විදු නැන නුවණ – Science Literacy for All

පරිණාමය : යථාව හා සිද්ධාන්තය

පරිණාමය යනු ස්වභාවධර්ම විපර්යාසයන්ගේ ප‍්‍රධාන රටා ද, මෙම විපර්යාසයන් හෙවත් වෙනස්වීම ඇතිවන්නේ කෙලෙසද යන්න විපර්යාසයේ ෆොසිල සහ ජානමය සාක්ෂි පිළිබඳව ද පැහැදිලි කර දෙන යථාවක් මෙන්ම සිද්ධාන්තයක් ද වේ. කාලය ගෙවී යද්දී ජීවින් විපර්යාසයන්ට ලක් වූ ආකාරය පරිණාමය සිද්ධාන්ත මගින් පැහැදිලි කෙරේ.

විද්‍යාත්මක අවබෝධය පිණිස කරුණු කාරනා අර්ථාන්විතව, සංයුක්තව පැහැදිලි කර දිය හැකි  යථාවන් මෙන්ම සිද්ධාන්ත ද අවශ්‍ය වෙයි. ජීවීන් වෙනස් වී ඇත නැතිනම් විපර්යාසයන්ට ලක්ව ඇත යන්න හෝ පරිණාමනය වී ඇත යන්න පෘථිවිය මත ජීවයේ ඉතිහාසය තුළ අවිවාදිත කාරණාවකි. තවද, විපර්යාසයන්ගේ ප‍්‍රධාන පෙළේ රටා පැහැදිලි කර දිය හැකි යාන්ත‍්‍රණ ජීව විද්‍යාඥයන් විසින් හඳුනාගනෙ ඒවා පරික්ෂාවට ලක් කරනු ලැබ ඇත. විපර්යාසයන්ගේ රටා ප‍්‍රධාන වශයෙන් හතරකි.

home

ස්වභාව ධර්මයෙහි රටා

පරිණාමීය ජීව විද්‍යාව උත්සාහ දරන්නේ ස්වභාව ධර්මයෙහි ප‍්‍රකටව විද්‍යාමාන වන  රටා හතරක් ගැන පැහැදිලි කිරීම් සැපයීමටයි. මෙයින් මුල් තුන අදාළ වන්නේ ජීවි විශේෂයන්ට යි. හතර වැන්න සම්බන්ධ ෆොසිලවලටයි.

ජීවින්ගේ පෙනුම හා චර්යාව ජානවලට සම්බන්ධය:

ප‍්‍රවේණි ප‍්‍රභේදනය (Genetic variation) මානවයන්ද ඇතුළුව සියලූම ජීව විශේෂයන් අතරේ  අතිවිශාල ප‍්‍රවේණි විවධත්වයක් ඇත. සර්ව සම නිවුන්නු හෝ ක්ලෝන හැරුණු කොට කොයියම්ම පුද්ගලයන් දෙදෙනෙකුටවත් එකම DNA අනුක‍්‍රමය සතු නොවේ. ප‍්‍රවේණි ප‍්‍රභේදනය, රූපානුදර්ශීය ප‍්‍රභේදනයට (phenotypic variation) දායක වෙයි. රූපානුදර්ශීය ප‍්‍රභේදනය යන්නෙන් කියැවෙන්නේ එකම විශේෂයේ ඒකල ජීවීන්ගේ (individuals) පිටස්තර පෙනුමෙහි හා චර්යාවෙහි ඇති විවිධත්වයයි.

නොනැසී පැවැත්ම සඳහා ජීවීන් තම පරිසරයට අනුහුරු විය යුතුය:

අනුහුරුව හෙවත් අනුවර්තනය (Adaptation): ජීවමාන විශේෂ සාමාන්‍යයෙන් සොයා යනු ලබන පරිසරයක් තුළ ජීවිතයට මනාව හැඩ ගැසීමට මග පාදන රූපීය, ජෛවී රසායනික සහ චර්යාමය ගුණාංග සතුව ඇත. නිදසුනකින් මෙය පැහැදිලි කර ගනිමු. පක්ෂීන්ට පියාසර කිරීමට ඉඩ සලසන කුහර සහිත අස්ථි සහ පියාපත් ගැන සලකන්න.  නැතිනම්, ජීව විශේෂ බොහොමයකට සිය විලෝපියයන්ගෙන් වසන්ව සිටීමට ඉඩ සලසන ගුප්ත වර්ණනය (cryptic coloration) ගැන සිතන්න. ඒ ඒ නිශ්චිත පරිසරයන් තුළ ජීවත්වීම පිණිස ජීවීන් කිසියම් (ඉංජිනේරුවෙකු හෝ) මැවුම්කරුවෙකු විසින් නිමැවුම් කරන්නට ඇතැයි යන හරයක් නැති ආකාරයක්, මතයක් මෙම අංග මගින් ගෙනහැර පෑමට පුළුවන.  එහෙත් පරිණාමීය ජෛවී විද්‍යාව ප‍්‍රදර්ශනය කර ඇත්තේ අනුහුරු හටගන්නේ ප‍්‍රවේණි ප‍්‍රභේදනය මත කි‍්‍රයාකරන වරණයෙන් (selection acting on genetic variation) බවයි.

පොදු පූර්වජයෙකුගෙන් ජීව විශේෂයන් විවිධ මං ඔස්සේ මරිණාමය වී ඇත:

අපසාරිකාව (Divergence) : ජීවමානව සිටින සියලූ ජීවීන් එකිනෙකාගෙන් වෙනස් වේ. සමහර අවස්ථාවල මෙම වෙනස්කම් සියුම්ය. අනෙකුත් අවස්ථාවල වෙනස්කම් කැපී පෙනෙනා තරමට ප‍්‍රබලය. (ස්වීඩන ජාතික උද්භිත විද්‍යාඥ) කරෝලස් ලිනියස් (1707-1778) යෝජනා කළ වර්ගීකරනය (classification) අද ද සුළු වෙනස්කම් සහිතව භාවිත කෙරේ. නූතන කි‍්‍රයාපටිපාටියේදී සමාන විශේෂයන් ගණ වශයෙන් වර්ග කෙරෙන අතර සමාන ගණ කුලයකටද සහ ඒ යනාදී වශයෙන් වර්ග කෙරේ. මෙකී ධුරාවලිගත සම්බන්ධතා රටාව මගින් රුකක් (වෘක්ෂයක්) බඳු රටාවක් නිර්මාණය කරයි. ඉන් ගම්‍යකරන්නේ පොදු පූර්වජයෙකුගෙන් භින්න සහ අපසාරීවූ කි‍්‍රයාදාමයකි.

පරිණාමීය විපර්යාසයක් පිළිබඳ සාක්ෂි ෆොසිල මගින් සැපයේ:

ෆොසිල ගත විශේෂයන් (Fossil species): ෆොසිල යනු ඛනිජගත අවශේෂ හෝ ට‍්‍රයිලොබයිටයන් (trilobites) සහ ඩයිනසෝරයන් බඳු  කලක් ජීවත්ව සිටි ජීවීන්ගේ ලාංජනයි. ෆොසිල බොහොමයක්ම අයත් වන්නේ දැනට මේ මිහිතලය මත ජීවත් නොවන  සත්ව කණ්ඩායම්වලටයි. විලෝම වශයෙන් ගත් කළ, වර්තමාන විශේෂ බොහොමයක් අනෙකුත් ෆොසිලවලට බොහෝ සමාන බවක් පෙනී ගිය ද  අනුරූපන කාල වකවානුවලට අයත් වන පාෂාණවල නූතන විශේෂයන්ගේ ෆොසිල ඇත්තේ නැත. පෘථිවියේ වර්තමාන වයස වසර බිලියන 4.5ක් ලෙස ගණන් බලා තිබේ. දැනට සොයා ගෙන ඇති පැරණිතම බැක්ටීරියා ෆොසිල වසර බිලියන 3.5ක් පමණ වයසැතිය. මෙයට වසර මිලියන 550ක් පමණ පැරණි (කේම්බි‍්‍රයානු යුගයට අයත්) ෆොසිල, බහු ශෛලික සත්වයන්ගේ විවිධාකාර රාශිගත වීමක් පෙන්නුම් කරයි.

evolution1

ජීවයේ ආරම්භය තවමත් නොවිසඳුණු අභිරහසක්ව පවතී

එහෙත්, මෙයට වසර බිලියන ගණනාවකට පෙර පෘථිවිය මත ප‍්‍රථම ජීවී ස්වරූප හට ගැනීමෙන් පසුව ඇති වී තිබෙන විපර්යාසයන් හෙවත් වෙනස්කම් වටහා ගැනීම පිණිස විදුහුරු රාමුවක් පරිණාමීය ජීව විද්‍යාව මගින් සැපයේ. ජෛවී රසායනඥයෝ, භූ විද්‍යාඥයෝ සහ භෞතිකඥයෝ පෘථිවිය මත ජීවයේ සම්භවය සඳහා ස්වාභාවික පැහැදිලි කිරීමක් පතති. මේ ඉසව්ව සම්බන්ධයෙන් යම් ප‍්‍රගතියක් අත්පත් කරගෙන ඇත්තේ වී නමුත්, ජීවයේ ආරම්භය තවමත් පවතින්නේ සිත් අළවන සුළු එහෙත් පිළිතුරු සපයා නැති ප‍්‍රශ්නයක් ලෙසටය.

විශේෂයක් පරිණාමය වෙද්දී, ඔවුන්ගේ ප‍්‍රවේණි හෙවත් ජානමය සැකසුම වෙනස් වේ:

ප‍්‍රවේණියානු විකෘතීන් සහිත ජනිතයන්(Offspring with genetic mutations) සිය දෙමාපියන්ගෙන් වෙනස් වේ.

ජීවීන් අතර ජාන තැන් මාරු කළ හැකිය.

විකෘතීන් අතුරෙන් සියල්ලම ගහණයක් තුළ ප‍්‍රතිරෝපණය නොවේ.

(ඊළඟ පරපුරට) සිය ජාන පැවරීමට වඩාත්ම ඉඩකඩ ඇත්තේ උචිතයන්ටම බව ස්වාභාවික වර්ණය මගින් තහවුරු කෙරේ.

(පරිණාමයේ යාන්ත‍්‍රණ, පරිණාමය සඳහා සාක්ෂි මෙන්ම අපේ ජීවිතවලට එහි ඇති වැදගත්කම ගැන තවත් තතු ලිපියකින් විස්තර කෙරෙනු ඇත)

 

American Institute of Biological Sciences: Action Bioscience හී  Evolution: Fact and Theory අසුරෙන් සැකසෙන ලිපියක පළමු කොටස

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: