විදු නැන නුවණ – Science Literacy for All

කොලොස්ටරෝල් අඩුකිරීමට දෙන ස්ටැටින් ස්නාසාවේදීය බලපෑම් ඇතිකරයිද?

ඉහත ප‍්‍රශ්නයට කෙළින්ම පිළිතුරු සපයන්නේ නම් කිව හැක්කේ ස්ටැටින් ස්නාසාවේදීය බලපෑම් ඇති කරන බවයි. මේ ඖෂධ සාමාන්‍යයෙන් නිර්දේශ කරනු ලබන්නේ කොලෙස්ටරෝල් අඩුකර එමගින් හෘදාබාධය සහ අඝාතය(stroke) පිළිබඳ අවදානම හීන කිරීමටයි.  කි‍්‍ර.ව. 2003 සිට 2012 දක්වා කාලය ගතහොත් වයස අවුරුදු 40 හෝ ඊට වැඩි ඇමරිකානුවන් දළ වශයෙන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් කොලෙස්ටරෝල් අඩුකිරීමේ ඖෂධ ගන්නා බව ඇමරිකා එක්සත් ජනපදයේ රෝගපාලනය හා වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානය(US Center for Disease Control and Prevention) පෙන්වා දෙයි. එහෙත්, අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ ස්ටැටින් අපගේ නින්ද සහ චර්යාව කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බවයි.  ඊට අමතරව සමහර විට චිත්ත වික්ෂේපය(dementia) ඇතුළුව ස්නායු පරිහානි තත්ත්වයන්ගේ ගමන් මග ද වෙනස් කළ හැකියි.

388x210_Can_Statins_Make_You_Tired

වඩාත් බහුලව දැකිය හැකි අහිතකර බලපෑම් අතර මාංශපේශී රෝග ලක්ෂණ, විඩාව (fatigue) සහ  ප‍්‍රජානන ගැටලූ (cognitive) වේ.  මීට අමතරවල සුළු රෝගීන් පිරිසක් අත් පා අග දනවන ගතිය, හිරිවැටීම හෝ පොපියන ගතිය වැනි පර්යන්ත ස්නායුවල ආබාධ, නිදා ගැනීමේ අපහසුව සහ නොරුස්සන ස්වභාවය හෙවත්  උත්කූප්‍යතාව(irritability) මෙන්ම ආක‍්‍රමණශීලී හැසිරීම් රටා ගැන වාර්තා කරයි.  ස්ටැටින් ගැන සඳහන් කිරීමේදී උනන්දුව දනවන කාරණාවක් වන්නේ ඒ ඒ පුද්ගලයන් සෞඛ්‍ය ඉතිහාසය, ස්ටැටින් වර්ගය සහ මාත‍්‍රාව මත පදනම්ව ස්ටැටින් විවිධ රෝගීන් අතරේ විවිධාකාර ප‍්‍රතිඵල පෙන්නුම් කිරීමයි .  නිදසුනක් දක්වතොත්, මොළයේ කොටසකට ඔක්සිජන් සැපයීම ධමනියක් සිරවීමෙන් හෝ රුධිර කැටියක් නිසා අවහිර වූ විට ඇතිවන රක්තහීන ආඝාතය(ischemic strokes) හට ගැනීමේ අවදානම අඩුකිරීමට ස්ටැටින් සාමාන්‍යයෙන් උපකාරී වන්නා සේම රක්තපාත ආඝාතය(hemorrhagic strokes)  හෙවත් මොළය තුළට ලේ බැසීමේ අවදානම වැඩි කිරීමටද හේතුවෙයි .  ආක‍්‍රමණශීලීත්වය අඩුකිරීමට මෙන්ම වර්ධනය කිරීමටද ස්ටැටික් දායක වෙයි .

images (16)

සැන්දියාගෝ හි කැල්ෆෝනියා සරසවියේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය බියටි‍්‍රස් ඇලෙක්සැන්ඩ‍්‍රා f.dලොම්බි සහ සගයින් 2015 oS නිරීක්ෂණය කර ඇති අන්දමට සාමාන්‍යh ගත් කළ ස්ටැටිka භාවිත කරන කාන්තාවන්ගේ ආක‍්‍රමණශීලීත්වය වර්ධනය වී ඇත .  පුරුෂයින් ආකෘතිකව wvq ආක‍්‍රමණශීලීත්වයක් දැක්වූ අතර එය ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් පහළ යාම හේතුකොට ගෙන යයි පර්යේෂකයෝ සිතති.  කෙසෝ වෙතත් අධ්‍යයනයට භාජනය කළ ඇතැම් පිරිමින්ගේ ආක‍්‍රමණශීලී ස්වාභාවය වැඩි වූ අතර එය නින්ද යාම අඩුවීම හා සහ සම්බන්ධය .

 

චිත්ත වික්ෂේපය (ඩිමෙන්සියාව) පාකිත්සන්ගේ රෝගය හෝ මාංශපේශී පටක හානියට පමුණුවන පාර්ශවීය පැති කුදය (amyotrophic lateral sclerosis ALS) වැනි ස්නායු පරිහානී රෝගාබාධවලට ද ස්ටැටින් භාවිතය බල පෑ හැකිය .  නිදසුනක් දක්වතොත් ,  ස්ටැටින් ගන්නා සමහර රෝගීන්ට ALS හෝ මාංශපේශී ක‍්‍රමයෙන් ක්ෂයවන ALS වැනි තත්ත්වයන් වර්ධනය විය හැකිය. ස්ටැටික් භාවිතය නතර කළාට පසුව එවැනි රෝගීන්ගේ එම ආබාධ තත්ත්වය පහව යයිග අඩුතරමින් එවැනි රෝගීන්ගේ හෝ රෝග ලක්සණ මුදා හැරීමට ස්ටැටින් භාවිතය කිසියම් භූමිකාවක් ඉටු කරයිග එහෙත් සමහර අවස්ථාවන්හි දී එවැනි තත්ත්වයන් වර්දනය වීම වළක්වාලීමට ද ස්ටැටින් භාවිතය උපකාරී විය හැකිය.

Human brain illustrated with millions of small nerves - Conceptu

මේ උභතෝකෝටිකය පැහැදිලි කළ හැකි එක්තරා අදහසක් වන්නේ ස්නායු පරිහානී රෝගවලට සම්බන්ධ වූ  ඔක්සිකාරක ආතතිය(oxidative stress) ලෙස දැක්වෙන පටක හානිය අඩු හෝ වැඩි කිරීමට ස්ටැටින් දායක වන බවයි .  ස්ටැටින්වල බලපෑම සංකීර්ණයි.  ස්ටැටින් භාවිතය මගින් ඇති විය හැකි ස්නාසාවේදීය ගැටලූ ගැන තවත් දැනුම වර්ධනය කරගැනීමට මෙන්ම මේ ආකාර සංකීර්ණතාවලට ගොදුරු වූවන් වඩා හොඳින් රැක බලා ගන්නා ආකාරය පැහැදිලිකර ගැනීමට ද තව දුරටත් අධ්‍යයන සිදු කළ යුතු බව මහාචාර්ය ගොලොම්බි ඇතුළු පර්යේෂකයෝ පෙන්වා දෙති.

Scientific American’s ASK THE EXPERTS හී පළවූ  Do Statins Produce Neurological Effects? යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: