විදු නැන නුවණ – Science Literacy for All

බඹර මැස්සෝ විද්‍යුත් ක්ෂේත‍්‍ර සොයාගැනීමට සිය අැනෙටනා ෙනාව ඔවුන්ගේ සියුම් ලොම් යොදා ගනිති

දුර්වල විද්‍යුත් ක්ෂේත‍්‍ර සංවේදනය සඳහා බඹර මැස්සෝ (bumble-bees) සිය කැපී පෙණෙන කහ සහ කළු ලෝම යොදා ගනිති. මේ නිගමනයට පැමිණ සිටින්නේ එක්සත් රාජධානියේ විද්‍යාඥයන් පිරිසකි. මෙම කෘමීන් තුළ ස්නායුක ප‍්‍රතිචාරයක් (neural response) හටගන්වමින් විද්‍යුත්ස්ථිතික ක්ෂේත‍්‍රවලට ප‍්‍රතිචාර වශයෙන් බඹර මැස්සන් සිය කුඩා රෝම හෙවත් ලෝම යොදා ගන්නා බව එම විද්‍යාඥයන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත. විද්‍යුත් ක්ෂේත‍්‍රයක් හමුවේ බඹර මැස්සාගේ ඇන්ටෙනාව (ස්පර්ශක) චලනය වුවද ස්නායුක ප‍්‍රතිචාරයක් සොයාගැනීමට පර්යේෂකයන්ට පුදුමයකට මෙන් නොහැකි විය. මී මැස්සාගේ සංකීර්ණ චර්යාව වටහා ගැනීමට මෙම පර්යේෂණය මූලික වන බව එරට අනෙකුත් විද්‍යාඥයෝ ද කියා සිටිති. මී මැස්සන්ගේ සාපේක්ෂව සරල ස්නායුක පද්ධතිය යන්ත‍්‍ර පාදක ඇල්ෙගාරිතම ඉෙගනීම සඳහා අනුප‍්‍රාණයක් සේ සැලකේ.

bumblebee_2870112b-large_trans++pJliwavx4coWFCaEkEsb3kvxIt-lGGWCWqwLa_RXJU8

අත්හදාබැලීම සඳහා ජීව විද්‍යාඥ ග්‍රෙගරි සට්න් බි‍්‍රස්ටල් සරසවියේ සිය සගයන් හා එක්ව පණ පිටින් බඹර මැස්සෙකු ඉටි උපයෝගී කරගනිමින් මැටිවලින් තැනූ කණුවකට ඈ¥හ. තත්පරයකට 1ක ස්පන්ධයකින් වෝල්ට් 480ක් යෙ¥ වානේ තැටියකa සෙ.මී. 1ක් දුරින් අල්ලා මැස්සා තබන ලදී. මෙ මගින් බඹර මැස්සාගේ සියුම් ලෝම එහාට මෙහාට දැඟලීමට සැලැස්වුණු අතර මේ චලනය ලේසර් ඩොප්ලර් වයිබ්‍රොමෙට්රි () නම් ශිල්ප ක‍්‍රමය උපයෝගී කරගෙන මනිනු ලැබීය. මේ ක‍්‍රමයේදී සිදු කෙරෙන්නේ ලේසර ආළෝක කදම්භයක් ලෝම වලට එල්ල කොට පරාවර්තනය වන ආලෝකයෙහි තරංග ආයාම මැන බැලීමයි.

විද්‍යුත් ක්ෂේත‍්‍රය මගින් කොපමණ දුරට ලෝම අපගමනය (deflect) කරනු ලබන්නේ ද යන්න ගණනය කිරීමට ලෝමවල චලනය දැන සිටී පර්යේෂක කණ්ඩායමට හැකි විය. අනතුරුව කුඩා, තියුණු සිහින් ඉඳිකටුවක් ලෝමයේ මුලට ඇතුල් කිරීමෙන් ලෝමයේ චලනයට ප‍්‍රතිචාර දක්වන නියුරෝනවලින් එන විද්‍යුත් සංඥාව සොයා ගැනීමට පර්යේෂකයන්ට හැකි විය. විද්‍යුත් ක්ෂේත‍්‍ර සොයා ගැනීමට බඹර මැස්සාට උපකාරී වුනේ ලෝම පමණක් වීම පර්යේෂකයන් පුදුමයට පත් කළේය. ඔවුන්ගේ මුල් උපකල්පනය වුණේ විද්‍යුත් ක්ෂේත‍්‍රයට ස්නායුක ප‍්‍රතිචාරය මැස්සන් ඇන්ටෙනාවෙන් පැන නගින්නක් බවයි.”විද්‍යුත් ක්ෂේත‍්‍රයට ඇන්ටෙනාව මගින් ප‍්‍රතිචාර ලබාගැනීමට අපි එකිනෙකට වෙනස් උත්සාහයන් පන්සියකට වැඩියෙන් දැරුවා” සට්න් කියයි, “ ඒත් ඒක කරන්න අපට බැරි වුණා”. එපමණක් නොව බඹර මැස්සාගේ පිහාටු හෝ පාද ද විද්‍යුත් ක්ෂේත‍්‍රයට ප‍්‍රතිචාර නොදක්වන බවද පර්යේෂකයන්ට පෙනී ගියේය. එහෙයින් ඔවුන් නිගමනය කළේ විද්‍යුත් ක්ෂේත‍්‍ර සංවේදනයට හෙවත් විද්‍යුත් ප‍්‍රතිග‍්‍රහණයට (electroreception) දායක වන්නේ මැස්සාගේ ලෝම බවයි.

