අලූත උපන් බිළිඳුන්ගේ චර්යාවන් අනුකරණය කරන්නේ වැඩිහිටියන් මිස බිළිඳුන් වැඩිහිටියන්ව අනුකරණය නොකරන බව ඕස්ටේ‍්‍රලියාවේ නව අධ්‍යයනයක් හෙළි කරයි. මෙසේ සිදු කරන්නේ බිළිඳුන්ට හැසිරිය යුතු ආකාරය ඉගැන්වීමට යයි කියනු ලැබේ.
අලූත උපන් බිළිඳුන් අනෙකුත් පුද්ගලයන් සමග අන්තර්කි‍්‍රයාකරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම පිණිස විද්‍යාඥයෝ වසර ගණනාවක් තිස්සේ වෙහෙසෙති. සිය උපතින් පසු ප‍්‍රථම සති කිහිපය ඇතුළතදීම බිළිඳුන් වැඩිහිටි අයගේ මුහුණු ඉරියව්, අත් චලනයන් හෙවත් අංගහාරය (gestures) හෝ ස්වාර ශබ්ද (vocal sounds) පවා අනුකරණය කිරීමට ඉගෙන ගන්නා බව බොහෝ කාලයක් මුළුල්ලේ විශ්වාස කෙරිණි.
කෙසේ වෙතත්, Current Biology නම් සඟරාවේ පළ කෙරුණු මෙම නව අධ්‍යයනයෙහි වාර්තාව අනුව අනුකරණය සිදුකරනු ලබන්නේ බිළිඳුන් විසින් නොව ඇත්ත වශයෙන්ම වැඩි හිටිඅය විසින්මය. ඕස්ටේ‍්‍රලියාවේ, කුවීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ සංවර්ධන මානසික විද්‍යාඥ වර්ජිනියා ස්ලෝටර් සහ ඇගේ කණ්ඩායමය සති 1 ක් 3ක් 6ක් සහ 9ක් වයසැති බිළිඳුන් වැඩිහිටියන් විසින් දක්වනු ලබන විවිධාකාර වූ අංගහාරයන්ට ප‍්‍රතිචාර දක්වන අන්දම ගැන පරීක්ෂාකර බැලූහ.
වැඩිහිටියන්ගේ අංගහාර එකින් එක තත්පර 60ක කාලයක් තුළ බිළිඳුන්ට දකින්නට සලස්වනු ලැබූ අතර පර්යේෂකයෝ බිළිඳුන්ගේ ප‍්‍රතිචාර ලේඛන ගත කළහ. වැඩිහිටියන්ෙග් විවිධ අංගහාර හා අංගචලන ඉඟිවලින් බිළිඳුන් ව්‍යාකූලවීම මගහරවා ගැනීමට ඉඩ කඩ සලසමින් පරීක්ෂක කණ්ඩායම බිළිඳුන් නිහඬව එහෙත් සෝදිසියෙන් හා කාර්යට යොමුකර තබා ගැනීමට වග බලාගත්හ. පැවැත්වූ පරීක්ෂණවල කොයි යම් අවස්ථාවක හෝ බිළිඳුන්, ඔවුනට දකින්නට සැලැස්වූ අංගහාරවලට ප‍්‍රතිචාර දැක්වූ බවට සාක්ෂි පර්යේෂකයන්ට හමුවූයේ නැත.
වැඩිහිටියන් ගේ අංගහාර අනුකරණය කිරීමට වඩාත් වයස්ගත පරිණත බිළිඳුන්ට හැකියාවක් ඇති බවක් පෙනී ගිය බව පෙන්වා දෙන ස්ලෝටර් මෙම හැකියාව, බිළිඳුන් වර්ධනය වෙද්දී මෙම හැකියාව අත්පත් කර ගත්තක් ලෙස පෙනී යන්නේ යයි සිය සොයාගැනීම්වලින් දැක්වෙන බව කියයි. හැසිරිය යුතු ආකාරය බිළිඳුන්ට ඉගැන්වීමේ ක‍්‍රමයක් ලෙස බිළිඳුන්ගේ අංගහාරයන් ඇත්තටම අනුකරණය කරන්නේ වැඩිහිටියන් බව ඇය පැහැදිලි කරයි.
බිළිඳුන්ගේ චර්යාවන් අනුකරණය කිරීමෙන් එක්තරා ආකාරයක අනුපූරක ප‍්‍රතිචාර (reciprocal interaction) ස්වරූපයක් සකසා ගැනීමට වැඩිහිටියෝ සමත්ව සිටිති. කෙසේ වෙතත්, අනතුරුව අනුකරණයට මගපාදන්නේ බිළිඳුන් නොව ඔවුන්ගේ දෙමාපියන් බව බව ස්ලෝටර් පෙන්වා දෙයි.
ළමා සංවර්ධන ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් මේ නව අධ්‍යයනයනයේ සොයා ගැනීම් දැඩි බලපෑමක් එක්කරතැයි අපේක්ෂා කරේ ලා ට්‍රෝබ් විශ්ව විද්‍යාලයේ සංවර්ධන මනෝ විද්‍යාඥවරියක වන චෙරිල් දිසානායක විසින් නව පර්යේෂණය හඳුන්වා දෙනු ලබන්නේ ගමන් මග වෙනස් කරන අධ්‍යයනයක් ලෙසටයි. මේ වන තෙක් කර ඇති පර්යේෂණයන්ට මෙපමණ ළමුන් සංඛ්‍යාවක් සහභාගීකරවා ගැනීමක් මෙන්ම මේ තරම් තීව‍්‍ර පර්යේෂණාත්මක සුසමාදර්ශයක් තුළ මෙපමණ අංගහාරයන් සංඛ්‍යාවක් ද එක් කර නැතැ’යි දිසානායක කියයි.
Tech Times – Science හී පළවූ Do Newborn Babies Imitate Adults? Study Finds It’s The Other Way Around ලිපිය ඇසුරෙනි