විදු නැන නුවණ – Science Literacy for All

කෘතිම බුද්ධිය : කෙටි හැඳින්වීමක්

ස්වායත්ත වාහනවල සිට දත්ත තැනීම දක්වා වූ පුළුල් පරාසයක් තුළ අද අප ජීවත් වන්නේ බුද්ධිමය යන්ත‍්‍ර වකවානුවකයි

‘කෘතිම බුද්ධිමය යනු කුමක් ද?’ අපි මේ ප‍්‍රශ්නය ගූගල් වෙත යොමු කරමු.  ඊට පිළිතුරු වශයෙන් ගූගල් අපට ගෙන එන පිළිතුර මෙයයි: “ ඔබ අදහස් කළේ කෘතිම බුද්ධිය යන්න ද?’’ :   මෙය සැබැවින්ම, අප ඇසුවේ එයම තමයි.  මේ අතර වාරයේ අපට අපේ මුග්ධභාවය හැඟී යන්නේ බුද්ධිමත් යන්ත‍්‍රයක් තත්පර 0.15 කින් අපේ සැලකිල්ල යොමු කිරීම සඳහා ප‍්‍රතිඵල 17,900,500 ක් ඉදිරිපත් කර අවසන්.  මේ ප‍්‍රතිඵලවලට වීඩියෝ, ශ‍්‍රව්‍ය, ඵෙතිහාසික වාර්තා මෙන් ම නවතම ශීර්ෂ පාඨ උපුටදනද ඇතුළත්. ඒ මදිවාට ඒවා අදාලත්වය සහ විශ්වසනීයත්වය සැලකිල්ලට ගනිමින් ප‍්‍රමුඛතාව අනුව පිළිවෙලට දක්වා ඇත.  (අද මෙම පෝස්ටුව උත්පතනය කිරීමට මදකට කලින් ගූගල් කළ විට තත්පර 0.48  ක් ඇතුළත ලැබුණු ප‍්‍රතිඵල සංඛ්‍යාව  62,500,000  කි)

ai_0

වසර විසි පහකට පමණ පෙර, (ඔව් අවුරුදු 25 ක් තමයි) මෙවැනි විස්කමක් ගැන සඳහන් වුනා නම් ඒ විද්‍යා ප‍්‍රබන්ධ කතා වල පමණකි. එහෙත් අද අපි මෙයට ‘තාක්ෂණය’ යන වදන යොදා ගනිමු.

කෘතිම බුද්ධිය යන්න මෙයට වසර 60 කට අධික කාලයකට පෙර ආරම්භ වූයේ දීප්තිමත් ඉංග‍්‍රීසි ජාතික ගණිතඥයෙකු වන ඇලන් ටියුරින් නැගූ දාර්ශනික ප‍්‍රශ්නයක් ලෙසටය. “යන්ත‍්‍රවලට සිතිය හැකි ද?’’ යන්න එම ප‍්‍රශ්නයයි. ‘කෘතිම බුද්ධිය’ යන තේරුම ගෙන දෙන ‘artificial intelligence’  මුලින් ම මුද්‍රිත මාධ්‍යයකින් එළි දැක්කේ 1955 වසරේදී ය.  ඒ, ගිම්හානයේ පවත්වන ශාස්ත‍්‍රාලීය සමුළුවක් පිළිබඳ යෝජනවකය. ‘උගැනීමේ සහ බුද්ධියේ අනෙකුත් ලක්ෂණ පිළිබඳ සෑම අංශයක් ම ප‍්‍රතිපත්තියක් ලෙස කොපමණ නම් යථාතථ්‍යව විස්තර කළ හැකිද යත් එය විඩම්බනය  සඳහා යන්ත‍්‍රයක් වුව නිෂ්පාදනය කළ හැකිය යන උපකල්පිතය අධ්‍යයන කිරීම සඳහා එම සමුළුව පැවැත්විණ.

කෘතිම බුද්ධිමය විද්‍යාවෙහි හරය වශයෙන් ඇත්තේ බුද්ධියෙහි ආවේනික යාන්ත‍්‍රණයක් අවබෝධ කර ගැනීම පිණිස ඇති සෝදිසිය යි. ගැටළු නිරාකරණයටත් ඉලක්ක හෝ අභිමතාර්ථ ළඟා කර ගැනීමටත් ඇති හැකියාව මානවයන් තුළ හෝ යන්ත‍්‍ර තුළ බුද්ධිය ලෙස විග‍්‍රහයට ලක් කළ හැකිය. කරුණු කාරණා සිදු වී ඇති ආකාරයටල කෘතිම බුද්ධිය අධ්‍යයනය කිරීම පිණිස උත්කෘෂ්ටතම යන්ත‍්‍ර පරිඝනකයි. ඒ මන්දැයි විමසතොත් දැක්විය යුත්තේ පරිඝනක ඉගැන්වීමට ලක් කළ හැකි වීමයි. වෙනත් අන්දමකට දක්වතොත් පරිඝනකවල ඉගැන්වීමට අපට ඇති හැකියාව ඉතා ඉහළයි. අඩ සිය වසක කාලය තුළ පර්යේෂකයෝ සංජානන මනෝ විද්‍යාව – ඒ කියන්නේ මානවයන් සිතන ආකාරය – අධ්‍යයන කරමින් මානව බුද්ධියෙහි තර්කානුකූල යාන්ත‍්‍රණයක් අනුකරණයට ලක් කරන විශද ගණිතමය සූත‍්‍ර හෝ ඇල්ගොරිතම ලිවීමට උත්සාහ කළහ.

Robots-The-Possibilities-of-Artificial-Intelligence-650x406

අති විශාල සංඛ්‍යාවක් ගණනය කිරීම් අවශ්‍ය වන අතිශය තාර්කික ගැටළු විසඳීමේ ද යන්ත‍්‍ර අති විශේෂ ආකාරයකට බුද්ධිමත් බව ඔප්පු වී තිබේග උදාහරණයක් ලෙස IBM නිපද වූ (Deep Blue) නම් චෙස් ක‍්‍රීඩාවේ යෙදිය හැකි පරිඝනකය දැක්විය හැකිය. චෙස් ලෑල්ලේ සිදු කළ හැකි අපරිමිත එහා මෙහා කිරීම් සහ  ඊට ප‍්‍රතිචාර වශයෙන්  පෙනෙන එහා මෙහා කිරීම් ගණනය කරමින් ජගත් චෙස් ශූර හැරී කැස්පරොව් පරාජය කිරීමට ඊට හැකියාව ලැබිණ.

කෘතිම බුද්ධිය පිළිබඳ සරල විග‍්‍රහයකින් විස්තර වන්නේ එය සැලකිලිමත් වන්නේ පරිඝනක වඩාත් බුහුටි කිරීම පිණිස පරිඝනක වැඩසටහන් සැලසුම් කර සැකසීමට බවයි. මේ අනුවල කෘතිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ නාභිගත වන්නේ බුද්ධිමත් චර්යාව කෙරෙහි ආගණනීය ප‍්‍රවේශයන් වර්ධනය කිරීම අරභයාය.  එවැනි පර්යේෂණවල අරමුණු දෙකකි. 1. යන්ත‍්‍ර වඩාත් වැඩදායි බවට පත් කිරීම සහ 2. බුද්ධිය අවබෝධ කර ගැනීමයි

කෘතිම බුද්ධියට අදාළ වන වැඩසටහන් මූලික වශයෙන් සංකීර්ණතාවල අවිනිශ්චිතතාව සහ අර්ථ ව්‍යාකූල බව සම්බන්ධ සංකේතාත්මක ක‍්‍රියාදාමයන් ය. මෙම ක‍්‍රියාදාමයන් වන්නේ සාමාන්‍යයෙන් ඇල්ගොරිතමික විසඳුම් නොපවතින එමෙන් ම සෙවීමක් අවශ්‍ය ඒවාය.  මේ අනුව කෘතිම බුද්ධිය කටයුතු කරන්නේ, ලෝකය හා ගණුදෙනු කිරීමේ දී මානවයන් අඛණ්ඩව මුහුණ පාන ගැටළු විසඳීම් සහ තීරණ ගැනීම් ආකාරයන් සමගය. මිනිසුන් සිය ගැටළු බොහොමයක් විසඳන්නේ මුල් කාලයේ කෘතිම බුද්ධිමය පර්යේෂණ මගින් ආකෘති ගත කළ දැනුවත්ව, පියවරෙන් පියවර ගන්නා නිගමනවලට වඩා හදිසිල ප‍්‍රතිභානීය නිගමනයන් මාර්ගයෙනි. මේ ආකාර ‘උප සංකේතාත්මක’ (sub-symbolic) ගැටළු විසඳීමේ දී කෘතිම බුද්ධිය යම් පමණක ප‍්‍රගතියක් අත් කරගෙන ඇත.

images (14)

දැනුම් නිරුපනය (knowledge representation) සහ දැනුම් ඉංජිනේරු ශිල්පය(knowledge engineering) ද කෘතිම බුද්ධියට කේන්ද්‍රීය වේ. කෘතිම බුද්ධිය මගින් නිරුපනය කළ යුතු දේ අතර වස්තු,  ගුණ (properties), ප‍්‍රවර්ග හා වස්තු අතර සම්බන්ධතා, අවස්ථා, සිද්ධි, අවධි සහ කාලය හේතුඵල දැනුම පිළිබඳ දැනුම පර්යේෂණ එපමණ සිදු කර නැති  තවත් බොහොමයක් වේ.

HOW IT WORKS Computing  ග‍්‍රන්ථයෙහි Artificial Intelligence යන ලිපිය Introduction to Artificial Intelligence & Expert Systems යන පර්යේෂණ වාර්තාව ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: