විදු නැන නුවණ – Science Literacy for All

සමෙහි කැලල් සහ පච්ච කෙටුම් නොමැකී දිගටම පවතින්නේ ඇයි?

 

Blizna2_largeඅපේ සම මූලිකව සෑදී ඇත්තේ කොලැජන් (collagen = සත්ව පටකවල ඇති ප‍්‍රධාන ප්‍රෝටීනය) නම් ප්‍රෝටිනයෙන්. ඒවා නිපදවන්නේ ෆයිබ්‍රොබ්ලාස්ට්(fibroblasts) නැමැති ෙසෙලවලින්(සම්බන්ධක පටක වර්ධනයවන්නේ මෙම ෙසෙලවලිනි). අපේ සම හෝ වෙනත් ඔනෑම පටකයක් තුවාල වුණහම තුවාල සුවවීමේ ක‍්‍රියාදාමය මගින් කැලල් කොලැජන්(scar collagen)  නිපදවීම පිණිස අළුත් ෆයිබ්‍රොබ්ලාස්ට් ජනනය කිරීමට මුල පුරනු ලබනවා. කැලල් කොලැජන් සාමාන්‍ය සමෙහි ඇති කොලැජන් වලට වඩා වෙනස්. සම තුළ ඇති තනි තනි  ෙසෙල කාලවර්තව වරින් වර මිය ගොස් ඒ වෙනුවට අළුත් ෙසෙල මගින් ආදේශ කරනු ලබන නමුත් කැලල් කොලැජන් දිගටම පවතිනවා. කැලල් ඇතිවන්නේ නැතිව තුවාල සුව වන්නේ එකම එක අවස්ථාවක දීයි. ඒ, භ‍්‍රෑණි කලල (සති 8 කට වැඩි කාලයක් ඇති කලලය) අවස්ථාවේ(fetal stage) පමණයි. එම අවස්ථාවේ සම නිිපදවන්නේ වැඩිහිටි කොලැජන්වලට(adult collagen)   වඩා වෙනස් ප්‍රෝටිනයක් වන භ‍්‍රෑණ කොලැජන්ය(fetal collagen). උප්පත්තියෙන් පසුව ද භ‍්‍රෑණ කොලැජන් නිපදවීමේ මගක් අපට සොයා ගත හැකිනම් ඇත්තටම තුවාල කැලැල් නොමැතිව ශල්‍යකර්ම සිදුකරන්නත් අපට පුළුවනි.

facial-scar

පච්ච ලකුණු සමෙහි නොමැකී ඉතිරි වන්නේ වර්ණනය නිපදවන අංශු සුදු රුධිර ෙසෙල මගින් අධිග‍්‍රහණය(ingest)  කිරීමට නොහැකි තරමට විශාලය. ආගන්තුක දේහ සොයා සමෙන් ඉවතට ගෙන යන්නේ  සිරුරේ මුර සංචාරයේ යෙදෙන සුදු රුධිර ෙසෙලයි. එහෙම නම් ලේසර ප‍්‍රතිකාරයෙන් එය සාර්ථකව ඉටුකරන්නේ කෙසේද? පච්ච ඉවත් කරන ලේසර ශක්තිය පච්ච තීන්ත ඉතාමත් තුනී දුවිල්ලක් ලෙසට කුඩු කරන්නේ සුදු රුධිර ෙසෙල මගින් අධිග‍්‍රහණයකර ඉවතට ගෙන යාමට හැකිවෙන පරිද්දෙනි.

 

Scientific American’s Ask the Experts පොත් පෙළෙහි 

If the cells of our skin are replaced regularly, why do scars and tattoos persist

indefinitely? නම් ලිපිය ඇසුරෙනි

QUESTION ANSWERED BY:

James B. Bridenstine, Department of Dermatology, University of Pittsburgh

Medical Center.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: