සැමට විදු නැන නුවණ – Science Literacy for All

විශ්වය එන්ට එන්ටම වාස යෝග්‍ය බවට පත්වන්නේ ඇයි ?

            පෘථිවිය මත ක්ෂුද්‍ර ජීවීන් හටගත් අවධියට වඩා අද දිනයේ විශ්වය බොහෝ සේ ජීවීන්ගේ පැවැත්මට යෝග්‍ය බවට පත්ව ඇත. එමෙන් ම තව තවත් යෝග්‍ය වෙමින් පවතී.

ජීවය පැවතීමට ඉඩ සලසන තත්ත්වයන් විශ්වයෙහි අතිශය දුර්ලබය. එසේ වතුදු, ක්ෂුද්‍ර ජීවීන් මේ මිහිතලය මත හටගත් අවස්ථාවේදීට වඩා වර්තමානයේ විශ්වය ජීවයට යෝග්‍ය තත්ත්වයන්ගෙන් යුක්ත වෙමින් පවතින්නේ යයි පර්යේෂකයන්ට පෙනී යයි. මෙය, මිනිස් අපගේ පැවැත්ම තවත් අපූරත්වයට පත් කරයි. එපමණක් නොව, විශ්වය අනාගතයේ දී තව තවත් වාස යෝග්‍ය බවට පත්වෙනු ඇතැයි ද ඉන් හැගවෙයි. ‘‘අනාගත විශ්වය ග‍්‍රහලෝක සඳහා බොහෝ උචිත තැනක් වනු ඇති’’ යයි නෙදර්ලන්තයේ ග්‍රොනින්ජන් විශ්ව විද්‍යාලයේ කැප්ටෙයින් ඇස්ට්‍රොලොජිකල් ආයතනයේ(Kapteyn Astronomical Institute) පර්යේෂක, ප‍්‍රතීක දයාල් පවසයි. දයාල් මුල් යුගයේ මන්දාකිණි පරිණාමය ගැන අධ්‍යයනයෙහි යෙදෙයි.

මිය යන තාරකා මගින් නිපදවන අන්තරයාකාරී විකිරණ මට්ටම තාරකා බිහිවීමේ ප‍්‍රවණතාව හීනවත්ම පහත වැටෙන්නේ පෘථිවිය මත මුලින්ම ජීවය හටගත් අවස්ථාවට වඩා 20 ගුණයකින් වාස යෝග්‍ය මට්ටමක් සහිත පරිසරයක් නිර්මාණය කරමිනි. ඒ අතරම අතිශය විශාල සංඛ්‍යාවක කුඩා, අඳුරු තාරකා අතර අනාගතයේ දී ජීවය පරිණාමය වීමේ හැකියාව වර්ධනය කරයි. මේ කුඩා තාරකා සෑම එකක්ම ජීව වර්ධන ග‍්‍රහයන්ට තෝතැන්නක් වීමේ විභවයක් ඇත. මෙම කරුණු කාරනා නිසා පෘථිවියේ වර්තමාන වැසියන් සෞරග‍්‍රහ මණ්ඩලයේ ජීවයේ පැවැත්ම සලකනවිට ප‍්‍රාග් පරිණාමයන් හෙවත් ‘‘අකලට පැසුණු’’අය බවට පත් කරන්නේ යයි විශ්ව විද්‍යා සහ තාරකා අංශු විද්‍යා සඟරාවේ (Journal of Cosmology and Astroparticle Physics) පළ කෙරුණු අධ්‍යයන වාර්තාවකින් කියැවේ.

earth-like-planets

මෙම අධ්‍යයනයේ ප‍්‍රධානී ඇවි ලොඑබ් සිය අවධානය යොමු කර ඇත්තේ රතු වාමනයන් ලෙස හැඳින්වෙන කුඩා, අඳුරු තාරකා ගැනය. (අපගේ සූර්යයා සැලකෙන්නේ කහ වාමනයෙකු ලෙසය. අපේ සූර්යයා සෞරග‍්‍රහ මණ්ඩල මට්ටමින් ගත්විට දැවැන්තයෙකු වුවද විශ්වයේ මට්ටමින් ගත් කල වාමනයෙකි.) පෙර කී රතු වාමන තාරකාවල දීර්ඝ ජීවිත කාලය සහ සරල පැතිරීම ගත්කල ඒවා ආශ‍්‍රිතව ජීවය දැරීමට මග පෑදිය හැකි අපේක්ෂකයන් බවට පත් වේ. අපේ ක්ෂීරපථය මන්දාකිණියේ ඇති තාරකා අතුරෙන් හතරෙන් තුනක් පමණ ම සමන්විත වන්නේ රතු වාමනයන්ගෙනි. රතු වාමනයන් වටා ජීවය හට ගැනීමේ හැකියාව ඇතැයි උපකල්පනය කරමින් ලොඑබ් සහ ඔහුගේ සගයන් කියා සිටින්නේ අදට වඩා අනාගතයේ දී ජීවය හටගැනීම හැකියාව දහස්වාරයක් වැඩි විය හැකිබවයි.

‘‘මෙය පුදුමයට කාරණයක්. සූර්යයා වටා ජීවය හට ගැනීම මදක් කලින් සිදුවිය හැකි බවයි ඉන් කියැවෙන්නේ ’’ ලොඑබ් පවසයි. ඔහුගේ පර්යේෂණවල දී අවධානය යොමු වන්නේ පෘථිවිය මත ජීවයට සමාන ජීවය ගැනයි.

කෙසේ වෙතත්, රතු වාමනයන්ට ජීවය දරා සිටීමට ආධාර විය හැකිද යන්න තවමත් විවාද සම්පන්න කාරණාවකි. මෙම තාරකාවල ජීවිතයේ මුල් අවධියේ ඒවා ඉතාමත් ක‍්‍රියාශීලීය. පෘෂ්ඨය මත ද්‍රව ස්වරූපයෙන් ජලය රැඳී තිබිය හැකි ග‍්‍රහයන් සිටින්නේ තාරාකාව ආසන්TESS-Observatory-400 (1)නයේ ය. මේ හේතුව නිසා  ග‍්‍රහයන් නිරතුරුව ලෙළසිළු හා විකිරණයේ (flares and radiation) බලපෑමට ලක් වේ. මෙවැනි සීමාන්තික තත්ත්වයන් යටතේ ජීවයට පැවතිය හැකි ද යන්න ගැන විද්‍යාඥයෝ දිගටම වාද විවාදවල යෙදෙති. එහෙත් ලොඑබ් කියා සිටින්නේ ඉදිරියට අභ්‍යවකාශ ගත කෙරෙන සංක‍්‍රාන්ති බහීර් ග‍්‍රහ සමීක්ෂණ චන්ද්‍රිකාව(Transiting Exoplanet Survey Satellite) සහ ජෙම්ස් වෙබ් අභ්‍යවකාශ ටෙලස්කෝපය වැනි උපකරණවල ආධාරය ඇති ඉදිරි දශක කිහිපය ඇතුළත පිළිතුරක් ලැබෙනු ඇති බවයි. ‘‘අඩු ස්කන්ධ තාරකාවලට ජීවය පැවැත්මට ආධාර විය හැකි බව සනාථ වන්නේ නම්, ඒ කියන්නේ අප වාසනාවන්තය යන්නයි. මන්ද අප තමයි මුල්ම ජීවී ස්වරූප’’ යනුවෙන් ලොඑබ් කියයි. ඉන් අදහස් වන්නේ පෘථිවිය මත ජීවය නියමිත වේලාවට කලින් පැමිණ අති බවයි.

 

කෙසේ වෙතත්, එම අඳුරු තාරකා අවට ජීවය පිළිබඳ හෝඩුවාවක් දැක ගත නොහැකි වුවහොත් සමීකරණය වෙනස් වන අතර පෘථිවියෙහි ජීවය හටගෙන ඇත්තේ නියමිත කාලයටම බව පෙනී යයි. කාලය ගතවීමත් සමගම විශ්වයේ වාස යෝග්‍ය බාවය වර්ධනය වෙමින් පවතින බව එන්ට එන්ටම වැඩිවෙන පර්යේෂණ වාර්තා පෙන්නුම් කරයි. නව අධ්‍යයන වාර්තාව එකතු වන්නේ ද ඒ ගොඩටයි. ඉස්මතු වන ජීව ස්වරූපයන්ට හානි පමුණුවන විකිරණ නිෂ්පාදකයන් සියල්ල සංසන්දනය කිරීමක් දයාල් සහ ඇගේ සහචරයන් විසින් සිදු කරනු ලැබ ඇත. ඒ වෙනත් අධ්‍යයනයක් මාර්ගයෙනි. ඔවුන් විසින් සනාථ කරනු ලැබ ඇත්තේ විකිරණ නිෂ්පාදනයේ දී අධි නවතාරාවන් (supernova) ප‍්‍රමුඛ වන අතර කි‍්‍රයාශීලී තරුණ මන්දාකිණි හා බලගතු ගැමා කිරණ පිපිරීම් එතරම් බලපෑමක් ඇති නොකරන බවයි. විවිධ වර්ගවල අධි නවතාරාවන් අතර II වර්ගයේ ඒවා ප‍්‍රධාන භූමිකාවක් ඉටු කරන්නේ ප‍්‍රචණ්ඩ අවසානයක් කරා යමින් තනි තාරකා පුපුරා යන හෙයිනි. හානි පමුණුවන විකිරණයට Ia වර්ගයේ අධි නව තාරාවන් ද දායක වේ.

හානිකර විකිරණයට විවිධ තාරීය වස්තූන් කොපමණ දායක වී දැයි සෙවීමට දයාල් සහ පිරිස විශ්වයේ වසර බිලියන 13.8 ක ජීවිත කාලය විඩම්බනය(simulate) කළ අතර එහිදී පෙනී ගියේ මුල්ම කාලයේ විශ්වය තාරක උපත් නිසා කාර්ය බහුල ගතියක් ගත්තත් උපත ලද තාරකා තුළ වායු සහ දූවිලි බහුතරය හිරවී තිබූ නිසා ක‍්‍රියාදාමය මන්දගාමී වී ඇති බවයි. තවමත් නව තාරකා බිහි වෙතත් ඒවා මුල් කාලය තරම්ම සීඝ‍්‍රතාවකින් සිදු නොවේ. මේ මන්දගාමීත්වය හා තාරීය මියයාම් ජීවය පරිණාමය වීමට බලාපොරොත්තු වන ලෝකවලට යහපත් ප‍්‍රවෘත්තියකි : මේ ආකාරයෙන් විකිරණ අඩු වී යාම හේතුවෙන් අද විශ්වය, පෘථිවිය උපන් අවධියට වඩා 20 ගුණයක් තරමට වාස යෝග්‍ය වී ඇත.

Smithsonian Magazine හී පළවූ Why the Universe Is Becoming More Habitable නම් ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: