අපගේ වායුගෝලයෙන් වසන්ව යාමට ඔබ්බෙන් අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග පසුබිමෙහි (විද්‍යුත්චුම්භක තරංග ආයාම සියල්ලේදිම ශක්තිය විකිරණය සහ අවශෝෂණය කරන) පෙරැයීම් කළ කළුවස්තු වර්ණාවලිය(predicted blackbody spectrum) සහ සමසාර්වදිශතාව(isotropy) වඩා හොඳින් මැනීම පිණිස පසුගිය වසර 25 තුළ එන්ට එන්ටම සංවේදී බව වැඩිවන අභ්‍යවකාශ නිරීක්ෂණ සිදු කර තිබේ. මෙම අභ්‍යවකාශ ප‍්‍රයත්නයෙහි පුරෝගාමීත්වය දරමින් 1989 දී අන්තරීක්ෂ පසුබිම් ගවේෂක යානය (Cosmic Background Explorer (COBE)) අභ්‍යවකාශ ගත කෙරිණ. එය උපකරණ තුනකින් සමන්විත විය. එනම් DIRBE, DMR සහ FIRAS වේ. අභ්‍යවකාශ යානය ද්‍රව හීලියම් මගින් ශීත කෙරුණු අතර පෘථිවියෙන් සහ සූර්යයාගෙන් ආ හැකි විකිරණයෙන් අපවිත‍්‍ර වීම වැළැක්වීම පිණිස තාප පළිහකින් යුක්ත විය. මෙහි ප‍්‍රථම වඩා වැදගත් වන ප‍්‍රතිඵලය මතුකර දෙනු ලැබුනේ FIRAS මගිනි. මෙම විකිරණය සතුව අනිවාර්යෙන් ම කෙල්වින් අංශක 2.73 ක උෂ්ණත්වයක් සහිත කළුවස්තුවක් ඇති බව එම උපකරණයෙන් සොයා ගනු ලැබීය. එය, සම්මත මහා පිපුරුම් විශ්ව න්‍යාය විද්‍යාව මගින් නිශ්චිතවම පුරොකතනය කළ අන්දම ම විය.
සම්මත මහා පිපුරුම් විශ්ව න්‍යාය විද්‍යාවේදී මුල් කාලයේ විශ්වය සූර්යාගේ අභ්‍යන්තරය සේම සෑම තැනකම ප‍්‍රභාවත් වූ අතර ඝන, බොහෝ කොට අයනීකෘත හයිඩ‍්‍රජන් උණුසුම් වායුවකින් සමන්විතයි. මෙම වායුවේ ඉලෙක්ට්‍රෝන මත්තෙන් පෝටෝන විසිරෙද්දී වායුව සමග තාප සමතුලිතයෙන් යුත් කළුවස්තු වර්ණාවලියක් අත්පත් කරගනී.
විශ්වය ප‍්‍රසාරණය වෙද්දී (මහා පිපුරුමෙන්) වසර 380,000 කට පසුව කෙල්වින් 3000 දක්වා ශීතල විය. හයිඩ‍්‍රජන් අයනීකෘතව තබා ගැනීම පිණිස මුල් කාලයේ විශ්වයෙහි පෝටෝන වලට තව දුරටත් ශක්තිය ඉතිරි වී නොමැත. එවිට, ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන හයිඩ‍්‍රජන් පරමාණු ලෙස ප‍්‍රතිසංයෝජනය විය. එමෙන්ම මූලික වශයෙන් පෝටෝන සිර කරගෙන සිටි ඉලෙක්ට්‍රෝන ද ඉවත් ව ගොස්ය. ඊළඟට විශ්වය අඳුරු වී යන අතර වායුව හරහා කෙළින්ම පෝටෝන ගලාගෙන යයි මෙම ඊනියා ප‍්‍රතිසංයෝජන වකවානුවට පසුව විශ්වය ප‍්‍රමාණයෙන් 1000 සාධකයකින් ප‍්‍රසාරණය වී ඇත. මෙකී දැවැන්ත ප‍්‍රසාරණය හේතුකොට ගෙන කළුවස්තු පෝටෝන රක්ත විස්ථාපනයට ලක්ව ඇත- ඒවායේ තරංග ආයාමයන් ප‍්‍රකාශ තරංග ආයාමයේ සිට ක්ෂුද්‍ර තරංග දක්වා ඇදී ගොස් තිබේ. මෙලෙස අද අප දකින් නිරීක්ෂිත ක්ෂුද්‍ර තරංග පසුබිම වයස අවුරුදු 380,000 ක් ගිය තැන විශ්වයේ ඡායාරූපයකි. මෙකී අත්‍යන්ත පසුබිමට ඔබ්බෙන් අපට දැක ගත නොහැකිය. මන්ද කීවොත් එකී මුල් කාලයේ විශ්වය පරාන්ධව ප‍්‍රභාවත් වූ නිසාවෙනි.
