වර්තමානයේ කටවහරේ නිතර භාවිතවන ඇලජික් හෙවත් අසාත්මිකතාව ගැන විග‍්‍රහයක්
එන්ට එන්ටම වැඩිපුර ජනතාව අසාත්මිකතාවන්ගේ පෙළෙන්නට ඇති බවත් පෙනී යන පසුබිමක ඒ පිළිබඳ අදහස් උදහස් කටකතා සංවාද මෙන්ම මාධ්‍ය වාර්තා ද බහුලව දක්නට ලැබේ. ආහාර අජීරණය හා වෙනත් ඒ ආකාරයේ රෝගාබාධ හා අසාත්මිකතාව (allergy) පටලවා ගැනීමක් කරගන්නා බව පෙනී යන අතර සංවර්ධිත රටවල පුදුමාකාර අනුපාතයකින් අසාමිකතා ඉහළ යමින් පවතී. 2005 වසර හා සසඳන විට දරුණු අසාත්මිකතා ප‍්‍රතිචාර හේතුවෙන් යුරෝපයේ රෝහල් ගත කරනු සංඛ්‍යාව 2015 දී හතර ගුණයකින් ඉහළ ගියේය. 2012 දක්වා වසර 20 තුළ එක්සත් රාජධානිය ගතහොත් අසංරක්ෂණත්වය (anaphylaxis) හෙවත් ඉතා දරුණු අසාත්මික ප‍්‍රතිකි‍්‍රයාව නිසා රෝහල් ගත කෙරුණු අයගේ අනුපාතය 615%කින් ඉහළ ගියේය. පීනස ලෙස පොදුවේ හඳුන්වනු ලබන අසාත්මික නාසික ශ්ලේෂ්මල ප‍්‍රදාහය(rhinitis) සහ එක්සීමාව (eczema) හේතුවෙන් රෝහල් ගත කෙරුණු ළමුන්ගේ ප‍්‍රතිශතය පසුගිය 30 අවුරුද්ද තුළ තුන්ගුණයකින් වැඩිවී ඇත. අසාත්මිකතාව කියන්නේ කුමක්ද කියලා දැන් අපි සොයා බලමු.
අසාත්මිකතාව යනු කුමක්ද?
හානියකින් තොර ද්‍රව්‍යයක් තර්ජනයක් ලෙස ශරීරය විසින් සළකනු ලබන කල සහ සිරුරේ ප‍්‍රතිශක්ති පද්ධතිය ඊට අනවශ්‍ය ආකාරයකට ප‍්‍රතිචාර දක්වන විට අසාත්මිකතාව ඇතිවේ. ජෛවී වෛද්‍ය විද්‍යා පදයක් ලෙස ගත් විට අසාත්මිකතාවක් යනු බොහෝ විට ඉමියුනෝ ග්ලොබින් ප‍්‍රතිදේහ(immunoglobin E antibodies (IgE) සම්බන්ධවන එක්තරා සුවිශේෂී ප්‍රෝටීනයකට දක්වන අයෝග්‍ය ප‍්‍රතිශක්ති ප‍්‍රතිචාරයකි. වඩාත්ම බහුල එමෙන්ම වඩාත්ම තේරුම් ගෙන ඇති ආසත්මිකතා වන්නේ IgE මැදහත්වීමෙන් ඇතිවන අසාත්මිකතා ප‍්‍රතිචාරයි. ඇදුම(asthma) , කෘෂ උණ (hay fever) අසාත්මික චර්මදාහය (allergic dermatitis) සහ බොහෝ ආහාර අසාත්මිකතාව වැනි තත්ත්වයන්ට හේතුවන්නේය. වෙනත් ප‍්‍රතිදේහ සම්බන්ධ IgE නොවන අසාත්මිකතා වඩාත් දුලබ අතර වඩාත් සංකීර්ණද වෙයි. අසාත්මිකතාවක් වර්ධනයවීමේ මුල්ම පියවර වන්නේ සංවේදීකරණයයි(sensitization):එක්තරා ප්‍රෝටීනයක් ඇති බව දැනුණු විට ශරීරයේ ප‍්‍රතිශක්ති පද්ධතිය වැරදි වැටහීමකින් IgE ප‍්‍රතිදේහ නිපදවයි. මෙකී ප‍්‍රතිදේහ කුඹ ෙසෙල (mast cells) නමින් හැඳින්වෙන සුදු රුධිර ෙසෙල පෘෂ්ඨයට බැඳී ඒවා ද්‍රව්‍යයට සංවේදීකරව තබයි. පුද්ගලයා ඊළඟ වාරයේදී ෙමම අසාත්මිකකාරකය සම්මුඛ වූ විට මෙකී විශේෂිත ප‍්‍රතිදේහ ඈඳී තිබෙන කුඹ ෙසෙල හිස්ටමීන (histamines =තුවාල වීමකට, ප‍්‍රදාහයකට හෝ අසාත්මිකතාවකට ප‍්‍රතිචාර වශයෙන් සිරුර නිපදවන සංයෝගය) සහ ප්‍රොස්ටග්ලැන්ඩින් (prostaglandin) වැනි ප‍්‍රදාන ද්‍රව්‍ය මුදා හරියි. එම ප‍්‍රදාහ ද්‍රව්‍ය අවට පටක මත කි‍්‍රයා කරයි. රෝග ලක්ෂණ එතරම් තදබල ෙනාවන හා සිරුරේ එක් ප‍්‍රදේශයකට සීමා වූ ඒවායේ සිට මුළු සිරුරටම බලපාමින් ජීවිතයට තර්ජනයක් එල්ලවන මට්ටමේ ඒවා විය හැකිය.
කිසියම් පුද්ගලයකු එක් අසාත්මිකකාරකයට සංවේදී වුවද තවත් ද්‍රව්‍යයක් ඊට සමානකම් ඇති ප්‍රෝටීන එහි පෘෂ්ඨය මත ඇති විට එම අසාත්මික ප‍්‍රතිචාරයට මුල පිරිය හැකිවේ.
- අසාත්මිකතා කාරකයන් ඇති විට ඊට ප‍්‍රතිචාර වශයෙන් ප්ලාස්ම ෙසෙල ප‍්‍රතිදේහ නිපදවයි. ප‍්‍රතිදේහ ස්වායත්තව කුඹ ෙසෙලයන්ට ඈදෙයි.
- අනතුරුව සිදුවන නිරාවරණයේදී මෙම කුඹ ෙසෙලවල ප‍්‍රතිදේහ අසාත්මිකතාකාරකයට ඈදෙයි.
- IgE සුසැදි කුඔ ෙසෙල හිස්ටමීන හා අනෙකුත් රසායනික මුදා හැරෙන්නේ (degranulation) අසාත්මිකතා ලක්ෂණවලට මඟ පාදමිනි.
අසාත්මිකතා එන්ට එන්ටම බහුලවන්නේ ඇයි?
ස්වස්ථතා කල්පිතය හෙවත් උපන්‍යාසය (‘hygiene hypothesis’) 1980 දශකයේ අග සිටම පවතින්නකි. ඉන් හැගවුණේ ළමයෙකු බැක්ටීරියා සහ අනෙකුත් ද්‍රව්‍යවලට අනාවරණය වීම හේතුවෙන් ඒ ළමයා තුළ අසාත්මිකතාවන් වර්ධනය වීමේ අවදානම අඩුකරන බවයි. දැන් අපේ ජීවන තත්ත්වයන් ඉහළ ගොස් ඇති නිසා මෙම නිරාවරණය වීම (exposure) අඩු වී ගොස් ඇතැයිද එය අපේ ප‍්‍රතිශක්ති පද්ධතිය හැසිරෙන ආකාරය කෙරෙහි කිසියම් බලපෑමක් ඇති කරයිද යනුවෙන් කල්පනා කෙරිණ.
එවැනිම ප‍්‍රවණතාවකින් යුතුව සළකතොත්, පැරණි මිත‍්‍රයන්ගේ යාන්ත‍්‍රණය(‘old friends mechanism’) යන්නෙන් කියැවෙන්නේ බැක්ටීරියාවට නිරාවරණය වීම, සෞඛ්‍ය සම්පන්න ක්ෂුද්‍ර ජීවි සමුදායක් සෑදීමට අන්ත‍්‍රයේ බැක්ටීරියා උපකාරී වන අතර එය අපට හොඳින් කි‍්‍රයාත්මක වන ප‍්‍රතිශක්ති පද්ධතියක් වර්ධනය කර ගැනීමට ද උපකාරී වේ.
පසුගිය සියවසේ අසාත්මිකතා වසංගත ගැන මෑතක සිදුකළ සමාලෝචනයකින් නිගමනය කරනු ලබන්නේ ස්වාස්ථාව වැඩිදියුණු වීම සංවර්ධිත ලෝකයේ අසාත්මිකතා අනුපාතය ඉහළ දැමීමෙහිලා කාර්ය භාරයක් ඉටු කර ඇති බව බොහෝ දුරට ස්ථිර කළ හැකි වුවත්, අප කොපමණ වේලාවක් අප ගෙතුළ ඉන්නේද යන්නේද සිට ව්‍යායාම නොකිරීම දක්වා වූ පරාසයක තවත් හේතු සාධක ද ඊට සම්බන්ධය. අන්දමට අසාත්මිකතා ඇති කරවන ආහාර බිළිඳුන්ට හා කුඩා ළමයින්ට නොදෙන්නැයි වඩාත් මෑතකදී නිකුත් කෙරුණු අවවාදද ඇත්තටම අසාත්මිකතා වර්ධනය වීමේ ඉඩකඩ තවත් වැඩි කිරීමට හේතු විනැයි කල්පනා කෙරේ.
අසාත්මිකතාවන්ට ප‍්‍රතිකාර කළ හැකිද?
සාම්ප‍්‍රදායානුකූලව, අසාත්මිකතා ඇති පුද්ගලයන් ඔවුන්ගේ රෝග ලක්ෂණ ඇති කරන අසාත්මිකතාකාරකය ඈත් කර තැබිය යුතුය. නැතහොත් ප‍්‍රතිචාරයක් ඇති වූ කල රෝග ලක්ෂණයන්ට ප‍්‍රතිකාර ගත යුතුවේ. එහෙත්, ලීප් යනුවෙන් හැඳින්වෙන ((Learning Early About Peanut Allergy- LEAP) ඊශ‍්‍රායල් අධ්‍යයනයක් අනුව පුද්ගලයන්ට අසාත්මිකතා වර්ධනය වීම වළක්වා ගැනීමේ දී අපට සහය විය හැකියි. ආහාරය මගින් කුඩා කාලයේදී රට කජු වලට නිරාවරණය වූ ඊශ‍්‍රායල ළමයි රටකජු අසාත්මිකතාවන්ට ගොදුරුවීමේ ප‍්‍රස්ථාව අඩු බව ලීප් අධ්‍යනෙයන් කියැවිණ.. මෙය රටකජු ආහාරයට ගැනීමෙන් වළකින්නැයි වසර ගණනාවක් කිස්ෙස් එක්සත් රාජධානියේ දී සිදු කෙරුණු අවවාදයට ඉඳුරාම පටහැනිය. එකී අවවදාය ඇත්තටම රටකජු අසාත්මිකතා වැඩි කිරීමට බලපා අැත. වඩාත් උනන්දුව ඇතිකරවන අරමුණක් වනුයේ දැනට තමන්ට ඇති අසාත්මිකතාවයෙන් පුද්ගලයන් සුව කිරීමයි. පුද්ගලයයෙක් සිය අසාත්මිකතා කාරකයට කුඩා මාත‍්‍රා වශයෙන් නිරාවරණය කිරීමට අදාළ වන ප‍්‍රතිශක්ති පිළියම 1970 ගණන් පුරාවට වැරදි භාවිතය නිසා යටපත්ව තිබුණත් දැන් දැන් යළි බලාපොරොත්තු තැබිය හැකි මට්ටමට පැමිණෙමින් ඇත. අලූත් අසාත්මිකතා අභිරහස් ආකාරයකට හිස ඔසවන්නට පටන් ගැනීමත්, ජනතාව වැරදි මඟක යමින් තමන්ම රෝග විනිශ්චයකට පිවිසීමේ ප‍්‍රවණතාවත් ඒවා ලඝු කොට මාධ්‍යය මගින් දැක්වීමට මඟ පාදා ඇත යනුවෙන් ලන්ඩනයේ කිංග්ස් කොලීජියේ අසාත්මිකතා පර්යේෂිකාවක් වන ආචාර්ය ලුසියා ජේම්ස් පවසයි. අවබෝධය වැඩිවීම හා තවතවත් පර්යේෂන මගින් මෙම ප‍්‍රවණතා ආපසු හරවා අසාත්මිකතා ප‍්‍රතිචාර මුළුමනින්ම ජයගත හැකිවෙතැයි ඇය අපේක්ෂා කරයි. ජීවන තත්ත්වය හෙවත් අප ගෙවන ජීවිතයේ ගුණාත්මක භාවය කෙරෙහි අසාත්මිකතා විශාල බලපෑමක් ඇති කළ හැකියි. අසාත්මිකතාව සැහැල්ලූවට ගත නොහැක්කක් නිසාවෙන් මිථ්‍යාමත වනසා දැමීම බෙහෙවින් වැදගත් යයි ඇය කියා සිටියි.
The Biologist 63(3) p32-33 සගරාවේ පළවූ FOCUS ON ALLERGIES ලිපිය ඇසුරෙනි