යෝජිත අඟහරු අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අනාගතයේ මේ රතු ග‍්‍රහයා වෙත යැවෙන මිනිසුන් සහිත මෙහෙයුම් වෙනුවෙන් පර්යන්ත කඳවුරක් ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට හැකි වෙතැයි අපේක්ෂාවෙයි
සෞර ග‍්‍රහ මණ්ඩලයේ වෙනත් ග‍්‍රහ ලෝක වෙත යැවෙන අභ්‍යාවකාශ මෙහෙයුම්වල සාර්ථකත්වය හමුවේ ජාතික තාරකා විද්‍යා හා අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනය (NASA) සිය ‘අඟහරු කරා චාරිකාව’ වැඩසටහන තවත් ඉදිරියට ගෙන යමින් අඟහරු ග‍්‍රහයා වටා කක්ෂගත කෙරෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට සැලසුම් කරයි. අනාගත අභ්‍යවකාශ ගවේෂණය සඳහා මූලික කඳවුරක් ලෙස එය භාවිත කෙරෙනු ඇත. මෙය නාසා සහ එහි පෞද්ගලික අංශ හවුල්කරුවන් අතර ඒකාබද්ධ ව්‍යාපෘතියකි.
නාසා ප‍්‍රධාන හවුල්කරුවකු වන ලොක්හීඩ්-මාටින් සමාගම සඳහන් කරන අන්දමට මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ‘රතු‘ ග‍්‍රහයා පිළිබඳ දක්ත හා තොරතුරු එක්රැස් කරන අභ්‍යාවකාශ ගාමීන්ට නිවහනක් වනු ඇත. ‘අඟහරු මතට අප පිරිස් යැවීමට ප‍්‍රථම එම ග‍්‍රහයා මත ජීවය පවතීද එමෙන්ම මානවයන්ට විස විය විය හැකි යමක් ඇත් ද යන්න සොයා බැලීම අපේ යුතුකමක්’ යයි Deep Space Systems ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන ඉංජිනේරු ස්ටීව් බේලි පවසයි. ‘මේ මෙහෙයුම එම මූලික කාරණා දෙක ඉටු කරනු ඇත.’
අඟහරු ගවේෂණය සඳහා මිනිසුන් යැවීමේ වැඩසටහනෙහි කොටසක් ලෙස රතු ග‍්‍රහය වෙත අභ්‍යාවකාශගාමීන් යැවීමට අවශ්‍ය වන තාක්ෂණයන් වැඩි දියුණුකිරීම නාසා ආයතනය මගින් දැනටමත් ආරම්භ කර ඇත. මේවාට, සේවක මණ්ඩල සාමාජිකයන් ගමන් කරන ඔරියන් යනුවෙන් හඳුන්වනු ලබන කැප්සියුලයක් සහ අභ්‍යවකාශ ගත කිරීමේ පද්ධතිය (Space Launch System(SLS)) ලෙස දැක්වෙන දැවැන්ත රොකට්ටුවක් ද ඇතුළත්ය. ඔරියන් කැප්සියුලය 2014 මිනිසුන් රහිත චාරිකාවකදී දැනටමත් භාවිත කර ඇතත් SLS රොකට්ටුව උපයෝගී කරගැනීමට නාසා ඉංජිනේරුවෝ බලාපොරොත්තු වෙති.
මෙම තාක්ෂණ ක‍්‍රම දෙකම පූර්ණ කි‍්‍රයාකාරී තත්ත්වයට පැමිණි පසු අඟහරු අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තැනීමට අවශ්‍ය සැපයුම් යැවීම සඳහා යොදා ගැනීමට ලොක්හීඞ් සමාගම බලාපොරොත්තු වේ. වාසස්ථාන මොඩියුල දෙකක් හෝ විද්‍යාගාර සමග මූලික නැතිනම් හර කොටස් ලෙස ඔරියන් කැප්සියුල දෙකක් කක්ෂ ගත කෙරෙන මධ්‍යස්ථානයේ යොදවා ගනු ඇත. යෝජිත අඟහරු අභ්‍යවකාශ මධ්‍යස්ථානය බරින් ටොන් 132 කට සීමා කර ගැනීමට මේ වැඩසටහනේ සම්පාදකයන් බලාපොරොත්තු වේ. සංසන්දනාත්මකව ගත් කල මෙය දැනට අභ්‍යවකාශ ගත කර ඇති අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වඩා සැලකිය යුතු තරම් අඩු බරකි. අන්තර් ජාතික අභාවකාශ මධ්‍යස්ථානයෙහි බර ටොන් 440කි.
අඟහරු වටා කක්ෂ ගත කෙරෙන මෙම අභාවකාශ මධ්‍යස්ථාන සැලසුම් කර ඇත්තේ අභ්‍යවකාශගාමීන් හයක සේවක මණ්ඩලයක් නඩත්තු කිරීමට හැකි වන පරිදිය. එම අභ්‍යවකාශගාමීන් එහි වසරක කාලයක් ගත කරමින් තම කාර්යයන්හි නියැලීමට නියමිතයි.
ලොක්හිඞ් සමාගමේ ප‍්‍රධාන ඉංජිනේරු ස්ටීව් ජොලී පවසන අන්දමට මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය සඳහා යැවීමට අපේක්ෂාකරන්නේ භූවිද්‍යාව ගැන මද දැනුමක් ලබා ඇති පර්යේෂක ගුවන් නියමුවන් වෙනුවට වෘත්තීය විද්‍යාඥයන්ය. අඟහරු ග‍්‍රහයාගේ දූවිලි හා පාෂණ එකතු කරමින් ඒවා විශ්ලේෂණය කිරීමට අමතරව මෙකී විද්‍යාඥයන්ට පැවරෙන කාර්යයන් වෙන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වී ආරක්ෂාකාරි දුරකින් පසුවෙමින් රතු ග‍්‍රහයාගේ පෘෂ්ඨය ගවේෂණය කිරීම සඳහා සැලසුම් කර ඇති රෝවර යානා මෙන්ම තටු සහිත යානා කි‍්‍රයාකරවීමයි. එවැනි යානා සංඥා ලබාදෙන මොහොතේම කි‍්‍රයාකරවීමට මේ නිසා අවස්ථාව සැලසේ. පෘථිවිය හා අඟහරු අතර විශාල දුරප‍්‍රමාණය සළකන විට මේ ආකාරයට ක්ෂණිකව කි‍්‍රයා කරවීමට පෘථිවියේ සිට හැකියාව නොමැත. මේ පහසුව නිසා රෝවර් යානා සහ තටු සහිත යානා යොදාගනිමින් රතු ග‍්‍රහයා සම්බන්ධයෙන් වැදගත් සොයා ගැනීම් සිදු කිරීම පර්යේෂකයන්ට අවස්ථාව සැලසෙන බව ජොලී බවසයි.
අඟහරු පර්යත්ත කඳවුරෙහි ශක්‍යතාව
අඟහරු වටා කක්ෂ ගත අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ගොඩ නැඟීමේ ශක්‍යතාව සලකතොත්, දැවැන්ත පිම්මකින් ඉදිරියට ගිය තාක්ෂණයක් එය ඉදිකිරීම වස් අවශ්‍ය නොවන බව ද ජොලී සඳහන් කරයි. අනික යෝජිත සැලැස්ම වියදම් පැත්තෙන් ගතහොත් දරා ගැනීමට හැකි මට්ටමක පවතින බවද ඔහු අවධාරණය කරයි. ඒ, අඟහරු වෙත මිනිසුන් යැවීමේ යෝජිත මෙහෙයුම් වෙනුවෙන් නාසා ආයතනය වෙන්කරන අරමුදල් සැලකිල්ලට ගනිමිනි. අඟහරු අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අනාගත මෙහෙයුම් ගණනාවක් සඳහා ද නැවත නැවත ප‍්‍රයෝජනයට ගත හැකිවීම නිසා ඊට යොදවන මුදලට වඩා වටිනාකමක් අත්පත් කර ගත හැකි වන බවද ඔහු පෙන්වා දෙයි.
Tech Times හී පළවූ NASA Plans To Build Mars Space Station By 2028 යන ලිපිය ඇසුරෙනි