විදු නැන නුවණ – Science Literacy for All

මැද පෙරදිග දී ගොවිතැන දෙවරක්ම නිමැවුම් කෙරුණු බව ජෙනෝම අධ්‍යයනයකින් හෙළි වෙයි

මැද පෙරදිගවාසී  ජනතාවන් දෙකොටසක් එකිනෙකාගෙන් ස්වාධීනව ගොවිතැන වැඩිදියුණු කොට ඉන් අනතුරුව එම නව තාක්ෂණය යුරෝපයට, අපි‍්‍රකාවට හා ආසියාවට ව්‍යාප්ත කළ බව වර්තමාන ආමේනියාවේ, තුර්කියේ, ඊශ‍්‍රායලයේ, ජෝර්දානයේ සහ ඉරානයේ මෙයට වසර දහස් ගණනාවකට පෙර ජීවත් වූ පුද්ගලයන් 44 දෙනෙකුගේ ජෙනෝම අධ්‍යයනයක් හෙළිකරයි. ගොවිතැන ලෝකයේ කිහිප තැනක වෙන වෙනම ආරම්භ වූ බවට ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි සනාථ කරයි. එමෙන්ම,  ෙමම අධ්‍යයනය මානව ඉතිහාසයෙන් වඩාත්ම වැදගත්ම යුගයක් ලෙස දැක්වෙන නියොලිතික(Neolithic) හෙවත් නවගිලා සමයේ පුද්ගලයන්ගේ පෙළපත පිළිබඳ ප‍්‍රථම වතාවට විස්තරාත්මකව සොයා බැලීමක් ද වෙයි.

images (6)

පුරාතන මැද පෙර දිග සරුසාර චන්ද්‍රවංකය (Fertile Crescent) නමින් හැඳින්වෙන ප‍්‍රදේශයේ මෙයට වසර 11,000 ගණනකට පෙර ජීවත් වූ මානවයන්, සතුන් දඩයමින් සහ වල් ශාක එකතුකරමින් (hunting game and gathering wild plants) ගත කළ සංචාරක (nomadic existence) ජීවන පැවැත්ම අත්හැර වඩාත් තැන්පත් ජීවන රටාවකට මාරුවූහ. පසුව ස්ථිර ජනාවාසවලට මඟපෑදුවේ මෙම ජීවන රටාවයි. එතැන් පටන් වසර දහස් ගණන් ගතවෙද්දී මේ ආදී ගොවීහු ප‍්‍රථම භෝග ගෘහාශ‍්‍රිතකරන ලද අතර බැටළුවන්, වල්ඌරන් සහ අනෙකුත් සතුන් හීලෑ සතුන් බවට පත් කර ගත්හ.

මෙයට වසර 8,000කට පමණ පෙර මැදපෙරදිග සිට යුරෝපයට සංක‍්‍රමණයවීම ආරම්භ කළ ප‍්‍රථම යුරෝපීය ගොවීන්ගේ ජාන විභාග කිරීම අධ්‍යයන දුසිම් ගණනක් සිදු කර ඇත. එහෙත්, සරුසාර චන්ද්‍රවංකයේ පැවති උණුසුම් දේශගුණික තත්ත්වයන් හේතුවෙන්, එහි දී සොයා ගනු ලැබූ අවශේෂයන්ගෙන් පුරාතන DNA ලබා ගැනීම අසීරු විය. සෙලැටය(petrous bone) නමින් හැඳින්වෙන කනෙහි කුඩා අස්ථියකින් DNA ලබාගැනීමේ ක‍්‍රමයෙහි වැඩිදියුණුව පදනම් කර ගනිමින් බොස්ටන්හි හාවඞ් වෛද්‍ය විද්‍යාලයෙන් ජනගහන ප‍්‍රවේණි විද්‍යාඥයන් (population geneticists) වන ජොසිෆ් ලසා රිඩිස් සහ ඬේවිඞ් රීච් යන දෙදෙනා ප‍්‍රමුඛ කණ්ඩායමකට මැදපෙරදිග විසූ පුද්ගලයන් 44 දෙනෙකුගේ ජෙනෝම විශ්ලේෂණය කිරීමට අවස්ථාව ලැබිණ. මේ පුද්ගලයන් ජීවත්ව ඇත්තේ මෙයට වසර 14,000 සිට 3,500 දක්වා කාලයක් ඇතුළතය.

ඊශ‍්‍රායලය හා ජෝර්දානය ද ඇතුළත් දකුණු ලෙවැන්න (southern Levant) කලාපයේ නියොලිතික පුද්ගලයන්ගේ සහ බටහිර ඉරානයේ සැග්රෝස් කඳුවැටි ගතව ජීවත්වන පුද්ගලයන්ගේ ජෙනෝම අතර කැපී පෙනෙන වෙනස්කම්  පරික්ෂාකර සොයා ගත්හ. සැග්රෝස් පුරාණ ගොවීන් වඩාත් සමීපව සම්බන්ධ නව ශිලා යුගයට පෙර විසූ අසල්වැසි දඩකරු අන්නගවේෂකයන්ටය.

දකුණු ලෙවැන්නයේ සහ ඉරානයේ දඩකරු අන්නගවේෂකයන් ස්වාධීනව ගොවිතැන වැඩිදියුණු කළ බවට ඇති සාක්ෂිවලට මෙම පෙළපත් රටාව ද සාක්ෂි එකතු කරන්නේ යයි එක්සත් රාජධානියේ රෙඩිං සරසවියේ පුරාවිද්‍යාඥයකු වන රොජර් මැතිව්ස් කියයි. ‘ගොවිතැනට අදාළ සියලූ දේවල් ආරම්භ වුනේ දකුණු ලෙවැන්තයේ බවත් ඉන් පිටතට ගිය අනෙකුත් සෙසු අය ගොවිතැන ඉගෙන ගත් බවට මතයක් තියෙනවා. ඒත් පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්නුම් කරන්නේ ප‍්‍රාදේශීය වශයෙන් බොහෝ පැරණි ගොවිතැන් සම්ප‍්‍රදායක් තිබෙන බව යයි මැතිව්ස් පෙන්වා දෙයි.

web_583830017

සැග්රොස් ගොවීන් එළුවන් හීලෑකර අතර එමර් (emmer) වැනි ධාන්‍ය තෘණ වගා කළ අතර බටහිර සිටි ඔවුන්ගේ සමානයන්ට වගාව සඳහා තිරිඟු, බාර්ලි ඇතුළු වෙනත් බෝග  තිබුණි. වසර 9,500කට පමණ පෙර මෙම සම්ප‍්‍රදායන් මැද පෙරදිග අවට ව්‍යාප්ත වන්නට විය.  මේ ගොවි ජනතා දෙකොට්ඨාශය මෙවලම් තැනීමේ දී ප‍්‍රයෝජනවත් වූ ඔබ්සීඩියන් පාෂාණ (obsidian) සෙවීමේ දී නැගෙනහිර තුර්කියේ දී එකිනෙකා හා මිශ‍්‍රවන්නට ඇතැයි මැතිව්ස් කල්පනා කරයි. අද තුර්කිය වශයෙන්  හඳුන්වන දේශයේ සිට ගොවීන් යුරෝපය වෙත සංක‍්‍රමණය වෙද්දී ‘නියෝලිතික’ (නව ශිලා) මෙවලම් කට්ටලයක්ද(‘Neolithic toolkit’) රැගෙන  යන්නට ඇත. සාම්ප‍්‍රදායන් දෙකටම අයත් මෙම කට්ටලයට බෝග, සතුන් හා උපකරණ මෙවලම් ද ඇතුළත්ය. යුරෝපයෙන් ඔබ්බට විවිධ වූ ගොවිතැන් පදනම් පිළිබඳ ඉඟි ද නව අධ්‍යයන මගින් සොයා ගෙන තිබේ. ඉරාන ගොවීහු උතුරු දිගට යුරේසියානු ස්ටෙප් තණබිම් වෙතට ද නැගෙනහිර දෙසට වර්තමාන ඉන්දියාව හා පාකිස්තානයටද සංක‍්‍රමණය වූහ. දකුණු ලෙවැන්තයේ ගොවීන් අපි‍්‍රකාවට සංවිධානය වී සංක‍්‍රමණය වන්නට ඇත්තේ බාගදා නැගෙනහිර අපි‍්‍රකාවට නව ගොවිතැන් සාම්ප‍්‍රදායක් ද රැගෙන විය හැකියි. මෙම ප‍්‍රවණතාව, යුරෝසියාවේ මානවයන් වසර 3,000කට පමණ පෙර ‘ආපසු – අපි‍්‍රකාවට’ සංක‍්‍රමණයක් අරඹන්නට ඇතැයි පෙර අධ්‍යයනයන් ගෙන්  කියැවෙන අදහසටද අනුගතවේ.  ආසියාවට ගොවිතැන ව්‍යාප්තවීම ගැන මුල්වරට දැකුම් මාත‍්‍රයක් ද මෙම අධ්‍යයනයන්ගෙන් දැක්වුණත් ගොවිතැන නැගෙනහිරට ව්‍යාප්ත වූ ආකාරය ගැන සොයා බැලීම පිණිස තව විශාල වැඩකොටසක් ඉටු කළ යුතුව ඇත. ’ යයි මැතිව්ස් වැඩිදුරටත් කියා සිටී.

Scientific American Nature හී පළවූ  Farming Invented Twice in the Middle East, Genomes Study Reveals යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: