙකුත් මුහුදු සත්වයෝ සංකීර්ණ ක‍්‍රමෝපායන් කෙරෙහි විශ්වාසය තබති. ඩොල්පින් මත්ස්‍යයෝ ඔවුන් ආහාරයට ගන්නා මාළුන්ගේ ශරීරවලින් ජලය ලබා ගනිති. ඔවුන් අනිවාර්යයෙන්ම ලූණු සහිත ජලය (කරදිය) අධිග‍්‍රහණය කර ගන්නා අතර ඒවා බැහැර කිරීම පිණිස භෞතවේදී ක‍්‍රමයක් අනුගමනය කරති. ඔවුන්ගේ වකුගඩුවල ඇති විශේෂ ව්‍යුහයන් ඊට උපකාරී වේ. ධ‍්‍රැවාසන්න ප‍්‍රදේශවල සීල් මත්ස්‍යයෝ අයිස් බුදිති. මෙලෙසම මුහුදු සර්පයන් සිය අවශ්‍යතාව සඳහා විශ්වාසය තබන්නේ සාගර මතුපිට ගොඩ ගැහෙන මිරිදිය දිය කඩිති මතයි.

‘දැඩි වැහි කුණාටුවක් ඇතිවන විට සාගරය මතුපිට අති විශාල ප‍්‍රමාණයක් මිරිදිය පතිත වෙති. එම ජලය ඝනත්වයෙන් මුහුදු ජලයට වඩා අඩුය. එහෙයින් එම ජලය පාවීමට නැඹුරුවෙතැයි ලිලීවයිට් පෙන්වාදෙයි. ‘මෙම කඩිත්ත (lens) කොපමණ විශාල ද කොපමණ පිරිසිදු ද එමෙන්ම කොපමණ කාලයක් පවතී ද යන්න රඳා පවතින්නේ  කොපමණ වර්ෂාපතනයක් ඇත්ද එලෙසම සුළං සහ අනෙකුත් සාධක මගින් මෙහෙයවනු ලැබ ඒ අවස්ථාවේ  මිශ‍්‍රවීමේ තත්ත්වයන් මතයි.’  ෙම් ජලය මද කිවුල්රසයක් තිබුණත් එතරම් තද නැත. වර්ෂාව පතිත වෙමින් තිබෙන විට මෙන්ම වර්ෂාව අවසන් වූ විගසම එම ජලය පිරිසිදු දිය වේ.  ජලකඩිති  අඩිතුනක් පමණ ඝනකම විය හැකි අතර දින ගණනාවක් පැවතීමට ඉඩ තිබේ. පහළ සිට උඩට ඇදෙන මේ සර්පයෝ දිය එක්වන කඩිත්තෙන් ජලය පානය කරති.  එහෙත් ඔවුන් මේ කඩිති සොයා ගන්නේ කෙසේද යන්න තවමත් ප‍්‍රශ්නයකි. ‘මම නම් හිතන්නේ නෑ වැඩිදුරක් යන්න  ඕන කියලා මොවුන්ට වැස්ස සොයා ගන්න.’ ලිලීවයිට් කියයි. ‘ඔවුන් මුහුදේ කොහේ සිටියත් හුස්ම ගැනීම පිණිස ජලය මතුපිටට පැමිණෙනවා. එවිට වහිනවා නම් ඔවුන් ඒ දිය බීමට ගන්නවා.’

seasnake

සමහර සර්පයන්ට වායුගෝලීය පීඩනය සොයා ගත හැකි අතර කුණාටුවක් එන්නේද හෝ වර්ෂාව පවතින්නේද යන්න සොයා ගත හැකියි. පර්යේෂණ පෙන්නුම් කරයි. සිය සංචලනයන් බොහොමයක් සඳහා සර්පයන් ප‍්‍රවාහ මත විශ්වාසය තබන අතර දිය ලැබෙන අවස්ථාව කලින් දැන ගැනීමේ ඉඩකඩ අඩුයි. එනිසා වර්ෂා පතනයක් ඇති තැනකට ඒමට බාගදා මාස ගණනක් යා හැකියි. එහෙත් මේ සර්පයන් නිසියාකාරව ජලය පානය නොකර මාස ගණන් පැවැත්මට හැඩ ගැසී ඇත. මුහුදු ජලයේදී සර්පයන්ගේ සිරුරේ ජලය ඉවත්වන්නේ හෙමින්. එමෙන්ම  සිරුරේ ජලය දීර්ඝකාලයක් රඳවා ගැනීමට සමත් ක‍්‍රමද ඔවුන්ගේ සිරුරේ සම මුහුදු දියට අපාරගම්‍යයි. ජල සංයුක්තික සර්පයෙකු 80% ජලයයි. මානවයන් ඇතුළු බොහෝ සතුන්ගේ ජලය ඇත්තේ 60%කට ආසන්න ප‍්‍රමාණයකි. තවද මිනිසකු මිය යන මට්ටමකට තරම් ජලය අඩු වුවද සර්පයකුට  නම් ජීවිතය රැක ගත හැකිය.

තවද ඔවුන් අධිග‍්‍රහණය කරන මුහුදු ජලයෙන් ලුණු ඉවත්කිරීමට කාර්යක්ෂම ලවණ ග‍්‍රන්ථි නිසා ඔවුන්ට අවස්ථාව සැලසී ඇත.

Live Science  හී පළවූ  Where Do Sea Snakes Go To Drink? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: