විදු නැන නුවණ – Science Literacy for All

සොලවපු සෝඩා බෝතලයකින් වැඩියෙන් සැර පිටවෙන්නේ ඇයි?

හරියට සෝඩා බෝතලේ කැඩුවා වාගෙයි කියලා කතාවක් සමාජයේ තියෙන්නේ කෙනෙකුගේ උනන්දුව ගැන උපමාවෙන් කියන්නයි. ඉක්මනින්ම අවසන් වන උනන්දුවට උපමාවට අරගෙන තියෙන්නේ සෝඩා බෝතලයේ මූඩිය ඇරිය ගමන් ඉක්මණින්ම එහි සැර පිටවී යාමයි. කොහොමවෙතත්, නොසෙල් වු සෝඩා බෝතලයකට වඩා සොලවන ලද සෝඩා බෝතලයකින් බොහොමත්ම ඉක්මණින් සැර පිටවෙන බව අප බොහෝ දෙනා අත්දැකීමෙන් දන්නවා. ඒක එහෙම වෙන්නේ ඇයි කියලා දන්නවාද? අපි හොයලා බලමු.

stock-vector-quirky-drawing-of-fizzing-bottle-50565157සෝඩා බෝතලයක් සමන්විත වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව ද‍්‍රවයේ දිය වී යා හැකිවන පරිදි පීඩනය යටතේ පවතින එම වායු වෙනුයි.  සෝඩා බෝතලය ප‍්‍රවේසමින් හසුරුවමින් මූඩිය ගැලෙව්වොත් දියවූ වායුව සැර දමමින් එළියට ඒමට වේලා ගතවන බව අපි දන්නවා. එහෙම නැතුව බෝතලය සෙලෙව්වොත් නැතිනම් බීම මීදුරුවකට වක්කෙරුවොත් වායු ගැල්මේ අනියම් වෙනස්වීම හෙවත්  වා කැලැඹුම නිසා ඇතිවන බුබුළු දියවු වායුවට ඉක්මණින් පිටවිමට මං සලසනවා. දෙකෙන් කොයි එක වුණත් මූඩිය ගැලෙව්වාට පස්සේ අවසානයේ වායුව, බුබුළු ආකාරයෙන් පිටවී යනවා. බෝතලයේ ඉතිරිවන්නේ වායුව රහිත දියරය පමණයි.

අවික්ෂිප්ත(undisturbed)  ද‍්‍රවයකින් හෙවත් දියරයකින් කාබන් ඩයොක්සයිඩ් වායුව මිදී පිටවිම අසීරුවන්නේ ද‍්‍රවයේ පෘෂ්ඪික ආතතිය(surface tension)  නිසයි. ඒ කියන්නේ බුබුළක් සෑදීමේදී ද‍්‍රව අනු එකිනෙකින් වෙන්විමට අවශ්‍ය ශක්තියයි. සෑදීම ආරම්භ කරන කුඩා බුබුළකට වායුවේ සෑම අණුවක් පාසාම අවශ්‍ය ශක්තිය සාපේක්ෂව විශාලය. ඉතින් අසීරුම අවධිය තමයි ආරම්භය. එහෙම වුණත් බුබුල සෑදිවෙන් පසුව ද සෑම අනුවක් වෙනුවෙන් ම අතිරේක ද‍්‍රව අණුවලට වාෂ්පවලට හැරී බුබුල ප‍්‍රසාරණය වීමට වඩාත් කුඩා ශක්ති ප‍්‍රමාණයක් අවශ්‍යවෙනවා. බුබුලේ ප‍්‍රමාණය මත මෙම රැඳියාවට මූලික හේතුව බුබුලේ පරිමාව එහි ඇතුළේ නිත්‍ය පීඩනයක් යටතේ ඇති අණු සංඛ්‍යාවට සමානුපාතික වෙද්දී බුබුලේ පෘෂ්ඨ සරිය අණු සංඛ්‍යාවට සමානුපාතික වන්නේ ශක්තියට තුනෙන් දෙකක් ලෙසටයි.

120913_soda_stream_1බෝතලය සොලවන විට සිදුවන්නේ ද‍්‍රවයට කුඩා බුබුපු විශාල සංඛ්‍යාවක් එක්වන අතර අළුතෙන් බුබුපු හටගැනීම වෙනුවට තිබෙන අණුවලට එකතුවීමෙන් වඩා පහසුවෙන් වාෂ්පවලට හැරීමට හැකිවීමයි. බුබුලු සෑදීමේ අසීරු අවධිය මගහරවා ගැනීමෙන් හොලවන ලද සෝඩා බෝතලයක කාබන් ඩයොක්සයිඩ් වායුවට පහසුවෙන් පිටවීමට හැකි වන නිසා එකවර ‘සැර‘ ද වැඩියෙන් පිටවෙනවා. හැබැයි ඉතින් සැරත් ඉක්මණින් අහවර වෙනවා. හරියට සමහරුන්ගේ උනන්දුව වගෙයි.

 

 

Scientific American’s Ask the Experts  හී  Why does a shaken soda fizz more than an unshaken one ? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: