විදු නැන නුවණ – Science Literacy for All

වාහනවලට යොදා ගන්නා විකල්ප ඉන්ධන

වාහනයක් අයිති  ඇතත් නැතත් අද අප සමාජයේ සියලූ දෙනාම වාහන භාවිත කරනවා. මේ වාහන දුවන්නේ ඉන්ධන භාවිතයෙන්. බහුතරයට යොදන්නේ පෙට‍්‍රල් නැතිනම් ඞීසල්, ඉන්ධන භාවිතයේදී ඒ සඳහා වැය කළ යුතු මුදල වාහන අයිතිකරුවන්ට ඍජුවම ද, මගීන් වැනි වාහන අයිතියක් නැති අයට තරමක් වක‍්‍රවද බලපායි. අනෙක් අතට, අයිතිය ඇතත් නැතත්  යොදා ගන්නා ඉන්දධනය අනුව වාහනයෙන් පිටකරන (විමෝචනය කරන) දුම් (වායු) ජීවත්වන අප සැමට බලපාන බවද අප කවුරුත් දන්නා කරුණකි. එහෙයින් වාහනවලට යොදා ගත හැකි විකල්ප ඉන්ධන ගැන තතු මේ ලිපිය ගෙන එන්නේ ඉන්ධන භාවිතයේ බලපෑම අප සැමට පොදු කාරණාවක් නිසයි.

burning-fuels

ප‍්‍රධාන වශයෙන් ගත් කළ පෙට‍්‍රල් වෙනුවට යොදාගත හැකි ප‍්‍රධාන විකල්ප පහක් තිබේ. ඒ සැමකම සාධණීය අංග මෙන්ම දුර්වලකම්ද ඇත. එහෙත් මේ විකල්ප පහේම ඉවත දැමිය නොහැකි වාසිය වන්නේ ඒවා පෙට‍්‍රල් හෝ ඞීසල්වලට වඩා වායු දූෂණය අතින් අඩුයි. ඒ වගේම විමෝචනය කෙරෙන හරිතාගාර වායුද අඩුයි.

download (4)විකල්ප අතුරෙන් අපට වැඩියක්ම අසන්නට ලැබෙන්නේ එතනෝල් හෙවත් ඊතයිල් මද්‍යසාරය ගැනයි. E10 ලෙස දැක්වෙන  ඉන්ධනය ඊතයිල් මද්‍යසාරය 10%කින් සහ පෙට‍්‍රල් 90% සමන්විත වේ. ඇමරිකා එක්සත් ජනපදයේ අළෙවි කරන බොහෝ මෝටර් රථවල E10 භාවිත කළ හැකිය. එහි බොහෝ ප‍්‍රදේශවල E10  මිල සාමාන්‍ය පෙට‍්‍රල්වලට වඩා මදක් වැඩිය. E85 යනු 85%ක් මද්‍යසාරය සහ 15% පෙට‍්‍රල්ය. එහෙත්  ඕනෑම පැරණි මෝටර්  රථයක E85 භාවිත කළ නොහැක. E85 සඳහාම සැලසුම් කළ ඇන්ජිමක් එහි තිබිය යුතුය. එවැනි ඇන්ජින් සහිත වාහන හඳුන්වන්නේ ෆ්ලෙක්ස් ෆුවල්(flex-fuel) හෙවත් ‘නම්‍ය-ඉන්ධන‘ වාහන ලෙසය. E85 ලබා ගත නොහැකි විට එම වාහන සාමාන්‍ය පෙට‍්‍රල්වලින් ධාවනය කළ හැකිය. E85න් එන්ජින් ‘නොක්’ කිරීම අඩු අතර සාමාන්‍යයෙන් පෙට‍්‍රල්වලට වඩා දූෂ්‍යවීමද අඩු යයි සැලකේ. ඉන්ධන වියදම ද අඩු E85 ඇ.එ.ජනපදයේ කාර් අතරින් 3%ක් පමණ බලගන්වයි.

බයෝඞීසල් (Biodiesel) හෙවත් ජෛවී ඞීසල් නිපදවන්නේ එළවළු තෙල් හෝ සත්ව මේදයෙනි. එපමණක් නොව පිසීමට පාවිච්චි කළ තෙල්වලින් පවා එය නිපදවිය හැකිය. B5  හි  5% බයෝඞීසල්ය. B100,  100%ක්ම බයෝඞීසල්ය. වඩා ජනප‍්‍රිය මිශ‍්‍රනය 20% ජෛවීඞීසල් අඩංගු B20ය. කෙසේ වෙතත්, ජෛවී ඞීසල් පුළුල් අන්දමින් ලබා ගත නොහැකි අතර අධික ශීතලේදී ඝන වෙයි(solidify). කාර් නිෂ්පාදකයෝ B5 ට වැඩි සංයෝගයක් සඳහා වරම්පත් (warrant) නිකුත් නොකරති. ඒත් අනාගතයේ දී ජෛවී ඞීසල්වලට තැනක් හිමිවේ යයි විශේෂඥයෝ පෙන්වා දෙති.

cng-lngස්වාභාවික සම්පීඩක වායුව (compressed natural gas (CNG)) ලෙස හෝ ද්‍රවීකරණය කළ ස්වාභාවික වායු(liquefied natural gas) නැතහොත් එල්එන්ජී (LNG)  ලෙස හෝ භාවිතයට ගන්නා ස්වාභාවික වායුව තුන්වැනි විකල්ප ඉන්ධනයයි. ස්වාභාවික වායුව දැවීමේදී පරිසර දූෂණය සිදුවන්නේ පෙට‍්‍රල් දැවීමේදී වඩා අඩු මට්ටමකිනි. එහෙයින් ජනයා පිරි නගර සහ මහනගරවල භාවිතයට ආකර්ෂණශීලීය. ස්වාභාවික වායුව පෙට‍්‍රල්වලට වඩා ලාභදායීවුවද යොදා ගැනීමට සිදුවන ටැංකිය විශාල වීම අවාසියකි. තවද වරක් පිරවූ පසු ධාවනය කළ හැකි දුර සීමාවන නිසා දුර ගමන් සඳහා යොදා ගැනීමේදී ගැටලූ මතුවේ.

සිව්වැනි විකල්පය ප්‍රෙපේන් වායුවයි(Propane).  එය ඇන්ජින් තුළ සුසැදිව දැවෙන අතර පෙට‍්‍රල්වලට වඩා දූෂණය අඩුය. ද්‍රවීකරණය කළ පෙට්‍රෝලියම් වායු liquefied petroleum gas (LPG) වායුව ලෙස ගබඩා කෙරෙන්නේ පීඩන වර්ග අඟලකට රාත්තල් 200ක් ලෙසයි. මෙය වාහන පද්ධති (fleets) සඳහා බහුලව යොදා ගැනේ. ඇමරිකාවේ හා කැනඩාවේ 100% ප්‍රෙපේන් ලෙස ඛඡුක්‍1 ඇතැයි සැලකේ. කෙසේ වෙතත්, යුරෝපයේ LPG වල ප්‍රොපේන් සංයුතිය 50%ටත් වඩා අඩු විය හැකිය. ලෝකයේ වඩාත් බහුලව යොදාගන්නා මෝටර් රථ ඉන්ධන අතුරෙන් ලැයිස්තුවේ තුන්වැනි තැන හිමිවන්නේ ප්‍රොපේන්වලටයි.

hydrogen-fuelවිකල්ප ඉන්ධන අතුරෙන් පස්වැන්න හයිඩ‍්‍රජන්ය. ඊට විශාල විභවයක් ඇත්තේ කිව හැකි දූෂ්‍යයක් නොමැති වීමෙනි. හයිඩ‍්‍රජන් දහනයෙන් ඇතිවන අතුරු ඵලය ජලවාෂ්ප වීම ඊට හේතුවයි. හයිඩ‍්‍රජන්, ජලයෙන් ලබා ගත හැකි වන අතර විදුලි වාහනවලදී ඉන්ධන ෙසෙල (fuel cells) ලෙස යොදා ගැනේ.  එහෙත් අභ්‍යන්තර දහන ඇන්ජින් සහිත වාහන බලගැන්වීමට ද එය යොදා ගත හැකිය. හයිඩ‍්‍රජන් ලෝකයේ  ඕනෑම තැනක නිපදවිය හැකි නමුත් ඒ සඳහා අවශ්‍ය වන තාක්ෂණය තවමත් කරලියට පැමිණ නැත. සැබැවින්ම ඊට අවහිරතා ඇත. ඉන්ධන ෙසෙල ඉතා වියදම් අධිකය. මෝටර් රථයක හයිඩ‍්‍රජන් ගබඩාකිරීමද අන්තරාකාරීය. නිෂ්පාදන පිරිවැයද ඉහළය. තවද පුළුල්ව පැතිරුණු බෙදාහැරීමේ පද්ධතියක්ද ස්ථාපිත කර නැත.

ASK A SCIENCE TEACHER: 250 Answers to Questions You’ve Always Had About How Everyday Stuff Really Works   හී පළවූ   What types of fuel besides gasoline can be used to run cars? ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: