විදු නැන නුවණ – Science Literacy for All

ගෙදර දොරේ අපතේ යන ජලය සදහටම ගෝලීය ජලචක‍්‍රයෙන් ඉවත් වේද?

නැත. ගෙදර දොරේ අපතේ යන ජලය අවසානයේ සමස්ථ ගෝලීය ජලචක‍්‍රයෙන්ම ඉවත් නොවේ. එහෙත් එය මිනිසුන් විසින් පහසුවෙන් ලබාගැනීමට හැකිවනු ලබන හා  ප‍්‍රයෝජනයට ගනු ලබන ජල චක‍්‍රයේ කොටසින් ඉවත් වේ. එපමණක් නොව ජලය අපතේ යාමෙන් එම ජලය සැකසීමට හා බෙදා හැරීමට වැය වූ ශක්තිය හා සම්පත් අපතේ යයි.

running-tap-water-recycling-photoදෙමාපිය වැඩිහිටියන් බලධාරීන් මෙන්ම පරිසරවේදීන්ද නිතර අපට කියා සිටින්නේ ‘ජලයේ අපතේ නොහරිනු!’ සහ ‘ජල සංරක්ෂණය කර ගනු!’ යනාදී වශයෙනි. මෙම ප‍්‍රකාශනවලින් සාමාන්‍යයෙන් අදහස් කෙරෙන්නේ අනවශ්‍ය ආකාරයට ජල කරාමය නිකරුනේ හැර තබන්න එපා, ජලය අරපරිස්සෙමින් පාවිච්චි කළ යුතුයි, ජල මාර්ගයේ කාන්දුවක් ඇත්නම්  ඉක්මනින් එය අලූත් වැඩිය කරගත යුතුය යනාදී අදහසුයි. එය එසේ වද්දී අපේ විද්‍යා ගුරුවරුන් අපට කියා දෙන්නේ පෘථිවියෙහිම ඇති සියලූම ජලය දිගටම පවතින හෙවත් අඛණ්ඩ ජල චක‍්‍රයක කොටසක් බවයි. කාණු දිගේ ඔහේ ගලායන ජලය විනාශ නොවන බවද ඔවුහු කියා සිටිති. ඒ වෙනුවට ඔවුන් පෙන්වා දෙන්නේ කාණු දිගේ ගලන ජලය අවසානයේ මහමුහුදට ගලාගෙන ගොස් ජල චක‍්‍රයේ ඊළඟ කොටසට එක්වෙන බවයි.

මේ ආකාරයට බලන විට මේ දෙකොට්ඨාශයේ මතවාද බැලූ බැල්මට පෙනී යන්නේ පරස්පර විරෝධී ලෙසයි. ජලය අවසානයේ ජල චක‍්‍රයට එක්වී දිගටම පවතී නම් එමෙන්ම අපට ප‍්‍රයෝජනයට ගත හැකි ලෙස නියතව ආපසු ඒ නම් අපට ජල ‘නාස්තියක්’ සිදු කල හැක්කේ කෙසේද? මේ ප‍්‍රශ්නයට පිළිතුරු වශයෙන් කිව හැක්කේ ජීවත්වීම නැතහොත් ජීවිතය පවත්වාගෙන යාම සඳහා මිනිසුන්ට (පහසුවෙන්) ලබාගත හැකි මිරිදිය ජලය තිබිය යුතු අතර එය සමස්ත ජල චක‍්‍රයේ අතුරු කොට්ඨාශයක් පමණක් බවයි. ඉතින් බලධාරීන් ජලය අපතේ යවන්න එපා යයි පවසන විට ඇත්ත වශයෙන්ම ඔවුන් ඉල්ලා සිටින්නේ මිනිසුන්ට ප‍්‍රයෝජනයට ගත හැකි කොටසින් ජල චක‍්‍රයේ මිනිසුන්ට ප‍්‍රයෝජනය ගත නොහැකි කොට්ඨාශයට තේරුමක් නොමැතිව නිකරුණේ යොමු නොකරන ලෙසයි. “Water in Crisis” (edited by Peter H. Gleick) නම් ග‍්‍රන්ථයේ දැක්වෙන පරිදි පොළොව මත හා පොළව තුළ මිනිසුන්ට ලබාගත හැකි මිරිදිය ජලය ලෙස පවතින්නේ පෘථිවියේ ජලයෙන් 0.77% ක් පමණයි. ඉතිරිය සාගර හා විල්වල කරදිය ලෙසද, අයිස් වශයෙන් හෝ වායුගේලයේ හෝ සිරවී ඇත. ඉතින් අප නිවසේ හෝ වෙනත් තැනකදී ජලය අපතේ  හැරියොත් එම ජලය මිනිසුන්ට ලබාගත හැකි කොට්ඨාශයේ සිට සහ භාවිත කළ හැකි කෙළින්ම ඉවතට දමයි. මේ කාරණාව සිත් තබා ගතහොත් කිව හැක්කේ ජලය නාස්ති කිරීම ඍජුවම ගෝලීය වාතාවරණයට හානියක් නොවන්නේ ජලය විනාශ නොවන නිසාවෙනි. ඒ වෙනුවට ඉන් හානියක් ඇතිවන්නේ මිනිසුන්ටයි. මන්ද, ඉන් සිදුවන්නේ මිනිසුන්ට ලබා ගත හැකි සහ ප‍්‍රයෝජනයට ගත හැකි ජලය අඩුවීමෙනි. ඊටත් අමතරව, ජලය වැඩිපුර නාස්ති කිරීමෙන් ප‍්‍රදේශයේ වාතාවරණයට හානිකර විය හැකියි. මන්ද ස්වාභාවික පරිසර පද්ධතියෙන් ප‍්‍රයෝජනයට ගත හැකි ජලය වුවමනාවට වඩා බැස යාම හේතුවෙනි.

worlds-water-globe-kids-screen

ජල නාස්තිය මිනිසුන්ට හැමවිටමත් මිනිසුන්ට අවාසිදායක ලෙසම බල නොපාන බවද පෙන්වා දිය හැකියි. අවාසිදායක නොවන අවස්ථාද ඇත. ජනගහනය කුඩා ප‍්‍රමාණයක් වුවත් ප‍්‍රයෝජනයට ගත හැකි ජලය විශාල වශයෙන් ඇති කල ඇත්තටම ජලය නාස්ති කළ නොහැකිය. ඒ මන්ද කීවොත් ජල චක‍්‍රයේ මිනිසුන්ට පිවිසිය හැකි කොට්ඨාශයට අලූතෙන් ජලය ආපසු යවනවාට වඩා වැඩි වේගයකින් ජලය පැමිණෙන හෙයිනි. ඊට ප‍්‍රතිවිරෝධීව, නගර, උපනගර වැනි ජනාකීර්ණ එහෙත් කාන්තාර වැනි ප‍්‍රයෝජනයට ගත හැකි ජලය ඉතා අඩුවෙන් පවතින ප‍්‍රදේශ ඇති විට ජල නාස්තිය මිනිසා මෙන්ම පරිසරය කෙරෙහිද බලපෑම් ඇති කළ හැකිය. ජනාකීර්ණ ශුෂ්ක ප‍්‍රදේශවල ඇති ජල සම්පත් බුද්ධිමත් ආකාරයට භාවිත කිරීම මිනිසුන්ගේ පැවැත්මට තීරණාත්මකය. කෙසේ වෙතත් බුද්ධිමත් භාවිතය යන්න කුමක්ද යන්න විග‍්‍රහ කිරීම විද්‍යාත්මක ගැටලූවකට වඩා දේශපාලන ගැටලූවක් සහ පෞද්ගලික සදාචාරාත්මක ගැටලූවකි. එහෙයින් අප මෙහිදී විද්‍යාවට යොමු වෙමු.

ජල චක‍්‍රයේ මිනිසුන්ට භාවිත කළ හැකි කෝට්ඨාශය යනු කුමක්ද? මෙයට පිළිතුරු වශයෙන් කිව හැක්කේ මෙයයි. ‘පෘථිවියේ පෘෂ්ඨය මත හෝ ඊට ආසන්නයේ ඇති මිරිදිය, ද්‍රව ජලයයි. කරදිය පානය කරමින් මිනිසුන්ට  දිවි රැකගෙන ජීවත්විය නොහැක. එහෙත් පිළියම් නොකළ ජලය කෙළින්ම සාගරයෙන් හෝ ලවන විල් වලින් පොම්ප කිරීම මීට විකල්පයක් නොවේ. මුහුදු ජලය ආසවනයෙන් (distillation) හෝ ප‍්‍රතිවර්ත ආස‍්‍රැතිය (reverse osmosis) මගින් මිරිදිය බවට හැරවිය හැකි බව සැබවි. එහෙත් වියදම් අධික මෙම ක‍්‍රියාදාමය ලෝකයේ බොහෝ රටවලට, ප‍්‍රදේශවලට ආර්ථික වශයෙන් සාධ්‍ය නොවේ. ලෝකයේ බොහේ ප‍්‍රදේශවල මුහුදු ජලය මිනිසුන්ට භාවිත කළ හැකි ජල මූලයක් ලෙස ශක්‍යතාවක් ඇත්තක් නොවේ. එලෙසම, වායුගෝලයේ ඇති ජලයද මිනිස් පරිභෝජනය සඳහා යෝග්‍ය ජල මූලයක් නොවේ. වාතයේ සහ වලාකුළුවල ඇත්තේ මිරිදිය වුවද ඒවා පුළුල්ව විසිරී පවතින අතර එකතු කර ගැනීම අසීරුය. මේ හේතු නිසා මිනිසුන්ට සිදුව ඇත්තේ සාගර ජලය වාෂ්පීකරණය වී වායුගෝලයට ගිය පසු වර්ෂාව හෝ හිම ලෙස ආපසු පොළවට පතිතවනතුරු බලා සිටීමටය. පෘථිවි පෘෂ්ඨය මත හෝ ඒ ආසන්නයේ වැසි ජලය හෝ දියවන හිම එකතුවන ස්ථාන ජල චක‍්‍රයේ මිනිස් භාවිතයට අයත් කොට්ඨාශය සමන්විතයි. මෙම ස්ථාන අතරට මිරිදිය ගංගා, විල්, පොකුණු, ජලාහ සහ භූගත ජලයද ඇතුළත් වේ.

wastewaterplant

අපගේ ගෘහයන් කරා එන ජලයෙන් පාවිච්චියට ගතහැකි ජලය කොපමණ ද යන්න කෙරෙහි බලපාන සාධක දෙකක් ඇති බව සඳහන් කළ යුතුය. 1. අවට පරිසරයේ මිනිසුන්ට ප‍්‍රයෝජනයට කොපමණ ජල ප‍්‍රමාණයක් ඇත් ද? 2. ජලය සැකසිමට හා බෙදාහැරීමට තිබෙන පොදු කාර්ය ව්‍යුහය හෙවත් යටිතල පහසුකමෙහි ධාරිතාව. හැකියාව කොපමණ ද? යන්න එම සාධක දෙකයි.

Science Questions with Surprising Answersහී පළවූ   Does wasting household water remove it from the water cycle  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: