බැක්ටීරීයාවන් උගන්වන පාඩම් තුළින් ජෛව ඉන්ධන නිෂ්පාදනය වර්ධනය කළ හැකියි

Posted by

ඔබ සෑදී ඇත්තේ කාබන් වලින් නම් මරණය තරම් ඔබේ ජීවිතයට වැදගත් දේ ඇතොත්  එසේ තිබිය හැක්කේ අතළොස්සක් පමණයි. අළුතෙන් ශාක සහ සත්ත්වයන් හැදීමටත්, එම සත්ව හා ශාක පවත්වාගෙන යාම සඳහා ශක්තියත් වෙනුවෙන් අවශ්‍ය තැනුම් ඒකක සම්භාරයක් මළ ගසකින් සොයා ගත හැකි වන්නේ හදිසි වාසනාවක් පෑදුන අයුරිනි. ‘‘ශාක කාබන් ප‍්‍රතිචක‍්‍රීකරණය අපේ පරිසර පද්ධති ක‍්‍රියාකාරීත්වයට මූලික වෙනවා’’  යයි පවසන්නේ විස්කොන්සින් මැඞ්සන් සරසවියේ බැක්ටීරියාවේ දී මහාචාර්ය කැමරන් කරි ය, ‘‘අපට ආහාර, වාතය, ශක්තිය සියලූදේම පාහේ ලැබෙන්නේ එකී පරිසර පද්ධති සේවාවන් තුලින්. අපේ ග‍්‍රහලෝකයේ කටයුතු සිද්ධ වෙන්නේ එහෙමයි.’’

එහෙත්, මළ ගසක සංයුක්ත කොටස් මුලින්ම පරිස්සමෙන් එක්තැන් කර තිබෙන අතර පහසුවෙන් ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා ඉක්මණින් කැබලිවලට කැඞී බිඳී වෙන් නොවේ. සෙලූලෝස් ගතහොත් එය සැලකිල්ලෙන් කැබලි කිරීම ඉටු කිරීමට ක්ෂුද්‍ර ජීවීහු සම්භාරයක් ම සිටිති. සෙලූලෝස් වනාහි ශාක ෙසෙල බිත්ති වල ප‍්‍රධාන ව්‍යුහමය සංරචකයක් වන අතර පොළොව මත ජීවයේ බහුල ඵෙන්ද්‍රීය සංයෝගයකි. එම කටයුත්තෙන් වැඩි කොටසක් ඉටු කරන්නේ දිරාපත් වන ශාකවල වැඩෙන දිලීර මගිනි. එහෙත්, පසෙහි ඇති, එළදෙනුන් වැනි සතුන්ගේ බඩවැල්වල ජීවත්වන බැක්ටීරියා මෙන්ම කෘමින් සමග ක‍්‍රියා කරන බැක්ටීරියා ද කාර්යයට දායක වෙති.

140326142214_1_540x360

ස්ටෙ‍්‍රප්ටොමයිස් (Streptomyces) නම් බැක්ටීරියා කාණ්ඩයක් ගැන සිදු කෙරුණු නව විශ්ලේෂණයක් මගින් හෙළි කර නු ලබන්නේ එම ක්ෂුද්‍ර ජීවියාගේ ඇතැම් මාදිලි සෙලියුලෝස්  ඉරා දැමීම සඳහා ද   ප‍්‍රයෝජනයට ගත නොහැකි ශාක ද්‍රව්‍යවලින් ඉන්ධන සෑදීම සඳහා එම ඇතැම් මාදිලි සතු හැකියාවන් අනුකරණයට අපට වඩා හොඳ ක‍්‍රමයක් දැක්වීමට ද සංකීර්ණ හැකියාවන් වැඩි දියුණු කර කරගෙන ඇත. සෙලියුලෝස් බිඳ දැමීමට ස්ටෙ‍්‍රප්ටොමයිස් සතුව හැකියාව ඇති බව කාලයක් තිස්සෙම පිළිගෙන තිබූ මතයකි.එහෙත් ‘‘දැන් අපට පෙනී යන්නේ මේ හැකියාව වඩා හොඳින් පිහිටා ඇත්තේ එක්තරා ස්ටෙ‍්‍රප්ටොමයිස් වර්ග කුඩා කාණ්ඩයකට පමණක් බවත් එවැනි කාර්යක්ෂමතාවක් නැති විශාල කාණ්ඩඇති බවත්ය’’ යි අධ්‍යයනයේ සම කර්තෘ ජෛවී රසායන විද්‍යා මහාචාර්ය බ‍්‍රයන් ෙෆාක්ස් කියා සිටියි.

විස්කොන්සින් –  මැඞ්සන් සරසවියේ පර්යේෂකයෝ ස්ටෙ‍්‍රප්ටොමයිස් (     ) වර්ග 200 කට වැඩි සංඛ්‍යාවක් සාපේක්ෂව සතුව අැති  මෙම හැකියාව ගැන සොයා බැලූහ. ඒ එම බැක්ටීරියාවන්ට සරල සීනි සහ සෙලියුලෝස් හොඳ ප‍්‍රභවයක එනම්  (මළ රුක් වලින් තනා ඇති) පෙර හන කඩදාසිවල වැඩෙන්නට සලස්වමිනි. පර්යේෂකයන්ට මාදිලි 120 කට වැඩි සංඛ්‍යාවක ජෙනෝම හෙවත් ජීවියක ප‍්‍රවේණි ද්‍රව්‍ය  එකතු කරගෙන ජාන හඳුනා ගැනීමට හැකි වී තිබේ. හොඳින් සෙලියුලෝස් අවක‍්‍රමණය කරන්නන් දුර්වල අවක‍්‍රමණය කරන්නන් අතුරෙන් වෙන්කර දෙන ‘සෙලියුලෝස් අවක‍්‍රමණය කිරීමේ සැබෑ හැකියාව ඇති මාදිලි ශාක ද්‍රව්‍ය මත වැඞීමට සැලසූ විට ඒවා ඒවායේ ජාන ප‍්‍රකාශනය (gene expression) වෙනස් කරනවා’ යයි අධ්‍යයනයේ සම කර්තෘවරයෙකු වන ජිනා ලෙවින් පවසයි.

සාර්ථක ස්ටෙ‍්‍රප්ටොමයිස් මාදිලි වන්නේ සාමාන්‍යයෙන් කෘමි ප‍්‍රජාවන් සමග ජීවත්වන මාදිලිය : එම සාර්ථක ස්ටෙ‍්‍රප්ටොමයිස් මාදිලි ඇතැම් එන්සයිම, සෙලියුලෝස් වෙන්කර, දියකර බෙදා දමන ප්‍රෝටීන නිෂ්පාදනය වර්ධනය කරයි. එන්සයිමවල එකතුව මෙම පර්යේෂණ වාර්තාවෙන් මතු කෙරෙන ප‍්‍රධාන කාරණාවකි. ජෛවී ඉන්ධන සම්බන්ධයෙන් ක‍්‍රියාකරන විද්‍යාඥයන්ට මෙම පර්යේෂණ ප‍්‍රයෝජනවත් වීම සඳහා මගපාදන්නේ  එන්සයිමවල එකී සුවිශේෂී එකතුවයි. ජෛවී ඉන්ධන සාමාන්‍යයෙන්  ෙහවත් ආකෘතිකව සාදනු ලබන්නේ ශාකවල අප ආහාරයට ගන්නා සමහර කොටස්වලින් පහසුවෙන් නිස්සාරණය කර ගන්නා සීනි වලිනි. ‘අපි ඉරිඟු කරලේ ඇට කෑමට ගන්නවා. ඒත් ඉරිඟු ගසේ ශක්තිය බොහොමයක් ඇත්තේ අපට ජීරණය නොවන කොටසෙයි. ශක්තිය බහුලව ඇත්තේ කඳ, පත‍්‍ර වැනි ශාක කොටස්වලය’ යි කූරී කියා සිටියි. ස්ටෙ‍්‍රප්ටොමයිස් වැනි ක්ෂුද්‍ර ජීවීන් මෙම ශාක කොටස් ප‍්‍රයෝජනයට ගන්නා ආකාරය මහ පොළොව මත ශාක ඇති වූ කාලයේ සිටම වැඩි දියුණු කර ගත්තකි.

160212164301_1_540x360

‘‘ස්වභාවික ලෝකය මිනිසුන් විසින් ප‍්‍රතිචාර දක්වනු ලබන දේවලටම ප‍්‍රතිචාර දක්වනවා’’ ෆොක්ස් පෙන්වා දෙයි. ‘‘අපට ආහාර අවශ්‍යය. එමෙන් ම අපට බල ශක්තියත් අවශ්‍යයි. ඉතින් විවිධාකාරයේ, ජීවීන් සිය අවශ්‍යතා සපුරා ගැනීම පිණිස විවිධ ක‍්‍රම යොදා ගන්නවා. ඔවුන් එය කරන ආකාරය ගැන සොයා බැලීම වටිනවා.’’ නව අධ්‍යයන මගින් වැදගත් එන්සයිම මෙන්ම නව එන්සයිම හඳුනා ගනු ලබනවා. ස්ටෙ‍්‍රප්ටොමයිස් සුවිශේෂී ජාන මගින් සුනම්‍ය කළ විට නිපදවෙන එන්සයිම නව කාණ්ඩ දැනට ජෛවී ඉන්ධන නිපදවීමේ දී අනුගමනය කෙරෙන ක‍්‍රියා දාමයන්ට වඩා ඉදිරියෙන් සිටී නම් ජෛව බලශක්ති නිෂ්පාදනයන්ට ක්ෂුද්‍ර ජීවීන්ගේ ක‍්‍රියාදාමය බෙහෙවින් වැදගත් වේ.

‘ජෛව ඉන්ධන නිෂ්පාදනයේ දී වඩාත් වියදම් අධික සාධක අතුරෙන් එකක්. ඉතින් යාම්තමට හෝ වඩාත් හොඳට ක‍්‍රියාකරන එන්සයිම හඳුනා ගන්න පුළුවන් වේ  නම් ඉන් හැගවෙන්නේ ඩොලර් මිලියන ගණනින් වියදම් අඩුකිරීමට හැකිවන බවයි. එමෙන්ම මිල අඩු ඉන්ධනයක් කරා යා හැකි බව’ යයි ලොවින් පෙන්වා දෙයි.

UW-Madison News siteහී පළවූ Chemistry lessons from bacteria may improve bio-fuel production ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.