පශු සම්පත් නිෂ්පාදනයේදී ජල භාවිතය
ශාක ප්‍රෝටීන නිෂ්පාදනය සඳහා අවශ්‍ය ජලය මෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක ජලය සත්ව ප්‍රෝටීන නිෂ්පාදනය සඳහා අවශ්‍ය වේ. ඇමරිකා එක්සත් ජනපද පශු සම්පත් පාලනය සඳහා ඍජුවම යොදා ගනු ලබන්නේ සමස්ථ කෘෂි කර්මය සඳහා යොදා ගන්නා මුළු ප‍්‍රමාණයෙන් 2%ක් වුවත් පශු පාලනයට වක‍්‍ර ආකාරයෙන් වැය වන ජල ප‍්‍රමාණය සැලකිය යුතු වන්නේ සත්ව ආහාර හා ධාන්‍ය බෝග වෙනුවෙන් ජලය වැය වන බැවිනි. සෑම වසරකම ඇ.එ. ජනපදයේ පශු සම්පත වෙනුවෙන් ආහාර වශයෙන් ධාන්‍ය මෙටි‍්‍රක් ටොන් මිලියන 235 ක් ඕනෑ වේ. ඒ වෙනුවෙන් යෙදවිය යුතු ජල ප‍්‍රමාණය ලීටර 25X1013 කි. සත්ව පාලනය සඳහා ලොව පුරා ධාන්‍ය නිෂ්පාදනය ඇමරිකාවේ එම අවශ්‍යතාව වෙනුවෙන් නිපදවන ප‍්‍රමාණය මෙන් තුන් ගුණයකි. එමෙන්ම ඒ සඳහා යොදවන ජල ප‍්‍රමාණය මෙන් දෙගුණයකි.
සත්ව නිෂ්පාදන ඒවා නිෂ්පාදනය සඳහා වුවමනා වන ජල ප‍්‍රමාණය අනුව වෙනස් වේ. නිදසුනක් දක්වතොත් කුකුළුමස් කිලෝග‍්‍රෑමයක් නිෂ්පාදනය කිරීම පිණිස ජල ලීටර 3500ක් අවශ්‍ය වේ. අනෙක් අතට, (ධාන්‍ය කිලෝ 21 ක් හා සත්ව ආහාර කිලෝ 30ක් කවා ලොකු මහත් කළ) බැටළු මස් කිලෝ ග‍්‍රෑමයක් වෙනුවෙන් දළ වශයෙන් ජලය ලීටර් 51,000ක් අවශ්‍ය වේ. ගාල් කර කෑම සපයන ආකාරයෙන් නොව විවෘත විශාල තණ බිම්වල ගවයන් ඇති කරන්නේ නම් ගව මස් කිලෝවක් නිපදවීමට සත්ව ආහාර කිලෝග‍්‍රෑම් 120 සිට 200 ක ප‍්‍රමාණයක් අවශ්‍ය වේ. මෙවැනි ප‍්‍රමාණයක සත්වආහාර වෙනුවෙන් කිලෝග‍්‍රෑමයකට ජලය ලීටර් 120,000 සිට 200,000 ක ප‍්‍රමාණයක් නැතහොත් අවම වශයෙන් වසරකට මිමි. 200ක වර්ෂාපතනයක් වුවමනා වේ.
ඇ.එ.ජනපදයේ ජනගහනය ඉදිරි වසර 70 ඇතුළත දෙගුණයක් වෙතැයි ගණන් බලා ඇත. මෙම වැඩිවන ජනගහනයෙහි ආහාර අවශ්‍යතා සපුරා ලනු වස් කෘෂිකාර්මික නිෂ්පාදනය පුළුල් කළ යුතු බවට සැලසුම් කර ඇත. මෙම ආහාර අර්බුදයේ බලපෑම සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝ සේ බලපානු ඇතැයි සැලෙක්. මන්ද, එම රටවල ඉල්ලුම සංවර්ධිත රටවල ඉල්ලූම මට්ටම දක්වා ඉහල යමින් පැවතීම සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ජනගහන දිගටම වර්ධනය වෙමින් පැවතීම හේතුවෙනි. බෝග වගා අස්වැන්නෙහි ඉහළයාම කෘෂිකාර්මාන්තය සදහා මිරිදිය භාවිතයේ සමාන්තර ඉහළ යාමකට මුල පුරයි. ඒ අනුව ඉදිරි දශක 5 සිට 7 දක්වා කාලය තුළ බෝග හා පශු සම්පත් නිෂ්පාදනය වැඩිවීම විශේෂයෙන්ම බටහිර, දකුණු සහ මධ්‍යම ඇ.එ. ජනපදයේ මෙන්ම අඩු වර්ෂා පතනයක් සහිත ලෝකයේ බොහේ ප‍්‍රදේශවල ඇති සියලූම ජල සම්පත් මත ඇති ඉල්ලූම සැලකිය යුතු මට්ටමකින් ඉහළ දැමීමට හේතුවෙයි.
ජල දූෂණය සහ මිනිසුන්ට වැළඳෙන රෝග
සමස්ත වශයෙන් සුලබ හෙවත් ලබා ගැනීමට හැකියාව ඇති ජල සම්පත් සමග සමීපව සම්බන්ධ වන්නේ ජල දූෂණය හා මිනිසුන්ට වැළදෙන රෝගයි. වර්තමානයේ ලෝක ජනගහනයෙන් 20%කට පමණ ආරක්ෂිත පානීය ජලය නොලැබෙන අතර ආසන්න වශයෙන් ලෝක ජනගහනයෙන් අඩකට සනීපාරක්ෂක පහසුව නොලැබේ. මෙම ගැටළුව සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහාමයක බෙහෙවින් උග‍්‍රය. එම රටවල පිළියම් නොකළ නාගරික අපද්‍රව්‍යවලින් (untreated urban sewage) 95%ක් කෙළින්ම මතු පිට ජලය වෙත මුදා හැරේ. නිදසුනකින් මේ කාරණාව තහවුරු කරගන්නේ නම්, ඉන්දියාවේ නගර හා පුරවර 3119 න් අපද්‍රවය පිළියම් කිරීමේ පූර්ණ පහසුකම් ඇත්තේ 8 කට පමණයි. පිළියම් නොකළ ජලය යටි ගං ප‍්‍රදේශවල දී පානය කිරීමට නෑමට සහ සේදීමට යොදා ගන්නා හෙයින් මිනිසුන් අතර තද බල ආසාදන හා ලෙඩ රෝගවලට හේතු වෙයි. සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම මුලික වශයෙන් බිළිදුන් සහ කුඩා ළමුන් අතර සෑම වසරකම මරණ දළ වශයෙන් මිලියන 12 කට දායක වෙයි.
පිරිසිදු ජලය අපවිත‍්‍ර වීම ද හා බැඳුණු ෂිස්ටොසෝමයිසියාව (schistosomiasis) හෙවත් බිල්හාර්ෂියා රෝගය පැතිරීම ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. පරපෝෂිත පනුවන් නිසා හටගන්නා මෙම රෝගය සෑම වසරකම මිලියන 200ක ජනතාවකට බෝවෙන අතර ගණන් බලා ඇති පරිදි මරණ 20,000කට දායක වේ. වේලි හා ඇලමාර්ග ඇතුළු පරපෝෂිත පැතලි පණුවන්ගේ (ෂිස්ටසෝමා ගණයේ පරපෝෂිත පැතැලි පණුවා එනම් බිල්හාර්ෂියා රෝගකාරකයා ) වාසස්ථාන වැඩිවීම හා රෝගයේ පැතිරීම සම්බන්ධ වේ. පරපෝෂිතයාගේ මිරිදිය ගොළු බෙල්ලන් තුළ වෙසෙන ආසන්නතම ධාරකයාට යෝග්‍ය වන එමෙන්ම මිනිසුන් කරා පහසුවෙන් ළගාවිය හැකි වාසස්ථාන වැඩිවීම එම පණුවන්ට ආසාධිත ජලයට එක්වීමට ඇති අවස්ථාව සලසයි. නිදසුනක් දක්වතොත් 1968 දී (ඊජිප්තුවේ) අස්වාන් වේල්ල තැනීම සහ ඊට අදාළ වාරිමාර්ග පද්ධති හේතුවෙන් ජනගහනය අතර එකවරම මේ පැතලි පණු විශාල වශයෙන් පැතිර යාමට මඟපෑදු අතර 1968 දී ජනගහනයෙන් 5%ක් වූ ආසාදිත සංඛ්‍යාව 1993 වන විට 77% දක්වා ඉහළ ගියෝය. මෙලෙස 1986 දී සෙනගාලයේ වේල්ලක් ඉදිකිරීමෙන් 1986 දී 0%ක් වූ ෂිස්ටොසෝමයිසියාව 1974 වන විට 90%ක් දක්වා ඉහළ ගියේය.
මදුරුවන් මාර්ගයෙන් බෝවෙන මැලේරියාවද ජල කඳන් හා සම්බන්ධයි. ලොව පුරා මෙම රෝගය බිලියන 2.4ක ජනතාවට වැළඳෙන අතර වසරක් පාසා මිලියන 2.7ක් පමණ දෙනා මිය යති.දූෂණය වූ ජලය ඇතුලූ පාරිසරික විපර්යාසයන් රෝගය ශීඝ‍්‍රව පැතිරීමට දායක වී තිබේ. උදාහරණයකට ආසියාවේ ඇතැම් ප‍්‍රදේශවල වන විනාශය හේතුවෙන් ඉඩම් සූර්යා ලෝකයට නිරාවරණය වන අතර එය මිනිසුන්ට විදිමින් මැලේරියාව පතුරවන Anopheles gambiae මදුරුවන් බෝවීමට හිතකර තාවකාලික දියකඩිති සෑදීම වර්ධනය කරයි. මෙයටත් අමතරව අප‍්‍රිකාවේ බොහෝ රටවල සෑම වසර 20කට වරක් ජනගහනය දෙගුණවෙද්දී එන්ට එන්ටම වැඩිවන ජනතාවකට මදුරුවන් ගහණ ජලජමය පරිසර පද්ධති ආසන්නයේ ජීවත් වන්නට සිදුවේ. මීට සමගාමීව ඔවුන්ගේ ජලජ පරිසර පද්ධතිය දූෂණය කරන කෘමිනාශකවලට රෝග කාරක මදුරුවන් ප‍්‍රතිරෝධය වර්ධනය කර ගනිමින් සිටින අතර ව්‍යාධි ජනක ඒක ෙසෙලික යන් වුවමනාවට වඩා වැඩියෙන් භාවිත කෙරෙන ප‍්‍රති මැලේරියා ඖෂධවලට(antimalarial drugs) ප‍්‍රතිරෝධය වඩති. එක්ව ගත් කළ, මෙම සාධක මැලේරියාව පාලන ප‍්‍රයත්න බොහොමයක ඵලදායීතාව අඩු කරයි.
පහත් තත්ත්වයේ ජලය හා සම්බන්ධ තවත් දරුණු බෝවෙන රෝගයක් වන්නේ ක්ෂය රෝගයයි(tuberculosis). ක්ෂය රෝගය, වාතය, ජලය හෝ ආහාර මගින් සම්පේ‍්‍රෂණය විය හැකිය. වර්තමානයේ, දළ වශයෙන් බිලියන ෙදකක ජනතාව ක්රෝගය ආසාදිතව සිටිති. සෑම වසරක් පාසාම එම සංඛ්‍යාව ඉහළ යයි. මෙයට අමතරව ලොව පුරා බිලියන දෙකක ජනතාව කිසියම් වර්ගයක හෝ කිහිපයක හෙල්මින්තයන්(helminth පරපෝෂිත පණුවන්) ඍජුවම සම පසාරු කිරීමෙන් හෝ දූෂණයවූ ජලය හෝ ආහාර මගින් ආසාදනය කරයි. සනීපාරක්ෂක පහසුකම් අඩු අධි ගහණය බහුල අපි‍්‍රකාවේ නාගරික ප‍්‍රදේශ බඳු තැන්වල ජනගහනයෙන් 90%ක් හෙල්මින්ත විශේෂ එකකින් හෝ කිහිපයක් මගින් ආසාදිත වී ඇත.
හෙල්මින්තයන් සහ ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන්ට අමතරව බොහෝ රසායනික වර්ග ජලය දූෂණය කරන අතර මිනිසුන්ගේ සෞඛ්‍යය හා ස්වාභාවික ජෛ සමුදාය කෙරෙහි ඍජු ආකාරයෙන් බලපායි. නිදසුනක් ලෙස සෑම වසරකම කිලෝග‍්‍රෑම් බිලියන තුනක කෘමිනාශක ලොව පුරා කෘෂිකර්මාන්තයට යොදා ගනිති. ඇ.එ.ජ. පරිසර ආරක්ෂක ඒජන්සිය කෘෂිකාර්මික ඉඩම්වලට ගොහොරු මඩ(sludge)යෙදවීමට අවසර දෙන අතර ඒවා බර ලෝහ සහ අනෙකුත් ධූලක මගින් අපවිත‍්‍ර වී ඇත. නයිට‍්‍රජන් පොහොර ඇතුලූ කෘෂිකාර්මික රසායනික බොහොමයක් ක්ෂණය හා අපද්‍රව්‍ය මගින් ජලය පරිසර පද්ධතිය දූෂණය කරයි. එහි ප‍්‍රතිඵලය වන්නේ ජලය පරිසර පද්ධති සුපෝෂණය () හා අනෙකුත් පරිසර ගැටලු මතුවීමයි. ලොව පුරා, මිලියන 26ක ජනතාවට කෘමිනාශක වසවීම් පමණක් සෑම වසරකම මරණ 220,000කට හේතු වේ.
ජල සම්පත් කෘෂිකාර්මික හා පාරිසරික ගැටලූ මැයෙන් තතු සම්පාදනය කරන ලිපි මාලාවේම කොටසකි මෙය. ලිපි පෙළ සකසා ඇත්තේ ලෝකයේ ජල සම්පත, ජල සම්පත් භාවිතය සහ එහිදී මතුවන ගැටලූ හා වාද විෂයයන් අළලා බයෝ සයන්ස් සඟරාවේ (Bio Science) පළ කෙරුණු පර්යේෂණ වාර්තාව ඇසුරෙනි. තවත් ලිපි ඉදිරි තතු කලාපවල පළ කෙරේ. මෙම ලිපිපෙළේ දී විශේෂයෙන්ම කෘෂිකාර්මික පද්ධති මගින් ජලය භාවිත කිරීම විශ්ලේෂණය කිරීමට, ජනගහන වර්ධනය, ජල භාවිතය සහ බෙදා හැරීම, ජෛවී විවිධත්වයේ තත්ත්වය, ස්වාභාවික පරිසරය සහ මිනිසුන්ට වැළඳෙන ජලවාහක රෝග සහ පුද්ගලයන් අතර ඇති අන්තර් සම්බන්ධතාව වාර්තා කිරීමටද උත්සාහ දැරේ. මේ බයෝ සයන්ස් සඟරාව පළ කරනු ලබන්නේ ජෛව විද්‍යාවන් පිළිබඳ ඇමරිකානු ආයතනය මගිනි. නිව්යෝක් නුවර, කෝනෙල් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ ජීවන විද්‍යා විද්‍යාලයේ සේවය කරන පර්යේෂකයන් වන David Pimentel, Bonnie Berger, David Filiberto, Michelle Newton, Benjamin Wolfe, Elizabethkarabinakis, Steven Clark, Elaine Poon, Elizabeth Abbett, And Sudha Nandagopal විසින් සඟරාවේ 54 වෙළුම 10 ට කලාපයට Water Resources( Agricultural and Environmental Issues යන හිසින් මේ පර්යේෂණ වාර්තාව සපයා තිබුණි.