විදු නැන නුවණ – Science Literacy for All

ජල සම්පත්, කෘෂිකාර්මික හා පාරිසරික ගැටළු : ජල භාවිතය හා පරිභෝජනය

මිනිසාගේ විවිධ වූ ක‍්‍රියාකාරකම් වලදී විවිධාකාර සම්පත් වලින් ජලය ඉවත් කර ගන්නේ භාවිතය හා පරිභෝජනය පිණිසය. මෙහිදී අප භාවිතය යන වචනය යොදා ඇත්තේ විවිධ සම්පත් හෝ ප‍්‍රභවයන්ගෙන් ඉවත් කර ගන්නා ජලයෙන් කොටසක් නැවත ප‍්‍රයෝජනයට ගැනීම සඳහා ආපසු සැපයෙන සියළු මිනිස් ක‍්‍රියාකාරකම්වලටය. මෙයට නිදසුන් ලෙස ආහාර පිසීමේ දී යොදා ගන්නා ජලය, සේදීම් සඳහා ගන්නා ජලය මෙන්ම අප ජලය ද දැක්විය හැකියි. මෙයට විලක්ෂණ වශයෙන් ගත් කල පරිභෝජනය සඳහා ගන්නා ජලය ලෙස සැලකෙන්නේ ආපසු ලබා ගැනීමට නොහැකි ජලයයි. නිදසුනකින් පැහැදිලි කළහොත්, ශාක වලින් සිදුවන ජල වාෂ්පීකරණයවන ජලය වායුගෝලයට මුදා හැරෙන අතර ආපසු ලබා ගැනීමට නොහැකි ලෙස සැලකේ.

සජීවීන්ගේ ජල සංයුතිය සියයට 60 සිට 95 දක්වා වේ. මිනිස් අප 60% ක් ජලයයි. සෞඛ්‍යය පවත්වාගෙන යාම පිණිස මිනිසුන් දවසකට එක් අයෙකු ජල ලීටර 1.5 සිට  ලීටර 2.5 අතර ප‍්‍රමාණයක් පානය කළ යුතුයි. බීමට අමතරව ඇමරිකානවන්  අතරින් එක් අයෙක් ඉවුම්පිහුම් වලට, සේදීම් වලට, අපද්‍රව්‍ය බැහැර කිරීමට සහ වෙනත් පෞද්ගලික වුවමනාකම් සඳහා දිනකට ජල ලීටර 400 ක් භාවිතා කරයි. මෙයට ප‍්‍රතිලෝම වශයෙන් අනෙකුත් රටවල් 83 ක සාමාන්‍යය, එක් පුද්ගලයෙකු එක් දිනක් තුළ පෞද්ගලික පරිහරණය වෙනුවෙන් යොදා ගන්නා ජල ප‍්‍රමාණය ලීටර 100 ට අඩුය.

ඇමරිකා එක්සත් ජනපදයෙහි වර්තමානයේ වාරීමාර්ග කටයුතු සඳහා ද ඇතුළුව මිරිදිය ඉවත් කර ගැනීම දිනකට ලීටර බිලියන 1,600 ක් හෙවත් (වෙන විදිහකට දක්වතොත්) එක් පුද්ගලයෙකු එක් දිනකට ලීටර 5,500 ක් පමණ වේ. මෙම ඉවත් කර ගන්නා ප‍්‍රමාණයෙන් 80% ක්ම ලැබෙන්නේ මතුපිට ජලයෙනි. ඉතිරි 20% භූගත ජල ප‍්‍රභව වලින් ඉවත් කර ගැනේ. ජලය ඉවත් කර ගැනීමේ ලොව පුරා සාමාන්‍යය එක් පුද්ගලයෙකු සියළු කටයුතු සඳහා ඉවත් කර ගන්නේ ජල ලීටර 1,970 ක් පමණය.(මෙහිදී ද ඇමරිකාවේ ඒක පුද්ගල සාමන්‍යය ලෝකයේ සෙසු රටවලට වඩා වැඩිය.)  ලොව පුරා ඉවත් කර ගන්නා ජලයෙන් දළ වශයෙන් 70% ක් පරිභෝජනය කෙරෙන අතර ආපසු ලබා ගැනීමට නොහැකිය.

watering_agriculture

කෘෂිකර්මාන්තය සහ ජලය

ප‍්‍රභාසංස්ලේෂණය, වර්ධනය සහ ප‍්‍රජනනය සඳහා ශාකවලට ජලය අවශ්‍ය වේ. ශාක මගින් භාවිතා කරන ජලය නැවත ලබා ගත නොහැකි ලෙස සැලකෙන්නේ, එසේ පරිභෝජනය කරන ජලයෙන් එක්තරා කොටසක් ශාකයෙහි රසායනික සැකැස්මේ කොටසක් බවට පත්වන අතර ඉතිරිය වායුගෝලයට මුදා හැරෙන හෙයිනි. කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රයෝජ්‍යකරණ සහ උෂ්ණත්ව පාලන ක‍්‍රියාදාමය වෙනුවෙන් ශාක විශාල ප‍්‍රමාණයක් ජලය උත්ස්වේදනය (transpire) කළ යුතු වේ. නිපදවෙන භෝගවල වියළි ද්‍රව්‍ය කිලෝග‍්‍රෑමයක් වෙනුවෙන් විවිධ භෝග වර්ග ජල ලීටර 300 සිට ලීටර 2,000 දක්වා ප‍්‍රමාණ භාවිතා කෙරේ. (වගුව බලන්න) භෞමික පරිසර පද්ධතිවලින් වෘක්ෂලතා උත්ස්වේදනය මාර්ගයෙන් වායුගෝලයට ගෝලීය වශයෙන් පැවරෙන ප‍්‍රමාණය, පෘථිවිය මතට පතිත වන සියළු වර්ෂණයන්ගෙන් 64% ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.

Table

භෝග වර්ධනය සඳහා අවශ්‍ය වන අවට පාංශු තෙතමනය විවිධාකාර වේ. නිදසුනක් ලෙස දැක්වුවහොත් ඇ.එ.ජනපදයේ අර්තාපල් වගාවට අවශ්‍ය වන තෙතමන මට්ටම 25% –  50% කි; ඉරිඟු 50% – 70% කි. චීනයේ වී වගාවට අඩුම තරමින් 80% ක පාංශු තෙතමනයක් අවශ්‍යයයි පැවසේ. වර්ෂාපතන රටා, උෂ්ණත්වය, වෘක්ෂලතා ආවරණය, ඉහළ මට්ටමක පාංශු ඵෙන්ද්‍රීය ද්‍රව්‍ය , ක‍්‍රියාකාරී ජෛව සමුද්‍රාය (active soil biota) ජල අපධාවය හෙවත් දියදෝරය (water runoff) යන සියල්ල වර්ෂාපතනය පසට වෑස්සීම කෙරෙහි බලපායි. ශාක මගින් ප‍්‍රයෝජනයට ගනු ලබන්නේ පසට එසේ වෑස්සෙන ජලයයි.

ආහාර සහ සත්ව ආහාර භෝග සඳහා අවශ්‍යවන ජලය භෝග වියළි අස්වැන්නෙහි සෑම කිලෝග‍්‍රෑමයකට ජල ලීටර 300 සිට ලීටර 2,000 දක්වා වේ. නිදසුනකට එක්සත් ජනපදයේ වගා කරන කාලයේ දී ඉරිඟු හෙක්ටයාරයකට (දළ වශයෙන් හෙක්ටයාරයකට කිලෝග‍්‍ර‍්‍රෑම් 9,000 ක් අස්වැන්නක් ඇති) ජල ලීටර මිලියන 6 ක් පමණ ද පාංශු තෙතමනය වායුගෝලයට වාෂ්පිකරණය වශයෙන් තවත් ලීටර මිලියන 1-2.5 ක් දක්වා ප‍්‍රමාණයක් ද අවශ්‍ය වේ.  මින් කියැවෙන්නේ ඉරිඟු වගා කන්නයන් සඳහා මි(මි( 800 ක වර්ෂාපතනයක් අවශ්‍ය බවයි. එක්සත් ජනපදයේ ඉරිඟු වගා තීරුවේ වාර්ෂික වර්ෂාපතනය මි(මි( 800-1000 දක්වා වුවද ගිම්හාන සෘතුවේ වගා කන්නයේ දී නිතර ජල හිඟයට මුහුණපායි.

ඉහළ අස්වැන්නක් සහිත (හෙක්ටයාරයකට සාමාන්‍යයෙන් මෙටි‍්‍රක් ටොන් 7 ක අස්වැන්නක්) වී වගාව සඳහා හෙක්ටයාරයකට දළ වශයෙන් ජල මීටර මිලියන 11 ක් අවශ්‍ය වේ. මෙයට ප‍්‍රතිලෝමව, ඉරිඟු හෝ වී වලට වඩා අඩු ශාක ජෛව ස්කන්ධයක් නිපදවන තිරිඟු හෙක්ටයාරයකින් මෙටි‍්‍රක් ටොන් 2.7 ක අස්වැන්නක් ලබා ගැනීම සඳහා ජල ලීටර මිලියන 2.4 ක් පමණය. වාරිමාර්ග ජලය නොමැති ඉරිඟු වැනි භෝග වලින් අර්ධ- ශුෂ්ක තත්ත්වයක් යටතේ කොපමණ ප‍්‍රමාණයක් පොහොර යෙදුවත් ලබා ගත් හැක්කේ (හෙක්ටයාරයකට මෙටි‍්‍රක් ටොන් 1.00 – 2.5 ක් වැනි) අඩු මට්ටමේ අස්වැන්නකි.

. ජල සම්පත් කෘෂිකාර්මික හා පාරිසරික ගැටලූ  මැයෙන් තතු සම්පාදනය කරන ලිපි මාලාවේම කොටසකි මෙය. ලිපි පෙළ සකසා ඇත්තේ ලෝකයේ ජල සම්පත, ජල සම්පත් භාවිතය සහ එහිදී මතුවන ගැටලූ  හා වාද විෂයයන් අළලා බයෝ සයන්ස් සඟරාවේ (Bio Science) පළ කෙරුණු පර්යේෂණ වාර්තාව ඇසුරෙනි. තවත් ලිපි ඉදිරි තතු කලාපවල පළ කෙරේ. මෙම ලිපිපෙළේ දී විශේෂයෙන්ම කෘෂිකාර්මික පද්ධති මගින් ජලය භාවිත කිරීම විශ්ලේෂණය කිරීමට, ජනගහන වර්ධනය, ජල භාවිතය සහ බෙදා හැරීම, ජෛවී විවිධත්වයේ තත්ත්වය, ස්වාභාවික පරිසරය සහ මිනිසුන්ට වැළඳෙන ජලවාහක රෝග සහ පුද්ගලයන් අතර ඇති අන්තර් සම්බන්ධතාව වාර්තා කිරීමටද උත්සාහ දැරේ. මේ බයෝ සයන්ස් සඟරාව පළ කරනු ලබන්නේ ජෛව විද්‍යාවන් පිළිබඳ ඇමරිකානු ආයතනය මගිනි. නිව්යෝක් නුවර, කෝනෙල් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ ජීවන විද්‍යා විද්‍යාලයේ සේවය කරන පර්යේෂකයන් වන  David Pimentel, Bonnie Berger, David Filiberto, Michelle Newton, Benjamin Wolfe, Elizabethkarabinakis, Steven Clark, Elaine Poon, Elizabeth Abbett, And Sudha Nandagopal විසින් සඟරාවේ 54 වෙළුම 10 කලාපයට Water Resources( Agricultural and Environmental Issues යන හිසින් මේ පර්යේෂණ වාර්තාව සපයා තිබුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: