විල්කින්සන් සූක්ෂම තරංග අසමසාර්ව ගවේෂණ අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය (Wilkinson Microwave Anisotropy Probe = WMAP) 2001 දී අභ්‍යවකාශ ගත කෙරිණ. අන්තරීක්ෂ පසුබිම් ගවේෂකය(Cosmic Background Explorer = COBE) ට වඩා බොහොමත් ම කුඩා කෝණික පරිමානයන්වලදී අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිම් අසමසාර්වදිශාව (cosmic microwave background anisotropy) වඩා හොඳින් මැනීම මෙන් ම ලාක්ෂණීකරණය මෙම මෙහෙයුමේ අරමුණ විය. විල්කින්සන් සූක්ෂම තරංග අසමසාර්වදිශතාව ගවේෂකයෙහි චාප විනාඩි 10 යේ විභේදනය ක් අන්තරීක්ෂ පසුබිම් ගවේෂකයට වඩා දශ ගුණයකින් ඉහළය. එය මීටර 1.5 හේ දිසි ඇන්ටෙනා දෙකකින් ක්ෂුද්‍ර තරංග එක්කාසු කරයි. පෘථිවිය වටා එය කක්ෂගතව ඇත්තේ කිලෝමීටර මිලියන 1.5 ක් ඈතිනි.
විල්කින්සන් සූක්ෂම තරංග අසමසාර්ව ගවේෂණ අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය (WMAP) මගින් සැපැයුණු අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිම් සිතියම ද ඊළඟට මන්දාකිණි, සම්බන්ධයෙන් සලකද්දී කාලයත් සමග විශ්වය පරිණාමය වී ඇති ආකාරය දක්වන අනෙකුත් දත්ත ද ඇතිව අපට අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිම කෙබඳු විය යුතුද යන්න එහි ඉතා කුඩා අසමසර්වදිශාතාවන් ආශ‍්‍රයෙන් අප දන්නා ගුරුත්වය සහ භෞතික විද්‍යාව සමගින් ආකෘති ගත කළ හැකිය. පුදුමයට කාරණාව වන්නේ, අද අප දකින කාලයත් සමග පරිණාමය වෙමින් පවතින මහා පරිමාණ මන්දාකිණි ව්‍යුහය අපට ප‍්‍රති නිර්මාණය කිරීමට හැකිවීමයි.
කෙසේ වෙතත්, පරිණාමය වන විශ්වය ගැන තවමත් ප‍්‍රශ්න ගණනාවක් ඉතිරිව පවතී. මහා පිපුරුම ඇතිවීමට හේතුවූ යේ කුමක් ද යන්න අපි තවමත් නොදනිමු. ආඥාත ද්‍රව්‍යය (dark matter) යනු කිමෙක් ද? එය කුමක් දැයි තෝරා බේරා ගැනීමට අපි තවමත් වෙහෙසෙමින් සිටින්නෙමු. ඇත්තටම අප නොදන්නා දේ බොහෝමයි. ඒත් වැදගත් වන කාරණාව වන්නේ සියළු තොරතුරු ආශ‍්‍රයෙන් මැවෙමින් පවතින මහා චිත‍්‍රය එකට ගැලපෙන බවක් පෙනී යාමයි.
අද දවසේ විශ්වයේ බීජ අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිම තුළ තැන්පත් වී ඇති හෙයින් එය තව දුරටත් ගවේෂණයන්ගේ අවධානය යොමුව තිබේ. 2014 වර්ෂය වනවිට ඇති අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග පසුබිමෙහි ඉතාමත් අළුත්ම සර්ව ආකාශ සිතියම( ) නිකුත් කරනු ලැබ ඇත්තේ ප්ලෑන්ක් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය(Planck Space Observatory) මගිනි. එම නිරීක්ෂණාගාරයේ මුල් මාස 15 හේ දත්ත පදනම් කරගෙන ඇති එය මෙතෙක් නිකුත් වී ඇති අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිම් සිතියම් අතුරෙන් වඩාත්ම සංවේදී සිතියමයි.
එහි කෝණික විභේදනය විල්කින්සන් සූක්ෂම තරංග අසමසාර්ව ගවේෂණ අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයෙහි කෝණික විභේදනයට වඩා 2.5 ගුණයකි. ප්ලෑන්ක් මගින් නිකුත් කෙරුණු ප‍්‍රථම දත්ත නිකුතුවෙහි විද්‍යා ප‍්‍රතිඵල අප විසින් විල්කින්සන් සූක්ෂම තරංග අසමසාර්ව ගවේෂණ අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය මගින් සොයා ගනු ලැබූ විශ්වයට බොහෝ සේ අනුරූප වන බව පෙන්වයි. විල්කින්සන් සූක්ෂම තරංග අසමසාර්ව ගවේෂණ අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය මගින් දක්වා ඇති පරිදි විශ්වය වසර බිලියන 13.7 ක් පැරණිය යන්න වෙනුවට ප්ලෑන්ක් මගින් සොයා ගනු ලැබ ඇත්තේ විශ්වය වසර බිලියන 13.8 ක් පැරණි බවයි. විල්කින්සන් සූක්ෂම තරංග අසමසාර්ව ගවේෂණ අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය අපට කියන දෙයට ම ආසන්න දෙයක් ද ප්ලෑන්ක් අපට කියයි: එනම්, අප සැදුම්ලත් ද්‍රව්‍ය මෙන් 5.5 ස් ගුණයක ආඥාත ද්‍රව්‍යය විශ්වයෙහි ඇති බවයි. ප්ලෑන්ක් සිතියම අපට තවත් දෙයක් ද පෙන්වයි: ඒ, ඇත්ත වශයෙන් ම විශ්වය නතු කරගෙන සිටින්නේ ආඥාත ශක්තිය නම් දෙය තමයි යන්නය. එය විශ්වයේ ප‍්‍රසාරණය තවත් වේගවත් කිරීමට ඉවහල් වෙයි.
ඉදිරි වසර තුළ දී ප්ලෑන්ක් අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයෙන් තව තවත් අන්තරීක්ෂ හෝඩුවාවක් දිගටම මතු කර ගැනීමට ක‍්‍රියා කරනු ඇත. මෙය බොහෝ සේ වැදගත්ය. මන්ද මුල්කාලයේ විශ්වය පිළිබඳ සියළු රහස් එමගින් හෙළි කරන නිසයි. මේ විකිරණයෙන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත.
Visual Guide to the Universe (by Professor David M. Meyer) ග‍්‍රන්ථය ආශ‍්‍රයෙන් වසරකට වැඩි කාලයක් මුළුල්ලේ සෑම බදාදාවකම පාහේ තතු හී පළ වූ ලිපි මාලාව මෙතනින් නිමාවේ. ඒ ලිපි ඔස්සේ අප ඔබව විශ්වය පුරා මහා චාරිකාවක රැගෙන ගියෙමු. එම අත්දැකීම අපගේ මනැස ඥානාලෝකයෙන් නහවන්නක් බව නිසැකය. තතු රක්ෂණාගාරය හාරා අවුස්සා මුල සිට එම ලිපි එකතු කර ගැනීමෙන් ප‍්‍රයෝජනවත් පොත් පිංචක් සකස් කළ ගත හැකිය.