විදු නැන නුවණ – Science Literacy for All

ආක‍්‍රමණශීලී විශේෂයන්ගෙන් වන හානිය වෙනුවෙන් ගෝලීය වශයෙන් ගෙවිය යුතු වන්දිය

ආගන්තුක(සත්ව හා ශාක) විශේෂ අලූත් ප‍්‍රදේශ ආක‍්‍රමණය කර සීඝ‍්‍රයෙන් පැතිරී ගොස් ස්වදේශීය පරිසර පද්ධති මෙන්ම ඒවායේ වාසය කරන්නන් සහමුලින්ම නෂ්ටප‍්‍රාප්ත කරයි. මෙය කොපමණ බලගතුද කියතොත් අපට පෙනී යන්නේ රූපාලංකාර භාවිතයක් ලෙසයි. නොඑසේ නම් නවකතාවක හෝ චිත‍්‍රපටයක පිටපතක් ලෙසයි. දකුණෙන් ගස් හා පඳුරු හිර කර මරා දැමූ කුඩ්සු(Kudzu) ලතාවන්, වයඹ දිග වනාන්තර විරිස් විනාශකර දමනු ලැබීම සහ මහ විල්වල සීඝ‍්‍රයෙන් බෝවෙන ආසියානු කෘමින් ස්වදේශීය වර්ගයේ මසුන් තරගකාරීව ඉවත් කර දැමීම වැනි සිදුවීම් ගැන හිතන්න.

M 2

කොසේ වෙතත් මේ ආගන්තුක විශේෂයන් ගෙන එන මහා විනාශය පරිසර පද්ධතියට පමණක් සීමා නොවේ. එහි ප‍්‍රතිඵල ආර්ථිකව දැනෙන බව නව අධ්‍යයනයකින් පෙන්නුම් කරයි. ඇමරිකා එක්සත් ජනපදය පමණක් ගතහොත් පිටස්තර කෘමීන් හා වෘධිකාරක මගින් වසරක් පාසා සිදුවෙතැයි කියන හානියේ වටිනාකම ලෙස ගණන් බලා ඇති මුදල ඩොලර්  බිලියන 40 කි. ඒ භවභෝග හා වනාන්තර මත ඔවුගේ සිදුකරන හානිය වශයෙනි. ලෝකයේ විසම ප‍්‍රදේශ අතර එන්ට එන්ටම සම්බන්ධතාව වර්ධනය වෙද්දී එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇලූත් ආක‍්‍රමණවල අවදානම ඉහළ යද්දී පෙරකී වියදම් තවත් වැඩිවෙනු ඇත.

මෙලෙස භයංකර චිත‍්‍රයක් මැවී පෙනුණෙත්, සමස්තයක් වශයෙන් ගත් කල මෙකී ආක‍්‍රමණ මගින් ලොව පුරා සිදු කෙරෙන හානිය පර්යේෂකයන් විසින් මෙතෙක් ගණන් බලා නැත. ඒ වෙනුවට ආක‍්‍රමණකාරී විශේෂයන් පිළිබඳ පර්යේෂණ සියල්ල පාහේ සිදු කරන්නේ ඒ ඒ තනි තනි රටවල් පාදක කර ගනිමිනි. මින් සිදු වී ඇත්තේ අපට මේ ප‍්‍රශ්නය පිළිබඳ ගෝලීය චිත‍්‍රය හසුකර ගැනීමට නොහැකිව යාමයි. වෙළහෙළදාම ලෝකයේ රටවල් සියල්ල එකට එක් කරන හෙයින් අලූත් රටකට මෙකී ආක‍්‍රමණකාරී විශේෂ පැමිණීමට හැකිවන පරිදි එක්තරා අන්දමක මාර්ග ජාලයකට එක් කරයි.

M 4

දැන් නව අධ්‍යයනයක් මගින් මෙම අඩුව සපුරාලීමට ප‍්‍රයත්නයක් දැරේ. රටවල් 124 ක බෝග නිෂ්පාදනයට කෘමි පළිබෝධක 1,300ක් සහ දිලීර හා රෝග කාරක මගින් එල්ල වන ඒකරාශී ගත හෙවත් සමුච්චිත තර්ජන ප‍්‍රමාණ කිරීමට(quantify the cumulative threat) අධ්‍යයනයේ පර්යේෂකයෝ සංකීර්ණ පරිගණක ආකෘති යොදා ගනිති. ප‍්‍රතිඵල මනාව පැහැදිලිවය: අධ්‍යයනයට ලක්කෙරුණු රටවල්වලින් තුනෙන් එකකට පාහේ ආසන්නයේම ආක‍්‍රමණයක් සිදුවීමේ ඉඩකඩ ඉතා ඉහළය. වඩාත් අහිතකර බලපෑම් ඇති වන්නේ දියුණුවෙමින් පවතින රටවලය. අනෙක් අතට, චීනය හා ඇමරිකා එක්සත් ජනපදය වැනි ලෝකයේ ප‍්‍රධානතම කෘෂිකාර්මික නිෂ්පාදනයන් වන ආක‍්‍රමණශීලී ජීව විශේෂයන්ගේ ප‍්‍රභවයන් නැතිනම්  ආක‍්‍රමණශීලී ජීව විශේෂයන් බිහිකරන රටවල් ලෙස විශාලතම අවදානමක් ඇති කරයි.A 4A 2

A 3

පර්යේෂකයන් කලක් තිස්සේ අනුමාන කළ දේ මේ අධ්‍යයනයෙන් යළි තහවුරු වන අතර ඒවා ප‍්‍රමාණාත්මක වශයෙන් මෙන්ම ගෝලීය මට්ටමෙන් පෙන්වා දී ඇති ප‍්‍රථම වෑයම මෙයයි යනුවෙන්  ඕස්ටේ‍්‍රලියාවේ පොදුරාජ්‍ය මණ්ඩලය විද්‍යා සහ කාර්මික පර්යේෂණ සංවිධාන ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඞීන් පයිනි කියා සිටියි. ඔහු මේ අධ්‍යයනයේ ප‍්‍රධාන කර්තෘද වෙයි. ‘අවදානම් ගැන හොඳ අවබෝධයක් තිබීම මේ ගැන යමක් කිරීම අපට අවස්ථාවක් උදාකරයි’ පයිනි කියයි. පර්යේෂකයන්ගේ නිගමනවලට පාදක වූ මූලික සාධකයක් වුනේ ආක‍්‍රමණශීලී විශේෂයන් සහ ගෝලීය වෙළෙඳාම අතර සම්බන්ධය දැන හැඳින ගැනීමයි. ආක‍්‍රමණශීලී විශේෂයන් එක් රටකින් වෙන රටකට යා හැකි ක‍්‍රමය බොහොමයක් ඇතත් මේවා ආක‍්‍රමණශීලී විශේෂ ගණනාවක්ම යම් රටක වෙළෙඳාම් මට්ටම හා බැඳී පවතින බව කලින් සිදුකළ අධ්‍යයනවලින් සොයා ගෙන තිබුණි. නව අධ්‍යයන ඒ ඔස්සේ තවදුරටත් පර්යේෂණ මෙහෙයවා තිබේ. වෙළෙඳ රටා, පලිබෝධ පැවතීම සහ විශේෂයෙන් විශ්ලේෂණ හෙලි කලේ ආක‍්‍රමණශීලී විභවයක් සහිත විශේෂ අවික්ත‍්‍රණවකට වෙනත් රටවලට යැවීමේදී වැඩිම තර්ජනය එල්ලවන්නේ ඇ.එ.ජ. යෙන් සහ චීනයෙන් බව පයිනි ප‍්‍රමුඛ පර්යේෂකයෝ පෙන්වා දෙති.

පරිගණක ආකෘති යොදා සිදුකෙරෙන පර්යේෂණ වල නිරතුරුව අවිනිශ්චිත බවක් පවතී. එහෙත්  ටෙනසි විශ්වවිද්‍යාලයේ පාරිසරික විද්‍යාව ඩැනියෙල් සිම්බලොෆ් කියා සිටින්නේ කෘෂිකර්මයට ගෝලීය වශයෙන් එල්ල වී ඇති තර්ජනය ගැන සමස්ත ව්‍යුහයක් ලෙස ගත් කළ මෙම අධ්‍යයනය මනාව සිදු කර ඇති බවයි. එහෙත් මේ ඔස්සේ තව ඉටු කළ යුතු කාර්ය භාරයේ බොහොමයක් ඇතැයි ඔහු පෙන්වා දෙයි.

M 1

පයිනි සහ සෙසු පර්යේෂකයන්ගේ මතය වන්නේ දැනට තමන්ගේම පරිසරයන් හා ආර්ථිකයක් ආරක්ෂා කිරීම සඳහා වැඩි වැඩියෙන් සම්පත් යෙදවීමට මෙම අධ්‍යයන වාර්තාව රටවල් පොළඹවන අතර වඩාත් පොහොසත් රටවල් ආක‍්‍රමණශීලී විශේෂයන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ව්‍යාප්තවීම වැළැක්වීමට පියවර ගැනීම දිරිමත් කිරීමට මග පාදනු ඇත යනුවෙනි. අති මහත් ආර්ථික පාඩු අදාළ රටවල ඇති කරවීමට හේතුවන දිගටම පවතින ශාක පලිබෝධ සහ ව්‍යාධි ජනක ආක‍්‍රමණ ගැන සර්වග‍්‍රාහීව ක‍්‍රියාකිරීම  පිණිස ජගත් සංවිධානයක අවශ්‍යතාව මෙම අධ්‍යයනයේ නිගමනය වශයෙන් අවධාරණය කර ඇතැයි (අධ්‍යයනයට සම්බන්ධ නොවූ) ස්ටැන්ෆර්ඞ් විද්‍යාලයේ පාරිසරික ජීව විද්‍යාඥ හැරල්ඞ් මූනි පෙන්වා දෙයි.  ‘අන්තර්ජාතික වශයෙන්  බොහෝ දේ සිදුකෙරෙමින් පැවතීම අපට බලාපොරොත්තු ඇති කරවන්නකි. මේ නව අධ්‍යයන ඊට රුකුලකි’ යයි ඔහු කියයි.

Smithsonian Science  හී පළවූ The Global Price of Invasive Species යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: