විදු නැන නුවණ – Science Literacy for All

ජලාවර්තන චක‍්‍රය (Hydrologic cycle)

Glass globe in water

මිහිපිට ඇතැයි ගණන් බලා ඇති ජලය ඝන මීටර් (cubic meters) 1.4×1018න්, සියයට 97කට (97%) වැඩියෙන් ඇත්තේ සාගරවලය. පෘථිවියෙහි ජලයෙන් දළ වශයෙන් ඝන මීටර (m3) 35×1015 ක් මිරිදිය වේ. එම ප‍්‍රමාණයෙන් 0.3% පමණ රැඳී ඇත්තේ ගංගා, විල් සහ ජලාශවලය. ඉතිරි මිරිදිය ප‍්‍රමාණය ග්ලැසියර් (glaciers), ස්ථිර හිම සහ භූගත ජලධරවල ගබඩා වී ඇත. ජලය ඝන මීටර (m3) 13×1012 කින් පමණ පෘථිවි වායුගෝලය සමන්විතය. මිහිතලය මත ඇද හැලෙන සියලූම වර්ෂාපතනයන්ගේ ප‍්‍රභවය එම වායුගෝලීය ජලයයි. වාර්ෂිකව සූර්ය බලශක්තියෙන් ක්වෝඞ්(quads) 151,000ක්  හේතුවෙන් සිදුවන වාෂ්පීකරණයෙන් පෘථිවිය මතුපිටින් ජලය ඝන මීටර (m3) 577×1012 වායුගෝලයට එක්කරයි. මේ වාෂ්පීකරණයෙන් 86%ක් සාගරවලිනි. මෙලෙස, ජල වාෂ්පීකරණයේදී ගොඩබිමින් ජලය වාෂ්පීකරණය වන්නේ 14% වුවද ලෝකයේ වර්ෂපතනයෙන් 20% පමණ (ඝන මීටර 115×1012) පතිත වන්නේ ගොඩබිමටයි. අතිරික්තය ගංගා හරහා ආපසු සාගර කරා යයි.

hydrocycle dddd

 

මෙලෙස සෑම වසරකම සූර්ය බලශක්තිය මගින් සාගර ජලයෙන් සැලකිය යුතු කොටසක් ගොඩබිම් ප‍්‍රදේශ වෙත මාරු කෙරේ. චක‍්‍රයේ මෙම අංගය ඉතා වැදගත් වන්නේ කෘෂිකර්මාන්තයට පමණක් නොව මානව ජීවිතයට හා ස්වාභාවික පරිසර පද්ධතිවලට ද එය අත්‍යවශ්‍යය.

ලබාගත හැකි ඇති ජලය

ජලය, ප‍්‍රතිවර්ත්‍ය සම්පතක් (renewable resource) හෙවත් යළි ඇති කළ හැකි සම්පතක් ලෙස සැලකෙන්නේ  වර්ෂාපතනය මගින් යළි පුරණය වන හෙයිනි. එසේ වුවද,  ඕනෑම  එක් කලාපයක් තුළ කාල ඒකකයක පවතින ප‍්‍රමාණය අතින් ගතහොත් ජලය සීමිතය (finite).  මහාද්වීපය බොහොමයකට ලැබෙන සාමාන්‍ය වර්ෂණය වසරකට මිලිමීටර 700කට බැගින් හෙක්ටරයාරයකට ලීටර් හතකි. එහෙත්  මහාද්වීප අතර මෙන්ම මහාද්වීප ඇතුළත ද මේ ප‍්‍රමාණය වෙනස් විය හැකි වේ. පොදුවේ ගත් කළ, ලබා ගත හැකියාව ඇති ජල ප‍්‍රමාණය වසරකට ඒක පුද්ගලව ලීටර මිලියන එකකට වඩා අඩු වූ විට ජාතියක (රටක) ජලය හිඟ යයි සැලකේ. මේ අනුව, අපි‍්‍රකා මහාද්වීපයේ වාර්ෂික වර්ෂා පතන සාමාන්‍යය මිලිමීටර් 640ක් වූයේ වී නමුත් එහි අධික උෂ්ණත්වය හා සුළං සීඝ‍්‍ර වාර්ෂීභවනයට අනුබල දෙන හෙයින් අපි‍්‍රකාව සාපේක්ෂව ශුෂ්කය. අඩු මට්ටමක වර්ෂාපතනය ලැබෙන ප‍්‍රදේශ හෙවත් කලාප උග‍්‍ර ජල හිඟයකට මෙන්ම ප‍්‍රමාණවත් නොවන බෝග අස්වැන්නකටද මුහුණපායි. නිදසුනක් දක්වන්නේ නම්, ඊජිප්තුව, ජෝර්දානය, සෞදි අරාබියාව, ඊශ‍්‍රායලය, සිරියාව, ඉරාකය සහ ඉරානය ඇතුළුව මැදපෙරදිග රටවල් 14න් නවයකට ප‍්‍රමාණවත් මිරිදිය නොමැත.

Water droplet with the earth in it.ජල සම්පත් කළමනාකරණයේදී, සමස්ත කෘෂිකාර්මික, සාමාජීය සහ පාරිසරික පද්ධති සැලකිල්ල ගත යුතුවේ. ඇමරිකා එක්සත් ජනපදය ගතහොත්, විල්, ගංගා, භූගත ජලය සහ ජලාශවලින් සැලකිය යුතු ජලය ප‍්‍රමාණයක් පුද්ගලයන්ගේ, නගරවල, ගොවිපළවල සහ කර්මාන්තවල අවශ්‍යතා සපුරාලීම පිණිස ඉවත් කර ගැනීම නිසා රටේ ඇතැම් ප‍්‍රදේශවලට ජලය ලබාගැනීමේදී දැනටමත් දැඩි පීඩනයකට මුහුණ දී සිටියි. ජලය සාධාරණව ලබාදීම සඳහා ස්ථානගත කිරීම පිණිස ඇතැම් අවස්ථාවල නීති සම්පාදනය කළ යුතුවේ. නිදසුනක් දක්වතොත්, ටෙක්සාස් වෙත ප‍්‍රමාණවත් ජල ප‍්‍රවාහයක් සහතික කරනු වස් නිව් මැක්සිකෝවේ පෙකොස් (Pecos) ගංගාවේ රඳවා ඉතිරි කර තැබිය යුතු ජල ප‍්‍රමාණය තීරණය කරන්නේ නීති මගිනි.

භූගත ජල සම්පත්, ගබඩා තුළ ජල සම්පත් ගැන මෙන්ම ජලය භාවිතය හා පරිභෝජනය ගැන මේ මාතෘකාව යටතේ තතු සපයන ඊළඟ ලිපියෙන් බලාපොරොත්තුවන්න. ජල සම්පත් කෘෂිකාර්මික හා පාරිසරික ගැටලූ  මැයෙන් සම්පාදනය කරන ලිපි මාලාවේම කොටසකි මෙය. ලිපි පෙළ සකසා ඇත්තේ ලෝකයේ ජල සම්පත, ජල සම්පත් භාවිතය සහ එහිදී මතුවන ගැටලූ  හා වාද විෂයයන් අළලා බයෝ සයන්ස් සඟරාවේ (Bio Science) පළ කෙරුණු පර්යේෂණ වාර්තාව ඇසුරෙනි. තවත් ලිපි ඉදිරි තතු කලාපවල පළ කෙරේ. මෙම ලිපිපෙළේ දී විශේෂයෙන්ම කෘෂිකාර්මික පද්ධති මගින් ජලය භාවිත කිරීම විශ්ලේෂණය කිරීමට, ජනගහන වර්ධනය, ජල භාවිතය සහ බෙදා හැරීම, ජෛවී විවිධත්වයේ තත්ත්වය, ස්වාභාවික පරිසරය සහ මිනිසුන්ට වැළඳෙන ජලවාහක රෝග සහ පුද්ගලයන් අතර ඇති අන්තර් සම්බන්ධතාව වාර්තා කිරීමටද උත්සාහ දැරේ. මේ බයෝ සයන්ස් සඟරාව පළ කරනු ලබන්නේ ජෛව විද්‍යාවන් පිළිබඳ ඇමරිකානු ආයතනය මගිනි. නිව්යෝක් නුවර, කෝනෙල් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ ජීවන විද්‍යා විද්‍යාලයේ සේවය කරන පර්යේෂකයන් වන  David Pimentel, Bonnie Berger, David Filiberto, Michelle Newton, Benjamin Wolfe, Elizabeth Karabinakis, Steven Clark, Elaine Poon, Elizabeth Abbett, And Sudha Nandagopal විසින් සඟරාවේ 54 වෙළුම 10 ට කලාපයට Water Resources: Agricultural and Environmental Issues යන හිසින් මේ පර්යේෂණ වාර්තාව සපයා තිබුණි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: