විදු නැන නුවණ – Science Literacy for All

දෛනික පෝෂ්‍යදායී පානයක් ඇල්සයිමර්ගේ රෝගයේ ප‍්‍රගමනය බාලකරයි

ඇල්සයිමර්ගේ රෝගයෙන්(Alzheimer’s disease) පෙළෙන අයගේ මුල් අවස්ථාවේදී මොළය හැකිළීම අඩුකිරීමට, ස්මෘතිය සංරක්ෂණය කිරීමට හා එදිනෙදා කටයුතු හොඳින් හිතා මතා සිදුකිරීමට පෝෂ්‍යදායී බීමක් මග පාදන බව පෙන්නුම් කරයි. ඉන් පෙන්නුම් කරන්නේ රෝගයේ ප‍්‍රගමනය ඉතා මන්දගාමී කළ හැකි බවයි. ඇල්සයිමර්ගේ රෝගයේ මූලික අවස්ථාවේ පසුවන තවමත් චිත්ත වික්ෂේප තත්ත්වයට පැමිණ නැති(pre-dementia stage) අයට ලබාදෙන ප‍්‍රතිඵලදායක පෝෂ්‍යදායී ප‍්‍රතිකර්මයක් පිළිබඳ ප‍්‍රථම සාක්ෂිය මෙයයි.  ඕලන්ද සමාගමක් නිෂ්පාදනය කරන සුවනේඞ්(Souvenaid) යනුවෙන් නම් කර ඇති පානය, මේද අම්ල (fatty acids) විටමින සහ “ Fortasyn” යනුවෙන් නම් කර ඇති පෝෂකවල පේටන්ට් බලපත‍්‍ර ලබාගෙන ඇති එකතුවකින් සමන්විතයි. යුරෝපා සංගමය මගින් එය විශේෂ වෛද්‍ය කාර්යන් සඳහා වූ ආහාරයක් ලෙස නම් කර ඇති අතර යුරෝපා සංගමයේ අරමුදලින් කි‍්‍රයාත්මක වන ලිපිඩිඩයට් ව්‍යාපෘතිය(LipiDiDiet project) මගින් වසර දෙකක් තුළ පරීක්ෂාවට ලක් කර තිබේ.

Alzඑකම ප‍්‍රමාණයේ කැලරි අඩංගු පාලිත පානයක්(a control drink) බිව් ජනතාවට වඩා දිනකට වරක් සුවනේඞ් පානය කළ අයගේ මොළයේ හිපොකැම්පස ප‍්‍රදේශය(මතකයන් හා ඉච්ඡාගත කි‍්‍රයා ආදිය මෙහෙයවන්නේ යැයි සැලකෙන කොටස)  හැකිළීම 40%කින්  පමණ අඩු වී ඇති බව පරීක්ෂණයේදී හෙළි විය. මෙම පර්යේෂණයේ ප‍්‍රතිඵල පසුගියදා ගී‍්‍රසියේ ඇතැන්ස් නුවර පැවති  ඇල්සයිමර්ගේ රෝගයේ ප‍්‍රගමනයන් පිළිබඳ 2016 සමුළුවේදී ඉදිරිපත් කෙරිණ. එහි වාර්තාවේ සඳහන් වන පරිදි පෝෂ්‍යදායී පානය කලින්ම, ඒ කියන්නේ කල් ඇතිවම ගැනීමට පුරුදු වන්නේ නම් ඔවුන්ගේ ස්මෘතිය සංරක්ෂණය වී බිල්පත් ගෙවීම වැනි එදිනෙදා ජීවිතයේ කටයුතු වඩාත් දිගු කාලයක් තිස්සේ සිදුකිරීමට උපකාරී වේ. මෙම ප‍්‍රතිඵල බෙහෙවින් ම වැදගත් වන්නේ පෝෂ්‍යදායි මැදිහත්වීම මුල් අවස්ථාවේ(prodromal) ඇල්සයිමර්ගේ රෝගය කෙරෙහි බලපාන අන්දම ගැන අවබෝධය වැඩිකිරීමට හේතුවන නිසා වෙනි. ‘මෙම රෝග නිර්ණය කිරීමේ හැකියාව දැන් වැඩි වී ඇත ද අනුමාන කල ඖෂධ විකල්ප හිඟකම නිසා ප‍්‍රතිකාර කිරීම අපහසුය’ යි නැගෙනහිර ෆින්ලන්තයේ විශ්වවිද්‍යාල මහාචාර්ය හික්කා සොයිනිනන් පවසයි. ශායනික පරීක්ෂණයේ ප‍්‍රධානියා ඔහුය.

ඇතැම් පෝෂකවලට මොළය සුරැකීමේ හැකියාව තිබෙන බව කලක සිටම දැන සිටියත්, මෙම පානයෙහි ප‍්‍රබලතාව ඇතිවන්නේ පෝෂක එකතුව මගින් යයි ජර්මනියේ සාර්ලාන්ඞ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටෝබියාස් හාටිමැන් පවසයි. ලිපිඩිඩයට් ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ඔහුය. ඇල්සයිමර්ගේ රෝගය වැනි රෝගවලට එරෙහිව සටන් වැදීමට එක් තනි පෝෂකයක් බලවත් නොවේ. මෙම ශායනික පරීක්ෂණ ප‍්‍රතිඵල දක්වන්නේ බලපෑම ඉහළ දැමීමට නම් ඇතැම් පෝෂක එකට එකතු කිරීම ප‍්‍රධාන වන බවයි.  ‘ඇල්සයිමර්ගේ රෝගය වැනි රෝගවලට එරෙහිව සටන් කිරීමට එක් තනි පෝෂකයක් පමණක් ප‍්‍රමාණවත් නැහැ. මන්ද පෝෂක කිහිපයක් එකට එක් කිරීමෙන් ප‍්‍රබලතාව වැඩි කර ගත හැකි බව ශායන පරීක්ෂණවලින් හෙළිවුණ නිසාය’ යයි හෙතෙම කියා සිටියි.

පරීක්ෂාවේ මූලික අරමුණ වූයේ (සිතීමේ පුළුල් පිම්මක් වන) සමස්ථ ප‍්‍රජානන කි‍්‍රයාකාරිත්වය කෙරෙහි  සුවනේඞ් වල බලපෑම නිර්ණය කිරීමයි. එහෙත් මෙම අංශය කෙරෙහි වාසියක් සැලසෙන බවක් පර්යේෂකයන්ට සොයා ගත නොහැකි විය. පරීක්ෂණයේ කාලය තුළ ප‍්‍රජානන පිරිහීම සුළු නිසා සැලකිය යුතු ප‍්‍රකිඵල ලබාගැනීමට නොහැකි වන්නට ඇතැයි හාටිමොන් මහාචාර්ය අදහස් කරයි.

Vacume-486487

මෙම පරීක්ෂණය පෝෂණය, විශේෂයෙන්ම සමහර ඔමේගා 3 මේද අම්ල, වයසට යෑම, ඇල්සයිමර්ගේ රෝගය ඇතුළු අනෙකුත් චිත්ත වික්ෂේප ස්වරූපවලදී ප‍්‍රජානන කි‍්‍රයාකාරිත්වයට ආධාර කරන්නේ කෙලෙසද යන්න සොයා බැලීම හා එම කාර්යය ඉටු කරන ලිපිඩ පදනම් වූ ආහාරයක් වැඩි දියුණු කරගන්නේ කෙසේද යන සොයා බැලීමේ ලිපිඩිඩයට් වෑයෙමහි කොටසකි. ලිපිඩයට් (Lipidiet) යනුවෙන් කලින් යුරෝපීය සංගමයේ අරමුදල් ඇතිව කි‍්‍රයාත්මක කළ එය ව්‍යාපෘතියක සොයා ගැනීම් මත මෙම නව අධ්‍යයනය පදනම් විය.

University of Cambridge: The Naked Scientists හී පළවූ  Daily nutritional drink could slow Alzheimer’s progression ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: