ඊනියා ‘පුරුෂ රටාවේ’ තට්ටය පිරිමි ගැහැනු දෙපාර්ශ්වයටම පොදුවේ බලපාන තත්ත්වයකි. එහෙත් හිසෙහි කෙස් නොමැති කමින් ලැජ්ජාවට පත්වන පුද්ගලයන් නොයෙකුත් මාදිලියේ හෙවත් එක එක විදිහේ විසඳුම් සොයමින් වෙහෙසීම නතර කිරීමට එය ප‍්‍රමාණවත් නොවේ. තට්ටය පෑදීමට බලපාන හේතු සාධක හා සම්බන්ධ විවිධාකාර වූ — ‘හිතනවා වැඩිවීමේ’ සිට ‘ව්‍යායාම්වල යෙදෙනවා වැඩිවීම’ දක්වා පුළුල් පරාසයක මිථ්‍යා මත ලෝකය පුරා රටවල ප‍්‍රචලිතව තිබේ. දැන් මේ ගොන්නට අලූතෙන්ම එක්කාසු වෙන්නේ මේ සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයකි. එහි ප‍්‍රතිඵලවලින් කියැවෙන්නේ තට්ටය පෑදීමට සුවයක් සහනයක් කවුරුත්, විශේෂයෙන්ම ආසියාකරයේ අප ආහාරයට එක්කර ගන්නා කුළුබඩු යොදා සෑදුව ව්‍යංජනය හෙවත් අප පොදුවේ කීමට පුරුදුව ඇති ‘හොදි’ වලින් ලබාගත හැකි බවයි.
වසර 4,500කට අධික කාලයක් මුළුල්ලේ ලොව පුරා විවිධ රටවල ජනතාව විවිධ වර්ගයේ හොදි පිළියෙලකිරීම් රසකර කෑමට පුරුදුව සිටිති. වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් අතර පවත්නා සම්බන්ධය හා රටවල් අතර වෙළෙඳමා හේතුකොට ගෙන ඉඟුරු, සුදුලූනු, කහ ආදිය යොදා සාමාන්‍ය ජනතාව පිළියෙල කරගත් ‘හොද්ද’ විවිධාකාරයෙන් සාදාගන්නා රසමුසුවක් බවට පරිවර්තනය වී ඇත. කෙසේ වෙතත්, ජපන් රටේ මුළුතැන් ගෙට මෙය හඳුන්වා දෙනු ලැබුයේ 19 වන සිය වසේ අගබාගය තරම් මෑතකය. එහෙත් එය ඉක්මණින්ම ජපාන ඉහුම් පිහුම් රටාවේ පාදකස්ථානය අත්පත් කර ගන්නට සමත් විය. මේ අහරෙහි රසයට අමතරව ජපානයේ ‘තට්ට පිරිස්’ සාපේක්ෂව අඩුවීම ‘හොදි’ කෑම බලපා ඇති බව මෑතක සමීක්ෂණයක් හෙළි කරයි.
මේ සමීක්ෂණය සිදු කරනු ලැබ ඇත්තේ ජපානයේ ‘බොරු කොණ්ඩා’ සකසන විශාලතම සමාගම මගිනි. එහිදී ලොව පුරා රටවල් 21 ඒවයේ සිටින ‘තට්ට’ පිරිස ජනගහනයේ ප‍්‍රතිශතයක් ලෙස ගෙන වර්ග කර ඇත. ඒ අනුව, පෙරදිග රටවල් ගණනාවක් මුල් ස්ථාන හිමිකරගෙන ඇති අතර ජපානයට හිමිව ඇත්තේ (රටවල් 21 න්) 14 වැනි ස්ථානයයි. සමීක්ෂණය මෙහෙය වූ පෝෂණවේදී යොෂිකෝ නකගාවා කියා සිටින්නේ හොදිවල බහුලව යොදාගන්නා අත්කහ, කොත්තමල්ලි, සාදික්කා කැප්සයිසින්(capsaicin) ආදී කුළු බඩු, ජපානයේ තට්ටය පෑදීම අඩුවීමට හේතු පාදක වී ඇති බවයි. එම කුළුබඩු රුධිර සංසරණය මනාව පවත්වාගෙන යමින් නිරෝගීව තබා ගැනීමට උපකාරී වෙයි.
කෙසේ වෙතත්, ඇ.එ. ජනපදයේ විස්කොන්සින් – මැඩිසන් විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාඥ බ‍්‍රැඞ්ලි බොලින් මේ වාගේ කාරණාවලදී සහ සම්බන්ධනය සහ හේතුකාරකය අතර වෙනස සිහි තබා ගැනීම බෙහෙවින් වැදගත් බව පෙන්වා දෙයි. ‘චොක්ලට් කෑම හා නොබෙල් ත්‍යාග ලාභීන් අතර සහසම්බන්ධනය දක්වන වාර්තාවක් කලකට ඉහත දී පළ වුනා. ඔය අන්දමට බොහෝ දත්ත කට්ටල අතුරෙන් බොහෝ ආකාරයේ සම්බන්ධතාවක් සොයා ගන්න පුළුවනි. ‘ඔහු කියා සිටියි.
සමීක්ෂණයේ ප‍්‍රතිඵල ගැන සැක සංකා මතුවිය හැකි වුවත් මෙම කුළු බඩු සම්ප‍්‍රදායික පෙරදිග වෛද්‍ය ක‍්‍රමයේ බොහෝ කලක් තිස්සේ පාවිච්චි කළ සංයෝජිත ද්‍රවයයි. අත්කහ සහ (මාළු මිරිස්වලින් උකහාගන්නා) කැප්සයිසින්, ප‍්‍රතිප‍්‍රදාහ (anti-inflammotory) ගුණයකින් සමන්විත බව විද්‍යාත්මක අධ්‍යයන දක්වයි. එසේ වුවද, අත්කහවලට එහි කහ වර්ණය ගෙන එන කර්ක්‍යුමින් (C21H20O6 )වැනි රසායනික ප‍්‍රදාහය අඩුකිරීමට ද උපකාරි වන අතර න්‍යායිකව ගතහොත් කෙස් අඩුවීම අඩුකිරීමට ද උදව් විය හැකි මුත් හොදි කෑ පමණින් එම ප‍්‍රතිඵල ලබා ගැනීමට නොහැකි යයි බොලිං කියා සිටියි. දිනපතා ඔය කුළු බඩු යොදා හොදි කෑවත් සමට ප‍්‍රයෝජනයක් වන මට්ටමට නම් පැමිණෙන්නේ නෑ.’ බොලිං වැඩිදුරටත් සඳහන් කරයි.
ඉතිං හොදි කෑම රසදායක මෙන්ම ගුණදායක වීමට හැකි වුවත් පෑදුනු තට්ටයේ හිස කෙස් වැටීමට එය ප‍්‍රමාණවත් වන බවත් නම් පෙනෙන්නට නැහැ.
Smithsonian Smart News හී පළවූ Sadly, Eating Curry Probably Won’t Keep You From Going Bald යන ලිපිය ඇසුරෙනි