කියැවීම පි‍්‍රය කරන්නන්ගේ ආයුෂ අපේක්ෂාව වැඩියිලූ!

Posted by

පොත පත කියැවීමට පි‍්‍රයමනාප උදවිය පොත්ගුල්ලා, පොත් කාවා යනාදී වශයෙන් ඇතැම් අයගේ උපහාසයටත් ලක්වන අවස්ථා නැතුවා නොවේ. එහෙත් පොත් කියැවීම පුරුද්දක් කර ගත් අය නම් (පොත් කියැවීම වෙනුවට) ටෙලි නාට්‍යයක් හෝ චිත‍්‍රපටයක් බලන සෙසු  අයට වඩා තමන් සුපිරි බවයි සිතන්නේ. කෙසේ වෙතත් මැදියම් රැය වන තුරු නිදිවරමින් පුස්තකාලය වෙත මග ගෙවා යමින් මේ පොත්ගුල්ලන් පොත් කියැවීමටට දරන වෙහෙසෙහි තවත් ප‍්‍රයෝජනයක් ඇති බව නව අධ්‍යයනයකින් හෙළිවෙයි. පොත් කියැවීම දිගුකලක් ජීවත්වීම සඳහා උපකාරී විය හැකිලූ.

පොත් කියැවීමට ඇබ්බැහි වී සිටින වැඩිහිටි පුද්ගලයන්ට එවැනි චර්යාවකට හුරු නොවූ අයට වඩා පරයේෂකයන්ගේ වචනවලින්ම කියතහොත්, නොනැසී පැවැත්මේ වාසියක්’ පවතින බව සමාජ විද්‍යා සහ වෛද්‍ය විද්‍යා (Social Science and Medicine) සඟරාවට සපයා ඇති නව අධයයන වාර්තාවක් පෙන්වා දෙයි. කියැවීම හා දීර්ඝායුෂ අතර සහසම්බන්ධය සෙවීම පිණිස පර්යේෂකයන් යොදා ගෙන ඇත්තේ සෞඛ්‍ය සහ විශ‍්‍රාමයාමේ වයස් ගතවීමේ ජාතික ආයතනයේ අධ්‍යයනයෙහි තොරතුරුය. මෙම අධ්‍යයනය වනාහි ඇ.එ. ජනපදයේ වසර 50 ක් හෝ ඊට වැඩි වැඩිහිටියන් ගැන සිදු කර ඇති මහජන වටිනා තොරතුරු එකතුවකි. වයසට යන වැඩිහිටියන්ගේ කියැවීමේ චර්යාවන්ගේ ස්වභාවය නිරූපණය කෙරෙන කි‍්‍රයාකාරකම් ගැන සමීක්ෂණයක්ද නව අධ්‍යයනයට අයත්ය.

070822_reading_hmed_1a.grid-6x2

පර්යේෂකයෝ, අධ්‍යයනයට සහභාගි කරවා ගත් අය සතිපතා පොත් හෝ වාර ප‍්‍රකාශන කියැවීම සඳහා ගත කරන කාලය සලකා ලකුණු සංඛ්‍යාවක් ලබා දුන්හ. ඊට අමතරව, ඔවුහු සහභාගි වන්නන්ගේ ප‍්‍රජානන කාර්යයන් ඉටු කරන ආකාරයද ඇගයීමට ලක් කළහ. අනතුරුව සෑම සහභාගිවන්නාටම අදාළ තොරතුරු ජාතික මරණ දර්ශකයේ තොරතුරු හා සංසන්දනය කෙරිණි. සහභාගිවන්නන් 3,635 කින් ලබා ගත් දත්ත සැලකිල්ලට ගැණුනු අතර වයස, ලිංගිකත්වය, ජාතිය හා අධ්‍යාපනය වෙනුවෙන් ගැලපීම් කිරීමෙන් පසුව පර්යේෂකයන්ට පෙනී ගියේ පොත් කියවන පුද්ගලයන් එසේ නොකරන අයට වඩා සාමාන්‍යයෙන් මාස 23 ක් වැඩිපුර ජීවත්වන බවයි. කියැවීම සඳහා පුද්ගලයන් ගත කරන කාලයද සැලකිල්ලට ගත යුත්තක් බව පෙනී ගිය කරුණකි. සතියකට පැය 3-5 ගතකරන අය මරණයට පත්වීමේ හැකියාව 17%කින් අඩුයි. ඊට වඩා වැඩිවේලාවක් කියැවීමට ගත කරන අය මරණයට පත්වීමේ හැකියාව 23%ක්.

වාර ප‍්‍රකාශන හා පුවත්පත් කියවන අයද වැඩි කලක් ජීවත්වුවත් ඒ පොත් කියවන්නන් තරම්ම වැඩි කාලයක් නොවේ. ‘මේ බලපෑම ඇතිවන්නට හේතුව හැටියට අපි දකින්නේ පොත් කියවන්නාගේ මනස වඩා තදින් බැඳ ගැනීමයි. එමගින් වඩා වැඩි ප‍්‍රජානන වාසියක් සැලසීමෙන් ආයුකාලය වැඩිකෙරෙනවා යයි අධ්‍යයනයේ සම කර්තෘ ඇව්නි බැවිෂි කියා සිටියි. මනස වඩාත් ගැඹුරු ආකාරයෙන් යොදා ගැනීම තුළින් පුද්ගලයන්ට වැඩි කාලයක් ජීවත්වීමට පොත් කියැවීම උපකාරී වෙතැයි පරයේෂකයන් නිගමනය කළ ද මෙම අධ්‍යයනය පෙන්නුම්  කරන්නේ පොත් කියැවීම හා දීර්ඝායුෂ අතර සබඳතාවක් පමණකි.  පොත් කියවන්නන් මිය යාමට ඇති අවස්ථා අඩු බවට නිශ්චිත සාක්ෂි ඉන් නොලැබේ. පොත්වල ශානරය(genre), මුද්‍රිත පොත් ද ඊ පොත් ද(e-books) යන වග සහ පොත් කොහෙත්ම නොකියවන අයට වඩා වැඩි වී සිටින්නේද යන්න ආදිය ගැන තවදුරටත් පරයේෂණ පැවැත්විය යුතුව ඇත. කෙසේ වෙතත්, චිත‍්‍රපටි ශාලාවලදී චිත‍්‍රපට නැරඹීම හෝ කලා ප‍්‍රදර්ශන බැලීමට යාම ආදී සංස්කෘතික කි‍්‍රයාකාරකම්වල සෞඛ්‍යමය අගය ගෙන හැර පාන වෙනත් අධ්‍යයනවලින් මතු කරන කාරණා මෙම අධ්‍යයනයෙන්ද ප‍්‍රතිරාව කරයි. මේ වසර මුල දී සිදු කළ අධ්‍යයනයකින් පොත් සමාජ වැනි සමාජයීය කණ්ඩායම් සහ දීර්ඝායුෂ අතර සම්බන්ධයක්ද පෙන්නුම් කළේය..

මේ අධ්‍යයනයෙන් කියැවෙන ආරංචිය අසා වැඩිවැඩියෙන් පුද්ගලයින් ප‍්‍රදේශයේ පුස්තකාලය වෙත හෝ පොත් සාප්පු කරා පිවිසීමට උත්සුක වන්නට පුළුවනි. එහෙත්, එසේ කලත් නැතත් කියැවීමේ පුරුද්ද ඇති කර ගැනීම පිණිස වෙනත් හේතු  ඕනෑ තරම් ඇත. කියැවීම ජීවිතය දික් කිරීමට මඟ පෑදුවත් නැතත්, ඒ පුරුද්ද, තොරතුරු හා පරිකල්පන ලෝකය පුළුල් කරමින් හුදු කියැවීමේ කි‍්‍රයාව පමණක් වුව වාසියක් බවට පෙරළයි.

Smithsonian Smart News  Bookworms, Rejoice You May Live Longer

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.