1cb02f34dfbc7d46034d725f28a22f98මේ නවතම සොයා ගැනීම සිදුවන්නේ මෙම පර්යේෂක කණ්ඩායම ම 2013 වසරේ දී සිදු කළ අධ්‍යයනයට පසුගාමීවය. බඹර මැස්සන්ට විද්‍යුත් ක්ෂේත‍්‍ර සංවේදනය කළ හැකි බව සොයා ගැනුනේ 2013 වසරේ අවසානයේදීය. එක් එක් වර්ගයේ පුෂ්පයන් ගතහොත් එකිනෙකට වෙනත් විද්‍යුත් ක්ෂේත‍්‍ර රටාවක්  ඇති අතර මල කරා පැමිණීමට මැස්සාට උපකාරී වන්නේ මෙකී විද්‍යුත් සංවේදී හැකියාව යයි විශ්වාස කෙරේ.

“බඹර මැස්සෙක් මුල්ම වතාවට (මී) වදයෙන් එළියට එද්දී මලක් සතුව කුමන ආකාරයේ පෙනුමක් තිබේදැයි අවබෝධයක් නැහැ” සට්න් පැහැදිලි කරයි. ඉතින් මැස්සා සිය ප‍්‍රථම පුෂ්පය මුන ගැසෙන විට එම පුෂ්පයෙන් රොන් හා පරාග ලබා ගන්නේ කෙසේදැයි  සිතා ගැනීමට බඹර මැස්සාට කල්පාන්තයක් ගත වෙනවා. එහෙත් විද්‍යුත් ක්ෂේත‍්‍ර සංවේදනය කිරීමට හැකියාව තිබීම හේතුවෙන්, රොන් උරා ගැනීමේ යන්ත‍්‍රණයන් නැවත ඉගෙනීමේ අවශ්‍යතාව මග හරවමින්  තමන් දැන හඳුනන මල් ම ඉලක්ක කර ගැනීමට මේ මැස්සන්ට අවකාශ සැලසෙයි. “කොකා කෝලා බීම බෝතලය තමන්වම ප‍්‍රචාරණය කරනවා වාගේ මලක්ද තමන්වම ප‍්‍රචාරණය කර ගන්නේ බහුඉන්ද්‍රීය ආකර්ෂණයකින්” සට්න් සඳහන් කරයි. “බීම බෝතලය ගත්තොත් අපට එය හඳුනා ගැනීමට උදව්වෙන්නේ කොකා කෝලා කියන නාමය පමණක් නොවෙයි.  එහි වර්ණය, බෝතලයේ හැඩය සහ එය ස්පර්ශ කරන විට එහි වයනය ද (texture) ඒ සඳහා අපට උදව් වෙනවා. ඒ ආකාරයටම මලකත් ඊට ආවේණික වර්ණයක් සුවඳක් රසයක් සහ ඔව් – විද්‍යුත් ක්ෂේත‍්‍රයක් තිබෙනවා. මී මැසි සතුන්ගේ සංවේදන හැකියාවන් අවබෝද කර ගැනීම ඔවුන්ගේ චර්යාවට වටහා ගැනීම ඊට මුල් වෙනවා” යයි පෙන්වා දෙන ප‍්‍රංශයේ Paul Sabatier විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ මැකී ලිහොරී “මීමැස්සන් සිය වට පිටාව ගැන දැන ගැනීමට විද්‍යුත් ක්ෂේත‍්‍ර යොදාන බවක් අප මීට වසර තුනකට පෙර දී  දැන සිටියේ නැහැ.  ඇත්තටම මේ අධ්‍යයනය වැදගත් දෙයක් යයි” කියා සිටියි. ලිහොරී මෙම අධ්‍යයනයට සහභාගී නොවූ අයෙකි. සං ජානනය ගැන හැදෑරීම සඳහා මීමැසි වර්ග කදිම මොඩලයකි. මන්ද ඔවුන්ගේ මොළයෙහි ඇත්තේ නියුරෝන මිලියනයක්  පමණක් වුවත් (මිනිස් අපගේ මොළයෙහි එම ප‍්‍රමාණය මෙන් 100,000 ක ගුණයක් නියුරෝන ඇත.) ඔවුනට එකිනෙකා හා සංවේදනය කිරීම ඇතුලූව සංකීර්ණ කාර්යයන් ඉටු කළ හැකියි. රොබෝවරුන්ගේ තීරණ ගැනීමේ ඇල්ගොරිතම අනුප‍්‍රාණය ලබන්නේ මී මැසි චර්යාවෙන් යයි ලිහොරී ප‍්‍රකාශ කරයි. නූතන තාක්ෂණයට අදාළ විද්‍යුත් ක්ෂේත‍්‍ර බඹර මැස්සන්ගේ සංවේදන හා නිරෝධනයක් ඇති කරන්නේ ද යන්නද සොයා බැලිය යුතු වැදගත් ප‍්‍රශ්නයක් ලෙස ලිහොරී දකියි. බඹර මැස්සන්ගේ ලෝම අනුනාදයවන සංඛ්‍යාතය කිලෝහර්ට්ස් 4ක් පමණ වන බව පර්යේෂක කණ්ඩායම විසින් සොයා ගනු ලැබ ඇත. එය සාමාන්‍යයෙන් සංනිවේදනයට යොදා ගන්නා සම්මතවලට  වඩා බෙහෙවින් අඩුය. එහෙත් මෙය සොයා බැලීමට වටිනා වැදගත් ප‍්‍රශ්නයක් බව සට්න් පිළිගනියි.

Bumble bees

physicsworld.com හී පළවූ  Bumble-bees use their fuzz to detect electric fields ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: