වැසි වනාන්තර

Posted by

වැසිවනාන්තර කියන්නේ කුමකට ද?

වැසි වනාන්තර කියන්නේ ඝන, උණුසුම් තෙත් වනාන්තරයි. මිලියන ගණනක් සත්ව හා ශාකවලට එය කදිම තෝතැන්නක්. පෘථිවි පරිසරය විද්‍යාවට වැසිවනාන්තරය අතිශය වැදගත්. පෘථිවියේ ජීවත්වන සත්වයන්ට අත්‍යවශ්‍ය ඔක්සිජන්වලින් බොහොමයක්ම නිපදවන්නේ වැසි වනාන්තරවල ශාක මගිනුයි. මිනිසුන්ට මේ ශාක වෙනත් අකාරවලින්ද වැදගත්. ලෙඩ රෝගවලට එරෙහිව සටන් වදින නව ඖෂධවලදී මේ ශාක බොහොමයක් ප‍්‍රයෝජනවත් වෙනවා.

වැසි වනාන්තර ස්ථරය(Strata of the Rainforest)

Rainfstrata

විවිධ ශාක සහ සත්තු වැසි වනාන්තරයේ විවිධ කොටස්වල ජීවත් වෙති. ජීවත්වන පරිසරය සැලකිල්ලට ගනිමින් විද්‍යාඥයෝ වැසි වනාන්තරය ස්ථරවලට (කලාපවලට) බෙදති. වන මුදුනින් පටන් ගත් විට මෙම ස්තර වන්නේ:

නෙරූ ස්තරය(EMERGENTS): අති දැවැන්ත ගස්වලින් යුක්තයි. ඒවා සාමාන්‍ය වියන් උස අභිබවා උසකට වර්ධනය වෙයි.  අධික උෂ්ණත්වයට හා දැඩි සුළඟට ඔරොත්තු දෙන්නත් ගස් පිහිටිය යුතුය. උකුස්සන්, සමනළයන්, වවුලන්, ඇතැම් වඳුරු විශේෂයන් ආදීහු වසති.

වියන් ස්තරය(CANOPY) : ගස්වල කොළ අතු පතර සහිත ඉහළ කොටසයි. නෙරු ස්තරයේ  ගස්වලට වඩා පහළින් සාමාන්‍යයෙන් මීටර් 30-45 පමණ උසට වැඩෙන ගස්වලින් යුක්තයි. නිවර්තන වැසි වනාන්තරයේ කොළ බහුල මෙම පරිසරය ජීවයෙන් පිරී පවතී. මෙම පරිසරයේ ජීවත්වන සත්ව විශේෂ අතර ආහාර විවිධත්වයක් මෙන්ම බහුලත්වයක් දකින්න පුළුවන. කෘමීන්, පක්ෂීන්, උරගයන්, ක්ෂීරපායින් සහ තවත් වෙනත් සත්ව විශේෂ හමුවේ.

යටි මහල් ස්තරය(UNDERSTORY) : වියත් ස්තරය හා වන බිම අතර ස්තරයයි. අඳුරු සිසිල් ගතියෙන් යුක්ත පරිසරයකි. පක්ෂීන් ඉතා විශාල සංඛ්‍යාවකට මෙන්ම සර්පයින්, උරගයින්, මෙන්ම ගොදුරු අල්ලා කන දිවියන්, ජගුවරයන්, දාර පිඹුරන් ආදී සත්ව විශේෂවලට නිවහන් සපයයි. මේ මට්ටමේදී ශාක පත‍්‍ර තරමක් විශාලය. මෙහි සිට වියන් ස්තරය දක්වා වර්ධනය වන බීජාංකුර බොහෝයි. ඉහළින් දිස්වන හිරු එළියෙන් යටිමහල් ස්තරය වෙත ළඟා වෙන්නේ සාමාන්‍යයෙන් 5%ක් පමණය. කෘමි ගහණ ද, බොහෝය.

වන බිම් ස්තරය (FOREST FLOOR): මෙයට හිරු එළිය ළඟා වෙන්නේ 2% පමණ ප‍්‍රමාණයකිනි. මන්දාලෝකයට අනුවර්තිත ශාඛා පමණක් වර්ධනය වේ. ක්ෂය වී යන සත්ව හා ශාක කොටස්වලින් යුක්තයි. ඒවා මත නොයෙක් ආකාර දිලීර වර්ධනය වේ. සත්ව ජීවිතය ගතහොත් විශේෂයෙන්ම කෘමි සත්තු ඉතා බහුලව දැකිය හැකිය. වැසි වනාන්තරවල විශාලතම සතුන් සාමාන්‍යයෙන් ජීවත් වන්නේ මේ ස්තරයෙහිය.

වැසි වනාන්තරයේ සත්තු 

සිතෙන් සිතා ගැනීමටවත් අසීරු සංඛ්‍යාවක සත්තු වැසි වනාන්තරවල ජීවත් වෙති. වැසිවනාන්තරයේ වඩාත් බහුලව සත්ව කොට්ඨාශය කෘමීන්ය. මිලියන ගණන් කෘමීහු උරගයෝ, උභය ජිවීහු, පක්ෂීහු හා ක්ෂිරපායීහු වැසි වනාන්තර සිය නිවහන ලෙස සලකති. නිවර්තන වැසි වනාන්තරවල ශාක හා සත්ව විවිධත්වය සෞම්‍ය කලාප වැසි වනාත්තර හෝ වෙනත්  ඕනෑම බියෝමයකට වඩා වැඩිය.

සෞම්‍ය කලාපීය වැසි වනාන්තරවල සත්ව බහුතරය බිම් වාසීන්ය. එහි වන වියනෙහි ජීවත් වන්නේ සාපේක්ෂව අඩු සත්ව ප‍්‍රමාණයක්ය.

වැසි වනාන්තර ඇත්තේ කොයිබද?

download

නිවර්තන වැසි වනාන්තර දැකිය හැක්කේ පෘථිවියෙහි සමකය වටා තීරයකය.  දකුණු ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව, අපි‍්‍රකාව, අග්නිදිග ආසියාව සහ  ඕස්ටේ‍්‍රලියාව (සහ අසල ප‍්‍රදේශවල) ඔස්සේ නිවර්තන වැසි වනාන්තර පිහිටා ඇත. සෞම්‍ය කලාපිය වැසි වනාන්තර ඇමරිකා එක්සත් ජනපදයේ ශාන්තිකර සාගර වෙරළ දිගට සහ (උතුරු කැලිෆෝනියාවේ සිට ඇලැස්කා දක්වා) කැනඩාවේ මෙන්ම නවසීලන්තයේ, චිලියේ, ටැන්මේනියාවේ, අයර්ලන්තයේ, ස්කොට්ලන්තයේ සහ නොර්වේ රාජ්‍යයෙහි දැකිය  හැකිය. ඒවායේ බහුලත්වය නිවර්තන වැසි වනාන්තරවලට වඩා අඩුය.

වැසි වනාන්තරවල  වර්ෂාපතනය

වැසිවනාන්තරවල නිරතුරුවම වාගේ වැසි වසී. ඊට වැසි වනාන්තර යන නම යෙදී ඇත්තේද ඒ නිසාය. සෑම වසරකම වැසි වනාන්තරවලට අඟල් 80ක වර්ෂාපතනයක් ලැබේ. ඒ කියන්නේ සතියකට අඟල් 11/2 ක වැස්සක්. ඍතු වෙනසක් මද වශයෙන් දැක ගත හැකි වුවද නිවර්තන වැසිවනාන්තරයක වර්ෂාපතනය මුළු වසර පුරා සමාන ආකාරයකට පැතිරී පවතී. සෞම්‍යකලාපීය වැසි වනාන්තරවල තෙත් මෙන්ම වියළි ඍතු ඇත. ‘වියළි’ ඍතුවේ දී වෙරළබඩ ධූමිකා (fog) වනාන්තරයට ඇති පදම් තෙතෙමනය සපයයි.

වැසි වනාන්තරයේ උෂ්ණත්වය

වැසි වනාන්තරයක උෂ්ණත්වය කිසිදාවකත් ඉතා ඉහළ මට්ටමට නොයන අතර දිය මිදෙන මට්ටමට පහළ බසින්නේද නැත. නිවර්තන වැසි වනාන්තරයක් තුළ උෂ්ණත්වය පරාසය සෙන්ටිගේ‍්‍රඞ් 240 -270   දක්වායි.

වැසි වනාන්තරයේ පස

නිවර්තන වැසි වනාන්තරයක පස සාමාන්‍යයෙන් අඟල් තුනකට හතරකට වඩා ඝන නොවේ. එම පස පෞරාණිකය. ඝන මැටි පසට යටින් ඇත. පසට හානි පැමිණියහොත් නිවර්තන වැසි වනාන්තරයක එය නැවත යථා තත්ත්වයට පත්වීමට වසර ගණනාවක්ම ගතවේ. සෞම්‍ය කලාපීය වැසි වනාන්තරවල පස සාපේක්ෂව තරුණය, වැඩි පෝෂක ප‍්‍රමාණයකින් සමන්විතය. එමෙන්ම හානි පැමිණීමට ඇති ඉඩකඩද සාපේක්ෂව අඩුය.

20

වැසි වනාන්තරවල වැදගත්කම

නිවර්තන වැසි වනාන්තර, පෘථිවි පෘෂ්ඨයෙන් 7%ක් ආවරණය කරයි. ඒවා පෘථිවි පරිසර පද්ධතියට අතිශය වැදගත්ය.  වැසි වනාන්තර ජල ප‍්‍රතිචකී‍්‍රකරණය කරන අතර පිරිසිදු ද කරයි. මේ වනාන්තරවල ගස්වැල් වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඞ් උකහාගෙන සිය මුල්, කඳ, අතු පතර සහ පත‍්‍රවල ගබඩා කර ගනී. පෘථිවි වායු ගෝලය ඇතුළත තාපය රඳවා ගන්නා වැසි වනාන්තර,  හරිතාගාර ආචරණයට (greenhouse effect) බලපෑම් ඇති කරයි. වී, ඉරිඟු, කෙසෙල්, අන්නාසි, කජු, කෝපි, තේ, ඉගුරු, දෙහි, බතල, කුරුදු ආදී අද ලොව පුරා මිනිසුන්ගේ ආහාරය වශයෙන් එක් කර ගන්නා අති විශාල සංඛ්‍යාවක ආහාර මුලින් පැවතියේ වැසි වනාන්තරවලය.

වැසි ජීවත්වන ජනතාව

බොහෝ ස්වදේශික කණ්ඩායම් (indigenous groups) වැසිවනාන්තරවල ජීවත්වෙති.  ඔවුන් සිය ආහාර ඇඳුම් හා නිවාස අවශ්‍යතා සපුරා ගන්නේ වනයෙනි. බොහෝ දෙනෙක් හේන් වගාවෙන් ජීවත් වෙති. වෙනත් වනචාසී ස්වදේශික ජනතාවන්ගේ සංඛ්‍යාව හීනවෙමින් පවතී.  ලෙඩ රෝග හා ඔවුන්ගේ ඉඩම් වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම ඊට බලපාන ප‍්‍රධාන සාධකය.

Enchanted Learning  වෙබ් අඩවියේ  All About Rainforests! ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.