මතුපිට ජලයෙහි හා භූගත ජල සම්පත් දූෂණය විම ඉහළ යාම මහජන හා පරිසර සෞඛ්‍ය කෙරෙහි තර්ජනයක් එල්ල කරනවා පමණක් නොව ජල පිලියම් කිරීම සඳහා යන අධික වියදමට ද දායක වෙයි. මේ ආකාරයෙන්, භාවිතය සඳහා ඇති ජලය සීමා කරයි. ජලයෙහි ගුණාත්මක ස්වභාවය හා පවිත‍්‍ර කිරීම සඳහා පිළියම් කිරීමේ ක‍්‍රම සැලකිල්ලට ගන්නා විට ඇ.එ. ජනපදයේ නම් පාණිය ජල ලීටර් 1000ක සාමාන්‍ය වියදම ඇ.ඩො. 0.50 ක් ද ජර්මනියේ නම් ඇ.ඩොලර් 1.91 දක්වා ද වේ. ඇ.එ.ජනපදයේ අපද්‍රව්‍ය ගංගා සහ විල් වෙත මුදා හැරීම පිණිස පිළියම් කිරීමේ වියදම, පිළියම් කිරීමේ විශාල යන්ත‍්‍රාගාරවලදී නම් ලීටර් 1000කට ඇ.ඩො. 0.30ක් වන අතර කුඩා යන්ත‍්‍රාගාරයකදි නම් ඇ.ඩො. 0.55ක් වේ. ගලායන අපද්‍රව්‍ය පානීය ජලය ලෙස මනාව පිළියම් කිරීමේ වියදම සාපේක්ෂව අධිකය. එය ලීටර 1000කට ඇ.ඩො. 1.00 සිට ඇ.ඩො. 2.65 ක් දක්වා වේ.
වැයවන බල ශක්තිය සලකන විට, පිරිසිදු කිරීම සහ ජලයෙහි ඇති පවිත‍්‍රකාරක ක්ෂුද්‍ර ජිවීන් සංඛ්‍යාව අඩු කිරීම සඳහා අධික වියදමක් දැරිය යුතුය. එකී ක්ෂුද්‍රජීවීන් සංඛ්‍යාව අඩුකිරීම මනිනු ලබන්නේ ජීව විද්‍යාත්මක ඔක්සිජන් උද්යාචනය (oxygen demand) යනුවෙනි. ඔක්සිජන් උද්යාචනය කිලෝග‍්‍රෑමයක් ඉවත්කිරීමට කිලෝවොට් පැයක ශක්තියක් අවශ්‍ය වේ. ඇ.එ. ජනපදයේ ජල ලීටර් 1000ක් බෙදා හැරීමට කිලෝවොට් පැය 1.3ක් පමණ වැය වේ. තාක්ෂණික වශයෙන් වැඩිදියුණු කළ පිළියම් යාන්ත‍්‍රාගාරයක් මගින් අපද්‍රව්‍ය ලීටර් 1000ක් පිළියම් කිරීමට ඇ. ඩොලර් 0.05ක පිරිවැයක් දැරීමට සිදුවන අතර කිලෝවොට් පැය 0.44ක් වැයවේ. ඒ අපද්‍රව්‍ය පොම්ප කිරීමට යන පිරිවැය නොමැතිවයි. මෙම කි‍්‍රයාදාමයේදී පොම්ප කිරීම හා බෙදා හැරීම පිණිස වැඩිම පිරිවැයක් වෙන්වන්නේ බලශක්තිය හා උපකරණ වෙනුවෙනි. මෙහිදී ජල පිලියම් කිරීමේ වියදම් සහ ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය වන ශක්තිය අනාගතයේදී වැඩිවිය හැකිය.
පිරිසිදු ජලය සඳහා සාගර මත රඳා පැවැත්ම බරපතළ ප‍්‍රශ්න මතු කරයි. කිවුල් දිය නැතිනම් මඳක් ලූණු රස ඇති ජලය ලවණාහරණයේදී ඇතිවන බලශක්ති පිරිවැය අධිකය. එය ලීටර් 1000කට ඇ.ඩො. 0.25 සිට 0.60 දක්වා පරාසයක වේ. මුහුදු ජලය ලවණ හරණය ඊටත් වඩා වියදම් අධිකය. ඒ වෙනුවෙන් ලීටර 1000කට ඇ.ඩො. 0.75 සිට ඇ.ඩො. 3.00ක පරාසයක පවතී. ලවණ හරණය කළ ජලය විශාල පරිමාවන්ගෙන් ප‍්‍රවාහනය කරද්දී එම වියදමත්, සාගර හෝ කිවුල් දිය ප‍්‍රභවවලින් ලබාගන්නා ජලයේ වියදමට එක්වේ.
ජල සහනාධාරයන්ගේ ආර්ථික පිරිවැය
ජල ඉල්ලූම හා සංරක්ෂණය වැඩිදියුණු කිරීම උදෙසා යෝග්‍ය මිල නියම කිරීම වැදගත්ය. ජලය පිළියම් කිරීමේ හා බෙදාහැරීමේ සාපේක්ෂව අධික වියදම ලෝකයේ රජයන් බොහොමයකට කෘෂිකර්මාන්තය හා ගෙදර දොරේ භාවිතය සඳහා ජල සැපයීමේදී සහනාධාර සැපයීමට මගපාදා තිබේ. නිදසුනක් ගතහොත් ඇ.එ.ජනපදයේ ජල සම්පාදිත ගොවිතැන සඳහා යොදා ගන්නා ජල ලීටර් 1000 කට ගොවීන් ඇ.ඩො. 0.01 සිට 0.05 තරම් අඩු මුදලක් ගෙවන අතර පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගන්නා පිළියම් කළ ජල ලීටර 1000 කට පොදු ජනතාව ඇ.ඩො. 0.30 සිට 0.80 දක්වා වූ මුදලක් ගෙවති. ඇතැම් පර්යේෂකයන් පෙන්නා දෙන්නේ ඇ.එ.ජ. ගොවීන් ජලය සඳහා වැය වන සම්පූර්ණ මුදලම ගෙව්න්නට සිදුවේ නම් ඔවුනට වඩාත් කාර්යක්ෂමව සම්පාදිත ජලය සංරක්ෂණයට හා කළමනාකරණය කිරීමට සිදුවනු බවයි.
බටහිර ඇ.එ.ජනපදයේ ජල සම්පාදිත ඉඩම් හෙක්ටයාර මිලියන 4.5ක් වෙනුවෙන් සපයන ජලය සඳහා රජයේ වාර්ෂික සහනාධාරය සම්පූර්ණයෙන් ඩොලර් බිලියන 2.5 සිට 4.4 දක්වා වේ. ලොව පුරා 1994 සිට 1998 දක්වා ආණ්ඩු ජලය සඳහා ආර්ථික සහයෝගීතා සහ සංවර්ධනය සංවිධානයට(Organization for Economic Cooperation and Development) අයත් රටවල වෙනුවෙන් ලබා දුන් සහනාධාරවල පූර්ණ වටිනාකම වාර්ෂිකව ඩොලර් බිලියන 15ක් විය. සංවිධානයට අයත් නොවන රටවල වෙනුවෙන් එය ඩොලර් බිලියන 45ක් විය. මෙම කාල සීමාව තුළ කෘෂිකාර්මික සහනාධාර සඳහා වසරක් පාසා ඇ.ඩො. බිලියන 355 ක් සංවිධානයට අයත් රටවලට ද ඇ.ඩො. බිලියන 65 ක් හා සංවිධානයට අයත් නොවන රටවල ද ලබාදුනි.
ලෝක බැංකුව දක්වන අන්දමට (2000 දී) ජලය සඳහා මිල නියම කිරීමේ සාධාරණ අභිප‍්‍රායන් වන්නේ
(අ) ජල සුලබතාව සඳහා මෙහෙයුම් නඩත්තු කටයුතු වෙනුවෙන් ගෙවීමට ආදායමක් සෙවීම
(ආ) ජල භාවිතයේ කාර්යක්ෂම තාව දැමීම සහ
(ඇ) ජලය පොම්ප කිරීමේ හා පිළියම් කිරීමේ පූර්ණ වියදම් ආපසු ඇතිකර ගැනීමයි.
කෙසේ වෙතත්, ප‍්‍රජාවන් සහ පළාත් වෙනුවෙන් ජල පද්ධති පවත්වා ගෙන යන ලාභය පතා ක‍්‍රියාත්මක(for-profit) සමාගම් සම්බන්ධයෙන් ගැටළු පැන නගියි. බොහෝ විට මේ සමාගම් කි‍්‍රයාකරන්නේ ඒකාධිකාර වශයෙනි. මෙය මිල නියම කිරීමේ ගැටලූවලට මඟ පාදයි.
ඇ.එ. ජනපදයේ පෙට‍්‍රල් හා ඞීසල් මිල ගණන් සැලකිය යුතු ප‍්‍රමාණයකින් ඉහළ නැගුනෝතින් එහි ප‍්‍රතිඵලයක් ලෙස වාරිමාර්ග පහසුකම් සඳහා වන පිරිවැය වර්තමාන මට්ටමේ සිට ඉහළ නඟිනු ඇත. වර්තමාන මට්ටම වසරකට ඇ.ඩො. බිලියන 3ක් පමණ වේ. සම්පාදිත ජලය සඳහා කරන ආයෝජනය ගතහොත් ක්ෂේත‍්‍ර භෝගවලට වඩා එළවළු හා පළතුරු වගාවන් සඳහා යොදවන ඩොලරයක ආයෝජනයට උපයන ප‍්‍රමාණය වැඩි නිසා සම්පාදිත ජලය වෙනුවෙන් ගෙවන මුදල වැඩි වී ඇති රටවල ගොවීන් තමන් වගා කරන භෝග ගැන නැවත කල්පනා කළ යුතුය. නිදසුනක් දක්වතොත් ඊශ‍්‍රායලයේ සම්පාදිත ජලය ලීටර් 1000කින් ඇ.ඩො. 0.79ක රටකජුද, 0.57 ක තක්කාලිද නිපදවන අතර ක්ෂේත‍්‍ර භෝග ගතහොත් එම ජලප‍්‍රමාණයෙන්ම නිපදවන්නේ ඉරිඟු ඇ.ඩො. 0.13ක් වටිනා ප‍්‍රමාණයක් සහ තිරිඟු 0.12ක් වටිනා ප‍්‍රමාණයකි.
මීළඟට ලිපියෙන් : ජෛවී විවිධත්වය අහිමිවීම, ජල සුලබතාව කෙරෙහි දේශගුණික හා පාරිසරික විපර්යාසවල බලපෑම
ජල සම්පත් කෘෂිකාර්මික හා පාරිසරික ගැටලූ මැයෙන් තතු සම්පාදනය කරන ලිපි මාලාවේම කොටසකි මෙය. ලිපි පෙළ සකසා ඇත්තේ ලෝකයේ ජල සම්පත, ජලසම්පත් භාවිතය සහ එහිදී මතුවන ගැටලූ හා වාද විෂයයන් අළලා බයෝ සයන්ස්සඟරාවේ (Bio Science) පළ කෙරුණු පර්යේෂණ වාර්තාව ඇසුරෙනි. තවත් ලිපිඉදිරි තතු කලාපවල පළ කෙරේ. මෙම ලිපිපෙළේ දී විශේෂයෙන්ම කෘෂිකාර්මිකපද්ධති මගින් ජලය භාවිත කිරීම විශ්ලේෂණය කිරීමට, ජනගහන වර්ධනය, ජලභාවිතය සහ බෙදා හැරීම, ජෛවී විවිධත්වයේ තත්ත්වය, ස්වාභාවික පරිසරය සහමිනිසුන්ට වැළඳෙන ජලවාහක රෝග සහ පුද්ගලයන් අතර ඇති අන්තර්සම්බන්ධතාව වාර්තා කිරීමටද උත්සාහ දැරේ. මේ බයෝ සයන්ස් සඟරාව පළකරනු ලබන්නේ ජෛව විද්‍යාවන් පිළිබඳ ඇමරිකානු ආයතනය මගිනි. නිව්යෝක්නුවර, කෝනෙල් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ ජීවන විද්‍යා විද්‍යාලයේ සේවයකරන පර්යේෂකයන් වන David Pimentel, Bonnie Berger, David Filiberto, Michelle Newton, Benjamin Wolfe, Elizabethkarabinakis, Steven Clark, Elaine Poon, Elizabeth Abbett, And Sudha Nandagopal විසින් සඟරාවේ 54වෙළුම 10 ට කලාපයට Water Resources( Agricultural and Environmental Issues යන හිසින් මේ පර්යේෂණ වාර්තාව සපයා තිබුණි.