COBE අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිම් සමසාර්වදීශ නිරීක්ෂණයේ එල්ලය වූයේ අද කිරීක්ෂණය කිරීමට හැකි විශාල පරිමානයේ මන්දාකිණි ව්‍යුහයන්ට මග පාදා දුන් වසර 380,000 ක් වයසැති විශ්වයේ කුඩා පරිමානයේ ඝනත්ව උච්චාවචනයන් සොයා ගැනීමයි. අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිම් උෂ්ණත්වයේ අනුරූප අවකාශමය විචල්‍යයන් සෙවීම පිණිස අධි සංවේදීතාවයෙන් සහ අංශක 7 විභේදනයෙන් මුලූ අහසම නිරීක්ෂණය කරන ලදී. එවැනි සර්ව ආකාශ සිතියමක් විශ්ලේෂණය කිරීමේ දී ප‍්‍රධාන අභියෝගයක් වනුයේ පෙර බිම් විකිරණ ප‍්‍රභවයන්ගෙන් සත්‍ය පසුබිම වෙන්කර ගැනීමයි.
නිදසුනක් ලෙස, DIRBE අධෝරක්ත ආකාශ සිතියම සලකන්න. COBE DMR අත්හදා බැලිම යොදා ගනිමින් සූක්ෂම තරංග පසුබිම සළකන විට අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග සියයට 0.2 තරම් අඩුවන සංවේදීතාවයකින් සහිතව සම්පූර්ණයෙන් ම සර්වසමදීශය. එහෙත්, සංවේදීතාව වැඩි කරන විට ද්විධ‍්‍රැව අසමසාර්වදීශ(dipole anisotropy) දර්ශනය වේ. අසම සර්වදීශ යනුවෙන් මෙහි දී අදහස් කරන්නේ, විවිධ දිශාවන්ගෙන් විවිධ උෂ්ණත්ව පෙනී යාමයි. අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිමෙහි උෂ්ණත්වයේ කුඩා පරිමාණ විචල්‍යයන් තහවුරු වන ආකාරයකට මුලින්ම සොයා ගනු ලැබුවේ COBE මගිනි. වෙනත් වචනවලින් කියතහොත්, අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිමෙහි කුඩා පරිමාණ අසමාසර්වදීශතාව ප‍්‍රථමයෙන් ම පැහැදිලි ලෙස සොයගත් අවස්ථාව එයයි.
ලබන බදාදා විල්කින්සන් සූක්ෂම තරංග අසමාසර්වදීශතා ගවේෂණය (WMAP) ගැන විසතරයක් බලාපොරොත්තුවන්න
මතක් කිරීමක් : Visual Guide to the Universe (by Professor David M. Meyer) ග‍්‍රන්ථය ඇසුරෙන් සකස් කරන ලිපි පෙළ දැන් අවසානය කරා ළඟා වෙමින් පවතී. ඒ ලිපි ඔස්සේ අප ඔබව විශ්වය පුරා මහා චාරිකාවක රැගෙන ගියෙමු. එම අත්දැකීම අපගේ මනැස ඥානාලෝකයෙන් නහවන්නක් බව නිසැකය. තතු රක්ෂණාගාරය හාරා අවුස්සා මුල සිට එම ලිපි එකතු කර ගැනීමෙන් ප‍්‍රයෝජනවත් පොත් පිංචක් සකස් කළ ගත හැකිය.