විදු නැන නුවණ – Science Literacy for All

වාහන භාවිතයේ අහිතකර බලපෑම් මඩින ගෝලීය පියවර

                                                              සාමාන්‍ය ජනතාවට මෙන්ම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට වැදගත් මාතෘකාවක්

ලෝකය පුරා මහ නගර, සිය විථි වලින් වාහන ඈත් කර තැබීමට විවිධ පියවර ගනිද්දී ඇමරිකා එක්සත් ජනපදයේ තවමත් මුල් තැන මෝටර් රථවලටයි. සතියේ දිනවල දිවා ආලෝකය තිබෙන කාලය තුළ සිය විථි වල 1997 ට පෙර නිෂ්පාදනය වූ වාහන ධාවනය තහනම් කිරීමට පැරිස් නුවර පියවර ගත්තේ 2016 ජූලි මස දෙවැනි සතියේය. පැරිස් නුවර නගරාධිපතිනිය ඈන් හිඩල්ගෝ විවෘතව අදහස් දක්වමින් කියා සිටින්නේ ඞීසල් මෝටර් රථ හේතුවෙන් ඇතිවන ධූමකය (smog) අඩුකර පදිකයන්ට හා පාපැදිකරුවන්ට නගරය ‘යළි හිමිකරදීම’ පිණිස මෙම තහනම තව දුරටත් පුළුල් කිරීමට අදහස් කරන බවයි. නගර මධ්‍යයේ ඇති ‘අඩු විමෝචන කලාප’ වෙත එළඹෙන වායු දූෂණය පතුරුවන ඞීසල් කාර් හෝ පරණ මාදිලියේ මෝටර් රථ වැනි වාහන වලින් ඉහළ බද්දක් අය කළ යුතු යයි ලන්ඩන් අගනුවර නගරාධිපති සදීක් ඛාන් කියා සිටී. නගරයේ ප‍්‍රධාන කොටසට මෝටර් රථ පැමිණීම 2019 වන විට සම්පූර්ණයෙන් තහනම් කිරීමට නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර කටයුතු යොදා ඇත. පෞද්ගලික වාහන භාවිතය සීමා කිරීමට යුරෝපයේ සහ ආසියාවේ අනෙකුත් පුරවර ද විවිධ අන්දමේ අර්ධ තහනම් කිරීම් හෝ ගාස්තු අය කිරීම් පැනවීමට පියවර ගෙන තිෙබ්.

car_pollution

කෙසේ වෙතත්, මේ ආකාරයට ම ඇමරිකා එක්සත් ජනපදය දූෂණය අඩු කිරීම පිණිස වාහන හඹා යාමක් සිදු කරන්නේ නැති බවක් පෙනී යයි. දැන් එරට කාබන් විමෝචන වැඩිම මූලය බවට වාහන පත්ව ඇත. මහ නගරවල වාහන වලින් සිදුවන කාබන් විමෝචනය මෙයටත් වැඩිය. දශක ගණන් තිස්සේ පෞද්ගලික වාහන භාවිතයට හුරුපුරුදු වී ඇති ජනතාව කාබන් විමෝචන අඩු ආකාරයේ වාහන භාවිතයට ජනතාව යොමු කිරීම පිණිස වාහන භාවිතය සීමා කිරීම වෙනුවට වෙනත් ක‍්‍රමෝපායන් යෙදීමට ඇමරිකා එක්සත් ජනපදයේ නායකයෝ අදහස් කරති. වාහන පද්ධති (fleets) විදුලිබල ගැන්වීම හා පොදු ප‍්‍රවාහන සේවය ඉහළ නැංවීම එම ක‍්‍රමෝපායන් අතර වේ.

‘‘වැඩියෙන් වාහන එළවීමට මෙන් ම වැඩියෙන් අර්ධ-නාගරික ජීවිතයක් ගත කිරීම උනන්දු කරවන්න අපි පසුගිය අර්ධ ශත වර්ෂය තුළ විශාල වශයෙන් දිරි ගැන්වීම් ලබා දුන්නා. එය දැන් එලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒත් මෝටර් රථ මත ඇති ඔවුන්ගේ රඳා පැවැත්ම අඩුවීම සඳහා සැලකිය යුතු කාලක පරිච්ෙඡ්දයක් ගත වේවි’’ යනුවෙන් පවසන්නේ මයිකල් රෙප්ලොගල්ය. හෙතෙම  නිව්යෝක් නගර ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප‍්‍රතිපත්ති පිළිබඳ නියෝජ්‍ය කොමසාරිස් වන අතර ධරණීය ප‍්‍රවාහනය පිළිබඳ අන්තර්ජාතික විශේෂඥයකි. විවිධ යුරෝපීය පුරවලවල මෙන් ම දූෂණය අඩුකරලීම පිණිස විශේෂයෙන් සකස් කළ විවිධ ක‍්‍රමෝපායන් ඇමරිකා එක්සත් ජනපද පුරවරයන් හී ද ක‍්‍රියාත්මක ය. එහෙත් පොදුවේ ගත් කළ ඇ.එ.ජ. නගර උත්සාහය දරන්නේ, කොහෙත්ම වාහනයක් පාවිච්චි කරනවා ද නැද්ද යන්නට වඩා ඇමරිකානුවන්, විමෝචනය අඩුකරනු වස් වාහන භාවිත කරන ආකාරය වෙනස් කිරීමට බව රෙප්ලොගල් පෙන්වා දෙයි. ‘‘කොහොම හරි වාහන අයිති කරගෙන සිටිනවාට වඩා පහසුවෙන් (තමන්ටම වාහනයක් නැතුවාට) එහෙ මෙහෙ යා හැකි බව ජනතාවට ඒත්තු ගන්වන්න පුළුවන් නම් එතකොට ජනතාව මෝටර් රථ අයිති කරගැනීම අඩු කරාවි’’

Smog

බෙල්ල හිරවෙන තරමට වාහන මිළ ගණන් ඉහළ දැමීම මගින් හෝ තහනම් පැනවීම මගින් මෝටර් රථ හිමිකර ගැනීම පාලනය කිරීමට යාම දේශපාලනික වශයෙන් ගැටළු එකතු කරන්නකි. මෙවැනි පියවර සඳහා බොහෝ විට විවිධ මට්ටමේ රාජ්‍ය පාලන ආයතනවල අනුමැතිය අවශ්‍ය වේ. එවැනි සීමා කිරීම් වලින් සිදුවන්නේ නගර කරා පැමිණීමේ වෙනත් මගක් නොහිමි අඩු ආදායම් ලාභීන්ගේ අයිතීන් කප්පාදුවක් බව ඩෙන්වර් නගරයේ වාතය, ජලය සහ කාලගුණය පිළිබඳ කළමණාකාරිණිය වන ලිස් බැබ්කොක් පවසයි. ‘ප‍්‍රතිපත්තිය කුමක් වුවත් එයින් අවසානයේ ඇතිවන ප‍්‍රතිඵලය ගැන සැලකිලිමත් වෙන්න ඔින’ ඈ කියයි. වොෂිංග්ටනයේ බලශක්ති හා පරිසර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ටොමී වෙල්ස් කියා සිටින්නේ නගරය මෙතෙක් අවධානය යොමු කර ඇත්තේ පයින් යාම, පා පැදියෙන් ගමන් කිරීම සහ වැඩි වැඩියෙන් පොදු ප‍්‍රවාහනය යොදා ගැනීම වර්ධනය කිරීමට බවයි.

කෙසේ වෙතත්, උමං දුම්රිය ගිම්හානයේ නඩත්තු කටයුතු වෙනුවෙන් අඩ වශයෙන් වසා දැමීමේ හේතුවෙන් මගීන් යළි තම පෞද්ගලික වාහන භාවිතයට යොමු වන්නට පටන් ගෙන ඇතැයි හෙතෙම කියා සිටියි. මේ තත්ත්වය නගරය මුහුණ පාන ප‍්‍රධානතම පරිසර ව්‍යසනය බව තරමක කල කිරීමකින් යුතුව පෙන්වා දෙන වෙල්ස් ප‍්‍රකාශ කර සිටින්නේ ‘‘වැඩිම වාසියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ පෞද්ගලික වාහන විදුලිබලකරණයට ලක් කිරීම නොව ජනතාව පෞද්ගලික වාහන වලින් ඉවත් කර පොදු ප‍්‍රවාහනය කරා යොමු කරවී ම ’’ බවයි.

Scientific American  හී පළවූ  Paris Bans Vehicles Built before 1997 යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: