කුරුල්ලෙකු මෙන් අහසේ නිදැල්ලේ පියාසර කරන්නට ඇත්නම් කොපමණ හොඳ දැයි ජීවිතයේ කොයියම් මොහොතක හෝ අප හැම දෙනාටම පාහේ කල්පනා වී ඇතුවාට සැකයක් නැත. අනෙකුත් සත්ව විශේෂවලට මෙන් දුවන්න, පනින්න පීනන්න පවා පමණක් නොව අවශ්‍ය නම් බඩ ගා ගෙන යාමට පවා මිනිස් අපට හැකියාව තිබුණත් පක්ෂීන් සතු මෙම සුවිශේෂී හැකියාව ඒ කියන්නේ කිසිම යාන්ති‍්‍රක හෝ තාක්ෂණික මෙවලමක ආධාරයක් නැතුව වන පියෑඹීමට නම් අපට නොහැකිය. අහස්යානයක් හේ ග්ලයිඩරයක් නොමැතිව අහසේ සැරි සැරීමට අපට නොහැකි වන්නත් පක්ෂීන්ට මෙම සුවිශේෂී හැකියාව හිමිවන්නටත් කාරනා කිම?
මෙයට දිය හැකි මූලික නැතිනම් සරලම පිළිතුර ලෙස පක්ෂීන්ට පිහාටු තිබීමත් කුහර සහිත අස්ථි (ඇට) තිබීමත් හේතුකොට ගෙන ඔවුන් බරෙන් අඩු එහෙත් ශක්තිමත් සත්වයන් බවට පත්වීමත් සඳහන් කළ හැකියි. එහෙත් කුරුළු පිහාටුවල කතාන්දරය එතැනින් නිමා නොවේ. මන්ද, පිහාටු පිහිටා ඇත්තේ හුදෙක් පියාසර කිරීමේ කාර්යය උදෙසා පමණක් නොවීමයි. ඇත්තටම, පිහාටු විවිධ කාර්යයන් කිහිපයකටම අවශ්‍ය වේ.
පක්ෂීන් සිය පිහාටු කොපමණ ආකාරයකට යොදා ගන්නේද?
දැනට පෙනී යන අන්දමට පක්ෂීහු විවිධ ආකාර 23 කින් පමණ සිය පිහාටු යොදා ගනු ලැබේ. සෑම කුරුල්ලෙක්ම එකම ආකාරයකට සිය පිහාටු යොදා ගන්නා බවක් ඉන් කියැවෙන්නේ නැහැ. එහෙත් එක් කණ්ඩායමක් ලෙස පක්ෂීන් බොහෝ නිර්මාණාත්මක එමෙන්ම උනන්දුව දනවන ආකාර බොහොමයකින් සිය පිහාටු යොදා ගැනේ. මෙම ලිපිය කියවන ඔබටත් පක්ෂීන් සිය පිහාටු යොදාගන්නා ආකාර ගැන සිතා බලන්න පුළුවන්. ඔබේ සිතට නැගෙන ඒ ආකාරයන්ගේ ලැයිස්තුව දිග වැඩිනම් කොළයක සටහනක් කර ගන්න. පසුව, එය පහත දක්වා ඇති ලැයිස්තුව සමග සංසන්දනය කළ හැකියි.
මේ අන්දමට පිහාටු මගින් අපමණ කාර්යයන් ඉටු කෙරෙන නිසා එකම එක වර්ගයක පමණක් පිහාටු පැවතීම ප්‍රමාණවත් නැත. ඒ නිසා විවිධාකාර වූ පිහාටු වුවමනාවේ. සමහරක් දිගැටියකට එමෙන්ම ශක්තිමත්ව සෑදී ඇත්තේ පියෑඹීමට හා දිශාවට අනුව හැරසිරවීමටය. සමහරක් පිහාටු මෘදුය. සියුම්ය. පක්ෂියා උණුසුම්ව තබා ගැනීමට එවැනි පිහාටු බෙහෙවින් ප්රයෝජනවත්ය. එපමණක්ද? ඇත්තටම අපේ ඇඳුම්වලට හා ඇඳි ඇතිරිලිලවලට යොදා ගනිමින් අපටත් උණුසුම්ව සිටීමට අපි එවැනි පිහාටු වර්ග යොදා ගනිමු. සීතල දිනවල අපේ පිහිටට එවැනි පිහාටුවලින් සෑදු ඇඳුම් ආයිත්තම් ප්‍රයෝජනවත් වේ.
ඉහත දක්වා ඇති පිහාටු වර්ග බලන විට ඒවා විවිධ හැඩයෙන් සහ ප්‍රමාණයෙන් යුක්ත බව පෙනී යනු ඇත. අප බොහෝ විට දකින්නේ වලිග(tail) හා පියාසැරුම් (flight) පිහාටුය. බැලූ බැල්මට ඒවා එක වගේ පෙනෙන්ට හැකි වුණත් ඒවා වෙනස්ය. වලිග පිහාටු මැදින් දකුණට හා වමට වෙන්නට තුලනයට කර තිබේ. පිය සැරුම පිහාටුවල වඩාත් පුළුල් සහ පටු පැති ඇත. එම පිහාටුවලට වාතය කපාගෙන යා හැකි නිසා අඩු ප්රතිරෝධයකින් (සුළඟින් ඇතිකරන මන්දන බලය drag) යුතුව පියාසර කිරීම සඳහා යෝග්‍ය වේ. අනෙකුත් වර්ගවල පිහාටු සෑදී ඇත්තේ පක්ෂියාගේ සිරුරේ අවශ්‍යතාවන් සපුරාලීම පිණිසයි. උණුහුම සඳහා ප්‍රයෝජනවත් තුල(downy) පිහාටු ඈත දකුණේ දක්වා ඇත. අර්ධ පෙද (Semiplume) පිහාටුද උණුසුම්ව තැබීමට ආධාර වේ. තවද ජලයේ වසන කුරුල්ලන්ට පාවී යාමට ද එම පිහාටු උපකාරී වේ. කෙඳි පිහාටු(Filoplume) ඇස් හා නාස් පුඩු අවට දැකිය හැකිය. කෘමීන් අලවා ගැනීමට මනාපයක් දක්වන කුරුල්ලන්ගේ මුඛය අවටද එම පිහාටු පිහිටයි. කෙඳි පිහාටු වලිග සහ පියාසැරුම පිහිටු අවට දැකිය හැකියි. පියාසැරුම පිහාටු උපයෝගී කරගත යුත්තේ කොයි විටද යන්න අවබෝධ කරගැනීමට ඒවා යොදා ගන්නා බව සැලකේ. පිහාටුවල වර්ගය කුමක්වුවත් පිහාටුවක ඇති කොටස් එක සමානය. සෑම පිහාටුවකම සෑම කොටසක්ම පිහිටා නැත. (පහත බලන්න.)
පියවි ඇසට පෙනෙන පිහාටු කොටස් අතර ප්‍රාක්ෂය (rachis) පටක ඵලය (vane) පශ්චාත් පිහාටු (afterfeather) පිච්ඡිකාව (barbs) තුල පිච්ඡිකා (downy barbs) කුහර දණ්ඩ (hollow shaft) වේ. පිච්ඡුතා එකට තබා ගනිමින් පිහාටුවට එහි හැඩය ලබාදීමට ආධාර වන පිච්ඡිකාංශය(barbules) සහ කොකිත්ත (hooklets) යනුවෙන් ඉතා කුඩා කොටස් ද ඇත.
පිහාටුවල වර්ණ
සමහර පක්ෂීන්ගේ පිහාටුවල වර්ණ අපව විස්මයට පත් කරයි. අපේ නිවෙස් හෝ වෙනත් ස්ථානයක ඇති කුරුලූ රූපයක වර්ණයන්ට වඩා ඒවා බොහෝ වෙනස්ය. මේ වර්ණ සෑදී ඇත්තේ විවිධ වර්ණ නිපදවීම සඳහා ආලෝකය ලැබීමෙනි. එවැනි වර්ණවල කියනු ලබන්නේ මුතු පැහැ වර්ණයයි. දිදුලන දේවලට අපූර්ව හැකියාවක් ඇත. එවැනි වස්තුවක් දෙස අප බලන කෝණය අනුව එහි වර්ණය වෙනස්වන බව පෙනේ.
පිහාටු සෑදී ඇත්තේ කුමකින්ද?
අපගේ හිසකෙස් මෙන්ම ඇඟිලිවල නියපොතු සෑදී ඇති ද්‍රව්‍යයෙන් මයි පිහාටු සෑදී ඇත්තේ. එනම් කෙරටීන්ය. කෙරටීන් යනු ශක්තිමත් එහෙත් සැහැල්ලූ ද්‍රව්‍යයකි. පියෑඹීම පිණිස සැහැල්ලූ බව අවශ්‍ය වන පක්ෂීන්ට මෙය යෝග්‍යයම ද්‍රව්‍යයකි(කුර, නිය, පිහාටු හා ලොම්වල ඇති තන්තුමය ප්‍රෝටීන් විශේෂයක්). පිහාටුවලට අමතරව පක්ෂීන්ගේ හොට සහ නිය ද සෑදී ඇත්තේ කෙරටීන් වලිනි. කුරුල්ලන්ට දත් නැති බව අපි දන්නවානේ. ඒ වෙනුවට ආහාර ගැනීම සඳහා ඔවුන් යොදා ගන්නේ ඔවුන්ගේ ශක්තිමත් හොටයි. අනෙක් සතුන් දත් පාවිච්චි කරන ආකාරයට පක්ෂීහු සිය හොටය යොදා ගනිති. එහෙත් මේ හොට දත්වලට වඩා බරෙන් අඩු නිසා පියාසර කිරීමේදී හිස බරෙන් අඩු වී සමබරව තබාගැනීමට උදව් වෙන බව ඇතැම් ජීව විද්‍යාඥයන්ගේ මතයයි.
Ask a Biologist හී Feather Biology ලිපිය ඇසුරෙනි