විදු නැන නුවණ – Science Literacy for All

ස්වාභාවික හා කෘතිම රසයන් අතර වෙනස කුමක්ද?

ස්වාභාවික හා කෘතිම රසකාරකයන්ගේ රසායනික සංයුතිය අතින් සැලකිය යුතු තරම් වෙනසක් නොමැත.  මේ දෙවර්ගයම, රසගන්වන්නා යනුවෙන් (flavourist) හඳුන්වනු ලබන  පුහුණුවලත් වෘත්තිකයෙකු විසින් රසායනාගාරයක් තුළ දී සාදනු ලැබේ. රසගන්වන්නා යෝග්‍ය රසායන නිවැරදි අනුපාතයකින් සංයෝග කරයි. රසගන්වන්නා විසින් ‘ස්වාභාවික’ රසය ලබාගැනීම පිණිස ස්වාභාවික රසායන ද ‘කෘතිම’ රසය පිණිස කෘතිම රසායනද භාවිතා කරනු ලැබේ. කෙසේවෙතත්, කෘතිම රසකාරකයක් නිපදවන රසගන්වන්නා ස්වාභාවික රස කාරකයක් නිපදවන්නේ නම් යොදා ගත යුතු රසායනික ද්‍රව්‍යයම වෙනසක් නොමැතිව කෘතිම රසකාරකය නිපදවීම සඳහා යොදා ගත යුතු වේ. එසේ නොකළොත් රසකාරකයේ බලාපොරොත්තු වූ රසය නොලැබේ.  ස්වාභාවික සහ කෘතිම යනුවෙන් රසකාරකයන්ගේ මෙම වෙසෙසිබව ඇත්තටම හට ගන්නේ මෙකී අනන්‍ය රසායනවල මූලය හෙවත් ප‍්‍රභවයෙනි. ප‍්‍රභවයේ මෙම වෙනස තවත් යමකට සමාන කර නිදසුනකින් දක්වතොත් පෙට‍්‍රල් පිරවුම් හලකින් මිලදී ගන්නා ඇපල් ගෙඩියක් කෘතිම වශයෙනුත් පළතුරු කඩයකකින් මිලදී ගත්තක් ස්වාභාවික  ස්වාභාවික වශයෙනුත් හඳුන්වනවා බඳුය.

strawberry-1

flv-810x539 (1)

මෙම ගැටලූව සාමාන්‍ය පාරිභෝගිකයාට තරමක් අවුල් සහගත බවත් දැනෙන්නේ ලෝකයේ වෙනත් සමාන්තර බවක් පෙනී යන දේ නිසයි.  නිදසුනක් ලෙස නිල් ඩයි (සායම්) බ්ලූබෙරි නිස්සාරනයකින්(blueberry extract)මෙන්ම කෘතිම වර්ණක (pigment පිග්මන්ත)වලින්ද නිපදවා ගත හැක. මේ ඩයි, රසායනික සංයෝග වශයෙන් ගත් කළ එකිනෙකින් බොහෝ වෙනස් වුවත් දෙකම නිල් පැහැය ගෙනෙයි. මේ ආකාරයට නයිලෝන්වලින් මැසූ කමිසයක් සහ කපුරෙද්දෙන් නිම වූ කමිසයක් වශයෙන් කමිස දෙකක් ගැන සිතන්න. ඒ දෙකම කමිස බව පිළිගත යුතුවේ. එහෙත් ඒවා බොහෝ වෙනස් රසායනික සංයෝගවලින් සමන්විත වේ. තැනුම් ඒකක (building blocks) වල මෙම විවිධත්වය රසකාරක සම්බන්ධයෙන් වලංගු නොවේ. මන්ද, කිසියම් නිශ්චිත රසයක් ලබාගත හැක්කේ විශේෂිත රසායන යොදා ගැනීමෙන් පමණකි. මෙලෙස පාරිභෝගිකයෙකු කෘතිම රසයක් සහිත ඇපල් බීමක් රසබලද්දී එම අය අධිග‍්‍රහණය කරන්නේ ස්වාභාවික රසය යෙදූ ඇපල් බීමක් මිලට ගෙන පානය කරද්දී අධිග‍්‍රහණය කරන මූලික රසායනිකම ය.

කෘතිම රසකාරක සංයුතිය අතින් සරලය. එමෙන්ම වඩා ආරක්ෂා සහිත බවකින්ද යුක්තය. මන්ද ඒවා තැනීමට යොදා ගනු ලබන්නේ ආරක්ෂිතදැයි පරීක්ෂාකර බලන සංරචක පමණක් වීම නිසයි. අනෙක් වැදගත් සාධකය පිරිවැයයි. ‘ස්වාභාවික’ රස මූලයන් සෙවීම සඳහා නිෂ්පාදකයාට නිශ්චිත රසායනය සෙවීම පිණිස සැලකිය වෙහෙසක් දැරිය යුතු වේ. නිදසුනක් ලෙස ස්වාභාවික පොල් රසය ලබා ගැනීමට මැසෝයා ලැක්ටොන් (massoya lactone) නම් රසායනය අවශ්‍ය වේ. මැසෝයා ලැක්ටොන් ලැබෙන්නේ මලයාසියාවේ වැඩෙන් මැසෝයා ගසේ සිවිය හෙවත් පට්ටයෙනි. මෙම ස්වාභාවික රසායන එකතු කර ගැනීමේදී ලැක්ටෝන් නිස්සාරණය කිරීම පිණිස පොත්ත ඉවත් කරගත යුතු නිසා ගස මැරේ. එපමණක් නොව එම රසායනය ලබාගැනීමේ කි‍්‍රයාදාමයද වියදම් අධිකය. මෙම තනිකරම ස්වාභාවික රසායනය ඓන්ද්‍රීය රසායනඥයාගේ පරීක්ෂණාගාරයේදී නිපදවන රසායනයට අනන්‍යවන අතර එහෙත් එම කෘතිම විකල්පයට වඩා මිල අධිකය.

ස්වාභාවික රසය පතන පාරිභෝගිකයෝ ඒ සඳහා අධික මුදලක් වැය කරති. එහෙත් මිලෙන් අඩු කෘතිම නිෂ්පාදනයට වඩා අමුතුවෙන්  තත්ත්වයෙන් උසස් බවක්වත්, ආරක්ෂා සහගත බවක්වත් රසකාරකයට නැත.

Scientific American’s Ask the Expert හී  What is the difference between artificial and natural flavors? යන ප‍්‍රශ්නයට සපයා තිබූ පීළිතුර ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: