විදු නැන නුවණ – Science Literacy for All

කැස්බෑවන්ගේ කටුව හුදෙක් ආරක්ෂක ආවරණයක්ම නොවේලු!

සත්වයන්ගේ ආරක්ෂක විධිවිධාන අතරේ වඩාත් කැපී පෙනෙන්නක් ලෙස කැස්බෑ කටුව දැක්විය හැකියි. බැලූ බැල්මට අපට හැඟී යන්නේ විලෝපියන්ගෙන් ආරක්ෂාවීම සඳහා කැස්බෑවන්ට  එම කටු ආවරණය පිහිට වන බවයි. එහෙත්, සෙමින් ගමන් ඇති මේ උරග විශේෂය තුළ මේ ආකාරයේ ප‍්‍රතිමාමය ආරක්ෂක ආවරණයක් පරිණාමය වී ඇත්තේ කෙසේද යන්න විද්‍යාඥයන්ට දිගු කලක් තිස්සේ වද දෙන ප‍්‍රහේළිකාවකි. පුරාතන කැස්බෑවන් හා ඔවුන්ගේ ඉතිරි කර තබා ඇති ෆොසිල වසර ගණනාවක් තිස්සේ අධ්‍යයනය කිරීමෙන් පසුව විද්‍යාඥයන් කණ්ඩායමක් නිගමනයකට පැමිණ ඇත්තේ කැස්බෑවුන්ගේ කවචය ආරම්භක වශයෙන් ප‍්‍රයෝජනයට ගන්නා ලද්දේ ආරක්ෂාව පිණිස නොව හැරීමට බවයි.

119913_web

මෙම සොයාගැනීමට ප‍්‍රධාන වශයෙන් පාදක වී ඇත්තේ තවමත් හානි නොවී පවතින, දුර්ලභ ෆොසිලයක් මතය. එය මෙතෙක් හමුවී ඇති පැරණිතම කැස්බෑවුන්ගේ ෆොසිල අතර එකකි. Eunotosaurus  africanus යනුවෙන් හැඳින්වෙන මෙම පළල් සිරුරකින් හෙබි, අත්ල තරම් ප‍්‍රමාණයෙන්  යුතු උරගයා ජිවත් වන්නට ඇත්තේ වසර මිලියන 260කට පමණ පෙරය. ඌට කවචයක් නොතිබුණි. ශතවර්ෂයක පමණ කාලයක් තිස්සේ මේ උරගයා ගැන විද්‍යාඥයන්ගේ අවධානයක් එතරම් යොමුනොවීය. එහෙත් දකුණු අපි‍්‍රකාවේ කරූ ද්‍රෝණියෙ තිබී හානියට පත් නොවූ යුනොටෝසෝරස් කපාල හෙවත් සැකිලි කිහිපයක්ම සොයා ගැනීමෙන් පසුව විට්වෝටර්සෑන්ඩ් සරසවියේ පර්යේෂකයන් කණ්ඩායමකට ඒ ගැන නැවත සොයා බැලීමට වුවමනා විය.

“මං කැස්බෑවන්ට අදාළ සමුළුවලට ගියාම එහිදී බොහෝ දෙනෙක් කියා සිටින්නේ () කටුව ආරක්ෂාව සඳහා බිහිවූ බවයි. ඒත් ඒ කතා එතරම් අර්ථවත් නැහැ’ යනුවෙන් පවසන්නේ වර්තමාන අධ්‍යාපනය මෙහෙයවන ඩෙන්වර්හි ස්වාභාව දහම හා විද්‍යාව පිළිබඳ කෞතුකාගාරයේ ටයිලර් ලයිසන් පවසයි. කැස්බෑවන්ගේ පර්ශු හෙවත් ඉළ ඇට පුළුල් ව හාවූ විට  නූතන කැස්බෑ කවච මුලින්ම සෑදෙන්නට ඇති බව ෆොසිල හා නූතන කැ්බෑවන්ගේ වර්ධනය වූ අන්දම අධ්‍යයනය කිරීමෙන්  විද්‍යාඥයන් බොහෝ කලක සිට දැන සිටි කාරණයකි. එහෙත් ලයිසන් කියා සිටින්නේ ආරක්ෂක යාන්ත‍්‍රණයක් ලෙස ගත් විට මෙය පුදුම සහගත බවයි. නූතන කැස්බෑවන්ගේ කවච විලෝපියන්ට කැඞීමට නොහැකි තරමටම පාහේ තද අතර එම කවච වටා ඇති ඉළ ඇට සහ මාංශපේශී පෙණහැල්ලට සුළං පිරවීමේදී හා පිටකිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පුරාතන කැස්බෑවුන්ගේ ඉළ ඇට අද අප දන්නා අන්දමේ කවච බවට හාවෙද්දී, ඔහුනට ආශ්වාස ප‍්‍රශ්වාස කිරීම අසීරු කාරණාවක් වන්නට ඇත. ඔවුන්ගේ මැදි භාගය දැඩි වෙද්දී ගමනද මන්දගාමී වන්නට ඇත. ‘’තල්මසුන්ගේ, සර්පයන්ගේ ඩයිනසෝරයන්ගේ මානවයන්ගේ මෙන්ම අනෙකුත් බොහෝ සතුන්ගේ ඉළ ඇට බොහෝ දුරට එක වගේමයි.  කැස්බෑවන්ගේ ඉළ ඇට තමයි වෙනස්. මොකද ඒවා බොහෝ දුරට කවචයේ වැඩි කොටස සෑදීම පිණිස වෙනස්වී ඇති නිසයි.’’ යනුවෙන් ලයිසන් ප‍්‍රකාශ කරයි.

fossil.turtle2

දකුණු අපි‍්‍රකාවේ කරූ ප‍්‍රදේශයේ ගොවිපළකින් සොයා ගනු ලැබුණු පුරාතනම ප‍්‍රාථමික කැස්බෑවා වන යුනොටෝසෝරස්ගේ නව ෆොසිල අපට හඟවන්නේ කැස්බෑ කවචය ආරම්භක වශයෙන් පරිණාමය වූයේ ආරක්ෂාව පිණිස නොව හැරීම සඳහා අනුවර්තනයක් වශයෙන් බවයි. ‘කැස්බෑවන්ට කටුවක් ආවේ කොහොමද? කියන එක පහසුවෙන්ම උත්තර දෙන්න පුළුවන් ප‍්‍රශ්නයක් වගෙයිනේ පේන්නේ. ආරක්ෂාව සඳහා කියලා අපට කියන්න පුළුවන්. ඒත් කුරුළු පිහාටු වුණත් ආරම්භක වශයෙන් ආරක්ෂාව සඳහා පරිණාමය වූ ඒවා නොවෙයි නේ. කුරුල්ලන්ගේ ආදී නෑයන් වන ඩයිනසෝරයන්ගේ පිහාටු පියෑඹීමට භාවිත කළ ඒවා නොවේ. ඒ ආකාරයටම මුල්ම කාලයේ කැස්බෑවන්ගේ කවචයද ඇති වූයේ ආරක්ෂාවට නොව එම ප‍්‍රාථමික කැස්බෑවන් ජීවත් වූ එකල පැවති දරුණු පරිසරයෙන් ගැලවීම පිණිස පොළව යටට හැරීම පිණිසයි.’ ලයිසන් පැහැදිලි කරයි.2C124DCE00000578-3226168-The_fossilised_turtle_is_related_to_modern_turtles_that_dwell_in-m-22_1441705003612

 

මුල්ම කැස්බෑවන් කවචයක් තිබූ පොළව හාරන්නන්ද යන වග නිගමනය කරණුවස් තවදුරටත් පර්යේෂණ පැවැත්විය යුතු වුණත් මෙයින්ද සොබාදහම කෙතරම් අනුවර්තීද යන්න පෙන්නුම් කෙරේ.

 

 

Smithsonian.com හී පළවු  Why the Turtle Grew a Shell—It’s More Than Safety Its armor may have developed for more than safety  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: