සූර්ය කෝෂ සහ ජනේල සඳහා විද්‍යාඥයෝ පාරදෘශ්‍ය දැවක් නිපදවති

Posted by

සූර්ය කෝෂ සහ ජනෙල්වල වීදුරු භාවිතා කළ හැකි පාරදෘශ්‍ය දැව වර්ගයක් නිපදවීමට සමත්වීම සමග සූර්ය බල ශක්තියේ අනාගතය යහපත් වන බවට ලකුණු පහළ වේ. සූර්ය බල ශක්තිය විවිධාකාර වාසි අත්පත් කර දුන්නත් ඊට විශාල මුදලක් වැයවීම ගැටළු මතුකරයි. ස්වීඩනයේ KTH රාජකීය තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් නව පාරදෘශ්‍ය දැව විශේෂයක් සොයා ගැනීම ගැන මෙතරම් ප‍්‍රමෝදයට පත්ව සිටින්නේ එබැවිනි.

Untitled-01

පාරදෘශ්‍ය දැව සූර්ය කෝෂ සඳහා යෝග්‍ය ද්‍රව්‍යයක්. මන්ද කීවොත් ඒවා වියදමින් අඩු, පහසුවෙන් ලබා ගත හැකි, එමෙන්ම පුනර්ජන්‍ය සම්පතක් ද වන නිසාවෙන් යයි වොලන්බර්ග් දැව මධ්‍යස්ථානයේ මහාචාර්ය ලාර්ස් බර්ග්ලූන්ඞ් ප‍්‍රකාශ කරයි.  Biomacromolecules නම් සඟරාවේ පළ කර ඇති ඔවුන්ගේ අධ්‍යයන වාර්තාවේ සඳහන්ව ඇති පරිදි මෙම පාරදෘශ්‍ය දැව මහා පරිමාණයෙන් නිපදවීමට ක‍්‍රමයක් වැඩිදියුණු කරගෙන ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. විශාල ප‍්‍රමාණයක මතුපිටක්  සූර්යකෝෂවලින් ආවරණය කිරීමේදී මේ ද්‍රව්‍ය බෙහෙවින් වැදගත් කමක් උසුලනවා’ යයි හෙතෙම කියයි.

දෘශ්‍යමය වශයෙන් විනිවිද පෙනෙන දැව යනු (ශාකවල පෘෂ්ඨිය පටකවල ඇති සංකීර්ණ ද්‍රව්‍යයක් වන) ලිග්නින්(lignin) නොමැති දැව සුමුදු ස්තරයකි. ලිග්නින් යනු දැවවලින් රසායානිකව ඉවත් කළ පසු එම දැව සුදු පාටට පෙනීමට සලස්වන ෙසෙල බිත්ති සංරචකයකි. ලිග්නින් රසායනිකය ඉවත් කිරීමේදී දැවයෙහි වර්තන අංකය(refractive index) වෙනස් කිරීම පිණිස පාරදෘශ්‍ය බහු අවයවයක් (transparent polymer) වන මෙතිල් මෙතක‍්‍රයිලේට් පූර්ව බහු අවයවීකෘත (prepolymerized) යොදාගනිමින් ශ්වේත සවිවර විනියර උපස්තරයක් සන්තෘප්ත කිරීමක් සිදු කෙරේ. මේ කි‍්‍රයාදාමය තුළින් 85% ආලෝකය සම්පේ‍්‍රෂණය කළ හැකි ද්‍රව්‍යයක් නිපදවා ගැනීමට පර්යේෂකයන්ට හැකි වී ඇත.

images (1)

ඔවුන්ගේ නව සොයා ගැනීම සූර්ය බලශක්ති තාක්ෂණය කෙරෙහි විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි බර්ග්ලූන්ඞ් විශ්වාස කරයි. මහාපරිමාණයෙන් පාරදෘශ්‍ය ව්‍යුහයක් නිර්මාණය කිරීමේදී මේ ද්‍රව්‍ය වඩාත්ම යෝග්‍ය වනු ඇත යන්න ඔහුගේ අදහසයි. සූර්ය කෝෂවලට හා දැනට වීදුරු යොදා ඇති ජනේල සහිත ගොඩනැගිලිවලට මෙම නව  නිෂ්පාදනයෙන් වඩාත්ම වාසි සලසා ගත හැකිය. මන්ද කීවොත්, පෞද්ගලිකතාවය රැක ගනිමින් ආලෝකයට විනිවිද යා හැකි, මිල අඩු ද්‍රව්‍යයක් ලෙස මෙය යොදා ගත හැකි බැවිනි. තවද, දැව වල ශක්ති සම්පන්න බව වැනි යාන්ති‍්‍රක ගුණාංග සහ අඩු තාප සන්නායකතාව සලකන විට ගොඩනැගිලිවලදී භාවිතය  සඳහා වඩාත්ම යෝග්‍ය ජෛවී පදනමක් සහිත ද්‍රව්‍යය දැව බව බ්රග්ලූන්ඞ් ගේ අදහසයි.

මෙම ද්‍රව්‍යයෙහි පාරදෘශ්‍යබවට වැඩි දියුණු කිරීමට, නිෂ්පාදන කි‍්‍රයාදාමය උපරිම තත්ත්වයට ගෙන ඒමට සහ විවිධ ආකාර හා වර්ගවල දැව යොදා ගනිමින් අත්හදා බැලීමට පර්යේෂකයෝ වෙහෙසෙමින් සිටිති. විද්‍යුත් අපද්‍රව්‍ය මගින් ඇති කරවන බරපතළ ගැටලූ මඟ හැරවීමේදී උපකාරී වනු වස් 2015 වසරේදී විස්කොන්සිස් මැඩිසන් සරසවියේ පර්යේෂකයෝ දැවවලින් අර්ධ සන්නායකයක් නිපදවීමේ ක‍්‍රමයක්ද වැඩි දියුණු කළහ.

1745922-Building-of-hotel-from-glass-and-concrete-with-two-external-lanterns-it-is-isolated-on-a-white-backg-Stock-Photo

මේ අතර, Advanced Energy Materials නම් සඟරාවට අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කරන මෙරිලන්ඞ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙන්නේ පාරදෘශ්‍ය දැව, වඩා හොඳ තාප පරිවරණයක් (thermal insulation) සපයන අතර සාමාන්‍යයෙන් ජනෙල්වලට යොදන වීදුරුවලට වඩා සමානාකාරව එමෙන්ම සංගතව (consistently) සහ එළිකණ (glare) නොමැතිව  වීදුරුවලින් ලැබෙන ආලෝකයට ආසන්න ප‍්‍රමාණයක ආලෝකයක් ලබාදෙන බවයි. පාරදෘශ්‍ය දැව වීදුරු මෙන්ම සම්පූර්ණ විනිවිද භාවයකින් යුක්ත නොවන නිසා එක්තරා අන්දමකට පෞද්ගලික භාවයක් ද ලබාදෙන්නේ යයි අධ්‍යයනයේ ප‍්‍රධාන කර්තෘ ටියෑන් ලී කියයි. ඊටත් අමතරව පාරදෘශ්‍ය දැව, වීදුරුවලට ආසන්න පරාසයක දෘශ්‍ය ආලෝක තරංග ආයාම සම්පේ‍්‍රෂණය කර තාපය වැඩි වශයෙන් රැගෙන යන තරංග අවහිර කරයි.

පාරදෘශ්‍ය දැව ස්වාභාවික දැවවලට බොහෝ සෙයින් සමාන වන නමුත් බහු අවයවයක හේතුවෙන් පාරදෘශ්‍ය දැව ජලරෝධක (waterproof) ගුණයෙන් යුක්තයි. සම්මත වීදුරු තරම් පාරදෘශ්‍ය දැව කැඞී බිඳී යාමක් සිදු නොවන්නේ එහි, දැව වල ෙසෙල ව්‍යුහය රැඳී තිබෙන හෙයිනි.

Tech Times  හී පළවූ Transparent Wood More Energy-Efficient Than Window Glass, Says Study සහ Scientists Develop ‘Transparent Wood’ ForSolar Cells And Windows යන ලිපි ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.